බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, April 26, 2011

ඇවැසිම මොහොතක නික්ම යාම ....

දවල් කාලෙට ඉර මල අපූරුවට පිපිලා තියෙනකොට දහස් ගනනින් තාරුකා ඒ අහසෙම දිලෙනවා... ඒත් අපි කාටවත්ම ඒ එකම තරුවකවත් එලිය පේන්නෙ නෑ ... අමාවක දවසක හද එලියත් නැතුව මූසල අදුරක ගිලෙන ලොකයට ඒ එක තරුවක එලිය ලැබෙනව නම් කොයි තරම් නම් දෙයක්ද ... හිතන්න ... දවල්ට නිකරුනේ දිලුනු තරුවක් අමාවක රැයක දිලෙන්නෙ නැත්නම් ... ඒක ඇවැසිම මොහොතක නික්ම යාමක් නෙමෙයිද ... !!

වැස්ස දවසට පුන්චි පුන්චි දිය පාරවල් හැම තැනම. ඒ දිය පාරවල් එකතු වෙලා හැදෙන ඇල දොල ගන්ගා වැහි කාලෙට අනන්තයි.පොලොව වතුරින් පිරුනු වැහි කාලෙට ඒ දිය පාරවල් වලින් ඒ තරම්ම ප්‍රයොජනයක් නෑ. ඒත් ගිනිකට්ටට පායන කාලෙක, ඉරි තැලුනු පොලව වතුර බින්දුවක් ඉල්ලලා හඩා වැටෙනකොට, එකම එක පුන්චි දිය පාරක්වත් පොලව සනසගෙන ගලා බහිනව නම් කොයි තරම් දෙයක්ද... වැහි කාලෙට ඔහේ ගලන දිය පාරක් ඉඩොරෙදි අහක බලනව නම් ඒක ඇවැසිම මොහොතක නික්ම යාමක් නෙමෙයිද ... !!

යහලු යෙහෙලියො පිරිවරාගෙන ඉන්න කාලෙක, පාලුවක් තනිකමක් එහෙමට නොදැනුනු කාලෙක ලගින් උන්නු ලෙන්ගතු හිතක්, කාත් කව්රුවත් නැති දවසක, මුලු ලොකෙම කඩන් වැටුනු දවසක ලගින් නැත්නම් ඒකත් ඇවැසිම මොහොතක නික්ම යාමක් නෙමෙයිද ... !!

ඒත් වෙලාවකට හිතෙනවා ඇත්තටම ඇවැසි මොහොතේ නික්මිලා ගියාද ... නැත්නම් නික්මිලා ගිය නිසා ඇවැසි මොහොතක් ඇති උනාද කියලා... මොනව කොහොම උනත් යන්නම යන්නම යනව නම් ඉන්න කියන්න අයිතියක් නැති තැන, එදා දුරින් ඉද දැකපු හිත ලගින් ඉදන් බැලුවම වෙන විදියක් විදියට පේනකොට ... හිතන්න තියෙන එකම දේ සුනිල් එදිරිසින්හ මහත්මයා හරි අපූරුවට ගායනා කරනව මෙන්න මෙහෙම ....,

වියො වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්
හැඩූ දා කදුලයි දකින්නේ සිනහවේ සරදම්

ඉවුරු දෑලේ ඉද බැලූ විට ගග හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි

සදක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහො දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

නික්ම යාමක් කොහොමත් දුක්බරයි ... ඇවැසිම මොහොතක නික්මයාමක් දුකටත් එහා ගිය පාලු හිස් කමක් ජීවිතයට ගේන්නේ ... ඒ හිස් කම නොවිදපු හිතකට කවමදාවත් ඇවැසිම මොහොතක නික්ම යාමක කටුක බව තේරුම් ගන්න බැහැ ... !!

4 comments:

  1. "යහලු යෙහෙලියො පිරිවරාගෙන ඉන්න කාලෙක, පාලුවක් තනිකමක් එහෙමට නොදැනුනු කාලෙක ලගින් උන්නු ලෙන්ගතු හිතක්, කාත් කව්රුවත් නැති දවසක, මුලු ලොකෙම කඩන් වැටුනු දවසක ලගින් නැත්නම් ඒකත් ඇවැසිම මොහොතක නික්ම යාමක් නෙමෙයිද ... !!"

    ඊට පස්සේ කවුරුවත් නැති වෙලාවක, කවදාවත් එහෙම වෙන එකක් නෑ කියලා හිතපුවා, ආපහු ආවම මොකද කරන්නේ?

    ReplyDelete
  2. ඔබ ආයෙමත් ඇවිදින් ...
    ඔබ දුරින් උන් දිගු කාලයේ ..
    හිත හදගත්තා විතරමයි ...
    ඔබ ආයෙමත් ඇවිදින් ...
    කියලා හරිම ලස්සන සින්දුවක් තියෙනවා අමරසිරි පීරිස් මහත්මයාගේ .. අහල බලන්න :)

    ReplyDelete
  3. Replies
    1. ස්තූතියි ඔවිනි :)

      Delete