හ්ම්ම් ..
ඔය ලියලා තියෙන්නේ මහ ලොකුවට පද පේලි බර ගානක්....
හැමදාමත් ඔහොමමයි...
ඔන්න ඔය බරපතල දර්ශනේ තමයි මට පෙන්නන්න බැරි....
මහ ගොඩක් දේවල් කියලා තියෙන්නේ...
අහපු මිනිස්සු කඳුලු පිහ පිහ අහගෙන ඉන්න ඇති ...
මල් තියලා වදින්න ඇති ...
ඇයි දෙයියනේ .. සුලුපටු පරිත්‍යාගයක්ද ඔයා කරලා තියෙන්නේ...
මට හිනා ...

මට පණ යනකන් හිනා ...
ටිකක්වත් මහන්සි උනේ නෑ නේද මට කියන්න තියෙන දේ අහන්න ....
අහගන්න.. හොඳට අහගන්න මට කියන්න තියෙන ටිකත් ..
ටිකක්වත් මහන්සි උනේ නෑ නේද මට කියන්න තියෙන දේ අහන්න ....
අහගන්න.. හොඳට අහගන්න මට කියන්න තියෙන ටිකත් ..
හන්තානට පායන හඳ ලස්සනයිද කියලා අහන්නේ සාමන්‍ය පෙළ පාස් වෙලා උසස්පෙලටත් ලියපු ඔයාමද හැබෑටම.. ?
පෘථිවියට තියෙන්නේ එක උප ග්‍රහ ලෝකයයි... පෘථිවියේ ඉන්න හැමෝටම පේන්නේ ඒ උප ග්‍රහයම තමයි.. හන්තානට එක හඳකුයි.. කුප්පියාවත්තට එක හඳකුයි පේන්නේ නෑ.. හඳ කොහෙටත් එකයි..
හඳේ සුන්දරත්වය තියෙන්නේ හිතේ මිසක ඒ මැරුනු ග්‍රහ ලෝකේ නෙමෙයි.... දිව්‍යලෝකෙට පෑව්වත් හඳ ලස්සන නැති වෙන්න පුලුවන්.. ඒ වගේම බ්ලූ මැන්ඩල් කුණු කන්දට උඩින් පායන හඳත් කෙනෙක්ට ලස්සනට පේන්න පුලුවන්... එතෙන්දී බලපාන්නේ හිත විතරමයි.. හිත ලස්සන නම්.. හිත සතුටින් නම් හඳ කොහොම පෑව්වත් ලස්සනයි ...
කොහොම හරි..අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම්..
නෑ..
හන්තානට පායන හඳ ලස්සන නෑ...
ඒ ඔයා මගේ ලඟින් නැති නිසා ...
අපි දෙන්නා එදා ගිය කුඩේ යටින් අද වෙන කෙනෙක්ව අරගෙන යන්න කියන්නේ ඇයි? මගේ කුඩේ පොදු බස් ස්ටෑන්ඩ් එකක් වගේ පේනවද ඔයාට.. ? ඔයා හිතන්නේ ඔයා නැති උනාම කුඩේ යටට තව කාව හරි ඇදගන්න තරම් තනියක් මට තියෙනවා කියලද.. ? මට තනියම යන්න පුලුවන්.. මුලු කැම්පස් එකටම ඉන්නේ මමම විතරයි උනත් මට තනියෙම ඉන්න පුලුවන්...තෙමෙන තෙමෙන උන් එගොඩ කරන්න මගේ කුඩේ ජන සතු දේපලක් නෙමෙයි.. අන්න ඒක මතක තියාගන්න...
අත වනන වනන ලතා මඩුල්ල අස්සේ රිංගන්න මම මොකෙක් වගේද පේන්නේ? ඔයා කිව්ව පලියට පඳුරු ගානේ රිංගන්න තරම් අමාරුවක් තාමත් නෑ මට...
මතකය ගුලි කරලා මහවැලියට දාන්නලු....
මතකය ටොපි කොලයක් කියලද හිතේ ඕන ඕන වෙලාවට ගුලි කරලා මහවැලියට දාන්න...
අනේ හැබෑටම.. ඔයාට හැඟීමක් දැනීමක් කියලා නාමයක් නැද්ද ...?
මට ඕනි උනේ ඔයාව..
ඔයාව විතරමයි...
එකට පටන් ගත්තු ගමනක් ඔයා කොහොමද මෙහෙම තනි කැමැත්තට ඉවර කරන්නේ?
මට ඕනි මොනාද කියලා අහල බලන්න එක තත්පරයක් තිබුනද ඔයාට?
කුඩෙටයි අරකටයි මේකටයි තනි රකින්න කෙනෙක් හොයාගන්න අවසර දීලා.. මහා කථාවක් කියලා... යන්න ගියාම මමත් හුරේ දායි කියලා හිතුවද...?
හිතුවද ඔයාගේ සින්දුව අහපු අනිත් අය වගේ මමත් ඔයාගේ දාන පාරමිතාවට සාදු සාදු කියයි කියලා.. ?
හිතුවද එහෙම ... ?
මට තනියක් තියෙනවා.. ඔව් මම තනියෙම.. ඒ ඔයා නැති නිසා.. ඔයාට ඇරෙන්න වෙන කාටවත් ඒ තනිය නිවන්න බෑ.. බෑ බෑමයි...
මට ඕනි උනේ රන්තලියක් වගේ පෙරේතකමින් මාව රැකගන්න සේරිවාණිජ කෙනෙක් මිස හැම දෙයක්ම දන් දීල තපසට යන්න පුලුවන් වෙස්සන්තර කෙනෙක් නෙමෙයි..
මට ඕනි උනේ බැඳීම් තියෙන ආත්මාර්ථකාමී ආදරයක් මිස.. නික්ලේශී බැඳීම් නැති ලෝකෝත්තර ප්‍රේමයක් නෙමෙයි...
මොලේ මැටිද ඒ ටික තේරුම් ගන්න බැරි ... ?
මොකද විරිත්තන්නේ... ?
මට විකාරයි ඔය මෝඩ තේරුමක් නැති විරිත්තිල්ල ...
හිතාගෙන ඉන්නේ ඔයාට වගේ පණ්ඩිත වාක්‍ය මට දාන්න බෑ කියලා නේද ...?
හිතාගෙන ඉන්නේ ඔයාට වගේ ලස්සන කාව්‍යමය කතන්දර මට නෑ කියලා නේද ..?
අහගන්න එහෙනම් ...
හන්තාන කඳුවැටිය එකලු කර නිශා කත සනසවා ඇදෙන රිදී සිසි කැන් දහර ලොවට පිවිතුරු නමුදු.. මට එය සීතල අරුත්සුන් තවත් එක් අලෝක පුංජයක් පමනමය... ඔබ ගතට වාරු වී.. ඔබ සුසුම කොපුල් තල වැදුනු එක රැයක සඳවත අහස්තල හැරදමා ගොස් තිබුනද.. ඒ අමාවක රැය.. මට හන්තානේ සඳ පහන් රැයකටත් වඩා සොඳුරු... ඒ රැය පුරාවට ඔබ සුවඳ මා අවට ගැවසුනු නිසාවය....

ඔබ සමග අමාවක... හන්තානේ පුන් පොහොයට වඩා මට එලියය..
අහස් කුස දෙදරවාගෙන මහා මේඝයන් පොලෝතල සිඹින සඳ පෙරදිනක එකට බැඳී මෙවැනි වැහි කෝඩයක ආගිය ගමන් අද මට සිහියට එන්නේ නිතැතින්මය... දෙනෝ දහසක් දෙනා එදා ඔබ සිටි තැනට එන්නට පෙරුම් පිරුවද ඒ කිසිවෙකුට ඔබේ හිස් තැන පිරවිය නොහැකිබව මා තරම් හොඳින් මෙලොව කිසිවෙකුත් දන්නේද නැත... ඒ තනිය ඇත්තේ සිතේ මිසක... කුඩේ යට ඔබ සිටි භෞතික අවකාශයේ නොවන නිසාවෙන්ය..
ඔබට හැර සිතේ ඇති හිඩැස කිසිවෙකුටත් කිසිදා පිරවිය නොහැක...
මල් පිපුනු වසන්තය මට අරුමයක් නොවේය. නෙතු කෙවෙනි රූරා ගලන කඳුලින් බොඳව පෙනෙන කුසුමක ඇති සුන්දරත්වය කුමක්ද ... ? මට ඇවැසි මලින් පිරි තුරුගොමුවක පහස නොවන්නේය... මට ඇවැසි ඔබ අසල.. ඔබ ළය මඩල මත මගේ රිදුම් දෙන හිස එක මොහොතකට සැතපවීමට පමණය...
ඒ නිමේෂයේදී.. මට කතර කෙම් බිමක් වන්නේය ...
ඒ නිමේෂයේදී.. මට කතර කෙම් බිමක් වන්නේය ...
මතකය මහ සයුරක් නම් .. කෙලෙස මම එය හකුලුවා මහවැලියට දමමිද.. ? මහවැලිය මෙන් දෙතුන් ගුනයක්... විටෙක ලක්ෂ කෝටි වාරයක් විසල් ඔබ ගැන වූ සොඳුරු මතකන් මම කෙලෙසක මහවැලිය තුල සඟවමිද ... ? මතකය මහවැලි දියට වඩා විසල් නම් ... ආදරය මහවැලියේ සීමා මායිම් ඉක්මවා යන්නේ නම් ... එහෙව් ආදරයක්.. එහෙව් මතකයක් ... කෙලෙස ලඝුකොට මහවැලි දියේ හෙලන්නද ... ?
හරිද...
දැන් හරිද...
තේරුනාද ...?
ඔන්න ඔයාගේ භාෂාවෙන් කිව්වා...
දැන්වත් තේරුනාද..?
මොකෝ කථා නැතුව ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෙක් වගේ බලාගෙන ඉන්නේ..?
හඳ බැලීමයි.... කුඩේ යටින් යන්න කෙනෙක් හොයා ගැනීමයි.. මල් පඳුරු අස්සේ කාත් එක්ක හරි ගාල් වෙන්නයි ... මහවැලියට මතකය දාන්නයි ඇරුනම ...
මගෙන් ඔයාට
වෙන මුකුත් එපාද :/
මගෙන් ඔයාට
වෙන මුකුත් එපාද :/