හැමදේටම කලින් ... ඉපදෙන්නත් කලින් මැරෙන්න ගිය මගේ ළදරු blog එක වෙනුවෙන් හඩක් නඟපු හැමදෙනාටම ගොඩක් පින් ... බාඳුරා අසපුවේ මූලාරම්භයට හේතුව, අසපුවේ විනාසයටත් හේතුව වෙන්න නොදී මගේ ළමා ලියමන් වෙනුවෙන් වචනයක් ලියන්න, මේ දුවන දිවිල්ල අස්සේ, ඉඩක් වෙන් කරගත්තු හැමෝටම ස්තූතියි ... කියවන්න එක්කෙනෙක් හරි ඉන්නකන් :: මම දිගටම ලියනවා .. :)
අද post එකට මාතෘකාවක් නෑ ... නිමිත්තක් නෑ .. මුකුත් නෑ ... මේ මගේ හිත ... මගේ හිතට එන සිතිවිලි හැතැක්ම ගනන් දිගයි ..එක එල්ලයක් ... තේරුමක් ... ගැලපීමක් .. නෑ කවදාවත් .. ඒත් ඒ මගේ හිත,මොනවා කරන්නද :)
නන්දා මාලිනී මහත්මියගේ ගීතයක් මතක් උනා. ගොඩක් ප්‍රේමවන්තයන්ගේ පෙම් ලිපි වල අන්තිමට අකුරුකරන ගීතයක් ...
ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි ... සුරම්යයි ...
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි ... සුරම්යයි ...
හ්ම්ම් ..... ලස්සන පද වැල් ..ලෙංගතු හඬ ... මේ ගීතයේ නිවුන් ගීතයට හඬ දෙන්නේ අමරසිරි පීරිස් මහත්මයා ...
ස්නේහයේ නගරයයි සිත මගේ ...
මාවතක් හෝ නොවූ රාගයේ ...
මාවතක් හෝ නොවූ රාගයේ ...
ආයෙමත් ලබැඳි හඬකින් ගැයෙන ලස්සන ගී සංකල්පනාවක්....
ඒත් කතා කරලා බලන්න හදවතට ...කවුරුත් අහගෙන නෑ තමුන් තනියෙම කියලා හිතලා කතා කරල බලන්න ...
ප්‍රේමය රාගයෙන් තොරයිද ?
ආදරය පිරුනු හදවතක රාගයට ඉඩක් නැද්ද ?
ආදරය පිරුනු හදවතක රාගයට ඉඩක් නැද්ද ?
මගේ ආදරය නම් රාගයෙන් තොර නෑ. දැන් ඉතින් ලෝකයා කෑ ගහවි ... හැදියාවක් නැති කෙල්ලක් කියලා විලාප තියාවි ... හෙලකුළ විනීත කාන්තාවෝ ලැජ්ජාවෙන් ඇඹරේවී ... ආරිය සිංහල කොල්ලෝ තුඃ නොදකින් කියාවි ... අවුලක් නෑ ... මම බය නෑ .. මගේ ආදරේ 50% 50% ආදරයේ සහ රාගයේ සංකලනයක් ...
බුදු අම්මෝ කියන කැත කතා .. හැදිච්ච ගෑනුළමයෙක් කියන කතාවක්ද මේ ..අනිච්චේ දුක්ඛේ ...
ඔව් ඉතිං .. ඉතිං ගල් ගහනවද මට? ගල්ගහල මරනවද මාව සමාජ සදාචාරය වැනසුවා,ආදරයට නිග්‍රහ කලා කියලා?රාගයෙන් තොර ආදරයක් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් කෙනෙක් පලවෙනි ගල ගහන්න .. මම දුවන්නේ නෑ ... !!
බුදු අම්මෝ කියන කැත කතා .. හැදිච්ච ගෑනුළමයෙක් කියන කතාවක්ද මේ ..අනිච්චේ දුක්ඛේ ...
ඔව් ඉතිං .. ඉතිං ගල් ගහනවද මට? ගල්ගහල මරනවද මාව සමාජ සදාචාරය වැනසුවා,ආදරයට නිග්‍රහ කලා කියලා?රාගයෙන් තොර ආදරයක් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් කෙනෙක් පලවෙනි ගල ගහන්න .. මම දුවන්නේ නෑ ... !!
එමා බොවාරි,යෙර්මා,එහෙමත් නැත්නම් චැටර්ලි ආර්යාව වගේ ප්‍රේමයත් වහගෙන වැඩෙන පිළිලයක් විදියට රාගය බදා ගන්න එක හරියි කියලා මම කොයි වෙලේවත් කියන්නේ නෑ. ඒත් වෙස් මූණු ගලවමු අපි හැමෝම.බැඳීම් රහිත නික්ලේශී ආදර ෆැන්ටසියෙන් අපි අපිවම රවට්ටගත්තා ඇති දැන්... රාගයට කෙලින්ම සම්බන්ධ නැතත් දැන් අලුත්ම trendy LovE clause එක තමයි "අනේ මට තියෙන්නේ බැඳීමක් නැති ආදරයක්..එයා නිදහස්..එයාට ඕනි වෙලාවක මාව දාල යන්න පුලුවන්" කියන එක. ආදරය කියන වචනයම බැඳීමක්. ඉතිං කොහෙද දෙයියනේ බැඳීමක් නැති ආදරයක් තියෙන්නේ? එහෙම එකක් තියෙනවා නම් ඒක ආදරයක් නෙමෙයි business එකක් .. ගත්තා, දුන්නා, ගෙව්ව, ඉවරයි.. බැඳීම් නෑ .. මුකුත් නෑ ..මගේ ආදරය මට බැඳීමක්... මම ආදරය කරන කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්න එක මට දුකක්..මාව අතෑරලා වෙන කෙනෙක් ලගට යන එක මට දුකක්..මාත් එක්ක ඉදිද්දි තවත් අය එක්ක ඉන්න එකත් මට දුකක්.. මට එහෙම යන්න දීල උඩ බලියගෙන ඉන්නත් බෑ.. අනේ කාත් එක්ක කොහොම ගියත් මට මොකද මට Time pass කරගන්න ඕනි වෙලාවට ලග ඉන්නවා නම් කියලා හිතන්නත් මට බෑ.. මට තරහයි, මට කේන්තියි ... ඒ කියන්නේ මට බැඳීමක් තියෙනවා..මම ඒ බැඳීමට ආදරෙයි..ඒ බැඳීම ගැන ආඩම්බරයි ..ඒ වගේම ඕනි තැනක ඒ බැඳීම පිළිගන්නත් මට පුලුවන් බොරු උදාන වාක්‍ය නොදා ..
මට මගේ ආදරේ දකින්න ඕනි..ඇඟිල්ලෙන් අනින්න ඕනි... කොන්ඩෙ අවුල් කරන්න ඕනි..තව ටීක් ටීක් ටීක් මහ ගොඩක් දේවල් ඕනි.. මට විතරද එහෙම ඕනි ..? නැත්නම් මම විතරද ඕනි කියල පිළිගන්නේ ..? මම විතරද ආදම් සහ ඊවාගෙන් පැවතගෙන එන ලේ,මස්,නහර තියෙන එකම ප්‍රාණියා ..? නැත්නම් පැවැත්මක් තියෙන්නේ ..මිනිස්සුන්ට ඕනි කරන්නේ රාගයෙන් තොර නික්ලේශී ප්‍රේමයක්ද ...? එතකොට මම වෙනස්ද..? එතකොට ඩාවින්ගේ පරිනාම වාදයට අනුව මම මේ සමාජයෙන් තුරන් වෙන්න ඕනිද ..? ඔව් මම හිතන්නේ ... !!
ඇත්ත ..කට වචනෙට, ආදරය වනාහි කුම්ක්ද කියන ධර්ම දේශනා වලට, හරිම ලස්සනට ගැලපෙන මාතෘකාවක් රාගයෙන් තොර,බැඳීම් රහිත,පරම පවිත්‍ර නික්ලෙශී ආදරය ... ඒත් ඒක ෆැන්ටසියක් විතරයි .. තමන් ආදරය කරන කෙනාගෙ අතින් අල්ලගත්තම ඒ අත දිගේ කාන්දුවෙන විදුලියක් ඇඟ දිගේ දුවන්නේ නැත්නම්, පුං චි ආදර හාද්දකින් කන් වලින් මල් වෙඩි විසි වෙන්නේ නැත්නම්, ඇඟිල්ලක් නියපොත්තක් ගෑවුනත් බඩ පපුව සීතල වෙලා ඔලුව වටේට සමනල්ලු පියාඹන්නේ නැත්නම් ...අනේ මන්දා ..මට නම් ඒක ආදරයක් නෙමෙයි ... !!
දන්නවා..මට හැමෝම බනී ..චාරයක් නෑ කියයි, හැදියාවක් නෑ කියයි ..ඒත් මට සමාජය ගහන පදේට වෙස් මූනක් දාගෙන නටන්න බෑ. සදාචාර සීම අති භයනක විදියට උල්ලංඝනය නොකරනවා කියලා මම විස්වාස කරන රාමුවක් ඇතුලේ ඉදගෙන මම මගේ හිත කියනවා... හැමෝම සභ්‍යත්වයෙන් වහගෙන විඳවන සිතිවිලි ගොන්න මම ලිහලා දානවා..එච්චරයි.. ඕනි කෙනෙක්ට ඕනිද් එයක් හිතාගන්න පුලුවන් ... "සබ්බේ පෘථඃජනා උන්මත්තකා" කියලයි බුදුහාමුදුරුවොත් දේශනාකලේ..ඉතිං මාත් එයින් එක උන්මත්තකයෙක් විතරයි .. :)
මෙන්න මගේ හීන ආදරයේ තේමා ගීතය ....
මගේ ආදරය එහෙමයි ... මට ඕනි ආදරයත් එහෙමයි ...
පරම පවිත්‍ර, අනගිභවනීය, අති රමණීය, සුපිරිසිදු, නිකලැල් සුදු නෙලුමක් නෙමෙයි ...
රාගයෙන් තොර නෑ,
සඳ එළිය සේ සුරම්‍ය නෑ,
ඒත් කම්මැලිත් නෑ ;)