බාඳුරා අසපුව
Monday, May 6, 2013
තනි තටුවෙන් ....
2010 ජුනි 15 ..
ඇය බස් නැවතුම්පලෙහි නොයිවසිල්ලෙන්..
එක පිට එක වැටෙන මහ වැස්සට තෙත බරිත උනු සුදු සාරිය ඇඟ වට එතී මවන රටා ඔහුගේ හොර ඇහැට පෙනෙයි..
කෙතෙකුත් ඇහැ ඉවතට ගන්නට තැතනුවද යලි යලිත් මුරන්ඩු ඇස් බැල්ම නවතින්නේ පිරුනු ළැම සහ ඒ වටා ඇඳි නේක සුකොමල නිම්න කඳු බෑවුම් අතරම වේ.
"මොන මගුලක්ද .. " ඔහු සිතයි ..
"මෙච්චර ගෑණු දැකල තියෙන මට මේ කෙල්ලගේ අඩු වැඩියට මෙච්චර කෑදර හිතෙන්නේ ඇයි .."
ඔහු ඔහු ගැනම තරහින් ..
එහේ මෙහේ දුවන ඔහුගේ ඇස් බැල්ම ඇයට වැටහෙන්නට ගත වන්නේද සුලු වෙලාවකි.
රාගයට වෙනස් වූ ආදරයක, උණුසුමක සේයාවක් ඔහුගේ නෙත තුල දැවෙනු ඇය දකී.
අද පමනක් නොව ගෙවුනු බොහෝ දිනෙක ඈ එනතුරු හොරගල් ඇහිලූ ඔහුගේ දිලිසෙන ඇසින් යුතු සොඳුරු මුහුණ දැකගැනීම, සුපුරුදු බස් නැවතුම් පොළේ ඇගේද නොකී බලාපොරොත්තුවයි.
"අද නම් කතා කරනවමයි.." ඔහු තිර අදිටනින් ..
"අදවත් කතා කලොත්.. "ඈ දෙනෙතින් ආරාධනාවෙන් ..
2011 මාර්තු 31 ..
"දන්නවද .. මම මුලින්ම ඔයාව දැක්ක දවසේ මට මතක හිටිය එකම දේ ඔයාගේ මූණයි මෙන්න මේ ලස්සන ... " ඔහුගේ අත ඇගේ ළමැද සිසාරා දිවෙයි ..
"චිකේ වල් කොල්ලා .. "සෙනෙහසින් රතු වූ මුහුණින් ඇය ඔහුගේ පපුතුරෙහි සැඟවෙයි.
"දැකපු මුල්ම දවසේ මම හිතා ගත්තා වෙන කාටවත් මේවා අයිති වෙන්න දෙන්නම නෑ කියලා .. "ඔහුගේ අතැඟිලි දඟ පිම්මකින් ඇගේ උඩුකය පිරිමදී.
"හ්ම්ම්.. "ඇයට ඉතිරි ඒ දිගු සුසුම හෙලන්නට තරම් ශක්තියක් පමණි.
විවාහයෙන් පසු එළඹෙන සොඳුරුතම නිමේෂයට ඉඩ දෙමින් ඇය දෙනෙත පියා ගනී ..
2012 පෙබරවාරි 14 ..
"මගේ රෝස මල මට දුන්නු රෝස පොහොට්ටුවට මම ලෝකයක් තරම් ආදරෙයි .. "ඔහු දාඩියෙන් පෙඟුනු ඇගේ කෙහෙරැළි සීරුවට අතගාමින් මුමුණයි.
පැය ගානක් පුරා ඇඳුනු අනන්ත අප්‍රමාන දුක් වේදනා අතුරින් ඇගේ මුහුනේ සිනා මලක් පිපෙයි ..
"දන්නවා රත්තරං.. මම දන්නවා.. "ඈ ඔහුගේ අතක් සිප ගනී.
යාබද ලදරු තොටිල්ලේ සැතපෙන බිළිඳු අත මිට මොළවමින් කිරි වේල ඉල්ලා හඬා වැටෙයි ..
ඇය බිළිඳා ඇකයෙහි හොවා ඔහු දෙස බලයි ..
"ඔන්න ඉතිං.. ඉරිසියාව වැක්කෙරනවා මූණෙන් .. "ඇය ඔහුට සරදම් කරයි ..
ඔහු සිනාසෙයි ..
2012 මැයි 05 ..
"සමාවෙන්න.. අපිට ඒක කරන්නම වෙනවා.ජීවිතේ වැදගත් අනිත් කොයි දේටත් වැඩිය.
හිත ශක්තිමත් කරගන්න, මේ වෙලාවේ එයාට වැඩියෙන්ම ඕන කරන්නේ හිතේ නිදහස."
ඇය නිතර අඳින සාරියේ පාටම ලෝගුවක් දාගත් දොස්තර ඔහුට කියමින්..
ඔහු.. ලෝකය ගැන නිනව්වක් නැතිව හිසට ඉහලින් කැරකෙන විදුලි පංකාව දෙස බලමින් ..
ඇය... දොරෙන් එපිට සිට කඳුලු වැක්කෙරෙන මූණෙන් සියල්ලට ඇහුම් කන් දෙමින් ..
2012 සැප්තැම්බර් 06 ..
ඇය රෝහල් යහන මත අවසඟව උඩුඅතට වැතිර ..
ඇය වටකොට ගත් අනේක විධ යන්ත්‍ර සූත්‍ර වලින් නික්මෙන් මූසල හඩට සවන් යොමමින් .. ඔහේ වැක්කෙරෙන කඳුලු වැල් වලින් සුදෝ සුදු ඇතිරිලි තෙමමින් ..
ඇගේ අත සේලයින් බටයෙන් ඔද්දල්ව නිල් පාට වී ..
ඒ අත අමාරුවෙන් ඔසවාගත් ඈ හිමිහිට හිමිහිට ගෙල මුල සිට පහලට ඇගේම සිරුර ගවේශනයක යෙදෙමින් ..
එක තැනක ඒ අත නතර වී ..
අමාරුවෙන් පාට කල චිත්‍රෙකට වතුර වැඩි වෙලා බොඳ වෙලා වගේ ..
සීගිරි චිත්‍ර වලට තාර ගහලා වගේ ..
වීන්ස් පිළිමේ බිම අතෑරලා වගේ ..
කඳුලු ඇල්ල ආයෙත් අලුතෙන් ... මහවැළිය වාන් දැම්මා වගේ ..
"එයා කොච්චර ආදරේ කලාද මේ ඇඟට ..
කොච්චර නම් එයාගේ ඔලුව මගේ පපුව අස්සේ හංගගෙන ඉඳලා තියෙනවද ..
එයා .. එයා ..." ඇය සිහි විකල්ලෙන් ..
අතට හසුවන දළ මැහුම් පාරවල් සමග වෛරයෙන්, ඈ කෙරෙහිම් උපන් මහා අප්පිරියාවකින්, ඔහු කෙරෙහි උපන් දුකකින් ..
ඔහු.. හෙමීට රෝහල් කාමරයේ දොරෙන් එබෙයි.
අත රැඳි විසාල නෙලුම් මල් පොකුර මේසය මත ඇති මැටි බඳුනට දමයි.
"සුදු නෙළුම් .. කැළණියෙන්මයි ගෙනාවේ .. ඔයා ආස නිසාම .."
ඇය .. කිසිත් නොදුටු ඇසින්, නොඇසූ කනින් ..
ඔහු ඇගේ ඇඳ කොනකින් අඩමානෙට ඉඳ ගනී..
"ඔයාට කොහොමද දැන් .. සතියකින් ගෙදර යමු හොඳේ .. පුතා බලන් ඉන්නවා .."
ඔහු සිනාසෙයි ..
ඇය තවමත් ඇය වටා කිසිත් සිදුවන බවක් නොසිතමින්,ඇගේම ලෝකක .. තනියෙන් ..
ඔහු ආදරෙන් ඇගේ හිස අතගායි .. පුරුදු උණුසුමක් හිස් මුදුනින් පටන්ගෙන ඇගේ ගත පුරා දිවෙයි .. තවත් මුරන්ඩු හිතට ඉඩ දිය නොහී ඈ ඔහු දෙසට හැරී ඔහු වැළඳ ගෙන හඬා වැටෙයි..
"මේ මොකද මේ .. ඇයි මම එච්චරටම කැත වෙලාද සතියක් රැවුල නොකැපුවාම.. "
ඔහු විහිලුවක් කිරීමේ අසාර්ථක උත්සාහයක ..
ඇය ඉකි ගසමින් අඬයි ..
ඔහුගේ අත ආදරෙන් එදා මෙන්ම කොපුලත ගෙල මුල වන්දනා කරගෙන හිමි හිමීට පහළට ..
ඇය දරදඩු වෙයි..
එදා තිබුනු සුමුදු අවයවය වෙනුවට අද එතන ඇති වල ගොඩැලි ....
ඒ අත ගැටෙන ඔහුගේ වෙන විපිරියාසය .. ගෝනුස්සෙක්.. නෑ නෑ ගැරඩියෙක් අතේ ගෑවුනා වගේ අප්පිරියවාක් දැනීවි එයාට ..
ඇය සිතයි ..
අඩයි ..
ඔහුගේ අත සුපුරුදු පරිදිම නියමිත ආකරයෙන්ම හැසිරෙයි .. පළවෙනි මැහුම ඔහුගේ අත ගැටෙයි .. ඇගේ හදවත නවතී .. ඔහු ඒ මැහුම වටා මල් පෙත්තක් අල්ලන තරම් මෘදුව අතැගිලි ගෙන යයි .. දෙවන තුන්වන හතරවන මැහුම .. ඔහුගේ විකෘති වන මුහුණ දැකීමට බියෙන් තදකර පියාගත් දෙනෙත් ඈ හෙමින් විවර කරයි ..ඔහු ඇස් පියාගෙන .. මධුසමයේදිවත් ඇය නොදුටු තරමේ ආදරයකින් උණුසුමකින් ඔහුගේ මුහුණම එළිය වී .. සමනළ පියාපතක් අල්ලන තරමේ මුදු බවකින් ඇය නළවමින් ..
ඈ තනි තටුවෙන් පියාඹමින් ..
ඔහු ඇගේ අහිමි අත් තටුව වෙමින් ..
මා ඒ ආදරය අකුරු කරමින් ..
Sunday, April 28, 2013
නූතන කිසාගෝතමි කව ....
මැරුණු ..
කුලුඳුල් පෙම ..
ලේ ගලන ..
කුලුඳුල් පෙම ..
ලේ ගලන ..
ළමැදෙහි හොවාගෙන ..
දුවමි මම ..
ඇඳි වත ගැන ..
දුවමි මම ..
ඇඳි වත ගැන ..
නිනව්වක් නැතුව ..
බෙහෙත ..
අබ මිටක් නම් ..
කිසිවෙකු නොමල ගේකින් ..
සත්තකයි ..
කිසා ගෝතමිය මෙන් ..
නැවත නොහැරෙන බව අතරමග ..
හොයාගෙන මිස ..
මළ පෙමට ..
දිවි දෙන ඔසුව ..
ඒත් ..
අනේ .. කෝ බුදු කෙනෙක් ..
මට ..
බෙහෙතක් කියන්න ...
Sunday, April 21, 2013
ලයිසන් ආදරය ...
දැන් හැදෙන එවුන් නම් ගන්න දෙයක් නෑ..
ඇටෙන් පොත්තෙන් එළියට එන්න කළින් ලව් මේනියාව..
අනේ අනිච්චේ..
අපේ කාලේ තිබුනේ නෑ මෙහෙම විගඩං..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ඒක නෙමේ ..
දන්නවද වැඩක් ..
එහා ගෙදර කෙල්ල කොල්ලෙක් එක්ක යාලුයි කියන්නේ ..
අනේ මන්දා ..
චාරයක් විලි සංගයක් නැති සක්කරවට්ටං..
මහ ලොකුවට යුනිවර්සිටි යනවා කියලා ගිහින් ඕවා තමයි කරන්නේ ..
අපි නොදන්න යුනිවර්සිටිකාරියෝ ..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
අපි මේ ඔයාගෙම හොඳටයි අනේ කියන්නේ ..
ඒ කොල්ලා අමතක කරන්න ..
ඌට හැම තැනම කෙල්ලෝ ..
අපි ඔයාගේ යාලුවොනේ , ඔයාට හොඳක් වෙනවට අපි කැමතිනේ ..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
අනේ එන්නෙපා මට එයා ගැන කියන්න..
එයා තවත් මගේ යාලුවෙක් නෙමේ ..
කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් පස්සෙ යන්නේ .. විලි ලැජ්ජ නැද්ද හැබෑටම ..
ආත්ම ගවුරවයක් කියලා එකක් තියෙන්න ඕන කෙල්ලෙක් උනාම..
එපා කියලා දමලා ගිය එකා පස්සෙම දුවන්නේ අඩාගෙන ..
ඔහොම එකියක් මගේ යාලුවෙක් කියන්නවත් මට ඕන නෑ ..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
අමතක කරපං මචං ඒකිව..
ඒකි නැති උනාට උඹට තව ඕන තරම් කෙල්ලො හොයාගන්න පුලුවන්නේ නමන්න..
මොකෝ ඒකිගේ අහවල් එක රත්තරන්ද..
නිකන් දේව් දාස් නොවී වෙන කෑල්ලක් සෙට් කර ගනින් ..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ඉක්කේයියා ..
අර බලන්නකො අර කොල්ලෝ දෙන්නා දිහා..
ගේ ද කොහෙද ..
ලැජ්ජ නැද්ද මන්ද නේද අනේ එහෙම අත් අල්ලන් යන්න ..
චික් විතරක් ..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
මොකක් ..
ඒ කෙල්ලෝ දෙන්නා ලෙස්බියන් ..
දෙයියෝ සාක්කි ...
ලංකාවට ගිය කලක් ...
විලිසංගේ නැති උන් ..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ඔන්න මචන් ඔය කෙල්ලව හොඳට බලාගනින්..
ඕකි යාලු බැඳපු එකෙක් එක්ක ..
වෙලාවක වචනයක් දාල බලපන්..
පත්තිනි අම්මා වගේ බිම බලාගෙන ගියාට නමාගන්න බැරි වෙන එකක් නෑ ..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ඒයි කෙලින් බලන්නෙපා..
ෂේප් එකේ බලන්න අර කොනේ ටේබල් එකේ ඉන්න කපල් එක දිහා ..
ඒ කොල්ලා මේ දැන් කෙල්ලගේ අත කිස් කලා ..
අනේ මන්දා නේද ..
මොන කෝලම්ද මන්දා ප්‍රසිද්ධියේ ...
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
බලන්න අර ජෝඩුව ඉන්න ලස්සන ...
කසාද බැඳලා..
ලස්සන ගෙයක් හදාගෙන..
ලොකු කාර් එකක් අරගෙන..
අන්න චරිත ..
අන්න ජීවිත .. !!!!!!!!!!!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔක්සිටෝසින් හිනා වෙනවා ...
මොකද අන්තිම කේස් ස්ටඩි එකේදි ඇරෙන්න ..
අනිත් හැම තැනදිම ..
ඔක්සිටෝසින් වැක්කුරුනේ ..
ගැලුම් ගනන් ...
ඒත් ..
ලාංකේය සදාචාරය පිළිගන්නේ ..
ලයිසමක් එක්ක එන ආදරය මිස ..
මොලෙන් පටන් ..
අරන් හදවත හරහා ගලන ..
රෝමාන්තික ආදරය නෙමේ .. !!
දෙයියනේ..
අපි කවදා ආදරය ආදරය විදියට විතරක් දකීද ...
කවුරු කාට කොහොම කලත් ...
ආදරය .. ආදරය විතරයි ..
එච්චරයි .. !!
PS. Oxytocin is a mammalian neurohypophysial hormone that acts primarily as a neuromodulator in the brain. Recent studies have begun to investigate oxytocin's role in various behaviors, including orgasm, social recognition, pair bonding, anxiety, and maternal behaviors. For this reason, it is sometimes referred to as the "love hormone". There is some evidence that oxytocin promotes ethnocentric behavior, incorporating the trust and empathy of in-groups with their suspicion and rejection of outsiders.
Saturday, April 20, 2013
නොමියෙන ආදරය... ♥
එලඹෙන හැම රැයක ..
ඔබ දකිමි, ඔබ විඳිමි ..
මගේ ජීවිතේ ඔබේ පැවැත්ම ..
මම දැනගන්නේ එලෙසිනි ...
දුරු කතර ගෙවාගෙන ..
අප අතර ඇති වෙනස දරාගෙන ..
ඔබ ඇවිදින් මා ලගට ..
ඔබේ පැවැත්ම තහවුරු කරන්නට ..
දුරක හෝ ලගක ..
ඔබ සිටින කොහේ හෝ තැනක ..
මම දනිමි ..
හදවත ..
තවමත් ගැහෙන බව ..
ඔබ දකිමි, ඔබ විඳිමි ..
මගේ ජීවිතේ ඔබේ පැවැත්ම ..
මම දැනගන්නේ එලෙසිනි ...
දුරු කතර ගෙවාගෙන ..
අප අතර ඇති වෙනස දරාගෙන ..
ඔබ ඇවිදින් මා ලගට ..
ඔබේ පැවැත්ම තහවුරු කරන්නට ..
දුරක හෝ ලගක ..
ඔබ සිටින කොහේ හෝ තැනක ..
මම දනිමි ..
හදවත ..
තවමත් ගැහෙන බව ..
ඔබ මවෙත විවර කල දොරටුව ..
තව වරක් විවර කල මැන ..
දකිනු මැන ඔබ සිටින අපූරුව ..
තවමත් මගේ හද ගැස්ම තුල ...
මගේ හදවත ..
එලෙසටම මුමුණාවි ..
ඔබේ නම ..
සදහට ..
තව වරක් විවර කල මැන ..
දකිනු මැන ඔබ සිටින අපූරුව ..
තවමත් මගේ හද ගැස්ම තුල ...
මගේ හදවත ..
එලෙසටම මුමුණාවි ..
ඔබේ නම ..
සදහට ..
ආදරයේ සුමිහිරි ස්පර්ෂය ..
අප මත ගැටෙන්නේ එක්වරය ..
ඒ එක් වර ..
අප මත ගැටෙන්නේ එක්වරය ..
ඒ එක් වර ..
අවසන් වාරයද වනු නොඅනුමානය ..
හදවතට වට ආදරයේ පහස ..
අප මෙලොවින් සමුගන්නා යම් දිනක් වේද ..
එදින වන තුරු ..
අප සමග සිටිනු ඇත ..
හදවතට වට ආදරයේ පහස ..
අප මෙලොවින් සමුගන්නා යම් දිනක් වේද ..
එදින වන තුරු ..
අප සමග සිටිනු ඇත ..
මගේ ආදරය ..
ඒ මා ඔබට ආදරය කල කාලයයි ..
ඔබ දරාගත් ..
එක සැබෑ මොහොතයි ..
ඒ මොහොතක ආශ්වාදය ..
අපේම වූ ඒ මොහොත ..
මා මියෙන තුරාවට ..
මා සමග රැඳේවි ...
ඒ මා ඔබට ආදරය කල කාලයයි ..
ඔබ දරාගත් ..
එක සැබෑ මොහොතයි ..
ඒ මොහොතක ආශ්වාදය ..
අපේම වූ ඒ මොහොත ..
මා මියෙන තුරාවට ..
මා සමග රැඳේවි ...
ඔබ මා අසලමයි ..
නෑ බියක් ලෝකට ..
විය හැකි කිසිම දේකට ..
දනිමි මම ..
මගේ හදවත ගැහෙන බව
සදහට ..
නෑ බියක් ලෝකට ..
විය හැකි කිසිම දේකට ..
දනිමි මම ..
මගේ හදවත ගැහෙන බව
සදහට ..
ඔබ මා ..
එක්ව ඉඳීවී මේ ලෙසට
සදාකල් ..
ඔබව රඳවා ආදරෙන්
මගේ හද ගැස්ම තුල
රැකගනිමි මලක් සේ මුදුව ..
ඒ හදවත ගැහේවි ..
සදහටම ...
ස ද හ ට ම ...
(My translation of the song "My heart will go on" by Celine Dion)
Subscribe to:
Posts (Atom)




