බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, June 19, 2011

කැම්පස් කථා (First episode)

මෙන්න මම ආවා :) වහින්නත් වගේ ..ආදර post එකක් ලියන්න නියම වෙලාව..එත් මහජනතා ඉල්ලීම මත මම තීරනය කලා කැම්පස් කතා මාලාව නමෝ විත්තියෙන් පටන් ගන්න. (ටි‍යුෂන් කථා සහ අසනීප කථා වෙන වෙලාවක කියන්නම්). 

හරි .. ඔන්න ඉතින් වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වීමේ අවුරුදු පහක මහා සටනකට පස්සේ මම ආතක් පාතක් නැතුව උඩ බලියන් ඉන්න දවසක තමයි මගේ කැම්පස් ජීවිතේ ගැන කථාව මුලින්ම එලියට ආවේ. මගේ දෙමාපියන්ටත් හිතා ගන්න බැරුව හිටියේ මට මොනව කරන්නද කියලා ඒ වෙද්දි.මම උයන්න පිහන්න දන්නෙත් නෑ ... ඉස්කෝලේ ගෘහ විද්‍යාවට කියලත් කලේ miss උයපුවා කාපු එක විතරයිනේ. ඒ නිසා මාව කසාද බන්දලා දෙන්නත් බෑ.වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල කිසිම දෙයක් තව දුරටත් ඉගෙන ගන්නෙම නෑ කියලා පොළොවේ පස් කකා අඩපු මාව අල්ලගෙන ගිහින් ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බාර දුන්නේ ඔන්න ඔහොම වටපිටාවක් මැද්දේ. බාලිකා පාසලක ඉගෙනගෙන ගෙදරට ගෙනත් ටියුෂන් දීල හදපු මට කැම්පස් කිව්වම නිකන් මැජික් වගේ. විස්වාස කරන්න, අවුරුදු පහක් AL කරල පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයස නාකි අම්මන්ඩි කෙනෙක් උනත් මම SLIIT එක ගැන කිව්ව ගමන් ගත් කටටම ඇහුවේ uniform එක මොකද්ද කියලා... ඒ තරම් ළදරු මනසක් මට තිබුනේ .. :) 

SLIIT එකට ලමයි තෝරගන්න placement test එක තමයි මුලින්ම තිබුනේ. මගේ අප්සෙට් ජීවිතය හරිම ලස්සනට ආරම්භ කලේ එතනින්. මම හරි අකමැති සෙරෙප්පු දාගෙන ඉන්න.කොහේ ගියත් සෙරෙප්පු දෙක ගලවලා ඉන්න තමයි මගේ උත්සාහය. Test එක ලියද්දිත් මම සෙරෙප්පු දෙක ගලවලා හරි ජොලියෙන් ඒක ලිව්වේ ... ලියල ඉවර වෙලා මලක් වගේ පහලට බැහැලා එද්දි කකුල් දෙකට වතුර පෑගෙනවා ... ජන්ජාලයයි ..සෙරෙප්පු දෙක Exam hall එකේ .. ආයෙම දිව්ව හයවෙනි තට්ටුවට ... නෝන්ඩි ගෝසාවක් මැද්දේ සෙරෙප්පු දෙක දාගෙන බිම බලාගෙන එලියට ආවා :D මට තාමත් මතකයි ඒ test එකේ තිබුනු එක ප්‍රශ්නයක්.."Why did you select to come to SLIIT?" .. මගේ උත්තරය උනේ..."Because my parents wanted me to". පුදුමයි ඒ වගේ අපත උත්තරේකිනුත් පස්සේ මාව සිස්සයෙක් විදියට බාරගත්තා ;) කොහොම හරි ... මුලින්ම ලියාපදිංචි වෙන්න ගියේ metro එකට.. මට දිගටම ඉගෙන ගන්න තිබුනෙත් එතන .... මමත් ඉතින් බන්ඩා නගරයට පැමිනීම වගේ ඇස් දෙකින් විතරක් නෙමේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ඇවිත් හිටපු ලමයි ගොඩ දිහා බල බල හිටියා.අපිට orientation එක තිබුනේ මාළඹේ SLIIT එකේ. මම ඉස්සර හිතාගෙන හිටියේ ඒක උලු මෝලක් කියලා..ලොකූ කනු එහෙම තියෙන්නේ උලු මෝලවල් වලනේ .. කොහොම හරි මාළඹේ SLIIT එකට ගියාට පස්සේ මට හිතුනා මට metro center එකේ ඉගෙන ගන්න බෑ කියලා.. මට ගස්,වැල්, මල් තියෙන තැනක් ඕනි කියලා ගෙදර ඇවිත් බූ ගාල ඇඩුවා මම.. අනේ මගේ අසරන දෙමාපියෝ කොහොම හරි මාව මාළඹේට transfer කරගත්තා .. ඔන්න ඔහොමයි මම මාළඹේ SLIIT එකට ආවේ ... :)

අනේ මන්දා කතාව කොහෙන් පටන් ගන්නද කියලා.අවුරුදු හතරක මතක එසේද මෙසේද .. මෙහෙම කරන්නම්.. මම අවුරුද්දෙන් අවුරුද්ද කථාව කියාගෙන යන්නම්. නැත්නම් මටම පැටලෙයි. හරි.. මුලිම orientation එක. ඔන්න මට හිටිය click එකක්.. මමයි, මියුසියස්  එකේ ගෑනු ලමයෙකුයි,විසාකා එකේ ගෑනු ලමයෙකුයි,කාන්තා විද්‍යාලයේ ගෑනු ලමයෙකුයි..අපි කට්ටිය ඉතින් ටිකක් එක විදියක් ඒ දවස් වල.ඩෙනිම් ඇදලා සපත්තු දාල මාල කරාඹු මුදු වලලු ඔක්කොම දාලා, කථා කරන්නේ English වලින්, කන්නේ P & S එකෙන්.. හැමදාම lecture එකේ ඉස්සරහම පේළියේ ඉද ගන්නේ .. තේරෙනවනේ ඉතිං නේද ;) ඒ හින්දමද මන්දා කවුරුත් වැඩිය අපිත් එක්ක කථා බහක් නෑ. කවුරුත් ගනන් ගන්නේ නැති orientation test එක අපිට ඉතින් හරි මැජික්. Past papers හොයාගෙන ඒවට උත්තර ලියලා sir ලට පෙන්නලා .. පිනුම් දහයයි බල්ටි දෙකයි තමයි ;) 

මගේ click එකේ අනිත් අයට කෙසේ වෙතත් ගෙදරම හැදුනු මට හැමදේම අමුතුයි. ළමයින්ට තියෙන නිදහස, ඇදුම් මෝස්තර... මට බලාගන්න දාහක් දේ ඒ අක්කර ගාන ඇතුලේ තිබුනා. එක දවසක් ඉවර වෙලා අනිත් දවස එනකන් මට තිබුනේ පුදුම නොයිවසිල්ලක්.. මම computer ගැන මෙලෝ සංසාරයක් දැනගෙන හිටි මනුස්සයෙක් නෙමෙයි.ඒ නිසා කොල්ලො ඈනුම් ඇර ඇර ඉගෙන ගත්තු දේවලුත් මට හරි ලොකු දේවල් වගෙයි දැනුනේ. ඒ නිසාමද මන්දා orientation එක ඉවර වෙද්දි මම පොත් බරගානක් පිරෙන්න notes ලියාගෙන තිබුනා ..කොල්ලො ලග එකම එක note එකක්වත් තිබුනේ නෑ :)

SLIIT එකේ නවකවදය තහනම්.ඒත් මගේ අමුතු පෙනුම,ඇදුම් පැලදුම් සහ ඒ වෙද්දි SLIIT එක ඇතුලේ හිටි මගේ අඳුරන අයියලාට පින් සිද්ධ වෙන්න මට නම් පොඩි පොඩි ජරමර වලත මූන දෙන්න උනා.දවසක් දා මමයි මගේ click එකයි තාප්ප කෑල්ලක් උඩ නැගගෙන ඉන්නකොට, ඔන්න මට පේනවා මම අදුරන අයියා කෙනෙක් එයාගේ සහචරයො රැලත් එක්ක ඒ පැත්තට එනවා.මම දැනගත්තා නඩුවක් තමයි කියලා.ෂේප් වෙලා යන්න පුලුවන්කම තිබුනත් මම එතනම හිටියා.ඔන්න ඉතින් අපි ඉන්න තැනට ආපු අදුරන අයියා කියපි "නංගී, ඔයා SLIIT එකේ උඩම තට්ටුවට පඩි පෙළෙන් නැගලා ආපහු බැහැලා මෙතෙන්ට නාවොත් ඔයාගේ දහම් පාසලේ නාට්ටියේ විස්තර මම හැමෝටම කියනවා කියලා" (දහම් පාසලේ නාට්ටිය විනාසයක්,ඒ නිසා ඒ ගැන අහන්නෙපා). විනාසයි..තට්ටු 9 ක් පඩිපෙල නැග්ගොත් මම මැරෙයි. ඒත් මම නෙමෙයි සැලුනේ. එඩිතර කාන්තාවක් වගේ මල් හිනාවක් මූනට දාගෙන මම කිව්ව "අයියත් එන්න මාත් එක්ක යන්න, නැත්නම් අයියා කොහොමද දන්නේ මම lift එකේ ගියාද පඩි පෙලේ ගියාද කියලා?" ඒකට කියන්න දේවල් අයියට මතක් වෙන්න ඇති,ඒත් මම හිතන්නේ මගේ senior උත්තමයෝ මගෙන් එහෙම ප්‍රතිචාරයක් බලපොරොත්තු උනේ නෑ. ඉතිං අයියා ගියා :D

දැන් ඊලඟ episode එක.. SLIIT එක සහ SLIIT කොල්ලෝ ... අම්මෝ ..මතක් වෙනකොටත් නිකන් මොකද්ද මොකද්ද වගේ ;) කිව්ව වගේ මම බාලිකා පාසැලකට ගිහින්, බාලිකාවන් එක්කම හැදුනු හරීම අහිංසක, හුරුබුහුටි, ලලනාවක්.. ;)  ඒ උනත් මට ඉන්න තරමක් හිටියේ පිරිමි යාලුවෝ. Tution class යන්න අවසර නැති උනත් එකේ school van එකේ එන ටිකට යාලු කරගත්තු යාලුවො මහ තොගයක් හිටියා මට. ගෑනුලමයි එක්ක මිත්‍ර සම්භන්දතා පවත්වනවට වඩා පිරිමි ලමයි එක්ක යාලු මිත්‍රකම් පවත්වන එක ලේසි කොහොමත්. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ ඉතිං.ඒ නිසා මම SLIIT එකට පය ගහපු දවසේ ඉදන් මගේ යාලු database එක update කරගෙන කරගෙන ගියා ... SLIIT යනකන් ජීවිතෙට chat service එකක් දෑහැට දැකලා තිබුනු නැති මට course web chat එක නිකන් ඇලඩින්ට පුදුම පහන ලැබුනා වගේ උනා.ඒකේ ඉන්න ඇහැට කනට පේන කොල්ලෝ ගොඩකට බොරු බොරු messages යවලා යාලු කරගන්න පුලුවන් උනාලු ඉතින් අපිට. කොහොමින් කොහොමින් හරි chat list  එක හෙන පතරංග ජාතකයක් වෙලා තමයි අන්තිමේ නැවතුනේ ;) Lab session එකක පැය දෙකම chat කරලත් හැමෝටම fair service දීගන්න බැරි තරම් අපි හතර දෙනාගේ එක chatting නැගලා ගියා :D

First Year එක මේ ගමනම ඇදලා දාන්නම් ... විෂයන් ඔක්කොම 11ක් ඉවර කරලා තිබුනා පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දි.හැම විෂයක් ගැනම රස කථා නැති උනත් .. කථා දෙක තුනක් කියලා දාන්නම්.. පලවෙනි කථාව  Technical Communication ගැන. ඒක තනිකර ගිරා subject එකක්.. වස නිදිමතයි  lecture ඒකත්... ඉතින් ඒ වෙලාව අපි ගත කලේ තාප්පයක් උඩ. Lectures දෙක තුනකට වඩා ගියෙත් නෑ.කොහොමින් කොහොමින් හරි final exam එකත් ලග ලගම එනවා ... ගිරව් අල්ලල්ල පුරුද්දක් නැති මට තේරුනා වැඩේ හරියන්නේ නෑ කියලා. එතකොටම දෙයියෝ බැලුවා වගේ course web එකේ දාල තිබුනා final එකට  presentation එකක් තියෙනවා,ඒකට ලකුනු 20 ක් ලැබෙනවා කියලා... තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේට පින් දීලා අපි හතර දෙනා presentation එකට ලෑස්ති උනා..මාතෘකාව A new era of medical science with nano robots ... පුහ්..ගෙම්බො රැලක් ගිය උඩ ;) කොහොමින් කොහොමින් හරි presentation එකට ගියයි කියමුකො ... ජීවිතේට presentation එකක් කරල නැති අපි හතර දෙනා පාට පාට ඇදුම් ඇදගෙන ආවේ..නිකන් හරියට සංචාරක circus කන්ඩායමක් වගේ.. ඔරවලා බැලීමකින් පමනක් සෑහීමකට පත් උනු  madam හරි බරි ගැහිලා අපේ සම්ප්‍රප්පලාප අහන්න ලෑස්ති උනා.. උපතින් ලැබිලා තියෙන පච කීමේ හැකියාවට පින් සිද්ද වෙන්න internet එකෙන් තොග පිටින් බාපු කථාවක් නිකන් අපි හොයගත්තා වගේ ඇදලා ඇරියා..ඔක්කොම හරි..madam ෂේප්.. ඉතින් අහන්න ඔනි නිසාම group leader විදියට ඇහුවා"Are there any questions?" කියලා.. අපරාදේ කියන්න බෑ ලමයි ටික හ්ම්ම් නැතුව හිටියා..ඒත් මෙන්න  madam අහපි ..." What is the country which has invented the technology?" කියලා. මලා..කවුරු දන්නවද ..මොකෝ මමයැ nanorobots ලව හොයා ගත්තේ .. මගේ සහායිකාවන් ටිකත් අනේ අපි ඕවට නෑ වගේ අහක බලාගෙන.ඒත් මම නෙමෙයි පස්සට ගියේ.. nanorobots ලව හොයාගත්තේ මගේ අනුදැනුම යටතේ වගේ madam දිහා බලපු මම කිව්ව " it was originally invented by America, But before they reveal it to the world Japan came up with an actual model .. කියලා. ඇත්තටම මටම තෙරෙන්නේ නෑ presentation වලදි බොරු කියන්න මට මේ තරම් හැකියාවක් කොහෙන් ලැබුනද කියලා .. මැවුම්කාර දෙවියන්ට පින් .. ;)

මගේ යාලුවන්ට love කල කොල්ලන්ගෙන් ice cream කකා.. හූ කිය කිය හිටියත් පළවෙනි අවුරුද්ද ඉවර වෙනකන්ම මම හොඳ සිස්සයෙක් වෙලා හිටියා. කුප්පි දැමීම පිළිබඳව සුට්ටි ප්‍රසිද්ධියකුත් ඒ වෙද්දි මට ලැබිලා තිබුනා... කැම්පස් ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි විදියේ වෛවර්ණ note books වලටත් මම ප්‍රසිද්ධයි ඒ කාලේ. මගේ එකත් click කැඩිලා ගියා. පළවෙනි ඉවර උනාම අපි හතර දෙනාගෙන් දෙන්නයි ඉතුරු උනේ,අනිත් දෙන්නා dgree එක නැවැත්තුවා :( කොහොම හරි ... 3.68 වාර්තාගත GPA එකකුත් එක්ක මගේ first year එක නිමා උනා...

ඒ වෙද්දි මගේ achivements .....

01) මම අපේ week end batch එකේ හැම කොල්ලෙක් එක්කම කථා කරලා තිබුනා.

02) එක්කෙනෙක්ගෙ ඇරෙන්න මට ඔනි කල අනිත් හැම කොල්ලගෙම phon number එක මගේ ලග තිබුනා. **** මගේ number එක ඒ කාගාවවත් තිබුනේ නෑ ;) ****

03) sliit canteen එකේ හැම කෑමක්ම මම කාල තිබුනා, P & S එකේ හැම අලුත් menu එකක් ගැනම මම දැනගෙන හිටියා.

04) SLIIT එකේ හැම floor එකකටම lift එක පැදල තිබුනා මම ... (ආ මගේ lift පැදීම ගැන මම කිව්වෙ නෑනේ.මම හරීම ආසයි lift එකේ යන්න. වැඩිය යන්න ලැබිලා තිබුනේ නෑ lift වල මට SLIIT එකට යන කාලේ වෙද්දි.ඉතින් SLIIT ගිය මුල් දවස් වල 8.30 lecture එකට 7 වෙද්දි  යන මම කරන්නේ lift පදින එක. lift එකට නැගල හැම තට්ටුවටම යනවා.. ආයෙම ආයෙම යනවා.. එපා වෙනකන් lift පැද්ද ඉතින් ඔහොම)

05) First year එකේ හැම sir කෙනෙක්ම හැම miss කෙනෙක්ම මාව දැක්කම හිනා උනා.එයාල මාව අදුරනවා..අම්මෝ ඉතින් ඒක හරි ලොකුයි ඒ දවස් වල.

06)ප්‍රේම ආරාධනා දෙකක් ලැබුනා.

හරි.. කැම්පස් කථා වල පලවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටසින් second,third years වල බූත බලපොරොත්තු වෙන්න ... :)

****** SLIIT එක කියන්නේ මගේ ජීවිතේ හැම සතුටක්ම මට හම්බුනු ඒ වගේම මගේ ජීවිතේ හැම දෙයක්ම මට නැති උනු තැනක්. මට තේරෙන්නේ නෑ SLIIT එක එක්ක මගේ තියෙන සම්බන්ධය කොහොම විස්තර කරන්නද කියලා..ඒක මට මතක තියගන්න ඕනි වගේම අමතක කරන්න ඕනි තැනක්.ගොඩක් ලස්සන ජීවිත වගේම මාව නොමරා මරමු මිනිස්සු මුණගැහුනු තැනක්.හොඳ යාලුවො වගේම මගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන බොරු අනුකම්පාව ඉල්ලගෙන මටම කෙලවපු ගෑනු මිනිස්සු හම්බුනු තැනක් ... 3.68 එකින් පටන් ගත්තු අධ්‍යපනය class එකක්වත් නැතුව නිකන්ම නිකන් සිම්පල් පාස් එකකින් ඉවර කෙරුනු තැනක් ... මගේ ආදරය පටන් ගත්තු ... මගේ ආදරය ඉවර කෙරුනු තැනක් ... 

කොටින්ම SLIIT එක කියන්නේ ... අමතක කරන්නත් බැරි මතක තියාගන්නත් බැරි මතකයක් .... !! ****


27 comments:

  1. නිෂාන්June 19, 2011 at 11:55 PM

    ගොඩක් ලස්සනයි වාසනා අක්කේ.... මතකය දිව ගියා ගොඩක් ඈතට............................................................................. :) අපි ඒ කාලේ ඔයාට දාපු නම මතක් වෙලා මුවගට හිනාවක් නැගුනා.. "පුංචි අම්මා" :D :D
    :D

    ReplyDelete
  2. හික්ස්..හරිම අවංක විස්තරයක්..

    කරලා තියෙන ලිෆ්ට් පැදිල්ලේ හැටියට, ස්ලිට් එකේ තට්ටු ගාන අඩු නිසා ඔයින් ගියා.. WTC එකට එහෙම වැරදිලාවත් ගියානං තාම ලිෆ්ට් එකේ...

    ReplyDelete
  3. 1st year එකේදී චැටි කරලා දවසක් මතකද ඔයාට 401 ලැබ් එකෙ ඔයා මට කිවා ඔයාව හොයන්න කියල...ඔයා හිටියේ opposite raw of me.මං ගත්ත කටටම ඔයාගේ යලුවව පෙන්නුවා....වහ විලි ලැජ්ජාවයි එදා නම්...
    ඒත් එකෙන් මට ඔයා වගේ හොද යාලුවෙක් අදටත් ඉන්නවා.....

    ReplyDelete
  4. බලාගෙන ගියාම ඔයා මම මෙච්චර දවසක් දැනගෙන හිටිය කෙනාට වැඩිය වෙනස්නෙ. දිගටම ලියන්න.

    ReplyDelete
  5. ඊලග කොටස බලාපොරොත්තු වෙමි ....නිර්ව්‍යාජ කතාවක් , හැමෝගෙම ජිවිත වල ඒක ඒක සමානකම් තියෙනවා...........

    ReplyDelete
  6. ammoo eka lift ekak kadila thiyenne meya nisada koheda

    ReplyDelete
  7. TomC :: වෙනස් කිව්වේ .. හොද විදියටද නරක විදියටද? :)
    To Ano :: ඔව් ... පුලුවන් තරම් ඇත්තම කතාව ලියන්න තමයි උත්සාහ කලේ :)

    ReplyDelete
  8. from Ano...

    හ්ම්ම් ඒක ඇත්ත වාසනා , ඒ කතාවට හිත සංවේදී වෙන නිසාම තමයි දිගටම ලියන්න කිව්වේ ....වෙලාවකට හිතෙනවා කෙනෙකුට මෙච්චර විවෘත්ත වෙන්න පුලුවන්ද කියල ජිවිතේ.(හ්ම්ම්ම් මේ ඔයාව උස්සල තියෙනවා නෙමේ , ඇත්තක් කියනවා )
    DG

    ReplyDelete
  9. @ Wasana
    ඒක කියන්න තේරෙන්නෙ නෑ... බලමු ඉස්සරහට ඔයා කොයි වගේ කෙනෙක් කියලා කියයිද කියලා :)

    ReplyDelete
  10. @SDG : විවෘත වෙන්න පුලුවන්.. ඒත් කවදාවත් එහෙම වෙන්න නරකයි .. මම මගේ මුලු හිතම දිග ඇරලා පෙන්නපු නිසා තමයි මිනිස්සු මට මේ තරම් රිද්දුවේ ... හැමෝම දැනගෙන හිටියා මට රිද්දන්න පුලුවන් කොහොමද කියලා.ඉතින් ඒ අය ඒව පාවිච්චි කලා... ඒ නිසා පුලුවන් තරම් ලෝකෙන් තමුන්ව වසන් කරගෙන ඉන්න එකයි හොඳ ...

    @ ToMc : හ්ම්ම්.. බලමු.. මම නරකයි ..ගොඩක් නරකයි ..ඔයාල හිතන තරම්වත් හොඳ නෑ ..

    ReplyDelete
  11. ලස්සන article එකක්. මටත් එෙහමයි අෙන්. SLIIT එක කියන්ෙන අමතක කරන්නත් බැරි මතක තියාගන්නත් බැරි මතකයක්!!!

    ReplyDelete
  12. ඔන්න මම අදයි මේ පැත්තේ ආවේ...:) "කැම්පස් කථා" ඇහට වදින topic එක නේ අක්කි.. එක තමයි කලින්ම කියෙවුවේ...එල.. ඇත්තටම කැම්පස් කියුවාම දුක ,සැප,විනොදය,යහලූවෝ,ගුරුවරු,දැනුම ඇතුලුව ගොඩක් දෙවල් අඩු වැඩ් වශයෙන් ලැබෙන අපුරු තොතැන්නක්..ඉතින් ඔයාට වගේ අපි හැමොටම එක "අමතක කරන්නත් බැරි මතක තියාගන්නත් බැරි මතකයක් .... !!"

    ReplyDelete
  13. " අවුරුදු පහක් AL කරල පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයස නාකි අම්මන්ඩි කෙනෙක්"

    මේකට අපි නම් කියන්නේ ඉබ්බෝ දෙන්නෙක්ගේ වයස කියලා :))

    ReplyDelete
  14. ම්ම්ම්ම්ම්... අවංකවම ලියවුනු ඇත්ත කතාවක්... අද ඉධන් දිගටම එන්නම් කියවන්න..

    ReplyDelete
  15. රඟලා තියෙනවා වගේ හොද හැටි හි හී

    ReplyDelete
  16. ස්ලිට් ගිහින් ඔහොම නම් ඇත්ත කැම්පස් එකකට ගියානම් ඔයාට මීට වඩා දෙයක් කරන්න තිබුනා....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඇනෝ.. මම හිතන්නේ ස්ලිට් එක ඇත්ත කැම්පස් එකක් කියලා තමයි.. මම ඉගෙනගත්තු තැන මට වටිනවා සහ මම ඒ තැනට ගෞරව කරනවා.. අනික මට තේරෙන්නේ නෑ මීට වැඩි දෙයක් කියලා ඔබ අදහස් කරන්නේ මොකද්ද කියලා.. මම ගිය අරමුණ මම ඉෂ්ට කරගත්තා.. නියමිත කාලයේදි උපාධිය ගත්තා.. ඊට වැඩිදේකට මම ස්ලිට් ගියේ නෑ.. වෙන කැම්පස් එකකට ගියත් ඊටවැඩි දේකට යන්නේ නෑ =/

      Delete
  17. actualy .. great story ...im still going in this situation.

    ReplyDelete
  18. මේ පොස්ට් එකනම් ගොඩක් පරණයි... එත් අද තමයි මට කියවන්න ලැබුනේ.... නියමයි..... ඇත්තටම ලස්සනයි....... මාරම ලයිෆ් එxපීරියන්ස් එකක්.... ජොලි...... Thumbz up...... (y) :D

    ReplyDelete
  19. තනි වචනයකින් කියන්නම්

    සුපිරී

    ඔන්න ඔච්චරයි

    ReplyDelete