බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, July 28, 2013

මගේ මළගම ..




මම මළදාක ..
අද හෙට කෙදිනක ..
ඇවැසි නැහැ මට ..
මූණ පෙන්නන්න ලයිට් කණුවල ..
උපත .. විපත ..
ඒ මැද දත් විරිත්තගෙන මම ..
මතක් වෙනකොටත් ..
විකාරයි මට ..
බලාගෙනයි ඇලෙව්වොත් ..
එක මරණ දැන්වීමක් ..
මගෙ නමට ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
එක ශෝක ප්‍රකාශයක්
එල්ලනවා හෙම නෙමෙයි ..
මගේ නමට ..
අඩන ඇස් වලින් පිරුනු ..
දාහක් මකර තොරන් ..
"යලි අප අතරම ඉපදේවා .."
"නිවන් සැප ලැබේවා .."
මොන මඟුලක්ද මන්දා ..
නිවන් සැප ලැබුනොත් ..
කොහොම යලි ඉපදෙන්නද ..
ගෙයි බිත්ති වහගෙන ..
වතුපිටි වැටවල් පුරෝගෙන ..
පෝස්ටර් බැනර්..
එල්ලනවා හෙම නෙමේ ඔන්න ..
නිකරුනේ නාස්ති නොකර ..
දීල දැම්මම ඉවරයි ..
සුදු රෙදි ටික ..
සිල් රෙදි හදා ගන්න ..
උපාසකම්මෙක්ට ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
තේක්ක පෙට්ටි ඕන නෑ මට ..
සැටින් කවර ඕනත් නෑ මට ..
පෙට්ටියේ අස්සට මොන එහෙකටද පුලුං මට ..
රබර් ලීයෙන් හදපු, පිදුරු දාපු පෙට්ටියක් ..
අපොයි හොදටම ඇති නිදියන්න ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
"අද අපෙන් වෙන් වෙන ..
සත්ගුණවත් දියණිය ..
පින්බර කුළ කුමරිය .."
~ මළවුන් හිනස්සනෙපා ඔන්න .. ~
ජීවිතේට සත් ගුණවත් නොවුනු මට ..
හෙළ කුළයක් ගෑවුනු තැනක නැති මට ..
මොන එහෙකටද බොරු නම්බු නාම ..
රෙද්දක් කතා නොකර .. 
වයධම්මා සංඛාරා කියලා ..
පාංශුකූලේ දුන්නම ඇති හොදටම ..
බොරු සැර පූචානම් නැතුව ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
පෙරහැර එපා මට ..
මල් වඩම් ලයිට් වැල් ..
එපා මට මග දිගට ..
පෑගෙන්න ඉහන පොරි ..
දෙන්න මාලුන්ට, පරවින්ට ..
මැරුණු කය පුලුස්සපු ..
අලු දියට නොම දෙන්න ..
වැඩෙන එක ගහක මුල ..
අලු පොහොර කරලන්න ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
මම මතකයට නැගෙන සඳ
මදහසක් ඒවි නම් මුවගට
ඒ ඇති මට හොඳටම ...
:)