බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, April 29, 2011

ආදරය ... කලළය ... !!

ම්ම්ම් ... මට එක පාරටම හිතුනා හිතක ඇතිවෙන ආදරයත් ගර්භාෂයක ඇතිවෙන කලළයක් වගේ කියලා ... දැන් බලන්න ... කලළයක් ඇති වෙන්න දෙන්නෙක් ඔන... ඒ වගේම ආදරයක් ඇති වෙන්නත් දෙන්නෙක් ඔනිනේ ... අපි අපිටම ආදරේ කරගන්නේ නෑනේ :)

කලළයක් ගර්භාෂය ඇතුලේ මාස 9 ක් වැඩිලා නිරොගී දරු උපතක් සිද්ධ උනාම හැමොටම සතුටුයි ... ඒ වගේම හිතේ ඇති උනු ආදරයක් හොදින් වැඩිලා විවාහයකින් කෙලවර උනාම හැමොටම සතුටුයි ...කලළය දරාගෙන ඉන්නකන් වගේම කලළයක් දරුවෙක් විදියට බිහි උනයින් පස්සෙත් සතුට දුක සමොසමෙන් ලැබෙනවා ඒකට අදාල හැම කෙනෙක්ටම ... දෙමාපියො, යාලුවො හැම කෙනෙක්ම ඒකට අයිතියි... නමුත් කලළය ඇති වෙන්න කෙලින්ම සම්බන්ධ දෙන්නට තමයි හැම දුකක්ම සතුටක්ම වැඩියෙන්ම දැනෙන්නෙ ... ඉතින් බලන්න ආදරයත් ඒ වගේ නෙමෙයිද කියලා ...

කලළයක් දෙන්නගෙම කැමැත්තෙන් සහ දෙමාපිය ආසිර්වාදයෙන් ඇති වෙන්න පුලුවන් ... එතකොට උපත වෙනකන් බලන් ඉන්නේ පුදුම සතුටෙන් ... ආදරයත් ඒ වගෙයි ... හැම කෙනෙක්ගෙම කැමැත්තෙන් ඇති වෙන ආදරයක් විවාහයක් වෙනකන් යනකන් පුදුම නොයිවසිල්ලක් තියෙන්නේ... ආදරයෙන් බලන් උන්නු දරු පැටිය ඉපදුනම බලාගන්න ගොඩක් අය ඉන්නවා වගේම ... ආදරයෙන් බලා උන්නු විවාහයක් රැක ගන්නත් ගොඩක් අය ඉන්නවා.

කලළයක් නොහිතපු වෙලාවක අහම්බෙන් ඇති වෙන්න පුලුවන් ... එතකොට ඒක මානසික වදයක් ... කලළය ඇති වෙන්න සම්බන්ධ අනිත් පාර්ෂවය දරුවෙක් ලැබෙනකන් ගමන එකට යන්න කැමති උනොත් හොදයි.. නැති උනොත් කලලය දරාගෙන ඉන්න කෙනාට ප්‍රශ්න ගොඩයි ... ආදරයත් එහෙමයි ... එක පාරට හිතක ඇතිවෙන ආදරයක් අනිත් කෙනා පිලි නොගත්තොත් ආදරය කරන හිතට එන්නේ මෙතෙකැයි කියන්න බැරි දුකක් ... හරි ... කලලය දරුවෙක් වෙනකන් ඉන්න අනිත් කෙනාට බෑ කිව්වා කියමු.. එතකොට මාර්ග දෙකයි ඉතුරු ... එක්කො ඇතිඋනු කලලය විනාස කරන්න ඔනි ... නැත්නම් ඔනි එකෙක් ඔනි දෙයක් කියා ගනින් කියල තමන්ගෙ හිතුමතේට කලලය දරාගෙන ඉන්න ඔනි.

පලවෙනි මාර්ගයේ ගිහින් කලලය බලෙන් ඉවත් කලා කියමු... කලලය දරගෙන ඉන්න කෙනාට කොයි තරම් නම් දුකක් වේදනවක් දැනෙනවද තමන්ගෙම ලෙයින් මසින් ඇති උනු දෙයක් බලෙන් අඩු පඩු දාල අයින් කරද්දි ... කොහොම හරි අයින් කලත් ඊට පස්සේ ඇතිවෙන අතුරු ආබාධ කොයි තරම්ද ... ආයේ කවදාවත්, ඇත්තටම ඔනි උනත්, දරුවෙක් නොලැබී යන්න පුලුවන් ... ලැබුනත් අන්ගවිකල දරුවෙක් ලැබෙන්න පුලුවන් ... ටිකක් හිතන්න ..ආදරයත් එහෙමඉ නේද ... හිතේ ඇතිඋනු ආදරයක් බලෙන් අයින් කලාම ඒ ආදරය දරාගෙන ඉන්න හිත කොයි තරම් රිදෙනවද ... එහෙම අයින් කල හිතක ආයේ කවමදාවත් ආදරයක් ඇති නොවෙන්න පුලුවන් ..ඇති උනත් ඒක මගදි එපා වෙන අන්ගවිකල ආදරයක් වෙන්න පුලුවන්.දෙවෙනි මාර්ගය අනුගමනය කරලා තමන්ගෙ හිතුමතෙට කලලය දරගෙන ඉන්න එක ආසියාතික රටක ලේසි දෙයක් නෙමේ... කොයි තරම් දරගෙන ඉන්න ඔනි උනත් දෙමපියන්, නෑදෑයන් සහ යාලුවන් කියන විදියට කලලය ඉවත් කරන්නම සිද්ද වෙනවා... නැත්නම් ජීවත් වෙනකන් නින්දා අපහාස, ඇනුම් බැනුම් කෙලවරක් නෑ ...

සමහර වෙලාවට ආදරෙන් ඇති උනු කලලයක් දරුවෙක් උනාම ඒ දරුවව එපා වෙන්න පුලුවන් ... ඒ වගේම ආදරයක් නැතුව අහම්බෙන් ඇති උනු කලලය උනත් දරුවෙක් උනාම ඒ දරුවට ආදරයක් ඇති වෙන්නත් පුලුවන් ... ආදරයෙන් ඇති උනු සමහර විවාහ බිද වැටෙන්නෙත් ... අහම්බෙන් ආදරයක් නැතුව ඇති උනු සමහර විවාහ සාර්තක වෙන්නෙත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ ...

සමහර වෙලාවට එක දරුවෙක් ඉදිද්දි වෙන කෙනෙක්ගෙන් තවත් කලලයක් ඇති වෙන්න පුලුවන් ..හරියට අනියම් සම්බන්ධ වගේ ;) එතකොට ඒ දෙවෙනි කලලය විනාස කරන්න හරි නැත්නම් ඒකෙනුත් දරුවෙක් හදාගන්න හරි පුලුවන් ... හැබැයි ආසියාතික රටවල් වල දෙවෙනි මාර්ගය අනුගමන කරන එක සදාචාර විරොධියි :)

මොනවා කොහොම උනත් ... කලලක් කෘතිමව ඇති කරන්න තාමත් විද්යාව සමත් වෙලා නෑ... කලලයක ඇති වීම පුදුම රහස් ගොඩක් කැටි කරගත්තු අපූරු ස්වභාවික සන්සිද්ධියක් ... කලලයක් කෙනෙක්ට ඔනි වෙලාවට ඇති කරගන්න බෑ වගේම එපා උනාම හිතු මනාපෙට නැතිකරගන්නත් බෑ ...

ඉතින් මට කියන්න .... ආදරයත් කලළයක් වගේ නෙමේද ?????

විකාරයක් වෙන්න ඇති .. ඒත් මට හිතුනා .. ඉතින් මම ලිවුවා ... :)


2 comments:

  1. "ඉතින් මට කියන්න .... ආදරයත් කලළයක් වගේ නෙමේද ?????"

    නැහැ. මම එකඟ නෑ. කළලයක් ඇතිවෙන්න දෙන්නෙක් ඕන වුනාට, ආදරයක් ඇති වෙන්න දෙන්නෙක් ඕන නෑ. එක්කෙනක් හිටියම ඇති.

    හරි, දැං ඔබ කියයි, ආදරයක් ඇති වෙන්නත් දෙන්නෙක් ඕන කියලා. එහෙම නැති වුනොත් කා හටද ආදරය කරන්නේ කියලා. එතෙන්දි ඔබ හරි වගේ.

    නමුත්, කළලයක් ඇති වෙන්නෙ දෙදෙනෙකුගේ දායකත්වය ඕන. ආදරයක් ඇති වෙන්න දෙදෙනෙකුගේ දායකත්වය ඕන නෑ. එක්කෙනෙක් හොඳටම ඇති.

    හැබැයි තව එකක්, දෙදෙනෙකුගේ දායකත්වයෙන් ඇති වෙන කළලයට ජීවයක් තියෙනවා. හැබැයි එක්කෙනෙකුගේ දායකත්වයෙන් විතරක් ඇති වෙන ආදරයට ජීවයක් නෑ. ජීවයක් තියෙන්න නං දෙදෙනෙකුගේ දායකත්වය ආදරයට තියෙන්න ඕන. ආන්න එතෙන්දී
    "ආදරයය = කළලය"
    කියන දෙපස සමබර නමුත් context undefinable ෆෝම්‍යුලා එක ගොඩ නැගිය හැකියි. ඒ කියන්නේ අවසානයේදී ඔබ හරි :-)

    ReplyDelete
  2. කළලය ඇති වෙන්න දෙන්නෙක්ගේ දායකත්වය ඕනි කියන තැන ඉදගෙන නෙමෙයි මම ආදරය කළලයක් වගේ කියන නිගමනයට ආවේ. මම කියල තියෙනවා වගේ අපි අපිටම ආදරය කරගන්නේ නෑනේ. අනිවාර්යයෙන්ම ආදරය කරන්නා සහ ආදරය ලබන්නා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා දායකත්වයක් නැති උනත් ආදරයට දෙන්නෙක් අදාලයි ... :)

    ReplyDelete