බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, May 20, 2011

මාතෘකාවක් නැති කතාවක් ... !!

අද ලියන්නේ ගොඩක් දෙනා මූසලයි කියලා බනින්න ඉඩ තියෙන post එකක් :) "මරණය" මූසල මාතෘකාවක් බොහොමයක් අයට.ඒත් මට එහෙම නෑ. බොරැල්ල කනත්ත මම පුදුම විදියට ආදරය කරන තැනක්. හරිම නිස්කලංක ගුප්ත තැනක්. මම කැමති ඒ වටපිටාවට. මෙහෙමයි, මමත් අකමැති මගේ ආදරණීයයන්ගේ අවසානය දකින්න.නමුත් මම කැමති මැරෙන්න.මැරිලා බලන්න මරණය කොයි වගේද කියලා :D මට හිතෙනවා මරණය කියන්නේ හරිම ශාන්ත හැගීමක් වෙන්න ඇති කියලා.දුවල දුවල මහන්සි උනු ජීවිතයට නවාතැන්පළක් වගේ ... !!

අද ලියන්නෙත් මම ආදරය කරන ගීතයක් ගැන.ආදර ගීත දස දහස් ගනනක් මේ ලෝකයේ බිහි වෙලා ඇති.ඕනම ආදරවන්තයෙක්, ආදරවන්තියක් කැමති තමන්ගේ කෙනා තමන් වෙනුවෙන් එහෙම ගීයක් ගායනා කරනවා නම් .. අලුත් විදියට නම් Face Book වල post කරනවා නම් .. නැත්නම් Radio හරි Tv හරි channel එකකට කතාකරලා එහෙව් ප්‍රේම ගීතයක් තමන් වෙනුවෙන් dedicate කරනවා නම් :) ඒකනේ සමහරු FB එක පිරෙන්න සින්දු පේලි පේලි post කරන්නේ ;) කොහොම හරි.... ඉතින් මෙන්න මේකයි මගේ ආදර ගීතය ... මේකයි මට මම වෙනුවෙන්, කවද හරි මගේ කියලා කෙනෙක් හිටියොත්, ගායනා කරන්න ඕනි ගීතය ..




 

බලාපොරොත්තු උනු මාදිලියේ ගීතයක් නෙමෙයි නේද? මම දන්නවා .. මේ ගීතය වෙනස් .. නමුත් මට මේ ගීතය දැනෙනවා .. ඉතිං මේ මගේ ගීතය. ඇයි එහෙම උනේ .. ? මුලින්ම, මම කැමති නෑ මගේ ආදරය නැතුව එක දවසක්වත් ජීවත් වෙන්න.ඒ කිව්වේ මේ එයා මැරුනොත් මම සියදිවි හානි කරගන්නවා කියන එක නෙමෙයි..මම කැමති නෑ ආදරය නැතුව එක දවසක්වත් වැඩිපුර ඉන්න.. ඒක කැමැත්ත ගැන ප්‍රශ්නයක් ... මට හැමදාමත් ඕනිකරන්නේ ඒ කෙනාට දවස හරි කලින් ජීවිතයෙන් සමුගන්න.ආත්මාර්ථකාමි සිතුවිල්ලක් ..ඒත් ආදරය යම්තාක් දුරකට ආත්මාර්ථකාමි චිත්තවේගයක් තමයි ..ඒ ආත්මාර්ථකාමය නිසා .. තනිකම, දුක විදින්න තියෙන බය සහ අකමැත්ත නිසා ... මට අවසන් ගමන කලින් යන්න ඕනි.ඉතින් මමයි දෑත ලයේ බැද අවසන් ගමන යන්නේ ... ඒක මට සතුටක් ... !!

"මේ ගීතයේ කොහෙද ආදරයක් තියෙනේ ..මෙක මහ මූසල ගීතයක්" කියලා හිතන අය, එන්න මගෙත් එක්ක කතාවක් මවන්න... ඇස් වහගන්න.මවාගන්න මරණ ගෙදරක්.පෝස්ටර්,බැනර්,ශෝක ප්‍රකාශ,වාහන,සෙනඟ එක පෝලිමට මැවෙනවා නේද? දැන් බලන්න සෙනඟ දිහා..එක එක්කෙන දිහා උවමනාවෙන් බලන්න ..ගොඩක් දෙනා ලෝක සම්මතේට මිනිය බලන්න ආපු අය.නාවොත් ගෙදර අය තරහවෙයි කියන බයට එක දාන්න ආපු අය.වැරැද්දක් කියන්න බෑ ඒ අයට.මැරුනු කුනක මොනවා බලන්නද ... කොහොමහරි ... දැන් අපි යනවා ගේ ඇතුලට .. මිනිස්සු ගොඩ මැද මල් ගොන්නකින් සරසපු මිනිය... හැමෝම කළබලෙන් එහෙ මෙහේ දුවන අස්සේ එකම එක කෙනෙක් ලෝකය ගැන වගේ වගක් නැතුව එක දිගට මේ කුණ දිහාව බලාගෙන ඉන්නවා. වටපිටාවේ වෙන සද්ද,කලබල මොකවත් මේ කෙනාගේ ඉන්ද්‍රියන්ට ගෝචර නෑ.මේ කෙනාට නිනව්වක් නෑ ඇයි තමන් ආදරය කරන කෙනා වෙනදා වගේ හිනා වෙලා කතා නොකරන්නේ කියලා... මේ කෙනාට තේරෙන්නේ නෑ ඇයි තමන්ගේ ආදරේ ඇස් පියාගෙන, අත් පපුවේ බැදගෙන ඔහේ ඉන්නේ කියලා ..මේ කෙනා ඔහේ බලාන ඉන්නවා .. තමන්ගේ ආදරේ පෙට්ටියෙන් නැගිටලා ඇවිදින් කථා කරනකන් ...වෙනදා වගේම හුරතලේට හිනා වෙලා .."මට නින්ද ගිහින් හිටියේ, ඔයා තරහද?" කියලා අහනකන් ...

හරි ..දැන් අපි ආව නියම තැනට ..දැන් අහන්න ගීතය..ඇස් වහගෙනම.. අර බලාගෙන ඉන්න ආදරණීය ආත්මේ ඇතුලට රිංගල ඇහුම්කන් දෙන්න ..පේනවද ආදරය? දැනෙනවද ආදරය ? 

මට ඕනි එහෙව් ආදරයක් .... !!

කවුරු බලාන හිටියත් පෙට්ටියේ දාල තියෙන මළකුණේ නලලතට හාද්දක් දෙන්න හිතන .. පෙට්ටිය වහන්න කලින් හලන සුවද පැන් වලට වඩා මලකුණේ සුපුරුදු ජීවන සුවදට ආදරය කරන ... ලෙංගතු ආත්මයක් තමයි මම මේ මුලු ලෝකෙම පීර පීර හොයන්නේ ... පණ ඇති සිරුරකින් ලැබෙන සතුට නොලැබුනත්, ෆෝමලින් සැර ඉහ මොළ හාරගෙන ඇදුනත් .. මට ඕනි මගේ කෙනා "මටත් මගේ හිතටත් ඔබ සුවදයි" කියන්න..ඒකයි මේ ගීය මගේ ආදර ගීතය උනේ ... !! මේ ගීයේ මළකුණ .. මගේ හුස්ම වැටෙන ජීවිතයට වඩා වාසනාවන්තයි .... !! ඇත්තටම මට ඉරිසියයි ඒ මලකුණ ගැන ...

මට ඕනි මගෙන් ප්‍රයෝජන නොගන්න ... මාව භාන්ඩයක් ගානට පාවිච්චි නොකරන ... කවද හරි මගෙන් පලක් නැතුව පොලවට පස් වෙන්න යන දවසටත් ලෝබ නැතුව, කැත නැතුව, ආදර හාද්දකින් මගේ නලල සරසන කෙනෙක් ...මට ඕනි මැරුනට පස්සෙත් මගේ සොහොන්කොතේ දුක්ගීයක් ලියන ආදරයක ආඩම්බර අයිතිකාරිය වෙන්න ... මට ඕන මේ ලෝකේ කවුරු හරි මම මැරුණත් මට හැමදාම ආදරය කරන්න ....මගේ පංචස්කන්දයට, එහෙමත් නැත්නම් මගෙන් ගන්න පුලුවන් ප්‍රයොජන නිසා නැතුව .. ඇත්තටම මගේ මතකයට ආදරය කරන්න ... !! බොළදයි, වැරදියි, තාත්වික නෑ,ප්‍රායෝගික නෑ,ආත්මාර්ථකාමියි,කවදාවත් වෙන දෙයකුත් නෙමෙයි.... ඒත් ඒ මගේ ආසාව ... !! 



7 comments:

  1. වාසෙ, අහම්බෙන් දැක්කෙ ඔයාගෙ මේ ලස්සන අසපුව. බාඳුරා මලේ තියෙන විසකුරු බව ඔයා අසපුවක් කරගෙන. කොයි තරම් සුන්දරද. මුල ඉඳන් ඔක්කොම ලිපි කියවගෙන ආවා. ලස්සනම ලිපිය අර ගුරු ගීතය ගැන ලියලා තිබ්බ එක. ඔයාගෙ ලියමන් හරි ලස්සනයි යාළුවේ. මම කලිනුත් කිව්වා මතකද ඔයාට බ්ලොග් එකක් පටන්ගන්න කියලා. දිගටම ලියන්න. ඔයාට ජය පතන මම...
    කාලයක් ඔයා 8-E පන්තියේ පොඩි එවුන් ගැන බලන්න උදේ හවස ගාටද්දී ඊට එහා පැත්තේ පන්තියට ගාටපු ඒ පිස්සු යාළුවා මතකද? :D :D :D

    ReplyDelete
  2. මතකයි යාලු .. :) මගේ පන්තියේ ළමයි යටිගිරියෙන් කෑගහනකොට දුවගෙන ඇවිදින් Shut up කියපු මුදිතා ව කොහොම අමතක වෙන්නද ... ;) අලුත් ජීවිතය හොදින් ගෙවෙනවා ඇති කියල හිතනවා..අමතක නෑ කිසිම දෙයක් ... !! ගොඩක් ස්තූතියි අදහස් වලට. ඔව් ඔයයි චානුයි තමයි මට blog එකක අදහස මුලින්ම ඔලුවට දැම්මේ ... මම ලියනවා... හිතේ තියන් ඉන්න බැරි තරම් දේවල් එකතු උනාම ඒවා සයිබර් අවකාශයට අතාරිනවා .. :) ඔයාලගේ අදහස් මට ලොකු ධෛර්යයක් ...

    සතුටින් ඉන්න පැංචෝ ... බුදු සරණයි !!

    ReplyDelete
  3. wanana oyage badura asapuwa gene mata kiwwe kal.harima lassanai.mage asama sinduwak meka.adath dawasa purama thaniyama me sinduwa kiya kiya rasa winda.dan balanakota oya eka genapa ada post eka dala...thank u...dan mawa mathakada oyata..6 E panthiye oya wagema thawa lamayek hitiya..nis..

    ReplyDelete
  4. ආදර නිසලා ... !!
    මතකයි යාලු :) කොහොම අමතක වෙන්නද .. ඔයාල මේ හෑලි කියවලා සතුටු වෙනව නම් එච්චරයි .. මට සතුටුයි :)

    ReplyDelete
  5. mama aasa ne merena kathaa walata... jeewath wena kaale jeewath wena eka gena hithanna... =)

    ReplyDelete
  6. මම ඇයට පෙම් කලෙමි....
    එ පෙම ආත්මය දවා
    තවම නොනිවී රිදවයි.
    නමුදු,
    මේ පෙමින් ඇය මුදමි
    තවත් ඇය වෙහෙස නොකරමි .
    මා ඇයට පෙම් කලේ,
    ආදරයෙන් ගොලුව, බලාපොරොත්තු විරහිතව
    ලජ්ජාවෙන් පසුබටව, ඊර්ෂ්යාහවෙන් පරවශව,
    එතරම් අවංකව...
    එතරම් දයාබරව.
    වෙනකෙකු පෙම්වතිය වේවා !
    එයට දෙව් සිත් සදාවා ..!
    - - ඇලෙක්සැන්දර් පුෂ්කින්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි කොමෙන්ටුවට. මම වචන බර ගානකින් කියන්න උත්සාහ කල දේ මේ පොඩි කතාවේ තියෙනවා !!

      Delete