බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, May 1, 2011

වැස්ස, පොල් ගස සහ ගුරු ගීතය .. !!


නින්ද යන්නේ නැති තවත් එක රැයක්. අනෝරා වැස්සකුත් ඇදගෙන වැටෙනවා. වැස්ස බලන්න බැරි උනා කාලෙකින්. අද නම් බලන්නම ඕනි. ඒ නිසා කාමරේ ජනෙල් ටික ඔක්කොම ඇරියා (අම්මා ඇහැරුනොත් මාව ටින් කරලා රට පටවයි ජනෙල් ටික තෙමුවා කියලා. තාත්තා ඇහැරුනොත් රාත්‍රි කාලයේ ජනෙල් ඇරීම නිසා ගැහැනු ලමුන්ගේ ආරක්ෂාවට වෙන තර්ජන ගැන බණ දේශනාවක් අහන්න පුලුවන් :) ) කොහොමින් කොහොමින් හරි ජනෙල් ටික ඇරලා බහුබූත මූඩ් එකෙන් ඇදට උනා කියමුකෝ.ජනේලේ ලගම පොල් ගහක් හුලගට එහෙට මෙහෙට වැනෙනවා. හරි ලස්සන සද්දයක් එන්නේ පොල් අතු වලින්. එක අතකට පොල් ගහක් හුලගට වැනෙන සද්දෙත් මාරම රොමැන්ටික් ;)

ඇයි මන්දා වැස්සෙ නටන පොල් ගහ දැක්කම මට එක පාරටම ගුරු ගීතයේ අයිලයේ කන්ද උඩ තියෙන පොප්ලර් ගස් දෙක මතක් උනා (හරි හරි .. පොල් ගහයි පොප්ලර් ගහයි එක වගේ නෙමෙයි. ඒත් වහින වෙලාවට කාගෙත් චේන් පනිනවනේ. අනික මේ මහ රෑ). ඇත්තටම අද කතාව ගුරු ගීතය ගැන. ඒත් එක පාරට ගුරු ගීතය ගැන කියන්න බෑනේ ඒක මතක් උනේ ඇයි කියන නිධාන කතාව නැතුව :)

"සටන් වලින් පිරි අසීරු ජීවිතයත්, විවිධ ඉරනම් වලට කැපවුනු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත්, තෙලි තුඩින් සහ සායම් වලින් පිලිබිබු කල හැකි දැයි මම නොදනිමි. සියල්ල කැටි කර දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද... මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියා පෑමට පමනක් නොවේ...ඔබ මා සමග එක් වී නිර්මාණ කලාවේ කොටස්කරුවෙක් විය යුතුය.... " පොතේ අන්තිම පිටුවේ එන අල්තීනායි සුලෙයිමානාවා පඩිවරියගේ ඉල්ලීම... අවසන් නොකල සිත්තමක්, ඇගේ අප්‍රකාශිත ආදරය වගේම අවසානයක් නැති නිර්මානයක් .. ඕනෑම මොහොතක ඕනෑම අතකට පෙරලිය හැකි අසම්පූර්ණ කලා කෘතියක් ... අපි හැමෝගෙම ජීවිත වගේම පෙරවදනක් අවසානයක් නැති පාට ගොඩක එකතුවක්...

ලයිලා මජ්නු, රෝමියෝ ජුලියට්, මෙකී නොකී දහසක් ආදර කථා අතරේ අල්තීනායි දුයිෂෙන් හැන්ගිලා ගිහින්. ඒත් තේරුම් ගන්න බැරි අපූරු හැඩතල ගොන්නක් පුන්චි කථාවේ හැන්ගිලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් ජීවිතය පූජා කරනවට වඩා වැඩි ධෛර්යයක් වෙනුවෙන් ජීවත් වෙන්න අවශ්යයි." ආයුබෝවන් අල්තීනායි, ආයුබෝවන් රත්තරන් කෙල්ලේ" කියන දුයිෂෙන්ගේ අන්තිම සමුගැනීමේ තියෙන ගැඹුර සහ ආදරය මේ ලෝකෙ වෙන කිසිම ප්රේම කතාවක නෑ, මට හිතෙන විදියට...

" අල්-තීනා-යී ! ඔහු කෑගැසුවේ හරියට අමතක වූ වැදගත් යමක් කියන්නට සූදානම් වූ නමුදු එසේ කීමට වෙලාවක් නැතිව ගියාක් මෙනි. මගේ හදවතේ පතුල දක්වා සහ අධ්යාත්මයෙහි ගැඹුර දක්වා විනිවිද ගිය ඔහුගේ හඩ තාමත් සුරැකිව පවතී." මොන හේතුවක් නිසාද මන්දා මේ ඡේදය කියවද්දි මට මහ මූසල පරණ කෝච්චියකුයි.. පාලුවට ගිය දුම් රිය පොලකුයි ... මැද හිටගෙන ඉන්න මනුස්සයෙකුයි ... කෝච්චියෙන් එලියට ඔලුව දාගෙන ඉන්න ගෑනු ලමයෙකුයි ඉන්න කලු අලු පින්තූරයක් මැවිලා පේනවා. මමත් පැත්තක හිටගෙන එයාලා දිහාව බලාගෙන ඉන්නවා. ඒත් එයාලට මාව පේන්නේ නෑ.මට ඕනි ගෑනු ලමයට කියන්න ගුරුතුමා එයාට ආදරෙයි කියලා... ගුරුතුමාට කියන්න එයාගේ පුන්චි කෙල්ලත් පණටත් වඩා ආදරෙයි කියලා.. ඒත් දෙන්නා වගේම මමත් ගොලුයි... පාලු මූසල කම මැද ඔහේ හිටන් ඉන්න පිලිමයක් විතරයි මමත් ... "ගුරුවරයාට සහ මගේ පලමුවැනි පාසල ආයුබෝවන්. ලමා කාලයත සහ එලිපිට නොකී ආදරයට ආයුබෝවන්" අල්තිනායිගේ සමු ගැනීම.

ආදරය වෙනුවෙන් මිය යනවාට වඩා ආදරය නොලැබී වෙනුවෙන් ජීවත් වීම අසීරුයි. අල්තිනායි දුයිෂෙන් අසීරු දේ ජයගත්ත සුන්දර මිනිසුන් දෙදෙනෙක්. මම චරිත දෙකට මේ තරම් ආදරය කරන්නේ නිසයි. වැස්සට සුලගට නොබියම මූණ දුන්නු පොප්ලර් ගස් දෙක, ඇත්තටම අල්තිනායි සහ දුයිෂෙන්ගේ ආත්ම දෙක නේද කියලයි මට හැමදාමත් හිතුනේ ...

"ශීත කාලය පැමිනේවි, තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත නපුරු සුලි සුලන් හමාවි. ඒත් වසන්තය එනවා සත්තයි." වසන්තය ඇත්තටම ආවත් නාවත්, හිම කැට සුලි සුලන් අතරින් වසන්තය ඒවි කියන සුන්දර බලපොරොත්තුව ජීවිතයට පාර කියාවි... හැමදාමත් .... !!



5 comments:

  1. this made me cry..so close to my heart..love this so much..

    ReplyDelete
  2. Subha pathum,Liyanna digatama... Mama kiyawanawa :)

    ReplyDelete
  3. Thank you Kalhari :) If there is at least one person who LIKE ma writing, That means a world to me !!
    Thank you M !!

    ReplyDelete
  4. අනේ මේ blog1 ලිපි ඔක්කෝම මම දැක්කේ ගොඩක් පරක්කු වෙලා කියලා හිතෙනකොට ගොඩක් දුක හිතෙනවා වාස්.... ඉස්කෝලේ 12 classesවල විද්‍යාගා‍රෙට වෙලත් සින්දු කියපු හැටි,නටපු හැටි, මතක් වෙනකොට..(රුවල් ඉරී ගිය නෞකාවේ සින්දුවට ආස කරපු හැටි).ඒ කාලෙ වගේම ඔයාගේ පුංචි පුංචි නිසදැස් බලලා සතුටු වුණු මට මේක මහමෙරක් වගේ දැණුනා... ගොඩක් ලස්සනයි!!! දිගටම ලියන්න...අපිත් කියවලා ඔයාට ශක්තියන් වෙන්නම්....

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි යාලු .. එක්කෙනෙක් දෙන්නෙක් හරි මගේ ලියවිලි කියවලා සතුටු වෙනවා නම් එච්චරයි ... :)

    ReplyDelete