බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, August 12, 2014

ඔබ .. ඇය .. සහ මම ..


ඔබ ...

මට බෑ මේ කරදරේ තවත් විඳින්න.
මුලු සතියක් එක දිගට වැඩ කරලා සෙනසුරාදා හාෆ් ඩේ එකත් කරලා අද පොඩ්ඩක් නිදා ගන්න හිතුවා විතරයි.
මම ඔයා ගැන පොඩ්ඩක්වත් හොයලා බලන්නෙ නෑ වගේනෙ කතාව.
ඇහුවනේ මම ඔයාගෙන් තේ එකක් හදලා ඕනද කියලා.
ඔයාමනේ කිව්වේ හදිස්සි නෑ තව ටිකක් නිදා ගන්න කියලා.
මොකද්ද මේකෙ තේරුම.
මට ඇති වෙලා දැං.
දවසක් දෙකක් කියලද.
ඊයේ ඔයාටමයි පීසා ඕන උනේ.
මං කිව්වනේ මීටිං එක නිසා රෑ උනත්, මම ඇවිත් උයන්නම් කියලා.
ඔයාමයි පීසා කමු කිව්වේ.
අහගත්තු හරිය ඇති මට.
වැරදිලා හරි මොකක් හරි අසනීපයක් හැදුනොත් යස අපූරුවට කියාවි මං කඩ කෑම කවලා ඔයාව ලෙඩ කලයි කියලා.
යන්නේ කොහෙද එන්නෙ කොහෙද ඔක්කොම කියන්න ඕන.
ගිය සතියේ ඔයා ගාල්ලේ ගිය වෙලාවේ මට දීපු වදේ ඇති මට.
ඔයා කිව්වනේ මීටිං එකකට යන්නේ සැරින් සැරේ කෝල් කරන්න එපා කියලා.
ඒකනේ මම ගාල්ලට ගියා කිව්වම එතනින් එහාට වද දුන්නේ නැත්තේ.
ඒත් කතාව හරියට මං ඔයා ගැන හොයන්නේ බලන්නේ නැතුව ඔයා මග මැරුනත් ගානක් නැතුව ඉන්න ගානට හිටියා වගේ.
මම මගේ ගෙදර කීමටත් පිටින්, ඒ හැමදේම අත් ඇරලා ඔයත් එක්ක ආවේ ඔයාට ආදරේ නිසා.
ඔයා ගැන හොයන්නේ බලන්නේ නැතුව මම අල්ලපු ගෙදර මනුස්සය ගැන හොයල බලන්නද.
මොකද්ද මේකෙ කෙළවර.


ඇ‍ය ...

කොල්ලා ඇඳෙන් නැගිටින්නේ තේ එක බලාගෙන.
තේ එක නැත්නම් ඇඳේ ඉඳන් බෙරිහන් දෙනවා ගෙනත් දෙනකන්.
උණුවෙන්මයි ඕන, චුට්ටක් නිව්නොත් බොන්නෙ නෑ.

කොච්චර දවස් තිබ්බද මට නැගිටගන්න බැරි තරම් අසනීප තිබ්බ, ඒත් මං තේ එක වැරැද්දුවේ නෑ එක දවසක්.
කඩෙං කෑවොත් කොල්ලට බඩේ අමාරුවක්.
කොච්චර බැරි අමාරුකම් තිබ්බත් ඉස්කෝලෙ යන කාලේ ඉඳන් වැඩට යන්න පටන් ගත්තට පස්සෙත් බත් ටික හදලා දුන්නේ ඒකයි.
මහන්සි, අසනීපයි කියලා එක දවසක් කඩෙන් කන්න දෙන්න හිතුනේ නෑ මට.
කොල්ලට සෙනසුරු අපල, රාහු මහ දශාව.
යාන වාහන වලින් පුදුම විදියට අපලයි.
නූලක් දාන්න කොච්චර මහන්සි උනත් කෝ ඒකට කිසි උනන්දුවක් තිබ්බේ නෑනෙ.
වාහනේ අරන් පාරට බැස්සම මගේ පපුව හීතල වෙලා ඉන්නේ යහතින් ගෙට ගොඩ වෙනකන්.
කොයි මොහොතේ කොතන අනතුරක් වෙයිද කව්ද දන්නේ.
ඔය දරුවව හදා ගන්න, උස් මහත් කරන්න වින්ද දුක මම විතරයි දන්නේ.
කවුරුත් කවදාවත් තේරුම් ගන්න එකක් නෑ මගේ ජීවිතෙත් හරි දරුවත් හරි කියලා.


මම ...




වරදක් කලත් සිතකින් නොවේ.. 

රිදවන්නේ පළිගන්නේ ඇයි .. 

ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්..  

මට මාගේ ඇස්දෙක වගේ..



10 comments:

  1. කවුරුත් කවදාවත් කාවවත්ව හරියටම තේරුම් ගන්නේ නැ...බොහොම යන්තමට තමා තේරුම් ගන්නේ. දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්ම තමා. ඒත් තේරුම් ගැනිමේ පරතරය අඩු කරගන්න හැකියි වෙහෙස වුණොත් ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, හැම පාර්ෂවයක්ම තමන්ගේ කතාව හරියි කියාගෙන ඉන්නා මිස තේරුම් ගන්න පොඩි වෙලාවක් කැප නොකරන එකයි අවුල.
      ස්තූතියි නලීන් :)

      Delete
  2. මේවා ගැනනම් ඉතින් මොනා කියන්නද??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, පුරුස පාර්ෂවේ තමයි ඉතින් කරදරේ වැටෙන්නේ බොහොමයක් වෙලාවට. ස්තූතියි ඇවිත් ගියාට :)

      Delete
  3. හිතුවේ වෙන කතාවක් කියලා. බලන කොට මේ තුන්දෙනා...:)

    ReplyDelete
    Replies
    1. ඔවුනේ, හැමදාම පැටලෙන තුන්දෙනා තමයි ;)
      ස්තූතියි ඇවිදින් ගියාට :)

      Delete
  4. දැනෙන දේ කෙලින් කියන්න බැරි හැටි... ඒකනේ හැම එකටම මුල...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. බඩේ බොක්කේ තියාගෙන ඉන්නෙ නැතුව හැමෝම එක තැනකට එකතු වෙලා හිතේ තියෙන කහල එළියට දානවා නම් ප්‍රශ්න ගොඩක් විසඳගන්න පුලුවන්.
      ස්තුතියි කොමෙන්ටුවට :)

      Delete
  5. මේ සිදුවීම ඉතින් හැමදාම වෙනදෙනේ.ජාති බේදයකින් තොරව එදත් සිදුවුනා,අදත් සිදුවෙනවා,සුපුරුදු පරිදි හෙටත් සිදුවේවි.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ, එකිනෙකා හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නෙ.
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete