බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Wednesday, June 15, 2011

අපි අපි වෙමුද ?

මෙන්න මම ආයෙමත් .. අද උදේ රැකියාවට ගියෙත් නෑ.. අද කථාවක් ලියන්නම ඕනි කියල හිතුනා ... මට චුට්ටක් සනීපත් නෑලු ඉතින් .. අසනීපේ ගැන කථාව වෙන දවසක කියන්නම්කෝ .. නැත්තම් සමහරු කෑ ගහවි මම අසනීප ගැන කියල අනුකම්පාව හොයනවා කියලා .. මම හචිමක් යැව්වත් සමහරුන්ට ඒක පේන්නේ අනුකම්පා trick එකක් විදියට ;)

හරි ..අද කතාවත් ආදරය ගැන නෙමෙයි ..ආදරය එහෙන් මෙහෙන් ගෑවිලා තිබුනත් මුලු කථාවම ආදරය ගැන නෙමෙයි ... අද කථාව පටන් ගන්නේ බොරැල්ලේ ඇක්වයිනාස්  එක ලගින් ... ඇක්වයිනාස් කියලා ඉංග්‍රිසියෙන් ලියන්න දන්නේ නෑලු මම ඉතින් .. :D කොහොම හරි .. මම පොදු ප්‍රවාහන සේවයේ නැගලා ඕප දූප බල බල යන එක දවසක් දා තමයි මේ කථාවට මූල බීජය දැක්කේ ... ඇක්වයිනාස් එක ලඟ සාමාන්‍යයෙන් බස් එක විනාඩි 15ක් විතර නවත්තලා තියෙනවා හැමදාම ... ඉතිං මට මාරම ජොලි .. ඇයි දෙයියනේ දැන් මේ පවුල් බරට කරගහපු ගොන් නෑම්බියෙක් වගේ බත් එකක් බැඳගෙන කන්තෝරු ගියාට මටත් තිබුනනේ සෙරෙප්පු දෙකට හරියන්න බෑග් එක එල්ලෙගෙන tuition ගිය, campus  ගිය සමනල කාලයක් ... 

***** Tuition කථා සහ Campus කථා ලඟදිම බලාපොරොත්තු වෙන්න ... හැබැයි සියලු නම් ගම් මනඃකල්පිතයි ඔන්න .. කොටින්ම මමත් මනඃකල්පිතයි ;) *****

හරි දැන් මේ කොහේද මම හිටියේ ... හරි හරි ..දැන් ඔන්න බස් එක ඇක්වයිනාස් එක ලගට ආවා..මමත් වැටිලා හිටිය කුකුලු නින්දෙන් ඇහැරලා දනි පනි ගාල සීට් එකේ කෙලින් වෙලා ඉදගෙන මල් හිනාවකුත් මූනට දාගෙන බස් එකෙ දඩ බඩ ගාල හෙල්ලෙන වීදුරුවෙන් ඔලු ගෙඩිය ලාවට එලියට දාගෙන හිටියා ...හරියට මම මේ සීමැදුරු කවුලුවෙන් උයන්සිරි නරඹන උන්මාදචිත්‍රා වගේ කියලා පොඩි ෆැන්ටසියකුත් මවාගෙන ... :) එතන තාප්පේ ලඟ කොලු ගැටව් පස් දෙනෙක් විතර හිටියා, ඒ පස් දෙනා විතරක් නෙමෙයි ..තව මහ ගොඩක් අය හිටියා ..නමුත් මම එදා දවසේ බලගෙන ඉන්න තීරනය කලේ ඒ පස් දෙනා දිහා ... මම එහෙමයි ..දවසින් දවස අධ්‍යනය කරන්න එක එක විදියේ අයව තෝරගන්නවා ... කොහොම හරි ඉතින් මේ කොලුවො පස් දෙනා ගැන කියන්නම්කෝ ... මෙතනින් තුන් දෙනෙක් posh.ඒ කිව්වේ දැන් අලුත්ම trend එකේ විදියට කොටු කොටු ත්‍රික්වාට කලිසම් ඇදලා, ඒකට හරියන්න තදපාට බෙල්ට් දාලා ..අර හැමෝම දාන පාට පාට කැන්වස් සපත්තු දාලා ... වොට් 40 000ක් වැදිලා වගේ කෙස් ගස් ටික ඔක්කොම කූරු කූරු හදලා ... බිග් බෙන් අතේ බැදගෙන ..අන්න එහෙම posh.

අවුලක් නෑ.. ලස්සනයි .. ඒ මගේ choice එක නොව්නට පිස්සු වයසට ඒ විලාසිතා ලස්සනයි ... කොහොම හරි කතාව ඒ තුන් දෙනා ගැන නෙමෙයි. කතාව එතන හිටි අනිත් දෙන්නා ගැන ... මේ කොලුවෝ පස් දෙනා එක click එකක්.. ගෑනු ලමයින්ටත් වඩා පුරුෂ පාර්ශවය මේ click සංස්කෘතිය ගැන දන්නවා ඇතිනේ ... අපේ set එක, අපේ කොල්ලො ටික, අපිට ගේම දෙන්න ආවනේ අරූගෙ click එක .... මෙහෙමනේ කියන්නේ .. නේද? ;) කිව්වා වගේ කලින් තුන් දෙනා සාමන්‍ය තරමේ වත් පොහොසත්කම් ඇති පවුලක ළමයි තුන් දෙනෙක් .. එයාලගේ පාසල් උනත් මට හිතාගන්න පුලුවන්..ඒත් මම කියන්නේ නෑ ;) අනිත් දෙන්නා ... පැහැදිලිවම මධ්‍යම පන්තියට තව පොඩ්ඩක් පහල ආර්ථික තත්වයක් තියෙන දෙන්නෙක් ..ඒ වගේම ෆැෂන් වලට වඩා අධ්‍යාපනයට මුල් තැන දෙන දෙන්නෙක් ... ඒත් ... එයාලා දෙන්නට ඕනි click එකට හරියන විදියට ඉන්න ...ඉතිං මේ කොල්ලෝ දෙන්නා පුදුම උත්සාහයක් දරලා තියෙනවා එයාලගෙ යාලුවො විදියට බාහිර ස්වරූපය මවාගන්න ... ජෙල් වෙනුවට තෙල් ගාලා කොන්ඩෙ කූරු කරගන්න දරලා තියෙන උත්සාහය සහ පාට කැන්චස් සපත්තු වෙනුවට පරන උනු running shoes දෙකක් දාලා යාලුවන්ට සම වෙන්න දරලා තියෙන උත්සාහය පැහැදිලි ... ඇදුමෙන් පැලදුමෙන් විතරක් නෙමෙයි ..හැසිරීමෙන් පවා යාලුවො තුන්දෙනාව එකකට එකක් අනුකරනය කරන්නයි මේ දෙන්නගේ උත්සාහ‍ය .. යාලුවො තුන් දෙනා හයියෙන් හිනා උනොත් මේ දෙන්නත් හිනා වෙනවා ... යාලුවො තුන් දෙනා ගෑනුලමයෙක්ට විසිල් ගැහුවම මේ දෙන්නත් ලාවට විසිල් ගහනවා ... මම මේ පස් දෙනා දිහා ගොඩක් වෙලා බලගෙන හිටියා ... හිතින් හිතුවා පස් දෙනාගෙන් කව්ද වැඩියෙන්ම ලස්සන කියලා ... මට ලස්සන එතන වැඩියෙන්ම ගමරාල වගේ හිටපු කොල්ලා ... හැබැයි එයාව ඒ ඇදගෙන හිටි විසුලු ඇදුමින් මුදවලා ඩෙනිමකුයි ලාපාට shirt එකකුයි අන්දලා රබර් සෙරෙප්පු දෙකක් දාල ගන්න ඕනි..අන්න එතකොට ඕනිම කෙනෙක්ගෙ ආකර්ෂනය දිනා ගන්න පුලුවන් තරම් ලස්සන ළමයෙක් එයා.. නමුත් යාලුවන්ගේ click එකට හරියන්න වෙනස් වෙන්න ගිහින් ඒ ළමයා විනාස වෙලා.

මෙන්න මෙතනයි මගේ අද කථාවේ ආරම්භය ...

අපි අතරින් බහුතරයක් ජීවත් වෙන මුලු කාලය පුරාම උත්සාහ කරන්නේ කාගෙ හරි click එකකට ඇතුල් වෙන්න ... සමාජයෙන් අවධානය ලබා ගන්න, තනිකම මකා ගන්න, නැත්නම් සමාජයෙන් කොන් වෙන එක නවත්තගන්න කවුරු හරි අපිට දෙයියෝ වගේ පෙනෙන කෙනෙක්ගේ මිතුරු කුලකයට රිංග ගන්නයි අපි දගලන්නේ ...
එහෙමත් නැත්නම් සාම්ප්‍රදායික ගෑනු ලමයාගේ චරිතය හරි ආරිය සිංහල පිරිමි ලමයාගේ චරිතය හරි රඟපාලා සමාජයේ තැනක් ලබා ගන්නයි ගොඩක් අයගේ උත්සාහය ... මමත් එහෙම උත්සාහ කලා... මාව දරුනු විදියට සමාජයෙන් සහ තවත් කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප උනාට පස්සේ මමත් උත්සාහ කලා ඒ කෙනා ආදරය කරන අගය කරන කෙනා විදියට වෙනස් වෙලා ඒ කෙනාගෙ කුලකයට රිංගන්න ... පොඩ්ඩක් අවුවක් වැටුනු ගමන් කුඩේ ඇදලා ගන්න, බෑග් එකේ කොයි වෙලෙත් තියෙන Tissue වලින් දාඩිය තෙතමාත්තු කරන්න, eye shadow, eye liner, mascara, foundation, rose powder මෙකී නොකී සියලු තීන්ත වර්ග වලින් මූන පාට කරන්න, ඉලන්දාරි ශබ්ද කෝෂේ වචන පාවිච්චි කරන්න, ඉංග්‍රිසි සින්දු අහන්න,මමත් පුරුදු උනා... පිස්සෙක් වගේ දැගලුවා ඒ click එකට අයිති වෙන්න ... ඒත් අන්තිමේ නතර උනේ මම මටම නොතේරෙන අමුතුම ප්‍රාණියෙක් වෙලා... මම මාව අදුරන්නේ නෑ.. විකාරයි ..

හිතල බලන්න. අපි ගොඩක් දෙනා අපි නෙමෙයි නේද ..අපිට ඕනි දේ නෙමෙයි නේද අපි කරන්නේ.හැම වෙලේම සමාජයට ඕනි දේ නැත්නම් අපේ posh කුලකයට ඕනි දේ නේද අපි කරන්නේ .. මම මේ අහවලාගේ යාලුවෙක් ... ඒක නේද හැමදාමත් අපේ අනන්‍යතාවය ..හිතුවේ නැද්ද කවදාවත් තමුන් වෙන්න ...තමුන්ට ඕනි විදියට ජීවත් වෙන්න ... අනිත් අයගේ නිදහසට බාධාවක් නොවී තමුන්ගේ ජීවිතය විදින්න ... කවමදාවත් හිතිලා නැද්ද එහෙම ? මට එහෙම හිතෙනවා.. මට ඕනි මම වෙන්න.මේ සමාජ බැමි ඔක්කොම කඩාගෙන ගිහින් මම වෙන්නයි මට ඕනි ... මගේ ලඟ tissue තියෙනවා.. හැබැයි ඒ makeup එක තෙතමාත්තු කරන්න නෙමෙයි .. බත් කාලා අත පිහිදාන්න.. නැත්නම් කවි ලියන්න.. නැත්නම් කඩදාසි බෝට්ටු හදන්න. මම පොඩි අවු රැල්ලට කුඩේ ඇදල ගන්නේ නෑ.. මම ලලනා ගමනින් පාරේ යන්නේ නෑ ... මම හැන්දෙන් ගෑරුප්පුවෙන් කේක් කන්නේ නෑ ... මම හෝටලෙකට ගියාම ඒකේ එලවලු පිඟන් වල තියෙන සැරසිල්ලත් කනවා මට ඒක කන්න ඕනි කියලා හිතෙනවා නම්. හිනා යනවා නේද...ඔව් මම දන්නවා.. මට ඔය හිනාව පුරුදුයි..මට හැමෝම හිනා වෙනවා ... ඒ මම සමාජ සම්මත කුලකයෙන් පිට යන නිසා... ඒත් මම සතුටින්.. මට වැදගත් එච්චරයි ...
මට තියෙන්නේ හැකර කටක්ලු .. මම වැල්ලේ කෙල්ලෙක්ලු .. මම ඔහේ කියවනවලු ..ඔන්න ඔහොමයි මාව ප්‍රතික්ෂේප කල කෙනා මට කිව්වේ ... ඒ දවස් වල මට ඒක හරි තදට දැනුනා.. ගොඩක් දුක හිතුනා... ඉතිං මම දැගලුවා ඒ කෙනාට ඕනි කෙනා වගේ වෙන්න ... ඒත් මට බෑ.. මට මහන්සි ... මේ මම ... මට බෑ ඒ කෙනාට ඕනි කුලකෙට ඇතුලු වෙන්න ගිහින් විසුලු රූපයක් වෙන්න ... ඒ ඔක්කොටම වඩා ඒකට අයිති වීමට කරන්න ඕනි මහා සටන මට කරන්න බෑ...

මම සමාජයත ඕනි විදියටවත් වෙන කාටවත් ඕනි විදියතවත් ජීවත් වෙන්නේ නෑ..මගේ වැඩවලින් කාටවත් කරදරයක් නැත්නම් මම මගේ ජීවිතේ මට ඕනි විදියට ගෙනියනවා ... දන්නවද... මිනිස්සුන්ගේ හිනාවලට පුරුදු වෙන්න පුලුවන් නම්, තනියෙම ජීවත් වෙන්න පුරුදු වෙන්න පුලුවන් නම්, මේ ජීවිතේ පුදුම ආතල් ...  විස්වාස කරන්න ... තමන් තමන් උනාම කවදාවත් තමන් තනිවෙයි කියන බයක් එන්නෙත් නෑ.. මොකද හැමදාම හැමතැනම තමන්ට ආදරය කරන කෙනෙක් ඉන්නවා එහකොට .. මම කවදාවත් තනියෙම නෙමෙයි. බස් එකේ,පාරේ ඕනිම තැනක මම තනි නෑ :)

දවසක් අපේ කන්තෝරුවේ එක කෙනෙක් කිව්ව ... " Wasana is the only person who is like Wasana" කියලා... මට ආපු සතුටට මාව පුපුරයි කියලා හිතුනා මට ඒ වෙලාවේ ... "Wasana is a very close friend of queen Elisabeth" කිව්වටත් වඩා ජොලියක් ආව මට " Wasana is WASANA " කිව්වම. ස්වයං ආත්ම වර්නාවක් කියලා හිතයි සමහරු ..ඒත් එහෙම නෑ.. මම කලින්ම කිව්වනේ.. මට පුම්බන්න දෙයක් නෑ... සමාජය මට හිනා වෙනවා... මිනිස්සු අමුතු විදියට බලනවා.. මගේ ආදරේ මට පයින් ගහලා ගියා... ඒ හැම දේම උනේ මම; මම වෙන්න ගිය නිසා .. ඒ නිසා මේක "සාර්ථක ජීවිතයට මඟ" වත්, "මගේ දියුනුවේ රහස" වත් ගැන post එකක් නෙමෙයි ... ඒත් මම නිදහස් ... වලාකුලක් වගේ ... ඔහේ පාවෙනවා මට හිතුනු හිතුනු හැටියට ... එක දවසක් උත්සාහ කරල බලන්න තමුන් වෙන්න .. ලෝකෙට එකට එපිටින් ගිහින් තමුන් කවුද තමුන්ට ඕනි මොනවද කියලා හොයාගන්න ...

ගොඩක් දෙනාට තවම තමුන්ව හමුවෙලා නැති බව .. තමුන් තමුන්ව නොදන්නා බව එතකොට තේරේවි ... !!







11 comments:

  1. thanx Wasana,,, its really really correct....

    ReplyDelete
  2. ෙමික කියවල මට මාර සතුටක් ඇතිි වුෙන්. හෙඳන් ආපු ප්‍රාණියෙක් වෙග් හිටපු දවස් ටික ගැන නමි එපා ෙවනව.

    ReplyDelete
  3. @ Hansika :: I know :) BuT Nw I m BacK to NormaL .. well AlmosT NormaL ;)

    @ samantha :: welcome and thanx for approving ma view :)

    ReplyDelete
  4. High - five !
    Sometimes I have the same experience (even inside the office..he.....he....) But I do enjoy being "ME"
    All the very best!

    ReplyDelete
  5. I love it when u r normal.... u have a happy charms <3 it makes all the people around u happy.

    ReplyDelete
  6. thumbs up darling..i'm with you..be yourself..no matter what other people say or think of you..don't be afraid to be yourself as long as you don't make trouble to others.. :):)

    ReplyDelete
  7. ඉස්තූතියි යාලුවනේ .... :) වචන දෙක තුනක් උනාට මේ හැම අදහසක්ම මට ගොඩාරියක් වටිනවා .. :)

    ReplyDelete
  8. වාසනා හිතුවට ඔයා "වාසනා" වෙලා කියල, ඒ කියන්නේ තමන් තමන් වගේම ජිවත් වෙනවා කියල ! ඒත් හැමවෙලේම එහෙම නැ නේද ??

    ඒ කියන්නේ තවමත් හිටිගමන් posh කුලකයට අයත් දේවල් කරනවා නේද..?(ඒක ඇගෙන් එන දෙයක් සමහරුන්ට) එකේ නරකක් නැ, ඒක ඔයාට දැනෙන් නැතිව ඇති ඒත් ඒකාලේ ඉදන් අදුනන සමහර අයට තේරෙනවා . නැ නැ දැනෙනවා !හිටිගමන් පරණ වාසනත් මතුවෙනවා කියල.

    "ගොඩක් දෙනාට තවම තමුන්ව හමුවෙලා නැති බව .. තමුන් තමුන්ව නොදන්නා බව එතකොට තේරේවි ... !!"
    කතාව ඇත්ත 200% ක් ඒත් තමන්ට රිසිසේ ජිවත් උනා කියල, තමන්ට දැනෙන දේ හිතෙන දේ කලා කියල , ඒ තමන්ව හමුවීම නෙමෙයි.එක බැදීමක් නැතිවීම නිසා බැදීම් ගොඩකින් ඇත් වීමක් විතරයි !

    එහෙම නෙමේද වසනා ?තමන් ආදරය කල කෙනෙක් නැතිවීමෙන් , තමන්ට ආදරයකරන ගොඩක් නැතිකරගන්න ඒක නෙමේ , තමන් තමන්ව තේරුම් ගන්නවා කියන්නේ, තමන්ට ආදරය කරන අය වෙනුවෙන් ජිවත් වෙන ඒක....!එකයි පරමසත්‍ය නැත්නම් කවදාහරි දැනෙයි බැදීම් නැති ජීවිතය හරිම හිස්එකක් කියල .

    DG

    ReplyDelete
  9. To DG (I can't figure our who u r actually) :: මම posh කුලකයට අයිති දේවල් කරනවද ? හ්ම්ම් ... සමහරවිට ඒ මට පුරුදු වෙලා තියෙන දේවල් වෙන්න ඇති ... මම; මම වෙනවා කියන්නේ මුලු සමාජයෙන්ම ඈත් වෙනව කියන එක කියලා මම කොයිම වෙලාවකවත් කියලා නෑ. මම කිව්වේ මම, මම උනු නිසා මාව සමාජයෙන් ඈත් වෙලා කියලා විතරයි .... :)

    බැඳීම් නැති ජීවිතය හිස් එකක් තමයි.මම ඒක අත් විදිනවා දැන් කාලෙක ඉදලා.තේරුමක් නැති ඔහේ පාවෙන ජීවිතයක්. ඒත් එහෙමයි කියලා බැඳීම් ඇති කරගන්න වෙනස් වෙන්නත් මට බෑ ... !!

    ReplyDelete
  10. දන්න කෙනෙක් !
    හ්ම්ම් මමත් කිව්වේ දැනුන දේ, එකනේ මම ඉස්සෙල්ල ලියල තිබ්බේ ඒක ඇගෙන් එන දෙයක් කියල....

    තමන් තමන් බවට පත්වෙනවා කියන්නේ සමාජෙන් නෙරපෙන එකනේද ?නහය කෙලින් ඇල්ලුවත් , අත ඔලුව වටෙන් දාල ඇල්ලුවත් , අහුවෙන්නේ එකම නහය නේද? අවසානයේ වෙන්නේ සමාජයෙන් අත්වෙන ඒක....:)

    බැදීමක් කියල කියන්නේ කරන කොල්ලෙක් කෙල්ලෙක් අතර ඇතිවෙන දෙයක් විතරක් නෙමේ , දෙමව්පියන්ගෙන් දරුවන්ට , යාළුවන් අතර , ඔයවගේ විවිධ කොට්ටාශ අතර ඇතිවන දෙයක්.මම ඉස්සෙල්ල කිව්වේ අන්න ඒවගේ ඔයාගේ තියෙන බැදීම් වලින් අත්වෙන්න එපා කියල..

    නැතිව පාවෙන ජිවිතේ අලුත් බැදීම් ඇතිකරගන්න නෙමේ වසනා..
    DG

    ReplyDelete
  11. නිවැරදි කිරීමක් ..
    බැදීම්ක් කියල කියන්නේ ආදරය කරන කොල්ලෙක් ..........

    DG

    ReplyDelete