බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, May 7, 2011

Gateway බම්බලපිටිය :)

අද කතාව මගෙ රැකියා ස්ථානය ගැන. කවදාවත් ලියයි කියල හිතපු post එකක් නෙමේ මේක. ඇත්තම කියන්න පලවෙනි දවසේ office එකට ගිහින් ගෙදර ආවේ ආයේ යන්න බෑ කියාගෙන. හැමදාමත් හිටියේ මඩේ හිටවපු ඉන්න වගේ .. අද ගෙදර නවතිනවද හෙට ගෙදර නවතිනවද දෙගිඩියාවෙන් .. ඒත් ඒ පුංචි බිත්ති හතර අතරේ මට මුන ගැහුනු ලෙන්ගතු හදවත් ටික අතෑරල යන්න ලෝබකමෙන් මම අදටත් එතනම රැදිලා ඉන්නවා. පාසල් කාලෙන් පස්සේ මගෙන් ප්‍රයෝජන ගන්න මගෙත් එක්ක නොහිටි, තමන්ගෙ වැඩ ටික කරගන්න විතරක් මාව ලංකර නොගත්තු මනුස්ස පරාණ ටිකක් මට මුනගැහුනේ, මරන්න වගේ ගෙදර වදේට ගිය office එක ඇතුලෙදියි .. ඒකෙත් හැටි ... :)

"මොකද්ද අනේ බිග් බෙන් කියන්නේ? හැබෑටම කව්ද අනේ ඔබාමා කියන්නේ?" කියල අහන සාමාන්‍ය දැනීම විශාරදවරු වගේම ලෝකය බෝලාකරයි කියන පුංචි ලදරුවොත් අපේ ගුරු මණ්ඩලයේ ඉන්නවා :) ඒ විතරක්  නෙමෙයි.. Film fare magazine  එක magazine එකක්ද කියල හිතෙන තරමට නලු නිලි කතා, ඇදුම් මෝස්තර ගැන ඇවිදින විශ්වකෝෂ ඇතිපදමට. එතනින් නැවතුනොත් මදැයි ... ශරීරය ලස්සනට තබාගැනීම, ඇග කෙට්ටු කර ගැනීමේ පහසු ක්‍රම වල ඉදගෙන දත් කැක්කුම, හන්දිපත් රුදාව, ලමයි හම්බවීම වෙනකන් හැම දෙයක් ගැනම මහාචාර්යවරියන් පිරිලා ... හැම තැනම හැම වෙලේම පොඩි පොඩි pocket meeting :)

"See girl, you are so thin. You should eat more" කිය කිය අල බොන්ඩා, තෝසේ, වඩේ, ඉටිලි සහ තවත් නම නොදන්නා අනේක විධ කෑම ජාති මගේ කටේ ඔබන Tamil teachers ලා ටික ගැන නොකිව්වොත් ලොකු අඩුවක්. දෙමල භාශාවේ අති සුන්දර වචන වලින් මගේ ශබ්දකෝෂය පෝෂනය කරන්න ඔවුන් කරන්නේ ලොකු මෙහෙයක්. එකම ප්‍රශ්නේ ඒ උගන්නන වචන දෙමළ දරුවෙක්ට කිව්වම ඒ දරුවෝ ආතා බූතා නැතුව දුවන එක තමයි ;) බොහොම අමාරුවෙන් අකුරු ගැටගහගෙන "බාආආ ඩු රාආ අ සාආ පු වාආ" කියල blog එකේ නම කියවගන්න එයාලා දරපු උත්සාහයම ඇති මට. කොල ගනන් පොත් ගනන් ලියපුවා සමහරුන්ට සත පහකට අගේ නැති උනාට තමන්ගේ මුලු සිංහල දැනුමම යොදවලා blog title එක කියවන්න උත්සාහ කරන්න තරම් මගේ Tamil teachers ල මට ලෙන්ගතුයි. ඒ ඇති .. :)

මම කවදාවත් නටලා නෑ.නටන්න දන්නෙත් නෑ. ළදරුපාසලේ විවිධ ප්‍රසංගෙටත් මම හිටියේ මලකට.. කුරුල්ලෙකුට මාව ගත්තේ නෑ මට නටන්න බැරි නිසා. එහෙව් මම මෙන්න office එකේ awards day එකට Lambada නටනවා :) Degree දෙකක් ගත්තටත් වඩා ලොකු ජයග්‍රහනයක් ඒක. මැන්ඩියට හිටු කියලා අසරණ කකුල් දෙකට තඩිබාන මගේ ආදර ගුරු සගයන්ට අමතකයි ස රි ග ම ඇරුනුකොට මම මැන්ඩියක් දන්නේ නෑ කියලා. නැටුම් කන්ඩායමේ අනිත් 7 දෙනාම එක පැත්තකට හැරිලා එක දෙයක් නටද්දි, මෙන්න මම වෙනම පැත්තකට හැරිලා වෙනම නැටුමක් නටනවා.. :) ඒත් ඔයාට හොදට නටන්න පුලුවන් .. ජෝගි නොකර හරියට step එක කරන්න කියන්න තරම් ඉවසීමක් සහ කැපවීමක් මගේ කාර්යාලයීය සගයන්ට තියෙනවා ... ගොඩක් ස්තූතියි ඒ ඉවසීමට .. :) කොහොම නමුත් මගේ නැටිමේ හොදකමට Managers ලගේ ඉදල maid aunt ල දෙන්නා වෙනකන් මගේ නැටුම බලන්න පෝලිමේ දුවගෙන එනවා.. ඒ තරම් හැඩට මම නටනවා :D

මගේ පුංචි දරුවෝ ටික ගැනත් ලියන්නම ඕනි. Undergraduates ලට කුප්පි දාලා පුරුදු මම IT Lecturer කෙනෙක් විදියට වැඩට ගිය පලවෙනි දවසෙම කොස් ඇට දෙකක් තරම්වත් උස නැති පුංචිබට්ටිත්තෙක් ඇවිදින් බොහොම බරපතල විදියට " Are you going to be my new teacher? " කියලා ඇහුවම මොලේ පැත්ත පලාතකම fuse ගියා මට. දෙය්යනේ මේ ඇටිකිත්තන්ට මොන IT ද කියලයි හිතුනේ :) කියල දහ පාරක් විතර "Darling this is the system unit" කියලා කෑගහල කෑගහල එකොලොස්වෙනි වතාවට System unit එක පෙන්නලා "What is this? " කියල ඇහුවම හරිම ලස්සනට හිනා වෙලා " Teacher that is the mouse " කියල කියන මගේ පුංචි පැටව් ටික ඇතුවත් බැරි නැතුවත් බැරි සත්ව කොට්ඨාශයක් ඇත්තටම ... Pablo Picaso ගේ රේඛා චිත්‍රයක් වගේ මුලක් මැදක් අගක් හොයා ගන්න බැරි ගම් තප්ප තප්ප ගාපු කුරුටු බලියක් ගෙනත් අත් දෙකින්ම මට දීලා " Teacher, this is you, this is me and this is computer" කියනකොට මැවෙන කිරි හිනාව... ලොලිපොප් එකක් නැත්නම් බාගෙට ඉවර උනු පෑනක් ගෙනත් පැය ගානක් අගේ කරල කරල මට දෙනකොට තියෙන ආඩම්බර මූණ මට සදහටම මතක තියේවි... database, Artificial intelligence, Software Engineering මෙකී නොකී මහා පරිමාන දේවල් උගන්නලා ලැබුනේ නැති සතුටක් මගේ පොඩි බටු ඇට ටිකට A B C උගන්නලා මට ලැබෙනවා. Undergraduates ල වගේ තමන්ගේ වැඩේ ඉවර උනාම, තමන් graduate උනාම කුප්පි කෙල්ලට හෙණ ගහපන් කියලා හිතන්නේ නෑ මගේ ABC ගෝලයො ටික. මම මගේ පුංචි පැටවුන්ගේ ලොකේ සියල්ල දත් දෙයියෝ  :)



මට ජීවිතේ අන්තෙටම එපා වෙලා ඉන්න කාලෙක ... මම විස්වාස කල, මම ආදරේ කල හැමෝම මගෙන් ප්‍රයෝජන අරගෙන මාව කුනු ගොඩක් ගානට විසි කරපු කාලෙක ... සතුටක් පිරුනු දවසක් වෙනුවෙන් මම ඕනම දෙයක් කරන්න සූදානම් වෙලා ඉන්න කාලෙක ... හැමෝවම හිනස්සලා ලෝකෙට හොරෙන් කදුලු හිදෙනකන් අඩන කාලෙක ... මගේ ජීවිතේට පුංචි හරි සතුටක් ගෙනාපු gateway Bambalapitiya branch එකේ මගේ සහෝදරියන් හැමෝටම ගොඩක් පින්. මගේ රැකියා ජීවිතේ ගමනාන්තය නොව්නත්, ඒ ගමන් මගේ gateway නවතැන්පොල මට හැමදාමත් මතක තියේවි ... ඒ ඔයාල හැමෝගෙම ආදරය නිසාමයි .. :)


8 comments:

  1. සුපිරියි ....
    ඒත් මොකෝ මේ දුකින් වගේ?

    "Undergraduates ල වගේ තමන්ගේ වැඩේ ඉවර උනාම, තමන් graduate උනාම කුප්පි කෙල්ලට හෙණ ගහපන් කියලා හිතන්නේ නෑ මගේ ABC ගෝලයො ටික."

    මොකක්??

    ReplyDelete
  2. ah .. sorry ToM C .. I was not referring to you :)
    People were so cruel. They actually used me to get their goals and then left me like trash for their loved ones .... !!
    wtever, Thankusu :D

    ReplyDelete
  3. "Undergraduates ල වගේ තමන්ගේ වැඩේ ඉවර උනාම, තමන් graduate උනාම කුප්පි කෙල්ලට හෙණ ගහපන් කියලා හිතන්නේ නෑ මගේ ABC ගෝලයො ටික." බොරු කියන්න ඕන නෑ... මටත් මේක දැක්කම නම් සෑහෙන්න අප්සෙට් ගියා... :(

    ඔයා ලියන රටාව නම් හරිම අපුරුයි... ඇත්තටම... :)

    ReplyDelete
  4. ඉස්තූතියි නුවන් :)

    ඔයා අප්සෙට් යන්න ඕනි නෑ. ඔයා දන්නවනේ ඔයා එහෙම හිතුවේ නෑ කියලා ... හෙන ගහපන් කියලා හිතපු අයටයි මම කතාකලේ ... U dnt have to worry :)

    ReplyDelete
  5. ඒක මිසක්... :)

    ReplyDelete
  6. Yey! i can see read this stuff now!!!

    ReplyDelete