බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, May 17, 2011

ආදරය සහ මගේ හුස්ම ... !!

හැමදාමත් අඳෝනාව ... ඇත්තටම ඔයාට බැරිද ජීවිතේ ලස්සනක් දකින්න? විරහව නැතුව ආදරය දකින්න? ඔන්න මගේ යාලු මිත්‍රාදීන්ගෙන් ප්‍රශ්න කෝටියයි :)

පුලුවන් ... මට පුලුවන් .. !! ආදරය ගැන නොලියන්නේ ලියන්න බැරිකමකට නෙමෙයි. ආදරය ගැන නොලියන්නේ මට උරුම නැති දේවල් අමතක කරන්න ඕනි නිසයි .. විරහවේ වේදනාව විදින්න පුරුදු වෙන්න ඕනි නිසයි ... ඒත් .. හරි, අද ලියන්නම් ආදරය ගැන ... නැත්නම් මටම අමතක වෙලා යාවි මේ ලෝකේ විරහව විතරක් නෙමෙයි ආදරයත් තියෙනවා කියලා :)



.: නිදි නැති රැයක සයනයේ සිහිනයට සපැමිණි මනඃකල්පිත ඔබට ලියමි :.

ඔබ සියලු තැන්හි සිටී ...
ඉර හඳ තාරුකා අතරද ...
සිසිලස සහ උණුසුම අතරද ...
ඔබ සිටී ... !!

විශ්ව භාෂාවේ ... මානව වංශ කතාවේ... මිහිරිතම වචනය " ආදරය " මගේ වදන් වැලට එක කලේ නුඹයි ... උදා හිරු එළිය නැගෙන විට ලොවට නෙත හරින මගේ පළමු සිතිවිල්ල නුඹයි ... දිනය ගෙවෙන තෙක් හෝරා යතුරේ කටු කැරකෙන වේගයටත් වඩා වැඩි වේගයකින් මගේ සිත තුල දිග හැරෙන්නේ ඔබ ගැන සොඳුරු මතකයන් පමනමයි ... නිශා කුමරිය අහස් ගැඹ එකලු කර වඩින විට ඉඟිමරන තරු කැකුලු, මට සිහි කැදවන්නේ, හුරතලේට හිනා වෙන නුඹේ ඔය සිනා කට විතරමයි ... බැලු බැලූ අත මට පෙනෙන සොඳුරු සිහිනය, සොඳුරු රුව, ඔබගේම විතරමයි ... !!

අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
මේ විශ්වයේ මා දකින්නේ...
ඔබම පමණයි ... ඔබ අනන්තයි ... !!

ඔව් ... ඔබ අනන්තයි. මුලු අහස් තලයටත් වඩා ඔබ ගැන මතක අනන්තයි. පොළව වසාගෙන ඇදෙන සුළගටත් වඩා ඔබ ගතේ සුවඳ අනන්තයි.රැළි පිට රැළි නැගෙන මහා සයුරටත් වඩා ඔබගේ මුදු සිනාව අනන්තයි ... මගේ ලෝකයේ සීමාව ඔබේ හිස් මුදුනේ සිට දෙපතුල දක්වාම පමණයි .. සරලවම .. මගේ මුලු ලෝකයම ඔබයි ... !!
 
වෙණ තතක් හැඩවෙන තැනක් ඔබ ...
මධු විතක් උතුරන තැනක් ඔබ ...
තෙළි තුඩක් දැවටෙන තැනක් ඔබ ...
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ ....!!

මගේ ගීතයේ තනුව ඔබයි ... මගේ මධුවිතේ රස රහස ඔබයි ... මගේ සිතුවමේ නේක විධ වර්ණයන් ඔබයි ... මගේ පන්හිඳෙන් මැවෙන ගීයට උල්පත ඔබයි ... නෙත විවර කල විට නයන අද්දර පිපි පියුම නුඹයි ... නෙත වසා ගත් විට අඳුර මැද දිලෙන පහනද නුඹයි ... නැගෙන හසරැල් ඔබ නිසාමයි ... හෙලන කඳුලක සිසිල නුඹටයි ... !!


අඩ සඳක් සැඟවෙන තැනක් ඔබ ....
රළ පෙළක් පෙරලෙන තැනක් ඔබ ...
සිසිලසක් දනවන තැනක් ඔබ ....
උණුසුමක් ගෙන එන තැනක් ඔබ ... !!

 මගේ දිවි අඹර උදා හිරු නුඹයි ... රැය එකලු කර දිලෙන සඳ මඩලද නුඹයි ... දිවිය සනසන සයුරු රළ නුඹයි ... දිවි ගීතයට සප්ත ස්වරයද නුඹයි ... සියලු ඉඳුරන් අවදි කරවන උණුසුමද ඔබයි ... දිවි ගිම් නිවන සිහිල් මද නලද නුඹයි ... ආදරය යන අකුරු හතරට අරුත් දුන්නේ නුඹයි ... විඩාබර මා හිසට උරස දුන්නේ නුඹයි ... ලෙහි හොවා, හඬන මා සැනසවූයේ නුඹයි ... දිවිය මා තිබෙන තුරු සදා මම ආදරෙයි .. !!




6 comments:

  1. It's nice to see that u r writing about "Love"... :)

    ReplyDelete
  2. yeah .. just writing .. coz i have to remember that there is LOVE though i dnt deserve it :)

    ReplyDelete
  3. නිෂාන් ධනේෂ්May 19, 2011 at 11:08 AM

    ම්ම්ම්ම් ආදරේ කියන්නේ මායාවක් වාසනා අක්කේ..... ඕක කට්ටියකට සුන්දරයි "ලු".තවත් සමහරුන්ට අසුන්දරයි "ලු"....ගොඩක් දෙනෙක් ආදරේ ගැන ගොඩක් දේවල් කියනවා... මමත් ඔය ආදරේ හෙව්වා... හැබැයි හම්බු උනේ නෑ.මම තනිකඩ ඉන්න තීරෙණය කරලා ඉවරයි! සටහන බොහොම ලස්සනයි අක්කේ.ඔබේ හැකියාව මෙවන් blog එකක් තුලින් අපහට දැක ගන්න සැලැස්සුවට අක්කිට පින්!බුදුසරණයි!

    ReplyDelete
  4. කියවලා සතුටක් ලැබුනා නම් එච්චරයි :) ගොඩක් ස්තූතියි අදහස් වලට :) :)ආදරේ කියන්නේ මායවක් නෙමෙයි ... ඒ වගේම ආදරේ අසුන්දරත් නෑ. ඒත් මිනිස්සු කෙනෙක්ගේ ආදරේ තමන්ගේ වාසියට පාවිච්චි කරනවා. එතනයි වැරැද්ද තියෙන්නේ ...

    ReplyDelete
  5. Who told u that u don't deserve it????

    ReplyDelete
  6. වාසනා,
    පෝස්ට් එක ගොඩ්ක් හැගිම්බරයි...

    "ආදරේ කියන්නේ මායවක් නෙමෙයි ... ඒ වගේම ආදරේ අසුන්දරත් නෑ. ඒත් මිනිස්සු කෙනෙක්ගේ ආදරේ තමන්ගේ වාසියට පාවිච්චි කරනවා. එතනයි වැරැද්ද තියෙන්නේ ..." - මේක 100%ක් ඇත්ත...

    ReplyDelete