බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, May 3, 2011

අඳුරට ඉඩ දී අඳුරේ සැඟ වී ... ඔබගෙන් වෙන් වී මම යන්නම්.. !!

ලියන්න නම් දේවල් එමටයි. ඒත් කාලය, දීපය, දේශය බලලා අන්තර්ජන්ජාලයට ගොඩවෙන්න සිද්ද වෙලා තියෙන නිසා ලියන්න වෙලාවක් හොයා ගන්න එක කලුනික හොයනවටත් වඩා අමාරුයි ඉතිං :(

කොහොමින් කොහොමින් හරි අද post එක මම ගොඩක් ආදරය කරන ගීතයක් ගැන.සංගීතය මගේ ජීවිතෙන් කොටසක්. ඒ නිසාම හිත නැවතුනු ගීත බොහොමයක් තියෙනව. මේකත් ඒ අතරින් අමරදේව මහත්මයා ගායනා කරන තවත් එක සුන්දර ගීතයක්.  කලින්ම කියන්නම්. සින්දුව posh නෑ, අමරදේව මාස්ටර් ගායනා කරන එකක් නිසා English song එකකුත් නෙමෙයි, ඒ වගේම maxaa video එකකුත් නෑ.ඒ නිසා එහෙම දෙයක් බලාපොරොත්තු වෙන සහ එහෙම දේවල් වලට විතරක් LIKE කරන අය මට බනින්නෙපා post එක කියවලා.කලින්ම කිව්වා ඔන්න.

මෙන්න මේකයි පද මාලාව ....

මල ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අදුරට ඉඩ දී අදුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යානේ රෑ යාමේ
කාන්සියෙන් ඔබ හිදිනා වේලේ
සුලගේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැලි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදිකරවා මම යන්නම් ..

අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති මත පිනි කදුලක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟ වී
ඔබගෙන් වෙන් වී මම යන්නම්..



 නැවතීමේ ලකුනක් තැබූ ප්‍රේමයක්ද? නැහැ ... නැවතීමක් නමුදු සැබෑ නැවතීමක් නැති ඒත් පැවැත්මකුත් නැති ප්‍රේමයක් ... මුලු ගීතය පුරාවටම මැවෙන්නේ එකම චිත්‍රයයි ... වැහි මන්දාරමට අදුරු උනු අහසත් එක්ක රැලි පිට රැලි නැගෙන මහ මුහුද පසුබිම් කරගත්තු පාලු අදුරු මුහුදු වෙරලක් ... (මෙහෙමයි .. මට ටිකක් බූත බූත visuals මැවෙනවා.. මනෝ භ්‍රාන්ති කියන්නේ ඒවට මගේ හිතේ ... :) ) කොහොම උනත් මුලු ගීතය පුරාවටම මට දැනෙන්නේ පාලුවක්, තනිකමක් ... ආදරයකට කවමදාවත් අවසානයක් තියෙනවද? අද ඉවරයි, දැන් ඉවරයි, හෙට ඉවරයි කිව්වට ඇත්තටම ඉවරයක් තියෙනවද? මම යනවා .. යන්නම යනවා කිව්වට කවමදාකවත් එහෙම යන්න පුලුවන්ද? ප්‍රශ්න කෝටියයි ...

ඒ කොහොම උනත් ලෝකෙට පේන්න අඬබෙර ගහගෙන ... ලොකු ලොකු ප්‍රේම කථා, බණ කථා කියාගෙන දෙන ආදරේකට වඩා මේ ගීතයෙන් කියවෙන ගොලු ආදරය මට ලෙන්ගතුයි.වෙන් වෙලා ගියත් .. තමන් ආදරය කරන කෙනා පාලුවෙන් තනිකමෙන් ඉන්න එක තත්පරයක් ආවොත් සුලඟක දැවටිලා හරි එතෙන්ට ඇවිදින් ඒ තනිකම මකන්න පුලුවන් නම් කියලා හිතෙන වාර ගනන අනන්තයි අප්‍රමානයි. නමුත් ඒ කෙනා දන්නේ නෑ එහෙව් ආදරයක දිග පලල. මොකද ලෝකෙට පේන්න ගස් වැල්  පෙරලගෙන එන කුනාටුවක් විදියට නෙමේ ඒ අහිංසක ආදරය එන්නේ.. බොහොම හෙමින්.. ඔබටත් හොරෙන්.. ඉතින් කොහොම නම් පෙනෙන්නද ... කොහොම නම් දැනෙන්නද ...  !!

ලියන්න අමාරුයි තවත් .. කොයි තරම් උත්සහ කලත් මගේ මානසික ඒකාග්‍රතාවයද මොකද්ද එක රට වටේ දුවනවා .. ඉතින් දැන් මොලේ fruit salad :( මගේ ලගම යාලුවෙක් දුන්නු උපදෙසක් " නංගි ... ඔයා ලියන්න, වෙන කාටවත් ඔයාගෙ ඇතුලේ ඉදන් ලියන්න ඉඩ දෙන්නෙපා. " ඒ නිසා අදට මෙච්චරයි ... අවසානයට කොහෙදෝ පත්තර කෑල්ලක තිබිල කියවපු කවියක් අකුරු කරන්නම්. ඒ මේ ගීතයේ සාරාන්ශය ...

මංමුලා කදුලක් මම
කොපුලත දිගේ ඔහේ වෑහෙන
ලොවට පෙනෙතැයි බියෙන්
රහසින් ඔබ පිස දමන
මංමුලා කදුලක් මම
ආගිය වගට කිසිදා සිහිවටනයක් නොතියන
නමුදු ...
තනිකම දැනුනු මොහොතක
කොපුලත හිමින් පිරිමදින .... !!

මම යනවා .. යන්නම යනවා .. ඒත් මම ඉන්නවා ...  !!
බැඳීම් හැම දෙයක්ම ලිහනවා .. ඒත් අන්තිම හුයෙන් හරි ඒ බැඳීම් දිගටම තියෙනවා ... !!


4 comments:

  1. ' මේ ගීතයෙන් කියවෙන ගොලු ආදරය මට ලෙන්ගතුයි.වෙන් වෙලා ගියත් .. තමන් ආදරය කරන කෙනා පාලුවෙන් තනිකමෙන් ඉන්න එක තත්පරයක් ආවොත් සුලඟක දැවටිලා හරි එතෙන්ට ඇවිදින් ඒ තනිකම මකන්න පුලුවන් නම් කියලා හිතෙන වාර ගනන අනන්තයි අප්‍රමානයි....'
    what can i say..this is like you have read my mind..beautiful..as always..

    ReplyDelete
  2. Wasana I'm proud of you.... sirawatama lassanai liyana ewa.

    ReplyDelete
  3. කවිය කියවා පුදුම වෙමි
    සිතවා අරුත් පසිඳමි
    යලිත් කියවමි
    අරුත් පලා අරුත් දකිමි
    සිතමි .
    සිතමි ..
    සිතුම් අවසන් විය
    විසල් සුසුමක් ඉතිරි විය

    ReplyDelete
    Replies
    1. සිතන්නට සිතන්නට,
      සුසුමේ බර, දිග, කාලය,
      වැඩිවෙනවා මිස,
      වෙන මුකුත්ම සිදු නොවේවි ..
      ඒ නිසා,
      සිතන්නට නරකයි,
      කිසි දෙයක් ගැන,
      කිසිමදාක ..

      Delete