බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, April 28, 2013

නූතන කිසාගෝතමි කව ....




මැරුණු ..
කුලුඳුල් පෙම ..
ලේ ගලන ..
ළමැදෙහි හොවාගෙන ..
දුවමි මම ..
ඇඳි වත ගැන ..
නිනව්වක් නැතුව ..

බෙහෙත ..
අබ මිටක් නම් ..
කිසිවෙකු නොමල ගේකින් ..
සත්තකයි ..
කිසා ගෝතමිය මෙන් ..
නැවත නොහැරෙන බව අතරමග ..
හොයාගෙන මිස ..
මළ පෙමට ..
දිවි දෙන ඔසුව ..

ඒත් ..

අනේ .. කෝ බුදු කෙනෙක් ..
මට ..
බෙහෙතක් කියන්න ...



15 comments:

  1. අනේ .. කෝ බුදු කෙනෙක් ..
    මට ..
    බෙහෙතක් කියන්න ...

    මෙතන ලොකු තේරුමක් තියෙනවා ලකී ..
    ඔයාට දාන්න තිබුනේ " ලොවම එපා වී " නන්දා මාලිනීගේ

    ගොඩක් හොඳ නිර්මාණයක් ,. ලියන්න

    ReplyDelete
    Replies
    1. ලොවම එපා වී සිංදුවේ රිදුනු හිතට බෙහෙතක් කියන්න කෙනෙක් ඉන්නවා සහන් .. මේ සිංදුව දැම්මේ මේකේ අන්තිම පද ටික නිසා .. " විස කටු ඇනී ආතුර වූ සිතත නුඹේ, නුඹ මට කියා දුන්න සෙත් කවියක් කියන්න, නිවැරදි මිනිසුන් කොයි දෙසක ඉපදුනේ "
      බොහොම ස්තූතියි අදහස් කිව්වට ... :)

      Delete
  2. හ්ම්ම්ම්.. මට කවි ලියන්න බෑනේ
    මේ වගේ ප්‍රශ්ණ වලට ඉන්න එකම බුදු කෙනා තමයි "කාලය"

    ReplyDelete
    Replies
    1. කොච්චර කාලයක්ද.. අන්න ඒකයි ප්‍රශ්නය .. කෙනෙක්ට දවසක් දෙකක්, තව කෙනෙක්ට අවුරුද්දක් දෙකක්, තවත් කෙනෙක්ට මුලු ජීවිත කාලයක් ...

      Delete
  3. හිතට වැදුන නිර්මාණයක්..

    ReplyDelete
  4. සාර්ථක නිර්මාණයක් රෝස නෝනේ..

    ReplyDelete
  5. ඔසුව නම් කාලය තමා :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කොච්චර කාලයක්ද කියන එකයි මගේ ප්‍රශ්නේ ..

      Delete
    2. ඒක ඉතින් කරලාම බලන්න වෙනවා

      Delete
  6. කවි ටික ලස්සනයි වාසනා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :) හැබැයි මම Lucky Rose .. වාසනා නෙමේ ;)

      Delete
  7. ඒත් ..

    අනේ .. කෝ බුදු කෙනෙක් ..
    මට ..
    බෙහෙතක් කියන්න ...
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :'(

    ReplyDelete