බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, May 6, 2013

තනි තටුවෙන් ....



 

 2010 ජුනි 15 ..

ඇය බස් නැවතුම්පලෙහි නොයිවසිල්ලෙන්..
එක පිට එක වැටෙන මහ වැස්සට තෙත බරිත උනු සුදු සාරිය ඇඟ වට එතී මවන රටා ඔහුගේ හොර ඇහැට පෙනෙයි..
කෙතෙකුත් ඇහැ ඉවතට ගන්නට තැතනුවද යලි යලිත් මුරන්ඩු ඇස් බැල්ම නවතින්නේ පිරුනු ළැම සහ ඒ වටා ඇඳි නේක සුකොමල නිම්න කඳු බෑවුම් අතරම වේ.
"මොන මගුලක්ද .. " ඔහු සිතයි ..
"මෙච්චර ගෑණු දැකල තියෙන මට මේ කෙල්ලගේ අඩු වැඩියට මෙච්චර කෑදර හිතෙන්නේ ඇයි .."
ඔහු ඔහු ගැනම තරහින් ..

එහේ මෙහේ දුවන ඔහුගේ ඇස් බැල්ම ඇයට වැටහෙන්නට ගත වන්නේද සුලු වෙලාවකි.
රාගයට වෙනස් වූ ආදරයක, උණුසුමක සේයාවක් ඔහුගේ නෙත තුල දැවෙනු ඇය දකී.
අද පමනක් නොව ගෙවුනු බොහෝ දිනෙක ඈ එනතුරු හොරගල් ඇහිලූ ඔහුගේ දිලිසෙන ඇසින් යුතු සොඳුරු මුහුණ දැකගැනීම, සුපුරුදු බස් නැවතුම් පොළේ ඇගේද නොකී බලාපොරොත්තුවයි.

"අද නම් කතා කරනවමයි.." ඔහු තිර අදිටනින් ..
"අදවත් කතා කලොත්.. "ඈ දෙනෙතින් ආරාධනාවෙන් ..

2011 මාර්තු 31 ..

"දන්නවද .. මම මුලින්ම ඔයාව දැක්ක දවසේ මට මතක හිටිය එකම දේ ඔයාගේ මූණයි මෙන්න මේ ලස්සන ...  " ඔහුගේ අත ඇගේ ළමැද සිසාරා දිවෙයි ..
"චිකේ වල් කොල්ලා .. "සෙනෙහසින් රතු වූ මුහුණින් ඇය ඔහුගේ පපුතුරෙහි සැඟවෙයි.
"දැකපු මුල්ම දවසේ මම හිතා ගත්තා වෙන කාටවත් මේවා අයිති වෙන්න දෙන්නම නෑ කියලා .. "ඔහුගේ අතැඟිලි දඟ පිම්මකින් ඇගේ උඩුකය පිරිමදී.
"හ්ම්ම්.. "ඇයට ඉතිරි ඒ දිගු සුසුම හෙලන්නට තරම් ශක්තියක් පමණි.
විවාහයෙන් පසු එළඹෙන සොඳුරුතම නිමේෂයට ඉඩ දෙමින් ඇය දෙනෙත පියා ගනී ..


2012 පෙබරවාරි 14 ..

"මගේ රෝස මල මට දුන්නු රෝස පොහොට්ටුවට මම ලෝකයක් තරම් ආදරෙයි .. "ඔහු දාඩියෙන් පෙඟුනු ඇගේ කෙහෙරැළි සීරුවට අතගාමින් මුමුණයි.
පැය ගානක් පුරා ඇඳුනු අනන්ත අප්‍රමාන දුක් වේදනා අතුරින් ඇගේ මුහුනේ සිනා මලක් පිපෙයි ..
"දන්නවා රත්තරං.. මම දන්නවා.. "ඈ ඔහුගේ අතක් සිප ගනී.
යාබද ලදරු තොටිල්ලේ සැතපෙන බිළිඳු අත මිට මොළවමින් කිරි වේල ඉල්ලා හඬා වැටෙයි ..
ඇය බිළිඳා ඇකයෙහි හොවා ඔහු දෙස බලයි ..
"ඔන්න ඉතිං.. ඉරිසියාව වැක්කෙරනවා මූණෙන් .. "ඇය ඔහුට සරදම් කරයි ..
ඔහු සිනාසෙයි ..


2012 මැයි 05 ..

"සමාවෙන්න.. අපිට ඒක කරන්නම වෙනවා.ජීවිතේ වැදගත් අනිත් කොයි දේටත් වැඩිය.
හිත ශක්තිමත් කරගන්න, මේ වෙලාවේ එයාට වැඩියෙන්ම ඕන කරන්නේ හිතේ නිදහස."
ඇය නිතර අඳින සාරියේ පාටම ලෝගුවක් දාගත් දොස්තර ඔහුට කියමින්..
ඔහු.. ලෝකය ගැන නිනව්වක් නැතිව හිසට ඉහලින් කැරකෙන විදුලි පංකාව දෙස බලමින් ..
ඇය... දොරෙන් එපිට සිට කඳුලු වැක්කෙරෙන මූණෙන් සියල්ලට ඇහුම් කන් දෙමින් ..


2012 සැප්තැම්බර් 06 ..

ඇය රෝහල් යහන මත අවසඟව උඩුඅතට වැතිර ..
ඇය වටකොට ගත් අනේක විධ යන්ත්‍ර සූත්‍ර වලින් නික්මෙන් මූසල හඩට සවන් යොමමින් .. ඔහේ වැක්කෙරෙන කඳුලු වැල් වලින් සුදෝ සුදු ඇතිරිලි තෙමමින් ..
ඇගේ අත සේලයින් බටයෙන් ඔද්දල්ව නිල් පාට වී ..
ඒ අත අමාරුවෙන් ඔසවාගත් ඈ හිමිහිට හිමිහිට ගෙල මුල සිට පහලට ඇගේම සිරුර ගවේශනයක යෙදෙමින් ..
එක තැනක ඒ අත නතර වී ..

අමාරුවෙන් පාට කල චිත්‍රෙකට වතුර වැඩි වෙලා බොඳ වෙලා වගේ ..
සීගිරි චිත්‍ර වලට තාර ගහලා වගේ ..
වීන්ස් පිළිමේ බිම අතෑරලා වගේ ..

කඳුලු ඇල්ල ආයෙත් අලුතෙන් ... මහවැළිය වාන් දැම්මා වගේ ..

"එයා කොච්චර ආදරේ කලාද මේ ඇඟට ..
කොච්චර නම් එයාගේ ඔලුව මගේ පපුව අස්සේ හංගගෙන ඉඳලා තියෙනවද ..
එයා .. එයා ..." ඇය සිහි විකල්ලෙන් ..
අතට හසුවන දළ මැහුම් පාරවල් සමග වෛරයෙන්, ඈ කෙරෙහිම් උපන් මහා අප්පිරියාවකින්, ඔහු කෙරෙහි උපන් දුකකින් ..

ඔහු.. හෙමීට රෝහල් කාමරයේ දොරෙන් එබෙයි.
අත රැඳි විසාල නෙලුම් මල් පොකුර මේසය මත ඇති මැටි බඳුනට දමයි.
"සුදු නෙළුම් .. කැළණියෙන්මයි ගෙනාවේ .. ඔයා ආස නිසාම .."
ඇය .. කිසිත් නොදුටු ඇසින්, නොඇසූ කනින් ..
ඔහු ඇගේ ඇඳ කොනකින් අඩමානෙට ඉඳ ගනී..
"ඔයාට කොහොමද දැන් .. සතියකින් ගෙදර යමු හොඳේ .. පුතා බලන් ඉන්නවා .."
ඔහු සිනාසෙයි ..
ඇය තවමත් ඇය වටා කිසිත් සිදුවන බවක් නොසිතමින්,ඇගේම ලෝකක .. තනියෙන් ..

ඔහු ආදරෙන් ඇගේ හිස අතගායි .. පුරුදු උණුසුමක් හිස් මුදුනින් පටන්ගෙන ඇගේ ගත පුරා දිවෙයි .. තවත් මුරන්ඩු හිතට ඉඩ දිය නොහී ඈ ඔහු දෙසට හැරී ඔහු වැළඳ ගෙන හඬා වැටෙයි..
"මේ මොකද මේ .. ඇයි මම එච්චරටම කැත වෙලාද සතියක් රැවුල නොකැපුවාම.. "
ඔහු විහිලුවක් කිරීමේ අසාර්ථක උත්සාහයක ..
ඇය ඉකි ගසමින් අඬයි ..

ඔහුගේ අත ආදරෙන් එදා මෙන්ම කොපුලත ගෙල මුල වන්දනා කරගෙන හිමි හිමීට පහළට ..
ඇය දරදඩු වෙයි..
එදා තිබුනු සුමුදු අවයවය වෙනුවට අද එතන ඇති වල ගොඩැලි ....
ඒ අත ගැටෙන ඔහුගේ වෙන විපිරියාසය .. ගෝනුස්සෙක්.. නෑ නෑ ගැරඩියෙක් අතේ ගෑවුනා වගේ අප්පිරියවාක් දැනීවි එයාට ..
ඇය සිතයි ..
අඩයි ..

ඔහුගේ අත සුපුරුදු පරිදිම නියමිත ආකරයෙන්ම හැසිරෙයි .. පළවෙනි මැහුම ඔහුගේ අත ගැටෙයි .. ඇගේ හදවත නවතී .. ඔහු ඒ මැහුම වටා මල් පෙත්තක් අල්ලන තරම් මෘදුව අතැගිලි ගෙන යයි .. දෙවන තුන්වන හතරවන මැහුම .. ඔහුගේ විකෘති වන මුහුණ දැකීමට බියෙන් තදකර පියාගත් දෙනෙත් ඈ හෙමින් විවර කරයි ..ඔහු ඇස් පියාගෙන .. මධුසමයේදිවත් ඇය නොදුටු තරමේ ආදරයකින් උණුසුමකින් ඔහුගේ මුහුණම එළිය වී .. සමනළ පියාපතක් අල්ලන තරමේ මුදු බවකින් ඇය නළවමින් ..

ඈ තනි තටුවෙන් පියාඹමින් .. 
ඔහු ඇගේ අහිමි අත් තටුව වෙමින් ..
මා ඒ ආදරය අකුරු කරමින් ..






46 comments:

  1. අනේ සමාවෙන්න ඕනේ 2012 පස්සේ කියවන්න බය හිතුණා.මට නිකන් ඉඟියක් දෙන්න...

    ආයෙ නැහැ චේද දෙකෙන් මාව අතීතයකට ගෙනිච්චා ..ඉතුරු චේද බලන්න බය හිතුණේ ඒකයි..කොහොම නමුත් ඒ ටික නම් සෑහෙන්න දැනුන.මගේ හිත ළාමක වැඩියි දරුණු අවසානයක් දකින්න නම් ලකියෝ...

    මට ඉඟියක් දෙන්න..

    ReplyDelete
    Replies
    1. අවසානය හොඳයි .. ඒ ඇතිනේ :)

      Delete
  2. මරු මරු...නියමයි....

    වරක්
    විඳි අයෙක්
    දනී
    සැක නැතුවම
    හංසයෝ
    ඉගිලුන කල
    උන්
    තබා යන
    උණුහුම

    ReplyDelete
    Replies
    1. ඔන්න පළවෙනි පාරට මට රිප්ලයි කවියක් මතක් වෙන්නේ නෑ ..
      කවිය නියමයි :)

      Delete
  3. හරිම සංවේදීයි.

    බයෙන් බයෙන් කියෙව්වෙ. බය හිතුනෙ අන්තිමට දුක හිතෙන දෙයක් වෙයි කියල.

    දුක හිතුනත් ඒ මම බය වෙලා හිතාගෙන හිටපු අවසානය නෙවෙයි....

    ReplyDelete
    Replies
    1. හැම අවසානයක්ම දුකින් ඉවර කරලා මටම ඇති වෙලා දැන් ..
      ස්තූතියි දැනෙන විදිය කියන්න වෙලාවක් වෙන් කලාට .. :)

      Delete
  4. හරිම වෙනස්...
    වෙනස්ම හැඟීමක් දැනෙන්නෙ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයෝ .. වෙනසක් කරන්නයි මට හැමදාමත් ඕන :)

      Delete
  5. කොල්ලෝ බලන්නේ කොහොමත් ඔය ගැන නේන්නන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එහෙම නොබැලුවොත් ඉතිං ඌ කොල්ලෙකුත් නෙමේනෙ ;)

      Delete
  6. කතාව කියවන්න පටන් ගද්දිම මට මේ සිංදුව මතක් උනා ... මම ආසම වගේම බයම සිංදුවක් ...

    රෑ අහසේ සඳ පායන්නේ නෑ
    මේ අන්ධකාරේ මට පුරුදු නෑ
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
    ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

    ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
    පෙරසේම අදටත් ඇහෙනවා
    වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
    හිත මගේ හඬා වැටෙනවා

    සැමදා මගේමයි කීවේ ඔයාමයි
    ඔය දෑස අද ඇයි ඉවත බලා
    සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
    අද මම මෙහේ තනිවෙලා

    නමුත් me කතාවනම් මිට වඩා හොදයි වගේ... හොද නිර්මාණයක්.. මගේ සුබපැතුම් :)

    ReplyDelete
    Replies
    1. අහල නැති සින්දුවක්..
      ලස්සන පද පෙළක්.
      බොහොම ස්තූතියි මල් මිටට :)

      Delete
  7. ලස්සනයි බාදුරා අසපුව..ඒත් අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නම් ඔය ආදරේ මහ පට්ටපල් බොරුවක්...මාත් සෑහෙන කාලයක් බොක්කෙන් කරපු ආදරයක් එදා මට පාට් දාල මගෙ හිත කෑලි කෑලි වලට කඩලා දාලා අවුරුදු 3කට පස්සෙ මගෙ කකුල් දෙක ගාව ඉන්නවා..ඒත් එදා දැනිච්ච් ආදරෙන් දශම පහක් වත් ,එදා ඇස්දෙක රතුවෙනකම් එයාවෙනුවෙන් අඩපුවා වත් අද දැනෙන්නෑ..අද එයා මට නිකම්ම නිකන් "බඩුවක්" විතරයි..

    සමාවෙන්න සමහර අසැබි වචන මගෙ ශබ්දකෝශයෙ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආදරය ..
      මම හිතන්නේ ඒක තේරුම් ගන්න තරම් තාමත් අපි පරිණත වෙලා මදි.

      Delete
  8. කතාවේ ට්‍රිල් එක මානවකයා ඩබල් කලා..

    ජය !

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. සුපිරි කවියක් .. :)
      ඔබටත් ජය !!

      Delete
  9. මේ ලිවිල්ල නම් මට දිරෙව්වේ නෑ!!! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ .. දිරෙව්වෙ නැති ටික ඉක්මනට වමනේ කොරන්ට .. :P

      Delete
  10. සාමාන්‍යෙයන් කොමෙන්ට් ලියන්න හිත නොදුන්නත් , මේ සටහනට වචනයක් නොලීවොත් වරදක්ය යන හැඟීමක් එන් තරමටම සංවේදී  , සාර්ථක නිර්මාණයක්..
    ස්තුතියි ,ඔබට සුබ පැතුම් නිර්මාණ කාර්යයයේ ඉදිරියටත් යෙදෙන්නට
     

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි, ලියවිල්ල කියවීමට මෙන්ම ඒ ගැන වචනයක් ලියන්නට ඔබ වෙන් කල කාලයට .. :)

      Delete
  11. ඇත්තම ආදරයක්...

    ReplyDelete
  12. ගොඩක් සංවේදී, හිතට 'වදින' ලියැවිල්ලක් අක්කී.. (Y)(Y)

    ReplyDelete
  13. සුපිරි ...
    වෙන කියන්න දෙයක් හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔය කිව්වා මදැයි :)

      Delete
  14. මොකක්ද කියන්න ඕනෙ? හැමදාමත් කියන දේම??? :) (Y)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මමත් හැමදාම කියන දේම කියන්නම්... ස්තූතියි හිතුවක්කාරියේ .. :)

      Delete
  15. සැබෑ ආදරයක් කියන්නේ ශරීරයට භාහිර පෙනුමට කරන දෙයක් නෙවෙයි. එය හදවතින්ම එන දෙයක් ඒකයි එකට ආදරේ කියන්නේ.

    ReplyDelete
  16. ඔයා හරිම ලස්සනට ලියලා තියෙනවා. අපූරුයි. කියන්න වචන නැහැ.

    ReplyDelete
  17. ලස්සණට ගළපපු සංවේදී කතාවක්. මගේ හිතට හුඟක් දැනුනා. මේ වගේ ආදරයක් ලබපු "ඇය" මොන තරම් වාසනාවන්ත ද?

    ReplyDelete
    Replies
    1. මේ තරම් ආදරයක් ලබපු ඇය ක් ඉන්නවද කියන එක මට ප්‍රශ්නයක්.. මේකේ තේමාව "මම සොයනා ආදරයක ෆැන්ටසි වියමන" .. ඒ කියන්නේ මමත් තාම ඒ තරම් ආදරයක් ලබන ඇයක් ව හොයනවා ..
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  18. ඕනම කොල්ලෙක් (අති බහුතරය මමත් ඇතුළුව) මුලින්ම බලන්නෙ කෙල්ලෙක්ගෙ බාහිර පෙනුම. අනිත් කෙල්ලන්ට වඩා විශේෂයක් දැක්කොත් ඒ ශරීරයට හිත යනවා.. ඊට පස්සෙ ආශ්‍රය කරද්දි තමයි තමන්ගෙම කියන හැඟීම දැනෙන්නෙ.. ඒක හරි අමුතුයි. මටත් කියන්න තේරෙන්නෙ නෑ. ඒත් මුලින් බලපු හොයපු අර දේවල් මහා පුස්සක් වෙනව කාලයත් එක්කම. ඊට වඩා වටිනව එයා එක්ක කතා කරන වචනයක්....
    මනුස්ස ගතිය එහෙම වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මනුස්ස ගතිය.. බුදුහාමුදුරුවන්ම විතරක් තේරුම් ගත්තු මහා සංකීර්ණ මාතෘකාවක් ..

      Delete
  19. මේකෙ තියෙන ෆැන්ටසි ආදරය යථාර්ථ ආදරයක්ම වෙලා ලකියට ලැබේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට.. ඒත් ඒක ඉබ්බෙක්ට පිහාටු ලැබේවා කියලා කරන ප්‍රාර්ථනාවකටත් වඩා අභව්‍ය එකක් .. :)

      Delete
  20. ඉබ්බොන්ට කවදාවත් පිහාටු ලැබෙන්නෙ නෑ.. ඒත් උත්සාහ කරොත් ලබා ගන්න පුළුවන්..
    ලැබෙනකම් හිටියට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. සමහර ඉබ්බෝ ඒ නොලැබෙන ෆැන්ටසිය මත්තෙම නැහිලා ජීවිතේම විනාස කරගෙන තියෙනවා යසිත්. දැන් හැම දේම අල්ලලා දාල ඉන්නේ උත්සාහ කරල කරල එපා වෙලා නිසා වෙන්න පුලුවන්

      Delete
  21. එතකොට ඔයා වාසනා සෙව්වන්දි නෙමෙයි ද ?

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒක අදාල නෑ නේද .. බාඳුරා අසපුව ඇතුලෙදි මම Lucky Rose විතරයි ..

      Delete
    2. ඔයාගේ ලියවිල්ල ලස්සනයි වාසනා....

      Delete