බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, February 10, 2013

මම.. ජනපද කළණ.. !!

මම..
ජනපද කළණ..
රජ සිටු පවස..
එක මදහසින් නිවුව..

මම..
ජනපද කළණ..
නන්ද කුමරිඳු..
ආලයෙන් වෙලුන..

මම..
ජනපද කළණ..
පෙම් කළ කුමරු..
බුදු පිහිට එපා කී සඳ..
ආඩම්බරෙන් ඉදිමුන..

මම ..
ජනපද කළණ..
කුමරෙකු ආලය කලා යැයි..
සිහිනයක වෙලුන..

මම..
ජනපද කළණ..
සුරගනන් ලඟ..
වැදිරියක් උන..

මම..
ජනපද කළණ..
ළැම මිස..
කිසිවෙකුත්..
ළය නොදුටුව .. !!



29 comments:

  1. ෂෙහ්... සුපිරියි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න අදයි මම ඔබතුමාගේ අඩවි වැසියෙක් උනේ .. ඒකේ තිබුනු කතන්දර ටික දැක්කම මෙච්චර කල් ඒව නොදැක්ක මේ දෑස මක්කටෙයි කියලා හිතුනලු ඉතිං .. ;)
      ඉත්තූතියි කොමෙන්ටුවට !!

      Delete
  2. මාරයි මේ කවිය අක්කේ... හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා .. ඔයා ලියලා තිබුන කථාවත් හරීම ලස්සනයි අර තලාෂ් එකේ සිංදුවට :)

      Delete
    2. ස්තූතියි අක්කියෝ... මම ඒත් බැලුවා කවුද මේ lucky rose කියලා... බලන් යද්දි හැමදාම දන්න වාසනා සෙව්වන්දි අක්කනේ... :D

      Delete
  3. රෙඩ් අදනං මාරම කවියක්නේ....ඔබ හැබෑම දක්ෂයෙක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. හැබැයි ඔන්න මම රෙඩ් නම් නෙමේ ;)

      Delete
  4. අක්කිගෙ කවි වලට මම ආසයි.., හුඟාක් ඒවාගෙ කොතන හරි තැනක., මට මාව පේන්න ගන්නවා... :O :/ :/ එතකොට දැනෙනවා වැඩියි!!

    කවි ටික ලස්සනයි අක්කි!!

    ReplyDelete
    Replies
    1. අපොයි.. මම නම් ප්‍රාර්ථනා කරන්නේ මම ලියන කිසිම දේක ඉන්න කිසිම චරිතයක් මේ පොළව උඩ හැබැහින් ඉන්න එපා කියලයි ... !!
      බොහොම ස්තූතියි නඟා කොමෙන්ටුවට :)

      Delete
  5. ඔය වෙනස් විදිහකට හිතල ලකී ..
    ලස්සනයි ඔයාගේ කවි පෙළ ..
    දිගටම ලියන්න ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන් හැමදාමත් මම ලියන දේ ගැන ගුණ දොස් කියනවට ... !!

      Delete
  6. වෙනස් විදිහක අදහසක්.. අපූරුයි..

    ReplyDelete
  7. ලකියෝ වර්ණනා කරන්න වචන නැහැ වැඩිය වර්ණනා කරන්න කැමතිත් නැහැ. මොකද ආඩම්බර වෙලා කොලිටිය අඩුවේවි කියලා

    ReplyDelete
    Replies
    1. හික් හික්... ඉත්තූතියි කෝරළේ :D

      Delete
  8. අනේ
    නන්ද කුමාරයා
    බුදුන් සරණ
    නොගියානම්
    ජනපද කළණත්
    බුද්ධ කාලීන
    අම්මණ්ඩි
    කෙනෙක් නොව
    --------------
    දරුවෝ
    රොත්තක්
    හුරතල්
    කරන

    ReplyDelete
    Replies
    1. බුදුන් සරණ නොගියත්
      නන්ද කුමාරයා යාවි
      වෙන කවුරුහරි එක්ක
      ජනපද කළණ
      දරුවො රොත්තක් නලවාවි
      ගිය එකාට බැණ බැණ .. !!

      Delete
  9. අපූරුයි අක්කියෝ පද ගැළපුම...

    ජය !

    ReplyDelete
  10. ඕක සාපෙක්ශයි. පෙන්නන්න හදන්නෙ ළැමනම් ළය බලන්න මහන්සි වෙන අය අල්පයි. මොකද ළය බැලිය යුතු තැනදි ළැම බැලීමත්, ළැම බැලිය යුතු තැනදි ළය බැලීමත් නොයෙකුත් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙන හේතු වෙන්න පුලුවන්.
    කෝක කොහොම වෙතත් කවිය අපූරුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. නමුත් ළය පෙන්නද්දිත් ඒක නොදැක ළැමම හොයන එක ප්‍රශ්නයක් ඒත් .. ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  11. මම ජනපද කළණ
    වැඳිරියන් ළඟ
    සුරඟණක් උනු

    ReplyDelete
    Replies
    1. ඔව්..
      මම ජනපද කළණ
      වැඳිරියන් ලග සුරගනක් උන..
      ඒත් නන්ද කුමාරයා පෙන්නනකන්
      ඒ ඇත්ත නොදැක්ක ... !!

      Delete
  12. අහ්, පෙන්නන්න හදන්නෙ ළයනම් ළැම බලන එක සදාචාරසම්පන්න නෑනම් තමයි.

    ReplyDelete
  13. හ්ම්ම්ම්... අපූරුයි..

    ReplyDelete