මම..
ජනපද කළණ..
රජ සිටු පවස..
එක මදහසින් නිවුව..
මම..
ජනපද කළණ..
නන්ද කුමරිඳු..
ආලයෙන් වෙලුන..
මම..
ජනපද කළණ..
පෙම් කළ කුමරු..
බුදු පිහිට එපා කී සඳ..
ආඩම්බරෙන් ඉදිමුන..
මම ..
ජනපද කළණ..
කුමරෙකු ආලය කලා යැයි..
සිහිනයක වෙලුන..
මම..
ජනපද කළණ..
සුරගනන් ලඟ..
වැදිරියක් උන..
ජනපද කළණ..
රජ සිටු පවස..
එක මදහසින් නිවුව..
මම..
ජනපද කළණ..
නන්ද කුමරිඳු..
ආලයෙන් වෙලුන..
මම..
ජනපද කළණ..
පෙම් කළ කුමරු..
බුදු පිහිට එපා කී සඳ..
ආඩම්බරෙන් ඉදිමුන..
මම ..
ජනපද කළණ..
කුමරෙකු ආලය කලා යැයි..
සිහිනයක වෙලුන..
මම..
ජනපද කළණ..
සුරගනන් ලඟ..
වැදිරියක් උන..
මම..
ජනපද කළණ..
ළැම මිස..
කිසිවෙකුත්..
ළය නොදුටුව .. !!
ජනපද කළණ..
ළැම මිස..
කිසිවෙකුත්..
ළය නොදුටුව .. !!
මරු! :)
ReplyDeleteඉත්තූතියි :)
Deleteෂෙහ්... සුපිරියි!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔන්න අදයි මම ඔබතුමාගේ අඩවි වැසියෙක් උනේ .. ඒකේ තිබුනු කතන්දර ටික දැක්කම මෙච්චර කල් ඒව නොදැක්ක මේ දෑස මක්කටෙයි කියලා හිතුනලු ඉතිං .. ;)
Deleteඉත්තූතියි කොමෙන්ටුවට !!
මාරයි මේ කවිය අක්කේ... හරිම ලස්සනයි...
ReplyDeleteස්තූතියි නංගා .. ඔයා ලියලා තිබුන කථාවත් හරීම ලස්සනයි අර තලාෂ් එකේ සිංදුවට :)
Deleteස්තූතියි අක්කියෝ... මම ඒත් බැලුවා කවුද මේ lucky rose කියලා... බලන් යද්දි හැමදාම දන්න වාසනා සෙව්වන්දි අක්කනේ... :D
Deleteරෙඩ් අදනං මාරම කවියක්නේ....ඔබ හැබෑම දක්ෂයෙක්...
ReplyDeleteස්තූතියි.. හැබැයි ඔන්න මම රෙඩ් නම් නෙමේ ;)
Deleteඅක්කිගෙ කවි වලට මම ආසයි.., හුඟාක් ඒවාගෙ කොතන හරි තැනක., මට මාව පේන්න ගන්නවා... :O :/ :/ එතකොට දැනෙනවා වැඩියි!!
ReplyDeleteකවි ටික ලස්සනයි අක්කි!!
අපොයි.. මම නම් ප්රාර්ථනා කරන්නේ මම ලියන කිසිම දේක ඉන්න කිසිම චරිතයක් මේ පොළව උඩ හැබැහින් ඉන්න එපා කියලයි ... !!
Deleteබොහොම ස්තූතියි නඟා කොමෙන්ටුවට :)
ඔය වෙනස් විදිහකට හිතල ලකී ..
ReplyDeleteලස්සනයි ඔයාගේ කවි පෙළ ..
දිගටම ලියන්න ....
ස්තූතියි සහන් හැමදාමත් මම ලියන දේ ගැන ගුණ දොස් කියනවට ... !!
Deleteවෙනස් විදිහක අදහසක්.. අපූරුයි..
ReplyDeleteබොහොම ස්තූතියි :)
Deleteලකියෝ වර්ණනා කරන්න වචන නැහැ වැඩිය වර්ණනා කරන්න කැමතිත් නැහැ. මොකද ආඩම්බර වෙලා කොලිටිය අඩුවේවි කියලා
ReplyDeleteහික් හික්... ඉත්තූතියි කෝරළේ :D
Deleteඅනේ
ReplyDeleteනන්ද කුමාරයා
බුදුන් සරණ
නොගියානම්
ජනපද කළණත්
බුද්ධ කාලීන
අම්මණ්ඩි
කෙනෙක් නොව
--------------
දරුවෝ
රොත්තක්
හුරතල්
කරන
බුදුන් සරණ නොගියත්
Deleteනන්ද කුමාරයා යාවි
වෙන කවුරුහරි එක්ක
ජනපද කළණ
දරුවො රොත්තක් නලවාවි
ගිය එකාට බැණ බැණ .. !!
අපූරුයි අක්කියෝ පද ගැළපුම...
ReplyDeleteජය !
ඉත්තූති වේවා :)
Deleteඕක සාපෙක්ශයි. පෙන්නන්න හදන්නෙ ළැමනම් ළය බලන්න මහන්සි වෙන අය අල්පයි. මොකද ළය බැලිය යුතු තැනදි ළැම බැලීමත්, ළැම බැලිය යුතු තැනදි ළය බැලීමත් නොයෙකුත් ප්රශ්ණ වලට මුහුණ දෙන්න වෙන හේතු වෙන්න පුලුවන්.
ReplyDeleteකෝක කොහොම වෙතත් කවිය අපූරුයි.
හ්ම්ම්.. නමුත් ළය පෙන්නද්දිත් ඒක නොදැක ළැමම හොයන එක ප්රශ්නයක් ඒත් .. ස්තූතියි කොමෙන්ටුවට :)
Deleteමම ජනපද කළණ
ReplyDeleteවැඳිරියන් ළඟ
සුරඟණක් උනු
ඔව්..
Deleteමම ජනපද කළණ
වැඳිරියන් ලග සුරගනක් උන..
ඒත් නන්ද කුමාරයා පෙන්නනකන්
ඒ ඇත්ත නොදැක්ක ... !!
අහ්, පෙන්නන්න හදන්නෙ ළයනම් ළැම බලන එක සදාචාරසම්පන්න නෑනම් තමයි.
ReplyDeleteහ්ම්ම්ම් ...
Deleteහ්ම්ම්ම්... අපූරුයි..
ReplyDeleteඉත්තූතියි :)
Delete