බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, January 24, 2013

එකළු කළ මැන .. මහද ... සෙ නෙ හ සි න් !!






ඇත්ත ..
 ඔයා ඉර නෙමේ ලෝකයක් එළි කරන ...
ඔයා පොඩි තරුවක්..
පුංචිම පුංචි තරුවක්, ඈත අහසේ පේන නොපෙනෙන ...
ඇයි නොතේරෙන්නේ..
මම බය බව ඉරට ..
ඒ එළි‍යට .. ඒ රස්නෙට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන ඉර නොවන බව ..
මට ඕන තරු එළිය විතරමයි ..
මොකද මගේ අමාවක අහසට, ඉරෙන්වත් හඳෙන්වත් වැඩක් නෑ..
පොඩි තරුවකින් විතරමයි ඒ අහස එළිය කරන්න පුලුවන් ... !!

ඇත්ත .. ඔයා මහා ගංගාවක් නෙමෙයි ..
හෝ ගාගෙන ගලන, දහක් දෙනාගේ පිපාසය නිවන ..
ඔයා පොඩි දිය පාරක් ..
පුංචිම පුංචි දිය පාරක්, ගල් කුලු තොගේකින් වැහුන ..
ඇයි නොතේරෙන්නේ ..
මම බය බව ගඟට ..
ඒ සැඩ පාරට .. ඒ සද්දෙට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන ගඟ නොවන බව ..
මට ඕන දිය පාර විතරමයි ..
මොකද පීනන්න බැරි මට ගඟෙන් වැඩක් නෑ ..
පොඩි දිය පාරකට විතරමයි මගේ තිබහ නිවන්න පුලුවන් .. !!

ඇත්ත .. ඔයා රජ කුමාරයෙක් නෙමෙයි ..
රන් කාසි පොදි ගනන් තියෙන, අශ්වයා පිටේ යන ..
ඔයා පොඩි සාමාන්‍ය මනුස්සයෙක් ..
පුංචිම පුංචි මනුස්සයෙක් පොලවේ පය ගහලා ජීවත් වෙන ..
ඇයි නොතේරෙන්නේ ..
මම බය බව කුමාරයන්ට ..
ඒ මාන්නයට, ඒ ලොකු කමට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන කුමාරයෙක් නොවන බව ..
මට ඕන ඔයාව විතරමයි ..
මොකද රන් කාසි පොදි ගනන් තියෙන මට තවත් වස්තුව වැඩක් නෑ ..
ඔයාට විතරමයි මගේ හදවතට ආදරේ දෙන්න පුලුවන් .. !!

මේ කුමාරිට නැති එකම දේ එච්චරයි .... !!!







16 comments:

  1. //ඇයි නොතේරෙන්නේ මට ඕන කුමාරයෙක් නොවන බව ..
    මට ඕන ඔයාව විතරමයි ..// ම්ම්ම්ම්ම්ම්...

    හරිම ලස්සන සිතුවිල්ලක්.. මම මේකටනම් හුඟාක්ම කැමතියි!!! (Y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතුවක්කාරියේ .. මේක මම සාමන්‍යයෙන් ලියන රටාවේ එකක් නෙමෙයි ඒත් .. අනේ මන්දා .. සිංදුව ඇහුවම හිතුනු ටික ලිව්වා :)

      Delete
  2. ම්ම්ම් වැඩියෙන් හොද දේවල් හොයන්න ගිහින් දුක් වෙන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. වැඩිය හොඳ දේවල් කියලා දේවල් ජීවිතේ නෑ ඇත්තටම.. හොඳ දෙයක් තියෙනවා.. එකක්.. එච්චරයි.. ඒ දේ හොයා ගන්නයි අමාරු..
      ස්තුතියි කොමෙන්ටුවට :)

      Delete
  3. ලස්සන ගිතයකට අපුරු පසු වදනක්...

    ReplyDelete
  4. ඇත්ත තමයි
    කියන්නේ
    ඔයා
    ඒත්
    තරු හොයනකොට
    ළඟ ඉන්න
    කනා මැදිරියත්
    දිය පාරක්
    හොයන් යනකොට
    ඇස්වල තියන
    කඳුළුත්
    නොපෙනෙන
    එකේ
    ඔයා
    පොලවේ
    පය ගහල
    ඉන්න අය
    හොයන්න
    අශ්වයා පිටේ
    වේගෙන් යනකොට
    පාරේ අයිනේ
    ඉන්න මාව
    නොපෙනෙන
    එකට පුදුම
    වෙන්නේ නෑ
    මම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      ඉද හිටලයි
      කට උත්තර නැති වෙන්නේ
      මට ...
      ඔන්න ඒ ඉඳ හිටලා වෙන දේ
      උනාලු
      දැන් මට .... :/

      Delete
  5. ලස්සනයි විටහ්රක් නෙවෙයි හරිම හැඟීම්බරයි.

    ReplyDelete
  6. ලස්සනයි පද ටික..
    මානවක කිව් ටිකට..
    හිදුන කියන්න ගිය ටික..
    ජය වේවා සැමට!

    ReplyDelete
    Replies
    1. මානවක කිව් ටික
      නොදැක්කා වගේ හිමිහිට
      ලියන්නයි තිබුනේ හිතු ටික
      ආසයිනෙ මම කියවන්ට
      ඒ මොනා උනත්
      ස්තූතියි ඇවිත් ගියාට :)

      Delete
  7. ඔයා ලස්සන රෝස මලක් නෙවෙයි
    ඇයි නොතේරෙන්නෙ
    මීමැස්සො බාඳුරා මල් වලට බය බව....

    ReplyDelete
    Replies
    1. මම විස්වාස කරනවා
      එක මී මැස්සෙක් හරි ඉඳී කියලා
      රෝස මලේ නොදකින ලස්සනක්
      බාඳුරා මලක දකින ... !!

      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete