බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, January 7, 2012

~ අවාරයේ පොත් වන්දනාව ~

සෙනසුරාදා..
සතියේ දවස් වලින් මට පෙන්නන්නම බැරි දවස...
මට නිවාඩු තියෙන එකම දවස සෙනසුරාදා...
නිවාඩු දවසක් කියන්නේ මගේ සිතුවිලි ඉබාගාතේ යන කරුමක්කාර දවසක්...
කරන්න දෙයක් නැතුව යන්න තැනක් නැතුව ගෙදරට හිර වෙලා ඉදිද්දි හිතට එන හැඟීම් අනන්තයි අප්‍රමානයි ...
මම අකමැතී හිතට හිතන්න ඉඩ දෙන්න...
ඉඩක් ලැබුන ගමන් මේ කරුමක්කාර හිත දුවන්නෙම මම අමතක කල කිලිටු අතීතෙට...

අදත් වෙනදා වගේම ඇහැරුනු වෙලේ ඉඳන් හිත ඉබාගාතේ දුවනවා...
මොනව කරන්නද කියලා හිතාගන්න බැරි උනා..
කාමරේ අස් කරන්නත් බෑ ඒක දැනටමත් මට ඔලුවෙ කැක්කුම හැදෙන තරමට පිලිවෙලට අස්කරල නිසා...
රෙදිත් නෑ හෝදන්න...
පාඩම්.... :)
පාඩම් නෑනේ.. මාව උපාධියෙන් දොට්ට දැම්මනේ ....
බ්ලොග් එක ලියන්න හිතුවත් සුපුරුදු අදෝනාව ඇර වෙන ලියන්න මුකුත්ම හිතාගන්න බෑ තාමත්...
කරන්න දෙයක් නැතිම තැන ඉවර නොකරපු මැහුමක් අතට ගත්තේ ඒකවත් ඉවරයක් කරන්න..
වැරදියට මැහුන මැහුම දෙපාරක් ලිහල තුන්වෙනි පාරට මහද්දි ඉදිකට්ට අතේ ඇනුනම.. ඒකත් එපා උනා...

ඔහොම ඉන්නකොට තමයි මතක් උනේ විදර්ශනා පාඨක ජාලයෙන් එවල තිබුනු ලිවුම ...
ඉතිං සුපුරුදු ඩෙනිමයි ටී කමිසෙයි දාගෙන ගමන්ගත උනා නුගේගොඩට යන්න...


පුංචි කඩයක් පුරවලා පොත් ...
හැමදෙයක්ම ඒ පොත් ටික දැක්කම අමතක වෙලා ගියා... :)
බලු කුක්කෙක්ට මස් කට්ටක් හම්බුනා වගේ.. එහෙමත් නැත්නම් ගණිකාවකට පෝසත් තැරැව්කාරයෙක් හම්බුනා වගේ පුදුම සතුටක් දැනුනා පොත් වල සුවඳ ආපු ගමන් ....
දැනටම එතන තිබුනු පොත් වලින් 80%ක් විතරම මගේ ලග තිබුනත් පොත් අත ගගා ඉන්නකොට දැනුනු සනීපේ කියලා නිම කරන්න බැරි තරම් ...
කොහොම කොහොම හරි මගේ ලග නොතිබුනු පොත් ටිකක් මම හොයා ගත්තා..
මේ තියෙන්නේ ඒවා ..









මම පොත් හොයන අස්සේ කඩයට ගොඩ උනා ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි..ආදර කපල් එකක්ද කොහෙද.. :) කොහොම හරි ඒ දෙන්නා මාව කඩේ වැඩ කරන්නෙක් විදියට වරදවා වටහාගත්තා..මමත් මුකුත් නොකිය එයාල ඉල්ලුව පොත් ඔක්කොම හොයලා දුන්නා.. ඇත්තමයි මම කැමතී පොත් කඩේක වැඩ කරන්න... ඒක හරීම සතුටුදායක රස්සාවක් ... :)

වෙන ලියන්න දෙයක් නෑ..
මට ලියන්න දෙයක් මතක් වෙන්නේ නෑ..
දුක ලිව්වොත් යාලුවො බනින නිසා දුක ලියන්නත් බෑ..
කවදා හරි සතුටක් දැනුන දවසක... මටත් ඉරක් පායපු දවසක.. ආයෙම ලියන්නම්...
එතකන්...
මාව අමතක කරන්න එපා ... !!

10 comments:

  1. Mmmmm... Poth poth poth... matath poth dakiddi asawe be... kohoma hari apahu poth kiyawanna welawa hoyaganna ona... issara man poth kiyawaddi ammagen benum ahana wara ananthai... mokada kanne bonne ne, awata wena dewal gena kisi ganak ne kiyala...!!!

    ReplyDelete
  2. පාඩම් නෑනේ.. මාව උපාධියෙන් දොට්ට දැම්මනේ ....


    අහෝ ඛේදයකි! මොකෑ ඒ?

    ReplyDelete
  3. හිත අප්සෙට් වෙලාවට මටත් තියන හොඳම දේ පොතක් අරන් මුල්ලකට ගුලි වෙලා ඒක කියවන එක...පොතේ ඉන්න චරිත එක්ක දුක බෙදා ගන්න එක... :)

    ReplyDelete
  4. හිතට දුකක් දැනුන වෙලාවට ඒ හැම දෙයක්ම අමතක කරන්න පූළුවන් හොදම දේ පොතක් කියවන එක කියලා මමත් විස්වාස කරනවා.. ඒත් මං දැං ඒ වෙනුවට කරන්නේ බ්ලොග් කියවන එක..

    ReplyDelete
  5. මුලින් පරිවර්තන කියොලා ඊලඟ මාසේ මුල් කෘති කියවන්න.

    ReplyDelete
  6. මම කැමතී මුල් කෘති කියවන්න..ඒත් බොරු කියන්න ඕනි නෑ.. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන බොහොමයක් මුල් කෘති කියවල තේරුම් ගන්න මට අමාරුයි... සරල පොත් වගේ නෙමෙයිනේ... අනික බොහොමයක් මුල් කෘති ලියවිලා තියෙන්නේ රුසියන් භාෂාවෙන්,නැත්නම් වෙනත් මොකක් හරි භාෂාවකින්.ඒකත් ප්‍රශ්නයක්...

    ReplyDelete
  7. අමුතු ඉලන්දාරියා විතරයි මේ පොත්වලින් කියවලා තියෙන්නේ. ඒකත් කියවන්න මූලික හේතුවක් වුණේ කාලයක් බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වුණු "ටැබූ" ඒ ගැන අවස්ථා කීපයක කතා කරලා තිබීම

    ReplyDelete
    Replies
    1. අමුතු ඉලන්දාරිය සරල භාශාවෙන් ලොකු කතාවක් කියන පොතක්

      Delete
  8. චත්‍රීMay 3, 2012 at 9:30 PM

    ඔයත් විදර්ශන සාමාජිකයෙක්ද? සව්සිරි එකේ අලුත් පොත් කඩේට නේද ආරාධනාව ලැබුණේ. මට ලැබුණාට එදා යන්න උනේ නෑ. පස්සේ ගිහින් යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය ගත්තා. විදර්ශනලගේ සන්තියාගේ නම් සැරිසරන්නා කියවලා තියද? සරල, ගැඹුරු පොතක්

    ReplyDelete
    Replies
    1. ඔව් සහ ඔව් .. ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව් :)

      Delete