බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, January 1, 2012

~ මගේ කථාව ~

අලුත් අවුරුද්ද පටන්ගන්න පුලුවන් හොඳම විදියට පටන් ගත්තා... සතුටු වෙන්න පුලුවන් අඩවන්න ඕනි වෙලා හිටි මිනිස්සුන්ට... තමන්ගේ උත්සාහය සාර්ථකයි... :)




මගේ බ්ලොග් එක මම පටන් ගත්තේ මම ගැන ලියන්න... සාහිත්‍ය ගැන නෙමෙයි මම ගැන ලියන්න.. අහන්න කෙනෙක් නැති .. කියන්න කෙනෙක් නැති .. මගේ කථාව සයිබර් අවකාශෙට මුදා හරින්න.. පිවිසුමේ කියලා තියෙනව වගේම..බාඳුරා අසපුව බිහි උනේ මගේ ලේ මස් නහර උරා බීපු..ඒත් ඒ බව නොදැන මම දිගටම පුද පූජා කරපු... නෙලුම් අසපුවක් කියලා මම රැවටුනු...බාඳුරා අසපුවකින් මගේ ජීවිතේ තැලිල පොඩි උනාට පස්සේ .... මේක සාහිත්‍යමය බ්ලොග් එකක් නෙමෙයි..එහෙම හිතිලා වැරදිලා මේ පැත්තේ ආව අය මට සමාවෙලා ආපහු යන්න.. 

මෙ මගේ ජීවිතේ... 
ලෝකෙට නිරාවරනය කල මගේ පෞද්ගලික ජීවිතේ ...

මම කාලකන්නි ජීවිතයක්.. මම ඒක නෑ කියන්නේ නෑ... මම කවදාවත් කඩේකින් මුලින්ම බඩුවක් ගන්නේ නෑ.. බස් එකකට මුලින්ම ගොඩ වෙන්නේ නෑ..ඒ මගේ ජීවිතේ කාලකන්ණිකමෙන් අනිත් ජීවිත වලට වදයක් වෙන්න මට ඕන නැති නිසා.. මම කවදාවත් කිසිම කෙනෙක්ගේ ජීවිත වලට ඕනවට වඩා ලංඋනේ නෑ..කාටවත් ලංවෙන්න දුන්නෙත් නෑ.. මගේ රාමුව ඇතුලේ මම තනියෙම හිටියා...

ඒත් එක දවසක් මට ආදරේ දැනුනා... මට දැනුනා එක ජීවිතයකට ලංවෙන්න මම කැමතී කියලා.. මම ගොඩක් බය උනා... මම ඒ ජීවිතෙන් ඈත් උනා.. ඒ ජීවිතේට කිව්ව මගෙන් ඈතට යන්න කියලා..

මගේ හෝ ඒ ජීවිතේ කරුමෙට ..එයා ඈතට ගියේ නෑ එදා... මගෙත් එක්ක ඉන්නම් කියලා..දුක නිවන්නම් කියල මගේ ලගට ආව..මම දුවන්න දුවන්න තව තවත් ලගට ආව... මමත් ඒ ජීවිතේ මගේ ජීවිතේට ලං කරගත්තා...ඉබ්බ දියේ දාන්න හැදුවම ඇන්නෑවේ කිව්වා වගේ ;)

ගොඩක්  දේ උනා..ගොඩක් දේ කිව්වා.. එදා මගේ අනතුරු ඇඟවීම නොතකා මගේ ලඟට ආපු ජීවිතය..පස්සේ කාලෙකදි එයා හොයගත්තු ජීවිතයත් එක්ක යන්න ගියා... එද්දි කියලා ආවත් යද්දි කියල යන්න එයාට අමතක උනා... 



අද මම තනියෙම... මම දකින්න බය උනු ජීව්තය මට පෙන්නල ඒක ආයෙම උදුරගෙන වෙන කෙනෙක්ට දෙන්න තරම් මගේ ජීවිතයට ආව කෙනා නපුරු උනා... කවදාවත් මම දැනගෙන හිටියේ නෑ මට අහිමි මොනවද කියලා... මම ජීව්තය දැකල තිබුනේ නෑ..මොකද... මම විහිලුවටවත් ඒ වෙනකන් අකුරු හතරේ ආදරය දැකලා තිබුනේ නෑ..ඒත් එයා ගිය දා ඉඳන් මම දන්නව මට නැතිඋනේ මොනවද කියලා... උපතින්ම ඇස් නොපෙනුන කෙනෙකුට අහිමි උනු දේවල් අඩුයි.. නමුත් ඇස් නොපෙනී තිබිලා ආයෙම ඇස් පෙනිලා..ආයෙම ඒ ඇස් දෙක උදුරගත්තු කෙනෙක්ගේ කථාව ඇස් පෙනෙන නොපෙනෙන කිසිම කෙනෙක්ට කවදාවත් තේරුම් ගන්න බෑ...

මම ඇඩුවා..ගොඩක් ඇඩුව..අදත් තාමත් අඩනව.. කැමති කෙනෙක්ට පුලුවන් අනුකම්පා කරන්න..කැමති කෙනෙක්ට පුලුවන් හිනා වෙන්න ..කැමති කෙනෙක්ට පුලුවන් කැමති විදියකට මගේ කඳුලු අරුත්ගන්වන්න ...

ගිය කෙනාට මම සාප කරන්නේ නෑ..සමහරවිට මගෙත් එක්ක ඉන්න එක ඒ කෙනාටත් දුකක් වෙන්න ඇති.. මම ඒ ජීවිතයටත් කවදාවත් හිනාවක් ගේන්න නැතුව ඇති.. දුකක් කරදරයක් ... අඳුරු මතකයක් මිස ඒ ජීවිතයට මම වෙන මුකුත් නොවෙන්න ඇති... මට කවදාවත් බැරි උනා ඕනි එකෙක්ට හෙන ගහපුදෙන් කියලා මගේ ජීවිතය විඳින්න.. මම හැමදාමත් දුක් උනා.. අනිත් මිනිස්සු ගැන..මම නිසා විදවන අනිත් අය ගැන... ඒ නිසා මගෙත් එක්ක හිටි කාලය ඒ ජීවිතයත සතුටක් ගේන්න නැතුව ඇති.. නිදහස් එලිමහන් ඇවිදීම්..හින පිරුනු කථා... කුරුලු පිහාටු කාලයන්...සීනි බෝල කථා කවදාවත් මගේ ලග තිබුනේ නෑ එයාට දෙන්න... හැමදාමත් මම දුක් උනා මම නිසා..මගේ ජීවිතෙට සතුටක් දෙන්න ආව නිසා එයාට නැති උනු දේවල් ගැන... මම කවදාවත් එයාගේ ලෝකෙ දේදුන්න උනේ නෑ...ඒත්.. මට අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි... ආපහු උදුරගන්න නම් ඇයි ජීවිතයක් දුන්නේ ... ? ඇයි එයා තේරුම් නොගත්තේ එයාගේ දේදුන්න වෙන්න මට බෑ කියලා? ඇයි එයාගේ දේදුන්නව එයා කලින්ම හොයා නොගත්තේ? ප්‍රෂ්නයක් ..... !!





මගෙත් එක්ක එකට හිටි ජීවිතය මාව තේරුම් නොගත්තනම් ඒ වටේ පාවෙන අනිත් ජීව්ත මාව කොහොම තේරුම් ගන්නද :) මගේ ගැන.. මගේ ජීවිතය ගැන මුකුත් නොදන්න මිනිස්සුන්ට උත්තර බඳින්න යන්නේ නෑ මම... මාව තේරුම් ගනී කියල හිතපු එකම මනුස්සයගෙන් මේ තරම් බැනුම් අහගත්තට පස්සේ .... තවත් මොන කථාද ...

මට ආඩම්බරයි මම ගැන.. හැම දෙයක්ම උනාට පස්සෙත්..... හිත හදන්න...ලඟින් ඉන්න... එක ආදර වචනයක් කියන්න කෙනෙක් ලඟින් නැති උනත්.. මමත් ජීවත් උනා... අවුරුද්දක්ම මගේම කඳුලු වලින් ජීවිතය හදාගෙන මමත් ජීවත් උනා... මගේ චරිතය එක එක්කෙන කැමති කැමති විදියට විවෙචනය කරද්දි.. මගේ ජීවිත කථාව Drama එකක් විදියට මිනිස්සු දකිද්දි.. මම හැමෝගෙම ජීව්ත වල Drama queen කෙනෙක් විදියට හංවඩු ගැහෙද්දිත් මම ජීවත් උනා... නිදිපෙති බිව්වෙවත්..කෝච්චියට බෙල්ල තිබ්බෙවත් නෑ :) අනුකම්පාව යදින ආත්ම කථනයක් විදියට මිනිස්සු දැකපු මගේ පුංචි බ්ලොග් එකට මගේ දුක දිය කර ඇර ඇර මම ජීවත් උනා.. අහන්න කෙනෙක් නැති මගේ කථාව අන්තර්ජාලය හරහා ඔහේ ගලාගෙන ගියා...

මම තාම පණ පිටින්...

හැමදේම වෙන්නේ හේතුවක් ඇතුව කියලයි මගේ ජීවිතේට ආව කෙනා මට කියල දුන්නේ...
අද මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල මම දැනගන්න කැමති....

දේදුන්නක් හැදෙන්න අවුවයි වැස්සයි දෙකම ඕනිලු... 
ඔව්..
මම අව්වත් වින්දා..
වැස්සත් වින්දා...
ඒත් කෝ මගේ දේදුන්න ?

මගේ බ්ලොග් එකත් සමහරවිට බොහොම ඉක්මනින් මේ අවකාෂයෙන් මිදිලා යාවි... මගේ කථාව මාත් එක්කම මැරිලා යයි... 

මේ පෝස්ට් එකෙන් පස්සේ මට තියෙන ඔක්කොම බැඳීම නැති වෙන බව මම දන්නවා.. බැනුම් මහ ගොඩක් මැද.. මම තනිවෙන බවත් මම දන්නවා... ඒත් මට තවත් නැති වෙන්න දෙයක් ඉතුරු නෑ..මගේ ගැන මගේ කථාවට වඩා පිට මිනිස්සුන්ගේ කථා වැදගත් උනු දවසේ ඉඳලා....
මම විස්වාස හැමදේම අමු බොරුවක් මිස ඇත්තයි නෙමෙයි කියලා මම දැනගත්තු දවසේ ඉඳලා... 
මම ගෙවල් හැදුවේ බොරු ගොඩකින් හැදුනු පාදමක් උඩ කියලා මම දැනගත්තු දවසේ ඉඳලා.....
මම මැරිලා ඉවරයි .... 




(මගේ ගැන නොදන්න.... ඒත් මම හැමදේම දන්න මිනිස්සුන්ට මගේ කථාව කියන්න මට උවමනාවක් නෑ.. ඒ මිනිස්සු වෙනුවෙන් මම කලේ මොනවද..නොකලේ මොනවද...ඒ හිලව්වට මට දුන්නේ මොනවද කියලා හෘද සාක්ෂිය දන්නවා ඇති.. තමුන් හිතනව නම් තමුන් හරි කියලා.. එච්චරයි ... !! කියන්න තියෙන්නේ එක දෙයයි... තම තමන්ට ඕන උනු දේ උනා... ඒ මීට ගොඩ කලකට ඉස්සර .... 2012 සතුටින් ඉන්න.. ඒ වගේම අනිත් අයවත් සතුටින් තියන්න..කරුණාකරලා)

3 comments:

  1. විරුද්ධ වෙනවා එක ප්‍රකාශයකට,ඔයා කාලකන්නි කියල කියන්නේ මොන මිම්මක ඉඳගෙන ද?කිසිම හේතුවක් නැතුව කාලය කනවා නම් තමා කාලකන්නි වෙන්නේ .තමන් ගේ හිත හොඳ නම් අනික් ය මොනවා කිව්වත් මොකද හලෝ.ඔච්චර අසුභවාදී වෙන්න එපා.ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න,එච්චරය්..ඔක්කොම හොඳින් සිද්ද වෙය්.කාලයට ඉඩ දෙන්න,වය්ර කරන්න එපා.ඉවසීමෙන් මිනිස්සුන්ට සමාව දෙන්න ඉගෙන ගන්න,එතන ඉඳන් සතුටු වෙන්න.කොච්චර දුකක් හිතේ තිබ්බත් අනෙක් අයෙකුගේ සතුටේදී හිනා වෙන්න පුළුවන් නම් එතන තමා මිනිහෙකුගේ විශේෂත්වය තියෙන්නේ.

    ok ok,Wish u "a happy 2012"

    ReplyDelete
  2. ow.. මාත් විරුද්ධයි... ඔයාට හුඟාක් දේවල් තියෙනවා... සාපේක්ෂව ඔයට වඩා හුඟාක් දේවල් නැති වුනු අය ඉන්නවා...මේ මට හම්බෙලා තියෙනවා.. මේ මට වුනත් ඔයිට වඩා දුක් විඳින්න වුනා... හිතන්න අක්කි..ඔයා කාලකණිණී නෑ.. මිනිස්සුන්ට ජිවිතේ හැමදාකම වරදින්නෙ නෑ...

    ReplyDelete
  3. මේක ඔයාගේ කතාව වගේම මගේ කතාවත් වෙන්න පුලුවන් අක්කේ. මොනවා වුණත් මම වැටුණේ නැහැ.

    ඒකත් පාඩමක් විදිහට ගත්තා.

    ඒක නිසා මට හිතුණු දෙයක් තමා "මිනිස්සු තමන්ගේ ජීවිත කාලයේදී එක පාරක් හරි මෝඩකමේ අන්තයටම යන්න ඕනේ. එහෙම ගියාට පස්සේ එයා ආයි මෝඩකම් කරන්නේ නැහැ වගේම හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙනවා" කියන එක

    ReplyDelete