බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, December 4, 2011

යදින්නී ඈ .... !!



 නෙතට කඳුලක් නොව
මුවට හසරැල් ගෙනා වරදට....

හදට සුසුමන් නොව
සිතට සිසිලක් ගෙනා වරදට....

ලොවට අඳුරක් නොව
සහන් එළියක් ගෙනා වරදට....

අතැර යාමට නොව
ලඟින් ඉන්නට පැතූ වරදට.....

සතුට ගන්නට නොව
සතුට දෙන්නට
පැතූ වරදට....

මුලු ලොවම නොව
එකම හදවත පැතූ වරදට.....

සයනයේ ඉඩක් නොව
හදවතේ ඉඩක්
ඇවැසි වූ වරදට.....

බිමට වට මහා මේඝයට
දෑත එක් කර
හිස සෙවන කල වරදට......

පතුල කටු ඇනේයැයි
රෝසමල් පෙති
බිම අතුල වරදට.......

දිය පවස නිවන්නට
රුහිරු ලේ
පිනි කඳුලු කල වරදට...........

නිදි සුවය ගෙනෙන්නට
සෝ සුසුම්
කවි පොකුරු කල වරදට.......

මිනිස් වෙස් රකුසියන්
නැසූවෙන් නොව
ලඟට ගත් වරදට.......

අන් ඇසට කඳුලු දී
අනුරාගයේ
පොත් නොකියු වරදට.......

පැය දින සති මාස නොව
මුලු දිවිය පුරවට
සෙනේ කල වරදට.......

කැබලි කර විකුනන
සෙනෙහෙ බිම් කඩ
එපා කී වරදට.........

දහක් දෙන ගිනි නිවූ
සිරුර 
දෙවොලක් කල වරදට.....

වෛර කල නිසා නොව
ආදරය කල වරදට......

මුසාවක් මත
මන්දිර තැනුව වරදට.....

විකිනෙන ආදරය
ලොවක් ලෙස පිදුව වරදට.......
අභය ඉල්ලා යදින්නී ඈ ............
ආලයේ නාමෙන්...... !!


7 comments:

  1. මෙච්චර වැරදි ගොඩක් කරපු කෙනෙකුට සමාව දෙන්නද කියන්නෙ.....?

    ReplyDelete
  2. නෑ .. ටික ටික මරන්නේ නැතුව එක පාර මරලා දාන්න කියලයි ඉල්ලන්නේ ... ආලයේ නාමයෙන් අභය දානයක් ... ජීවිතේ බේරගන්න නෙමේ එක පාරෙන් ජීවිතෙන් මිදෙන්න

    ReplyDelete
  3. දැන් කවුද වැරදි කාරයා.....................?

    ReplyDelete
  4. ඔබ අවංකවම සමාව ඉල්ලය් නම් ඔබට නිසැකවම ලැබෙනවා ඇත.විශ්වාසය අප ජය මග රැගෙන යන අතර ආදරය එහි නිසැකවම රැඳෙනවා ඇත ,වෙනස ඇත්තේ අප තේරුම් ගැනීමට වෙහෙසෙන ප්‍රමාණය අනුවය්...D:

    ReplyDelete
  5. ආදරේ වැරද්දක් වගේ දැනෙන්නේ තමන්ට ආදරේ නැති කෙනෙක්ට ආදරේ කලාම..
    ලස්සන නිසදැසක්..

    ආදරේ නැති හදවතකට
    ආදරේ කල වරදට
    දඬුවම් විඳි ඈ
    රැයක් දාවලක් නොමැතිව..

    ReplyDelete