බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, June 26, 2011

කැම්පස් කථා (Second Episode)

අපෝයි ... ෂර්ලොක් හෝම්ස් කථා මාලාව ලියන්න ගිහින් ආතර් කොනන් ඩොයිල් මහත්තයා මූන දුන්නු නස්පැත්තියටත් වඩා අලි ජරමරේකට මම මූණ දීල ඉන්නේ ;) කොනන් ඩොයිල් මහත්තයා ෂර්ලොක් හෝම්ස් ව රයිෂන්බාග් දිය ඇල්ලෙන් පහලට තල්ලු කරල මරල දාපු දවසෙ ඉදන් ඒ මනුස්සයට හෝ ගාල මරන තර්ජන ආවලු.. දවසක් දා ආච්චි කෙනෙක් ඩොයිල් මහත්තයාගේ කම්මුලට ගහලා කිව්වලු ෂර්ලොක් හෝම්ස්ව ආපහු ගෙනාවෙ නැත්නම් හොඳ වැඩක් කරනවා කියලා ..අනේ ඉතින් අසරණ කොනන් ඩොයිල් මහත්තයා කොහොම හරි ෂර්ලොක් හෝම්ස් ව ආපහු ගෙනාවලු .. මගේ මේ කැම්පස් කථා මාලාවත් එහෙම වෙලානේ..තාම නම් කවුරුත් කම්මුලට ගැහුවේ නෑ..ඒත් එරවිලි ගෙරවිලි ලතැවිලි කෝටියයි ඊලග කොටස් ලිව්වේ නෑ කියලා. ඒ නිසා මෙන්න අද කථාවේ දෙවෙනි කොටස.. මගේ බූත කැම්පස් ජීවිතේ දෙවෙනි අවුරුද්ද ... :)

මුලින්ම කියන්න ඕනි SLIIT දෙවෙනි අවුරුද්ද තමයි මගේ ජීවිතේ සංධිස්ථානය.මට ආයෙම හැරිල ගිහින් මගේ ජීවිතේ හරිගස්සන්න පුලුවන් උනොත් මම යන්නේ දෙවෙනි අවුරුද්දට.. 2008, ඒ කියන්නේ SLIIT second year එක තමයි මගේ ආදරේ පටන් ගත්තු අවුරුද්ද.. ඒ වෙනකොට මට වයස අවුරුදු 23යි.ඒ වෙනකන් මම විහිලුවටවත් කාටවත් ආදරේ කරලා තිබුනේ නෑ (ආදරේ විහිලුවට කරන්න පුලුවන් දෙයක් විදියට මම කවදාවත් දැක්කෙත් නෑ).කොහොම හරි මට වැරදුනේ, 2008දි....මේ post එකේ කොමඩි කෑලි ගොඩක් අඩු වෙයි ඒ නිසා.. මට 2008  සතුටින් මතක් කරන්න බෑ ..ඒකයි ... !!

ඔන්න ඉතින් මතකනේ පළවෙනි කොටස ඉවර උනු විදිය. මගේ click එක කැඩිලා ගිහින් මමයි විසාකා එකේ ගෑනු ළමයයි විතරයි දෙවෙනි අවුරුද්දට ආවේ. එයයි මායි අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න තිබුනා. ඇත්තටම මට අදටත් හේතුවක් හොයා ගන්න බැරි උනාට එයා එයාගේ boy friend වෙනුවෙන් එයාගේ යාලුවව අතෑරියා.නිකනුත් නෙමෙයි,මගේ හිත රිදෙන ගොඩක් දේ කියලා.එයා මාව අතෑරියද මම එයාව අතෑරියද කියලා හරියටම පැහැදිලි නෑ.මම ගොඩක් ඇඩුවා. මගේ යාලුවො මට දෙවියො වගේ.එයාලට නපුරු මූන පෙන්නුවට මම ගොඩක් හිතින් දුක් වින්දා.ඇයි එයාල මාව තෙරුම් නොගන්නේ කියලා හිතුවා. මම මට පුලුවන් හැමදේම කරලත් ඇයි මටම බනින්නේ කියලත් හිතුවා. ඒ යාලුවා මේ blog  එක කියවන්නේ නැතුව ඇති.ඒත් එයා හිටපු කාලේ මට එයාව පෙනුනේ මගේම සහෝදරියෙක් වගේ.හුළං කපොල්ල ළගට වෙලා එයාගේ phon එකේ තිබුනු සිංදු අහන ගමන් tute හදපු හැටි මට අදටත් අමතක නෑ. කාගෙ වැරැද්දෙන් හරි ඈත් වෙලා ගියත් මට තාමත් එයාව මතකයි හොඳ යාලුවෙක් විදියට... කරපු නපුරුකම්,කියපු නපුරු කථාත් මතකයි ..ඒත් මම වැඩිය කැමති හොඳ මතක් කරන්න.කොහොම හරි දෙවෙනි අවුරුද්ද පටන් ගනිද්දි මම තනියෙම වගේ තමයි හිටියේ.

ඉතින් ඔහොම තනියෙම හිටි මට weekday batch එකෙන් ආපු අලුත් යාලුවෙක් මුණ ගැහුනා. එයානම් තාමත් මගේ හොඳම යාලුවෙක්. මට කොච්චර බැන්නත් අදටත් මට කථා කරන්න පුලුවන් හොඳ යාලුවෙක්.මම ආයෙම මගේ ජීවිතේ අලුතින් පටන් ගත්තා.අලුත් යාලුවෙක්,අලුත් semester එකක් එක්ක. මතකනේ මම කිව්වා එක්කෙනෙක්ගෙ ඇරෙන්න මට ඕනි උනු අනිත් හැම කොල්ලගෙම එක mobile numbers මගේ ලඟ තිබුනා කියලා. පළවෙනි අවුරුද්දේ final semester එකේ විදපු ඩෙංගු මදුරුවට පිංසිද්ධ වෙන්න එයාගේ number එකත් මට හම්බුනා. මට first semester final exam එකට එන්න බැරි උනා ඩෙංගු හැදුනු නිසා.ඉතිං අර කියපු කෙනා ඇරෙන්න අනිත් ගොඩක් අය මගේ සැප දුක් අහලා තිබුනා මගේ යාලුවගෙන්.සනීප වෙලා ඇවිදින් අසනීප බලන්න ඇයි කතා නොකලේ කියලා ඒ දවස් වල මගේ communication hero වෙලා තිබුනු course web chat එකෙන් ඇහුවම එයා කිව්ව mobile number එක නොතිබුනු නිසා අහන්න විදියක් තිබුනේ නෑ කියලා. ඉතින් ඒ දවස් වල මට magic වෙලා තිබුනු hi5 chat එකෙන් මම මගේ එක number එයාට යැව්ව.. එයාගෙ number එකත් මට ලැබුනා... දැනගෙන හිටිය නම් ඒ mobile number එකක් නෙමෙයි මහා ගිනි ජාලවක් පටන් ගන්න ගිනි පුපුරක් කියලා .....  පරක්කු වැඩී දැන්.

ම්ම්ම්.. post  එක වල් වදින හැඩයි.. හරි ඔන්න ඉතිං first semester එකේ වැඩ පටන් ගත්තා.මගේ අලුත් යෙහෙළිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධ්‍යාපන කාන්තාවක්. lecture එකක් cut කරමු කිව්වම ඇස් උඩ තියාගෙන දිව එලියට දාගෙන කලන්තේ දාන්න ඔන්න මෙන්න වගේ රගපාන හොඳ විනීත කාන්තාවක්.Lecture hours වලින් හතරෙන් තුනක් එළියේ රවුම් ගහපු මට එයත් එක්ක හිටි මුල් දවස් ටික නිකන් බරපතල වැඩ ඇතුව හිරේ දැමීමක් වගේ උනා.තනියෙම lectures cut කරන්නත් බෑ..මේ මනුස්සය මාත් එක්ක එකට cut කරන්නෙත් නෑ.. ඔන්න මම යනවා.. යනව යනවමයි කියලා lecture hall  එකෙන් එළියට ගියත් මේකා නෙමෙයි නිකමටවත් පුටුවෙන් හෙල්ලෙන්නේ.ඉතිං මමත් ප්‍රේමයෙන් පැරදුනු බුවෙක් වගේ කර බාගෙන මගේ තඩි පොත් මල්ලත් උස්සගෙන ආයෙම lecture hall එක ඇතුලට ඇවිත් බුකවගෙන ඉන්නවා පැය තුනම :) කොහොම හරි ඒ නිසාමද මන්දා මගේ SLIIT ජීවිතේ හොඳම results තිබුනේ second year එකේ. මම ඉගෙන ගත්තු නිසා නෙමෙයි, මට ඉගෙන ගන්න සිද්ධ උනු නිසා :D

පළවෙනි semester එකේ තිබුනු subject වලින් තුනක් ෂේප්. එත් බුදු අම්මෝ subject එකකුත් තිබුනා. SLIIT ගියපු හැමෝම දන්න අති පිවිතුරු, නෙත්‍රාංජන, කර්ණරසායන  Probability and Statistics :) මතක් වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙන,අද වෙනකුත් මෙලෝ දෙයක් නොතේරෙන subject එකක්. මගේ SLIIT ජීවිතේ පලවෙනි "C" pass එක ලැබුනු subject එක.කිසිම දෙයක් නොතේරී ලියල pass උනු එකම subject එක :) මරනෙට කැප උනු එළදෙනෙක් වගේ අඩාගෙන ගිහින් lecture එකට ඉදගන්නේ.cut කරන්නත් බෑ මගේ සහායිකාව cut කරන්නේ නැති නිසා. අපිට scientific cal එකක් පාවිච්චි කරන්න කියලයි තිබුනේ මේ subject එකට.කිව්වට විස්වාස කරන්න ඒ බඩකඩිත්තුව පාවිච්චි කරන්න මට අදටත් බෑ. ඒත් miss ට එකෙන් ගාන හදලා screen එක පෙන්නන්න ඕනි.ඉතිං මම කරන්නේ මැනුවලි ගාන හදලා ඒ උත්තරේ එනකන් cal එක ඔබන එක. අපෝයි මම වින්ද දුකක මහත ... :( ඒ මදිවට අහන්න වෙන බැනුම් ගොඩ. මගේ කට පොපියනවා බනින ඒවට උත්තර දීගන්න බැරුව.ලේ පයින්ට් ගනන් නෙමෙයි බවුසර් ගනන් පුච්චන්න ඇති තරහට.ඒත් ඉතින් miss ට බනින්න බෑනේ.මගේ තරහ මමම කාගෙන හිටියා කොහොම හරි.අන්තිම වෙද්දි මටම තේරුනා lectures යන එක වැඩක් නෑ කියලා. miss කියන ඒවා එක කනකින් input වෙලා අනිත් කනෙන් output වෙනවා.No processing. ඉතිං නිකන් පුටු රත් කරන එක වැඩක් නැති නිසා මම ඒ වෙලාවේ canteen එකේ කෑම අධ්‍යනය කරන්න තීරනය කලා.අපරාදේ කියන්න බෑ මගේ යාලුවත් මට එකතු උනා... එයාටත් නොතේරෙන PS මට කොහේ තේරෙන්නද ඉතිං ;)

ඔය අතරේ මගේ සුපුරුදු යාලුවන් හොයාගෙන යෑමත් මම දිගටම කලා. මේ වෙද්දි මට මගේ batch එකේ විතරක් නෙමෙයි මට වඩා ඉහල batch වලත් හිත ගිය තැන් වල මාළිගා හදාගන්න පුලුවන් වෙලා තිබුනා මට. course web chat එකට වඩා නවීන communication methods මම හොයාගෙන තිබුනා. මට ඕනි අයට මම කථා කලා..මට ඕනි අයත් මට කථා කලා.ඉතිං ජීවිතේ මලක් වගේ ගෙවිලා ගියා ;)

කොහොමින් කොහොමින් හරි first semester final exam එකත් ලඟ ලඟම ආවා. අනිත් subjects අවුලක් නැති උනත් PS නම් කෙළවෙන බව ඉර හඳ වගේ විස්වාසයි. Probability of failing PROBABILITY is 1. ඉතිං මම ගෙදර ඇවිත් බූ ගාල ඇඩුවා.. කෙස් කඩාගෙන, හොටු නාවර පෙරාගෙන හරි කැත විදියට ඇඩුවා.. මගේ රංගනයට බය උනු මගේ පියාණෝ වහාම මාව SLIIT එකේ degree එක complete කරපු අයියා කෙනෙක් ලගට යොමු කලා PS ඉගෙන ගන්න ..අයියා කෙනෙක් ලගට...ඉතිං අධ්‍යාපනය ඉවර වෙද්දි java code බල බල හිටි අයියා barbie movies බලනවා.. ;) ඒත් මට තාමත් PS බෑ.... :D ඉතිං මම මිනිහා මැරුනු ගෑණි වගේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා.මේ විගඩම බලගෙන ඉන්න බැරි උනු තැන මගේ යෙහෙළිය ඉදිරිපත් උනා මට සර්වරාත්‍රික කුප්පියක් දාන්න.ඉතිං මම එයාවත් එක්කගෙන අපේ ගෙදර ආවා හරියටම exam එකට කලින් දවසේ.ඉතිං එයා මට උගන්නන්න පටන් ගත්තා.බොහොම ස්වල්ප වෙලාවකින් එයා තේරුම් ගත්තා මගේ මොලේ PS section එක එහෙම් පිටින්ම මැටි බහුල ප්‍රදේශයක් කියලා. මම මොංගල් ඩයල් එකක් වගේ හිනා වෙනවා විතරයි අහන අහන හැම ප්‍රශ්නෙටම.ඒ ගමන එයා past paper එකක් අරගෙන එක එක ප්‍රශ්නෙට උත්තරේ ලිව්ව කොලේක.ලියලා කිව්ව මෙහෙම ප්‍රශ්නේ ඇහුවොත් මෙහෙම ලියන්න මෙහෙම ඇහුවොත් මෙහෙම ලියන්න කියලා.. මම ප්‍රශ්නයි උත්තරයි කට පාඩම් කලා එලි වෙනකන්. අන්තිමේ exam එකට ගියාම ඒ විදියටම ප්‍රශ්න අහලා තිබුනේ නෑ. මොකක් කොහෙට ලියන්නද කියල නොතෙරුනු මම කොහොම හරි මගේ යාලුවා කියලා දුන්නු උත්තර ටික එහෙට මෙහෙට විසි කලා.. තිස්තුන් කෝටියක් දෙවියන්ට පිංසිද්ධ වෙන්න එතනින් උත්තර දෙක තුනක් හරි ගිහින් යාන්තම් ලෙවකාගෙන වගේ " C " එකක් එක්ක මම pass උනා :D

දැන් ඔන්න මම second semester එකේ. Project එකක් තිබුනා කරන්න. අපි කලේ Hayleys Agro company එකට leave mgmt system එකක්... **** මගේ පියාණෝ තමයි ඒ company එකේ HR head ;)  **** අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා පටන් ගත්තු project එක පුං චි කුහුඹුවෙක් දීල ඉවර කලා.අපේ success එක ගැන මමම හදපු letter එකක් අපේ පියාණෝ පත්තරේ බල බල වෙලා ඉන්න වෙලාවක නහයට උඩින් අල්ලලා sign කරවගත්තා මම.ඒ නිසා තිබුනු project වලින් හොදම customer satisfaction feedback එක තිබුනේ අපේ project එකේ :) sir  කන්නාඩියත් දාලයි letter  එක බැලුවේ... හිකි හිකි :D

second semester එකේ මතකයන් වලින් මගේ යෙහෙළිය කරපු DAA (Data Analysis and Algorithms) කුප්පියත් අමතක වෙන්නේ නෑ.. මුලු දවසක් පුරාවට එක දිගට algorithm අදින්න සිද්ධ උනා එදා. කුප්පියට සහභාගි උනු එක දරුවෙක් පුටුව උඩ ඇඹරෙනවා..මගේ යෙහෙලියට මරු කෙන්තියි..එය බැනගෙන බැනගෙන යනවා ඒ දරුවට ..එතකොට ඒ දරුවා කියාපි " අනේ ... මම ටිකකට wash room එකට ගිහින් එන්නද කියලා " ඒත් මගේ ෆ්‍රෙන්තා නෙමෙයි සැලුනේ.එයා ගත් කටටම කිව්ව මේ ගානත් හදලා යන තැනක යන්න කියලා.නිකන් හිතලා බලන්න..මුත්‍රාසෙට තේරෙනවද exam එක වැදගත් කියලා ..ඔන්න ඔහොමයි අපි කුප්පි වලට සහභාගි උනේ ..නොකා නොබී.. සියලු සාරීරික අවශ්‍යතා වලට තිත තියලා :)

මේ වෙද්දි මමත් කුප්පි දැමීම පිළිබඳව හරිම ප්‍රසිද්ධයි.. හෝ ගාල request ගලාගෙන ආව කුප්පි වලට.මමත් පුලු පුලුවන් විදියට හැමෝටම මගේ දැනුම බෙදා හැරියා. සමහරු හිතාගෙන හිටියේ මම ලෝක පාලන දෙයියෝ කියලා..ඒකයි සමහර කොල්ලෝ exam එකට කලින් දවසේ ඇවිදින් " මේ.. මට තියෙන්නේ පැය බාගයයි.. මට මුලු semester එකේම Software engineering ටික පට් පට් ගාල කියලා දෙන්න" කියන්න පුරුදු වෙලා හිටියේ ;)

කොහොම හරි.. අවුරුද්ද මුල පටන් ගත්තු මගේ අප්‍රකාශිත ප්‍රේමය මේ වෙද්දි මගේ හිත ඇතුලේ අතු දාල තඩි රූස්ස ගහක් වෙනකන් වැඩිලා තිබුනා.මගේ යෙහෙළියට මගේ ආදර චුරු චුරුව මළ කන්දොස්කිරියාවක් වෙලා තිබුනා. ඒ නිසාම එයා පොඩි පොඩි hint පාස් කරන්න පටන් අරගෙන තිබුනා මගේ ආදරය අදාල පාර්ශවයට දන්වන්න.ඒත් අදාල කෙනා ඒවට නෑසු කන් ඇතිව හිටියා.එයා මට කැමති නෑ..ඒත් මම දිගටම මගේ ඒක පාර්ශවික ප්‍රේමයට පෝර දැම්මා..ඒක අතු ඉති විහිදිල මල් පිපෙනකන්ම පෝර දැම්ම ...

second year එක ඉවර වෙද්දි මගේ යාලුවො ගොඩක් දෙනා Sheffield යන්නයි ලෑස්ති වෙලා හිටියේ.මට migrating  තහනම් නිසා මට ඒ ගැන හිතන්නවත් ඉඩක් තිබුනේ නෑ.යාලුවො නැතුව එකේ අවුරුදු දෙකක් ඉන්න බෑ කියලා හිතුනු නිසා මම තීරණය කලා third year එකට curtain degree එකට මාරු වෙන්න.එතකොට අවුරුද්දෙන් degree එක ඉවරයි කියලා මම හිත හදාගත්තා... SLIIT එකේ මම ආදරය කල හැම කෙනෙක්ම මාව දාල යන්න සූදානම් වෙන නිසා ආයෙමත් මම අඩන්න ගත්තා, .. ඇඩුවා ඇඩුවා ඇඩුවා ... !!

Second year එක ඉවර වෙද්දි මගේ achievements :

01) මට ඕනි කෙනාගේ mobile number එක මගේ ලග තිබුනා.
02) Senior batch වලත් මට යාලුවො හිටියා.
03) Second year එකේ sir ල miss ල ඔක්කොමත් මාව ඇඳිරුව.දැක්ක තැන හිනා උනා.
04) කුප්පි කෙල්ලෙක් වශයෙන් මගේ කීර්තිනාමය හැම තැනම පැතිරිලා තිබුනා.
05) මගේ note books ගොඩක් කොල්ලෝ ලඟ තිබුනා.අදටත් මගේ පොත් එකක්වත් මගේ ලඟ නෑ ;)
06) 3.72 GPA එකක් එක්ක SLIIT Diploma එකට හිමිකම් කිව්වා.
07) ප්‍රේම ආරාධනා හතරක් ලැබුනා ...

කිව්ව වගේ 2008 එක තමයි මගේ ජීවිතේ සංක්‍රාන්තිය සිද්ධවුනු අවුරුද්ද. මට ආපහු ගිහින් නිවැරදි කරන්න ඕනි අවුරුද්ද. ඒත් දැන් හැමදේටම පරක්කු වැඩියි... වෙන්න තිබුනු දේවල් කාටවත් නවත්තන්න බෑ. විඳවන්න තිබුනු නිසා මම අද විදවනවා ... මේ ඔක්කොම අනුකම්පා tricks විදියට මිනිස්සු දකින්න පුලුවන්.ඒත් මම ලියන්නේ මගේ කථාව.කාට හරි පුලුවන් නම් මම කියන්න්නේ බොරු කියලා ඔප්පු කරන්න ...PLEASE BE MY GUEST.  මම හිතනවා මම කාගෙවත් පෞද්ගලික ජීවිතේට පහර ගහන්නේ නෑ කියලා මේ කථා වලින්. කලින්ම කිව්වනේ..මේ කථා මාලවේ සියලු නම් ගම් මනඃකල්පිතයි..කොටින්ම මේ මමත් මනඃකල්පිතයි.. ;)

ඊලඟ post එකෙන් තුන්වෙනි අවුරුද්ද :)


19 comments:

  1. නියමයි..

    ReplyDelete
  2. සුපිරියි... ඔක්කොම මැවිලා පෙනුනා...

    ReplyDelete
  3. කෙල්ලෙක්ගෙන් කථා අහද්දී මාරයි. (කෙල්ලෙක් කිව්වට අක්ක කෙනෙක් සොරි වෙන්ඩ ඕනේ)
    අක්කේ මේකේ Word Verification අයින් කරන්න. නැත්නම් කමෙන්ට් කරද්දී කරදරයි.

    ReplyDelete
  4. හ්ම්ම් ....no commentz. ඔක්කොම හොදයි අවසන් ජේදය නැතිව.එකෙත් "වෙන්න තිබුනු දේවල් කාටවත් නවත්තන්න බෑ. විඳවන්න තිබුනු නිසා මම අද විදවනවා" මෙන්න මේටික නැතිව.

    ඊලග කොටස ?

    DG

    ReplyDelete
  5. කියන්න වචන නෑ අක්කි.. ඊ ලග කොටස පළවන තුරු නොවිසිල්ලෙන්..

    ReplyDelete
  6. මම දන්නෑ ඔයා මොනවා හිතනවද කියලා...ඒත් ස්ලිට් එක කැම්පස් එකක් නෙවෙයි කියන තැන මම ඉන්නෙ.....

    කතාව නම් පට්ට......සිරාවටම මරු...3 කොටස අහනකම් ඉවසිල්ලක් නෑ....

    ReplyDelete
  7. දිරි ගැන්වීම් සහ සකල විධ මල් ගල් මුල් ඔක්කෝටම බොහෝම ඉස්තූතියි :)

    @Fx Max :: SLLIT එක කැම්පස් එකෙක් තමයි දැන්.කැම්පස් එකක අර්ථනිරූපනය තමයි එකකට එකක් වෙනස් විෂයධාරා කීපයක් ඔස්සේ උපාධි ලබා දෙන අධ්‍යාපන ආයතනයක් කියන එක. SLIIT එකෙන් දැන් එක එක මාදිලියේ උපාධි ලබා දෙන නිසා දැන් ඒක කැම්පස් එකක් තමයි :)

    ReplyDelete
  8. මටත් තිබුනා ඔය වගේම ලස්සන අත්දැකීමක්(දැන් නම් ඉතින් ලස්සනයි)..අදයි මේ පැත්තට ආවේ!දිගටම ලියන්න...ජය වේවා

    ReplyDelete
  9. Course web chat එක ගැන කියද්දී මටත් පරණ කතාවක් මතක් උනා. ඔය කාලේ මමත් courseweb chat එකෙන් වසනා කියල කෙනෙක් එක්ක chat කරා. මට මතක හැටියට ඒ ඔයා තමයි. :P ඒ දවස වල ඔයා කවුද කියල මම දන්න්නව උනාට ඔයා මාව දන්නේ නෑ. මේ කියන දවසේ අපි හිටියේ 406 Lab එකේ . මම තව යාලුවෙක් එක්ක හිටියේ. ඔයාත් ඔයාගේ යාලුවෙක් එක්ක හිටියේ. ඔයාලා හිටියේ මද පේලියේ PC 2 ක , අපි හිටියේ පිටිපස්සේ පේළියක ඔයාලව පෙන විදිහට වෙන PC 2ක . Chat එකෙන් මගේ මුල් නම මොකද්ද ඇහුවම මම කිව්වේ "Almighty" කියලා. මතකද? :D මම almighty හින්ද මට හිතෙන ඕනම දෙයක් කරන්න පුළුවන් කියල මම කිව්වා. ඔය කිව්වා prove කරලා පෙන්නන කියල. මම කිව්වා මට ඕනි නම ඔයා PC එකෙන් කරන්නේ මොනවද කියල උනත් මට බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඔයාගේ PC desktop එකේ screenshot එකක් එවෙලේම අරගෙන course web chat එකෙන් send කරා. එකේ තිබ්බේ ඔයා Hi5 load කරගෙන ඉන්න screenshot එකක්. අපි ඔයාගේ reactions පිටිපස්සේ පේලියේ PC 2 කට වෙලා බලාගෙන හිටියේ. අරක දැකල අන්දුන් කුන්දුන් වෙලා ඔය යාලුවට පෙන්නුවා අර screenshot එක. මටයි මගේ යාලුවටයි මැරෙන්න හිනා! :D :D ඊට පස්සේ Hack කරන එක හොඳ නැති දෙයක් කියල ඔයාගෙන් මට දේශනෙකුත් ලැබුනා. මතකද? :]

    ReplyDelete
  10. මතකයි.. දෙයියෝ සාක්කි ..මහ හොර රැලක්..ඇත්ත එදා නම් මම කලබල උනා තමයි... මට නිකන් මැජික් වගේ උනා මගෙ ස්ක්‍රීන් එක එහෙම එව්වම :) ඉතිං කියමු බලන්න දැංවත් මේ අල්මයිටි කවුද කියල ;)

    ReplyDelete
  11. Kiyawagena yaddi SLIIT eke gatha karapu kaalaya mewila penawa... Harima apuruwata liyala thiyanawa... oyata jaya...!!!

    ReplyDelete
  12. Replies
    1. ne.. mama kavadaavath Anonymous kenekge welaa hitiye ne inneth ne !!

      Delete
  13. අදයි මේ පැත්තට අවේ,,පොස්ට් දෙකම බලුවා ලෙසටම ලියලා තියෙනවා..ඉතුරු කොටසත් ඉක්මනටම එනකම් බලන් ඉන්නවා
    ජය වෙවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි .. :)
      කැම්පස් කථා ඉවරයි.. ඉතුරු කොටසක් නෑ .. !!

      Delete