බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Wednesday, June 1, 2011

.: පුංචි ආදර කවියක් (වෙනසකටත් එක්ක) :.

 
ඔබ කවුරුන්දැයි සෙවූයෙමි .. 
ඔබ මට කවුරුන්දැයි සෙවූයෙමි ... 
ඔබට ආදරේ ඇයි දැයි සෙවූයෙමී ... 
ඔබට මගේ බස තුල උවම් සෙවූයෙමි ... !!




කෙසේ උවමිද සරා සඳ ලෙස
අඳුරු දිවි රැය කළුව දුරු කළ
පුන් පොහෝ දා හැරුනු අන් දින
සඳ මඩළ නොපීරී තිබෙන කල

කෙසේ උවමිද උදා හිරු ලෙස
මගේ ලොව අඳුරින් මුදා හල
රැය තිළිණ කර එවන් හිරු රැස්
දිනය අවසන නික්ම යන කල

කෙසේ උවමිද මහ සයුර ලෙස
පෙණ පිඩින් මා දෙපා සනසන
එවන් සයුරම රුදුරු වෙස් ගෙන
පොළෝ තළ වනසා ඇදෙන කල

කෙසේ උවමිද වැටෙන වැසි ලෙස
දිවි කතර සිසිලෙන් තෙමා හළ
මහා මේඝය ලෙසින් ඒ වැසි
අහස පෙරලා බිමට එන කල

කෙසේ උවමිද දිලෙන තරු ලෙස
රැයක අහසක් දෙව් බිමක් කළ
එවන් තරු එළි සඳ දිලෙන දින
දෙනෙත අද්දර නොපෙනි යන කල

කෙසේ උවමිද මා දිවිය ලෙස
දෙවිඳු පුද දුන් රන් මලක් ලෙස
නුදුරු දිනයක එලෙඹි මොහොතක
ඒ දිවිය මට උරුම නැති කල

මගේ ලියමන් සමත් නැත අද
ඔබ මෙසේ යැයි උවම් දෙන්නට
ඔබ ඔබයි; ඔබම වේ ඔබ
එ නිසාමයි ආදරෙත් මම .... !!
 


4 comments:

  1. කවි පන්තිය ගොඩක් ලස්සනයි යාළු. හරිම වෙනස්. මෙන්න මගෙන් උත්තරයක්.

    අමාවක දා හැරුණු හැමදා
    එළිය බිඳකින් හෝ ඔබේ ලොව
    එකළු කරනට වරම් ලබනට
    මග බලා ඇත නුඹ සරා සඳ

    දිනය අවසන නොපෙනි ගිය මුත්
    යළිඳු නව හිරු උදා ගිරගින්
    මතුව විත් නව දිනක් ඔබ හට
    ලබා දෙනු ඇත නොහැර සැම දින

    මිනිස් සිත් තුළ නැගෙන දළ රළ
    සේම නැගෙනා මහ සයුරු රළ
    නිවී සැනැහී කොඳුරනා හඬ
    අසනු මැන මොහොතකට නතරව

    තුටු කඳුළු මල් වැහි වසින කළ
    වේදනාවෙන් බරව ගගනත
    අනෝරා වැසි හෙලා වැළපී
    ඉකි ගසන හඬ නොවෙද ඒ හඬ

    සඳ නොමැති රෑ ගන අඳුරේදී
    එළිය දෙන ඒ පුංචි තරු කැට
    අහිංසක ලෙස සඳුට ඉඩ දී
    නොපෙනි යන්නේ සඳ එළිය මැද

    උරුම නැති මුත් දිවිය අප හට
    එම දිවිය අප ගෙවන තෙක් මග
    අත්වැලක් වී අසළ රැඳෙමින
    කෙනෙකු ඉනු ඇත සසර සරමින

    ඔබේ අවසන් කවි පදයනම්
    නැතේ උපමා ඉතා මිහිරිය
    නොවරදින ඒ සැබෑ වදනින්
    ඔබේ පෙර මග එකළු වනු ඇත

    ReplyDelete
  2. දිගට ම ලියන්න. නිර්මාණයක් කරන්න කොච්චරක් අමාරුද කියලා දන්නේ නිර්මාණකරුවමයි.සුබ පැතුම්!!!

    ReplyDelete
  3. කවි පොතෙන් ඇදුනු සිතුවමට ගොඩක් ස්තූතියි ..ලස්සන පාට ..ලස්සන රූප .. !!

    මගේ උත්සාහය අගය කරන හැමෝටම පින් ..ඉඩක් ලැබෙන හැම වෙලාවෙම මම ලියනවා ... කියවන්න එක්කෙනෙක් හරි ඉන්නකන් දිගටම ලියනවා .. !!

    ReplyDelete