බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, October 21, 2014

අතැර යන යෞවනය, සෙනෙහසින්.. නුඹට ..




දවසේ රාජකාරියට පිටව යන්නට මොහොතකට පෙර, සුවඳ විලවුන් වත්සුනු අතර තනි උන මම .. ඇස් යටින් ලාවට මෝදු වෙන, දස දහසකුත් ක්ෂුද්‍ර රේඛා මකන්නට දරන තැත..

දයාබර යෞවනය ...

එක පිට එක, එක පිට එක අතුල්ලන, පුයර තට්ටු වලට, තව කී කාලයක් හැකි වෙයිද නුඹේ පලායාම සඟවන්ට..

හිස පීරන්න බයයි මට, කෙස් ගස් පදාසයක් මගේ වට බිම හැම තැනම එක පනා පාරට.කෙස් ගස් දෙක තුනයි, යන්තං වැහෙන්නට හිස් කබල.. නුඹ යද්දි අරං ගිහිං අක්බබරු කෙස් වැටිය, එක බූසියට.. පුංචි මුදු මුදු තිබුන.

තෙල් පාට හම, තාම තියෙනවා.. දාහක් ක්‍රීම් වලට පිං සිද්ධ වෙන්න. ඒත් එක වැස්සයි, ආයෙම වේලුනු ඉරි තැලුනු හම මතුවෙන්න. ඇයි නුඹට බැරි උනේ, ඡවි කල්‍යානය ඉතුරු කර යන්න.
රෝස පාට නියපොතු, දැං වැඩිය බර සුදු පාටට. ලපයක්, කැලලක් නොතිබුනු මූණ පුරාවට, පොඩි පොඩි කලු තිත් වැටිලා එක සීරුවට. නුඹේ නික්ම යෑම, බෑ හංගන්න ලෝකයට..

එක සීරුවට පොත් කියවපු ඇස් වලට පිටු දෙක තුන කියවද්දි මහන්සී අද, කඳුලු ගලනවා ඇස් කොණින් එක දිගට. සින්දුවක් අහන්න, නාට්ටියක් බලන්න, එළියට යන්න, ඇවිදින්න, නෑ හිතක් කොහෙත්තම. කෙඩෙත්තුයි ඇඟට.

කියවගෙන යන පාඩම, වචනෙන් වචනෙට මතක හිටින්නේ නෑ අද.. පාඩම් පොතේ එකම පිටුව දිහා ඔරවගෙන බලාගෙන හිටියත් පැය ගානක් එක දිගට.
රිදී සීනු කට හඩ කොහේ ගිහින්ද දන්නේ නෑ මම. බොල් කැස්සක් එක්ක සින්දු වල පද පේළි හිරවෙනවා අතරමඟ.

ලස්සන රැළි සාය අරගෙනත් අතට, දෙපාරක් හිතුවා ඇඳගෙන යන්න කලින් එළියට. දණිස්සට පොඩ්ඩක් උඩට, හුරතල් ලා පාට ... ඇඳගෙන ගියොත්, මිනිස්සු හිනා වෙයිද මට.. දෙගිඩියාවක් හිත කොණක .. මල් මල් බූල් බෑන්ඩ් එක, පොඩි වීදුරු වලලු ටික, මල් අල්ලපු සෙරෙප්පු දෙක.. ඔක්කොම එක පේලියට.. ඒ දිහා බලාගෙන මම.. මගේ හිතේ ආසාව, තේරුම් ගනීද ලෝකය. දාසයේ කෑල්ල වෙන්න යනවා කියාවිද, යනකං ඉඳලා හිනා වේවිද ... 

නුඹ ගිහින්, ප්‍රශ්න කෝටියක් ඉතුරු කර ..

පාසැල් ප්‍රේමයක් කිසිම දා අත්නොවිඳපු මට, දැං හොඳටම පරක්කුයි එහෙම දෙයක් ගැන හිතන්න. ඒත් සුදු ඇඳුම් ප්‍රේමයක් දකිනකොට, තාමත් කේන්ති යන්නේ නෑ මට. ලොකු දෙයක්, ඒ කුහක ගති තාම නැති එක. මට නොතිබුනු අතීතයක, පොත් අතර දිය උනු අතීතයක, ලස්සන.. කවුරු හරි විඳින එක, සතුටක් මට. අත්වැල් අල්ලගෙන අයිස්ක්‍රීම් කකා මූදු වෙරළක ඇවිදින ප්‍රේමයක් දැං ඉතිං දුරයි මට. උයන්න පිහන්න, ළමයි හදන්න මිස, වෙන මුකුත් ඉතුරු නෑ හෙට. 

කවමදාවත්, කඩාහැලෙන ලස්සනක් තිබුනේ නෑ මට.. නුඹ දුන්නු බැබලීම ඇරුනුකොට. ඒ බැබලීමෙන් පොත් පිරුනු ලෝකය එළිය කරගන්නයි බැලුවේ මම. ලස්සන කුමාරයෙක් ගැන හීන මැව්වෙත් ඒකයි, තේරුමක් නැති බව දැන දැන.

නුඹ යන්න ගිහින්, ඒ බැබලීම අරගෙන.. කලු අලු ඇත්ත ලෝකය විතරයි දැං ඉතුරු වටේටම.. කලු තාරාවෙක් මිස, සුදු හංසයෙක් වෙන්නේ නෑ මං කවදාවත්ම, පැහැදිලියි නුඹේ පණිවිඩය.

ජීවිතය දැක්කා මම. ආදරය, විරහව, වංචාව, පලායෑම, අපහාසය, රැවටීම, හැමදේම .. නුඹ යන්න යනකන්ම, එක සීරුවට දුවලා මම. මොනවට දුවනවද නොදැන, මොනවා ලබා ගන්නද නොදැන. දැං හරි මහන්සී මට. නුඹ යන්න යනකන්ම නොතේරුනු හැටි මට, නුඹ හිටි කාලයේ කප්පරක් දේවල් කරන්න තිබුනු බව. පොත්පත්, නොලැබෙන සුරංගනා ලෝක ඇරෙන්න,වෙන කිසි දෙයක් හිතේ නොතිබුනු කරුමය ..

දැං පරක්කුයි හැමදේටම. මහන්සියි මට නුඹ ගිය දා ඉඳන්ම. අතීතයක් මිස, වර්තමානයක් අනාගතයක් ගැන කල්පනාවක් නෑ මට. නහර පෑදුනු අත් වලට, බෑ තවත් ජීවිතය අකුරු කරන්නට. කටු පෑදුනු කකුල් වලින්, බෑ මේ ගමන තව දුර යන්න. මහන්සී මට, කෙළවරක් නැති තරම් , හුස්ම ගන්නත් බැරි තරම්, මහන්සී මට. අලුතින් ජීවිතයක් හදන්නට, නෑ කාලයක් මට. හෙට දවස කලුවරයි, නුඹ නැතුව...

අනේ ... කියාපං, අරං යන්න කියලා මාව... නුඹේ ලොකු අයියා.. මරණයට ...




19 comments:

  1. හරිම ලස්සනයි ලියල තියන විදිහ.කියවන්න ආස හිතෙනව.ලිපිය හරි ලස්සනට ගලාගෙන ගිහින්

    //කලු තාරාවෙක් මිස, සුදු හංසයෙක් වෙන්නේ නෑ මං කවදාවත්ම, ...

    කළු තාරන්වන්ට උනත් සුදු හංසයින් වෙන්න පුළුවන් ..පිටින් කළු තාරාවන් වගේ වෙන්නැති ඒත් සිතින් ඔවුන් සුදු හංසයින් :)

    ReplyDelete
    Replies
    1. සිතින් සුදු හංසයෙක් වෙන්න උත්සාහා කරනවා අන්තිම මොහොත වෙනකම්ම, ඉතුරු එච්චයි හෙටක් ගැන හිතනකොට.

      බොහොමත්ම ස්තූතියි හංසි හිතෙන දේ කීවට :)

      Delete
  2. අපූරු ලියවිල්ලක්...:)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි පොඩි කුමාරිහාමියේ :)

      Delete
  3. ලස්සනයි.. මුළු ලිපියෙම තියෙන්න කාව්‍යමය ස්වභාවයක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල් මිටට :)

      Delete
  4. ඒයි කෝ ලියන්නේ නැද්ද ඒ පාර ආයිම ...?

    ReplyDelete
    Replies
    1. හෑ.. බොලේ ඔබතුමා තාම බ්ලොග් එක්ක ඉන්නවද. සන්තෝසයි :) ලිව්වෙ නම් නෑ තමයි කාලෙකින්. Writers Block කියන ලොකු ලෙඩේ හැදිලනෙ :(

      Delete
  5. ha ha very close to the heart. I reckon this is the story of many. Please write more

    ReplyDelete
    Replies
    1. Thanks Ian :)
      didnt write anything for a long time though !!

      Delete
  6. You have continue writing Wasana.... Never ever stop that! Waiting for another post!!!!

    ReplyDelete
    Replies
    1. Thanks for all the encouragement hun.. Yeah, got to find the lost writer in me O.o

      Delete
  7. Its fresh even after 401 days of blog life. If you can look back, the images and the wording are in perfect harmony and fortifies each other. Its a lesson of perfect compiling. This Small work of art is actually a MULTI MEDIA creation in its own right. Life has better things in store. Hope the worst has not caused the melancholy silence...

    ReplyDelete
  8. අනිත්‍යය ගැන කෙටි සරල පාඩමක්...!!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ වගේ තමයි. ස්තූතියි :)

      Delete
  9. යාළු, මේ බාඳුරා අසපුවට ආපහු පණ දෙන්නකෝ. කාලෙකට පස්සේ මතක් වෙලා හොයාගෙන ආවාම කාලෙකට ඉස්සර නැවතිච්ච තැනම නතර වෙලා. මේකේ පළ වුනේ හරිම වටින සුන්දර ලියමන්. ඒ වාගේ සටහන් ආයෙමත් කියවන්න ආසයි. ආපහු ලියන්න හරිද? අපි බලාගෙන ඉන්නවා. :)

    (මේ, මතකයි නේ මාව? :P )

    ReplyDelete
    Replies
    1. මතකයි යාලු. ලියන්න ගත්තු දා ඉදන් දෙන තල්ලුව වටිනවා මට සෑහෙන්න. ලියන්න ආසයි. බලමු ....!!

      Delete
  10. I really appreciɑte thіѕ post. Ӏ have bеen lookіng ᥱverywhere for this!
    Thank goodness I fоund it on Bing. You’ᴠe made mү daү!
    Thx agаin.

    ReplyDelete