කෙට්ටුයි
කෙට්ටුයි
කෙට්ටුයි ...
බලන්න ඔය ළමයගේ කෙට්ටු.
දැං මැරෙයි වගේ.
පාරේ එක්ක යන්නේ කොහොමද ලැජ්ජ නැතුව.
මිනිස්සු හිතයි අපි කන්න බොන්න දෙන්නේ නෑ කියලා
ආ, මේ ඔයාගේ දුවද ?
හරීයීයීයී කෙට්ටුයි නේ.
එක්ක ගියේ නැද්ද ඩොක්ටර් කෙනෙක් ලගට.
සමපෝෂ කන්න.
නැත්නම් Weight Gain ට්රයි කරලා බලන්න.
බෙහෙතක් ගන්න දරුවෝ, බය හිතෙනවනේ ඇටකටු කූඩුව දැක්කම.
බඳින්න අදහසක් නැද්ද දුවේ ?
බැන්ඳම මහත් වෙනවා.
ඉක්මනට කසාදයක් කරගත්තනම් හරි.
මචං, උඹලා දන්නවද කෑල්ලකයි ස්ලයිස් එකකයි වෙනස ?
ඔන්න බලාගනින් ..
කෙල්ලෙක් උනාම ලොකුවට තියෙන්න ඕන.
එතකොටනේ කොල්ලො බලන්නේ.
මොනවා කරන්නද අනේ.
Some are not born with "Asserts" LOL.
-------------------------------------------------------------------------------
අනේ සමාවෙන්න, මට බෑ ඔයාගේ Brides' maid වෙන්න.
තේරෙනවනේ, මං කෙට්ටුයි.
ඔයාලගේ ෆොටෝ කැත වෙයි.
මං උදේම ඇවිත් සේරම වැඩ කරලා දෙන්නම්, තරහ වෙන්නෙපා පැංචෝ.
ආ, ඒක දැන් නෑනේ, එහෙම එකක් තිබුනෙත් නෑ ඉස්සරත්.
එයා කැමති ඇඟපත තියෙන ගෑණු ළමයින්ට.
මං කෙට්ටුයිනේ.
තේරෙනවනේ, මං කෙට්ටුයි.
ඔයාලගේ ෆොටෝ කැත වෙයි.
මං උදේම ඇවිත් සේරම වැඩ කරලා දෙන්නම්, තරහ වෙන්නෙපා පැංචෝ.
ආ, ඒක දැන් නෑනේ, එහෙම එකක් තිබුනෙත් නෑ ඉස්සරත්.
එයා කැමති ඇඟපත තියෙන ගෑණු ළමයින්ට.
මං කෙට්ටුයිනේ.
මං ගන්නම් Group ෆොටෝ එක.
ඔයාල ඉන්න එකට.
මං ආවොත් ඕක කැත වෙයි.
මං කෙට්ටුයිනේ.
ඔයාල ඉන්න එකට.
මං ආවොත් ඕක කැත වෙයි.
මං කෙට්ටුයිනේ.
මූණ විතරක් profile pic එකට දැම්මේ ඇයි කියලද අහන්නේ ?
මං කෙට්ටුයිනේ, Full Body එකක් දැම්මම කැතයි, ඒකයි.
මං
කෙට්ටුයි
කෙට්ටුයි
කෙට්ටුයි ...
-------------------------------------------------------------------------------
දන්නවද දෙයක් ...
ඔයා හරි ලස්සනයි ..
හරිම ලස්සනයි.
Flowing Dress එකක් ඇන්දොත් සුරංගනාවියක් වගේ ඉඳී.
-------------------------------------------------------------------------------
මොකක්....
ඒත්,
මං ..
කෙට්ටුයි
කෙට්ටුයි
කෙට්ටුයි ...
-------------------------------------------------------------------------------
ඉතිං ඔව්,
කෙට්ටුයි
කෙට්ටුයි
කෙට්ටුයි ...
ඒ නිසා තමයි ලස්සන .. !!
-------------------------------------------------------------------------------
මං ...
ඒත් මං ............................................................
හා ...
ස්තූතියි ..
සතුටුයි, සෑහෙන්න ..
අර මං ගන්න හිටි මුලු ඇගම පේන කන්නාඩිය ගන්න පුලුවන් මට දැං =)
ReplyDeleteඅද උදෙත් ඇවිත් බලල ගියා. ඇයි post එකක් නැත්තෙ කියල හිත හිත උන්නෙ.
මගේ අක්කටත් ඔය ප්රශ්නෙමයි. හැමෝගෙම කටේම තියෙන්නෙ කෙට්ටුයි කෙට්ටුයි කෙට්ටුයි. එයාට ඒක හිතට හරි වදයක්. ඒත් අනේ මටනම් ඒක ලස්සනයි. තෙහෙට්ටු අඩුයි, පහසුයි, මහත මටනම් වදයක්. අක්ක කියනව මං විතරලු ලස්සනයි කියන්නෙ. මට නම් හිතෙන්නෙම ඔය කෙට්ටුයි කෙට්ටුයි ගාන උන් ඕක කියන්නෙම ඉරිසියාවට. ඒ කියන බහුතරයක් මහත නැද්ද. (උවමනාවට වඩා)
එක එක මනුස්සයට ආවේණික ශරීරයක් තියන ව කියන එකයි. නිරෝගීනම්, ඒක ඒ මනුස්සයගෙ ස්වභාවික පෙනුමය කියන එකයි මිනිස්සු තේරුම් ගන්නකල් අපිට එයාලගෙ කට වහන්න බෑ අප්පා. අපිට මොකෝ Beauty is in the eye කියල කතාවකුත් තියෙන්නෙ.
මං හිතන්නෙ දවසක් උදේ මං ඔයාව දැක්ක. 171 bus එකෙ උදේට යනවද?
ඔව්, ගෙයින් එළියට බැස්ස තැන ඉඳලා හැමෝටම තියෙන එකම ප්රශ්නේ ඇයි මං මෙච්චර කෙට්ටු කියන එක. හරියට ලෝකෙ තියෙන ලොකුම ප්රශ්නේ ඒක වගේ. මම කවදාවත් කාගෙවත් ශරීර ස්වභාවයට මුකුත් කියන්නේ නෑ, එහෙම වෙලත් ඇයි මිනිස්සු අනිත් අයගේ ඇඟවල් ගැන මෙච්චර වද වෙන්නේ කියලා මට තේරෙන්නෙ නෑ.
Deleteමොනා උනත්, කෙට්ටුවත් ලස්සනට දකින, මස් කිලෝ ගානට ලස්සන මනින්නෙ නැති, මම මේ ඉන්න විදිය හොඳයි කියන, ලස්සන මිනිස්සු මගේ ජීවිතෙත් ඉන්නවා.. ඒ ඇති මට ..
ඔව්නෙ, මම 171කේ යනවා නේන්නම්. ඉතිං කතා කරන්න එපැයි .. ඔන්න ඊලග දවසේ කතා කරන්න.
ස්තූතියි කොමෙන්ටුවට :D
:) :)
Deleteමං කතාකරන්නත් හැදුව. ආයෙ ලැජ්ජ හිතුන. අයිත් යන දවසක කතාකරන්නම්කෝ.
:) :)
අපොයි ලැජ්ජ වෙන්නෙපා. මං හරී දස්සයි කතාවට ;)
Deleteදැනෙන දේවල් , ඇහෙන දේවල් , හිතෙන දේවල් ඔක්කොම එක තැනක.....! කියවන්න, තෙරුම් ගන්න පුලුවන්නම් ..... ලොකු කතාවක් මෙතැන තියනවා !
ReplyDeleteකතාවක් තේරුම් ගන්න උවමනාව හැමෝටම නෑ ශෂික. හැමෝම තේරුම් ගනී කියලා මං බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
Deleteස්තූතියි කොමෙන්ටුවට :) :) :)
මං කෙට්ටු නෑ කියල දැං බෝඩ් එකක් ගහගෙන යන්න.. හැක්.. ඕවට කරන්න යෙදක් නෑ අප්පා. මොක උනත් මිනිස්සුන්ට වැරදි නේ..
ReplyDeleteඊට වඩා ලේසි ක්රමයක් මං හොයාගෙන තියෙන්නේ. මිනිස්සු මට කෙට්ටුයි කිව්ව ගමන්ම මං ඉතුරු ටික ඔක්කොම කියාගෙන යනවා.. මගේ සරීරේ ඇට්ලස් කවකටු පෙට්ටියක් වගේය, ටිකක් මහත් වෙන්න මං නොකල දෙයක් නැතය, මොනා කලත් මං මේ සයිස්මය, යනාදී වශයෙන් .. එතකොට මිනිස්සුන්ට තවත් කියන්න දෙයක් ඉතුරු නෑනේ.
Deleteඉස්තූතියි කොමෙන්ටුවට :)
ගොන් ආතල්.. ඇඟ වැක්කෙරෙන කට පාලනයක් නැති බෝල ගෙඩිත් කියවන්නෙ ඔය බණේම තමයි. ලස්සනට ඉන්න මහන්සි වෙන්න ඕනෙ. ලස්සන කියන්නෙ මැගසින් වල යන මොඩල් ලස්සන නෙමෙයි. ඒත් “ඕන දෙයක් ලස්සනයි“ කියන්නෙ කැත ගෑණුයි පිරිමියි (පිරිමි වැඩිය කියවන්නෙ නෑ ඕව) චාටර් එක අඩු කරගන්න කියන දෙයක්.
ReplyDeleteම්ම්ම්.. ඕන දෙයක් ලස්සනයි කියන්න ඕන නෑ. ලස්සන සාපේක්ෂයි. කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට ලස්සන නොවෙන්න පුලුවන්.
Deleteනමුත් ඕන කෙනෙක්ගේ සරීරේ ගැන ගොන් ආතල් නොදී ඉන්න එක මනුස්සකම මම හිතන්නේ. කැතයි කියලා හිතලා හිතේ තියාගත්තත කමක් නෑ ඒක ඒ මනුස්සයගේ මූණට නොකිය.ඒ මම හිතන හැටි.
ස්තූතියි කොමෙන්ටුවට :)
තව එක දෙයක්, බෝල ගෙඩි වගේම, සෑහෙන්න කෙට්ටු අයත්, ලස්සන ඇගක් ලබා ගන්න වෙන මහන්සිය සමහර විට ඔබ නොදන්නවා වෙන්න පුලුවන්. ඒ අයගේ ඇගේ හැඩයට හෙතු වෙන අසනීප ඒ අයට තියෙනවා වෙන්න පුලුවන්. කෙනෙක්ගේ ජීවිතය ගැන නොදැන කෙනෙක් යම් දෙයක් ලබා ගන්න වෙන මහන්සිය මනින්න බෑ. ගොන් ආතල් පිටිපස්සෙත් එච්චරටම ගොන් නැති හේතු තියෙන්න පුලුවන් .. !!
Deleteමනසින් නොවැටී හිටපං බං. මේව මනස්ගාත......
ReplyDeleteහ්ම්ම්.. ඇහුන්නෑ පේන්නෑ වගේ ඉන්න උත්ත්සාහ කරනවා. ඒත් 24*7, 365 එකම තැටිය ආයේ ආයේ යද්දි ඇහෙද්දි, පෙනෙද්දි, පෙන්නන්න හදද්දි, එයින් පොඩ්ඩක් හරි ඔලුවට වදිනවනේ..
Deleteඉස්තූති වේවා කොමෙන්ටුවට :)
mamath godak kettui issara, mage thatha nathi unata passe tawath kettu una, eka deyakin eka venas una, mata akka kenek eka gidatama loku bath ekak mata rata kawwa, mata tibune kanna kammali kamak, noka inna kota kanna oneth na, a akka karapu dein mage badaginn awa wage deyak una. wedding ekin passeth mahath venawa, indian kama valatath mahath venawa, mona de kalath eka digata karanna.
ReplyDelete:)
Deleteස්තූතියි කොමෙන්ටුවට ..
මාත් අමබානෙට කෙට්ටුයි බන් :/
ReplyDeleteහික් හික්, සන්තෝසයි :D
Deleteශහ්හ්හ්, මේක මටම ලිව්වා වගේ!! :D :D මාත් කෙට්ටුයි! ඉස්සර ඒ ලෙවල් කරන කාලෙනම් කෙලින්ම ඇටසැකිල්ලක් ;) දැන් ටිකක් හොදයි කියල ඔය දකින දකින අයම කියනව!! මහත් වෙන්න මටත් තියෙන්නෙ පුදුම ආසවක්, ඉස්සරනම් එක එක එව්වා කරන්න හැදුවා ඒත් දැන්, මගේ කෙට්ටු හොදයි කියලා මම නම් පාඩුවෙ ඉන්නවා :D
ReplyDeleteහ්ම්ම්..මාත් මගේ පාඩුවේ ඉන්න සෑහෙන්න උත්සාහ කරනවා. ඒත් ජීවිතේට දැකලා නැති ඇන්ටිලා ඇවිත් "අනේ මේ ළමයගේ කෙට්ටූඌඌඌඌඌ" කියද්දි ආත්ම දමනය පැනලා දුවනවනෙ :(
Deleteස්තූතියි ඇවිත් ගියාට :)
කෙට්ටු කියන්නේ හෙල්දි කියන එක නේද?
ReplyDeleteම්ම්ම්.. කෙට්ටු හැමෝම හෙල්දි නෑ ඉතිං. ඒත් හෙල්දි නං කෙට්ටු උනාට කමක් නෑ කියන එක මේ මිනිස්සුන්ට නොතේරෙන එකනෙ ප්රස්නෙ :/
Deleteකෙට්ටු වීම නේ දැන් ස්ටයිල් එක .
ReplyDeleteගමේ අය පැෂන් ටි වී
නොබලන එකයි වරද
මාත් ඉස්සර හරිම කෙට්ටුයි
හැමෝම වද වුනා
මන් ඇරෙන්න
පස්සේ කාලෙක ගානට ඉන්න නම් ඔය කාලේ කෙට්ටු වෙලා ඉන්න ඕන .
ඇත්ත බින්දි,
Deleteඅපේ ගැන
අපි ඇරෙන්න
හැමෝම වද වෙනවා ..
මල වදයක් ඒක ..
කාලෝචිත පෙලගැස්මක්. ඔයාගේ පුද්ගලිකත්වය වුණත් සමාජයේ බහුතරයක් තමන්ගේ දිහා බලනවට වඩා අනුන්ගේ අඩුපාඩු ස්වභාවයන් තමා දකින්න කතා කරන්න කැමති. ඕනම කෙනෙක් තමන්ගේ ස්වභාවය ගැන සතුටුවෙනවා අඩුයි. දැන උගත් කම්, සමාජ තත්ත්වය, රැකියාව. පවුල් පසුබිම, වත් පොහොසත් කම්. රූමත් බව හෝ රූපයෙන් අඩුකම ගැන හිතින් දුක් වෙනවා. ඒත් ඒක ලෝක ස්වභාවය. පරිපුර්ණ මිනිසුන් නැහැ. අපි ඒක වටහා ගන්න ඕන. අනුන් හා සැසඳීමත් වැරදියි්. කොහොම වුණත් ඔයා මගේ මූණු පොතේ හිටියා. මම ඔයාගේ බ්ලොග් එක සොයාගත්තා. ඒ ඔයා ලග ලස්සන සුන්දර අදහස් පිරිලා තියෙන නිසා. ඒවා කියවා විඳින්න පුළුවන්. (සමාවෙන්න ඔයාගේ වේදනාත්මක අත්දැකීම් නම් නොවෙයි) ඔයාට ලස්සන අනාගතයක් උදාවේවා යි පතමි.
ReplyDeleteසමහර වෙලාවට අපි හිතින් දුක් නොවුනත් සමාජය අපිව එහෙම දුක් වෙන තත්වෙට ඇදලා දාන්නවා. නොදැක්කා, නෑහුනා වගේ ඉන්න අමාරුයි සමහර වෙලාවට.
Deleteබොහොම ස්තූතියි අදහස් වලට :)
ane nangii meaa.. pissu kelind epaa. oya oya ganatama inna.
ReplyDeletematath kattiya kalayak ohoma kiyala..
man mahath unaa...
dan bandala babek innawaa.. mage mahatha dakkanam oya andanwaa..
oya kaleta kettuwatama thama ind onee..
හික් හික්, තැන්කූ :)
Deleteමුහුණ බලමි - නැනස් දකිමි
ReplyDeleteපපුව බලමි - හදවත දකිමි
දඟ යුග බලමි - ජවය දකිමි
සිරුර බලමි - පබවත දකිමි
නැනස් දකිමි - කුකුස් දකිමි
හදවත දකිමි - වේදනා දකිමි
ජවය දකිමි - විඩාව දකිමි
පබවත දකිමි - නිවන කොහි වෙද ?
සියල්ල දකින්න
Deleteතව තවත් තව තවත්
ඒ දකින අතරමග
නිවන පෙනේවි .. ලැබේවි .. සැනසේවි ..
ස්තූතියි කොමෙන්ටුවට :)
කෙට්ටුයි කියන්නෙ කැත දේකට නෙවී.අද කාලෙ හැමෝම හදන්නෙ කෙට්ටු වෙන්න.අද ගොඩක් කෙට්ටු නම් කල් යද්දි ලස්සනට ගානට ඉන්න පුලුයනිනෙ.ඔයා ඔහොම හිතන්නෙපාාාාාාාාාා
ReplyDeleteහාකෝ :) :)
Deleteස්තූතියි ඇවිත් ගියාට !!
Definitely believe that which you stated. Your
ReplyDeletefavourite reason appeared to be on the internet the simplest factor to consider of.
I say to you, I definitely get annoyed while other people think about concerns
that they plainly do not know about. You managed to hit the nail upon the top as
neatly as outlined out the entire thing with no need side effect , people can take a signal.
Will probably be again to get more. Thank you
Also visit my web-site :: Grow Taller Program
I'm still going through your old posts thinking when will you pass that "writer's block" phase.... :) Please write more and more often...
ReplyDeleteI will hun... someday I will comeback :)
Delete