බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, July 28, 2013

මගේ මළගම ..




මම මළදාක ..
අද හෙට කෙදිනක ..
ඇවැසි නැහැ මට ..
මූණ පෙන්නන්න ලයිට් කණුවල ..
උපත .. විපත ..
ඒ මැද දත් විරිත්තගෙන මම ..
මතක් වෙනකොටත් ..
විකාරයි මට ..
බලාගෙනයි ඇලෙව්වොත් ..
එක මරණ දැන්වීමක් ..
මගෙ නමට ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
එක ශෝක ප්‍රකාශයක්
එල්ලනවා හෙම නෙමෙයි ..
මගේ නමට ..
අඩන ඇස් වලින් පිරුනු ..
දාහක් මකර තොරන් ..
"යලි අප අතරම ඉපදේවා .."
"නිවන් සැප ලැබේවා .."
මොන මඟුලක්ද මන්දා ..
නිවන් සැප ලැබුනොත් ..
කොහොම යලි ඉපදෙන්නද ..
ගෙයි බිත්ති වහගෙන ..
වතුපිටි වැටවල් පුරෝගෙන ..
පෝස්ටර් බැනර්..
එල්ලනවා හෙම නෙමේ ඔන්න ..
නිකරුනේ නාස්ති නොකර ..
දීල දැම්මම ඉවරයි ..
සුදු රෙදි ටික ..
සිල් රෙදි හදා ගන්න ..
උපාසකම්මෙක්ට ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
තේක්ක පෙට්ටි ඕන නෑ මට ..
සැටින් කවර ඕනත් නෑ මට ..
පෙට්ටියේ අස්සට මොන එහෙකටද පුලුං මට ..
රබර් ලීයෙන් හදපු, පිදුරු දාපු පෙට්ටියක් ..
අපොයි හොදටම ඇති නිදියන්න ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
"අද අපෙන් වෙන් වෙන ..
සත්ගුණවත් දියණිය ..
පින්බර කුළ කුමරිය .."
~ මළවුන් හිනස්සනෙපා ඔන්න .. ~
ජීවිතේට සත් ගුණවත් නොවුනු මට ..
හෙළ කුළයක් ගෑවුනු තැනක නැති මට ..
මොන එහෙකටද බොරු නම්බු නාම ..
රෙද්දක් කතා නොකර .. 
වයධම්මා සංඛාරා කියලා ..
පාංශුකූලේ දුන්නම ඇති හොදටම ..
බොරු සැර පූචානම් නැතුව ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
පෙරහැර එපා මට ..
මල් වඩම් ලයිට් වැල් ..
එපා මට මග දිගට ..
පෑගෙන්න ඉහන පොරි ..
දෙන්න මාලුන්ට, පරවින්ට ..
මැරුණු කය පුලුස්සපු ..
අලු දියට නොම දෙන්න ..
වැඩෙන එක ගහක මුල ..
අලු පොහොර කරලන්න ..

මම මළදාක ..
අද හෙට කෙදිනක ..
මම මතකයට නැගෙන සඳ
මදහසක් ඒවි නම් මුවගට
ඒ ඇති මට හොඳටම ...
:)





20 comments:

  1. පට්ටයි අක්කේ... :)

    ReplyDelete
  2. හා එහෙම හොදා... මාත් එන්නම් උදව්වට.
    ඒට කලින් මම ගියොත්, පොඩි වෙනසක් කරලා....
    ඔය ටිකම මටත් කොරන්න.

    "මැරුණු කය පුලුස්සපු ..
    අලු දියට නොම දෙන්න ..
    වැඩෙන එක ගහක මුල ..
    අලු පොහොර කරලන්න .."

    භුමදානේ කොලානම් ඒ හොදටම ඇති, අපරාදේ ගැස් වල ගාන ගෙවන්න වෙන්නෙත් ඉන්න ඇත්තන්ටනේ ;)

    ReplyDelete
    Replies
    1. මම බයයි භූමිදානේ වෙන්න. තනියෙම පස් යට පණුවො එක්ක නිදාගන්න එක හරිම භයානක වැඩක්.:( ඒ නිසයි මට පිච්චෙන්න ඕන .. :D

      Delete
  3. හරි ලේසියි.... පාංශුකූල මුකුත් නෑ.. පුච්චන්න යන වියදම විතරයි...

    ඉතිං ඒකත් නොකර ගලවගන්න පුළුවන් කෑලි ටික ලෙඩ්ඩුන්ට දීල, ඉතිරි ටික වෛද්‍ය පීඨෙකට දුන්න නම් තවත් හොඳයිනෙ :)

    ReplyDelete
    Replies
    1. මගේ පෞද්ගලික ප්‍රාර්ථනාව ඒක තමයි යසිත් .. මේක බලන්නකෝ .. :) http://baduraasapuwa.blogspot.com/2011_08_01_archive.html

      Delete
  4. මං නං මේවගේ සිතුවිලිවලට ආස නැත. ඒත් ඔබේ නිර්මාණය නම් අගෙයි. අකමැති අදහසටයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මම නම් කැමතිම මාතෘකාවක් මරණය කියන්නේ ... :)

      Delete
  5. ඔබේ මළ මිනිය පුච්චන්නේ මොකට
    පණුවට කන්න පස් යට ලන්නේ මොකට
    සරණක් අවැසි කෙනෙකුට සරනක් වන්ට
    "මෙන්න තියනවා" සසරින් ගොඩ වන්ට


    ReplyDelete
    Replies
    1. :) මම අක්ෂිදාන සංගමේ ලියාපදිංචි සාමාජිකාවක් දැනටම. ලේ දෙන්න බෑ ඇඟේ බර අඩු නිසා .. ඒ ඇරුනම වෙන ගන්න පුලුවන් ඕනම කෑල්ලක් ගලෝගත්තට මට කමක් නෑ :D

      Delete
  6. අම්මද බොල අවසන් කැමිති පත්‍රය ලියල වගේ :)

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ .. කෝකටත් කියලා ලියලා තිබ්බා :)

      Delete
  7. මැරිච්ච උදවියට ඕනේ හැටියට මළගෙදර උත්සව කටයුතු කරලා කොහොමද ඒක කරන්න ඕනේ ජීවත් වෙලා ඉන්න අයට ෆුල් ෆන් එකක් ගන්න පුළුවන් විදිහටනේ :-D

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ඒකත් ඇත්ත තමයි.. බෝතල දෙක තුනක් කඩලා.. රෑ දෙක තුනක් ඕමි අතක් ඇදලා .. :D

      Delete
  8. සුපිරි පදවැලක්. මටත් ඔහොමම තිබ්බනම් ඇති මල දවසට. ශෝක කතා, මල් වඩම්, ඇඬුම් වැලපුමු එපා. කාටවත් කරදරයක් නොවි චුත වෙන්නයි ඕනේ මැරුනම. හොඳට ගලපලා තියේ අදහස් ගොන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහසට :)

      Delete
  9. ජීව්තය අපේ නොවුනු කොට
    මලමිනියද අපේ නොවෙනා බව කිවයුතුද..!
    අපි අපිට අයිති නැත.
    එනිසා තීරණ ඇවැසි නැත

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..
      ඒකත් ඇත්තය..
      ඉන්නකන් අයිති නොවු ජීවිතය
      නැතී වී කුණක් වූ පසු ..
      කවුරු මොනව කරගත්තම මොකද ..
      එක අතකට..

      Delete
  10. එළටම තියෙනවා ඈ

    ReplyDelete