බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, April 21, 2013

ලයිසන් ආදරය ...



දැන් හැදෙන එවුන් නම් ගන්න දෙයක් නෑ..
ඇටෙන් පොත්තෙන් එළියට එන්න කළින් ලව් මේනියාව..
අනේ අනිච්චේ..
අපේ කාලේ තිබුනේ නෑ මෙහෙම විගඩං..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඒක නෙමේ ..
දන්නවද වැඩක් ..
එහා ගෙදර කෙල්ල කොල්ලෙක් එක්ක යාලුයි කියන්නේ ..
අනේ මන්දා ..
චාරයක් විලි සංගයක් නැති සක්කරවට්ටං..
මහ ලොකුවට යුනිවර්සිටි යනවා කියලා ගිහින් ඕවා තමයි කරන්නේ ..
අපි නොදන්න යුනිවර්සිටිකාරියෝ ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

අපි මේ ඔයාගෙම හොඳටයි අනේ කියන්නේ ..
ඒ කොල්ලා අමතක කරන්න ..
ඌට හැම තැනම කෙල්ලෝ ..
අපි ඔයාගේ යාලුවොනේ , ඔයාට හොඳක් වෙනවට අපි කැමතිනේ ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

අනේ එන්නෙපා මට එයා ගැන කියන්න..
එයා තවත් මගේ යාලුවෙක් නෙමේ ..
කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් පස්සෙ යන්නේ .. විලි ලැජ්ජ නැද්ද හැබෑටම ..
ආත්ම ගවුරවයක් කියලා එකක් තියෙන්න ඕන කෙල්ලෙක් උනාම..
එපා කියලා දමලා ගිය එකා පස්සෙම දුවන්නේ අඩාගෙන ..
ඔහොම එකියක් මගේ යාලුවෙක් කියන්නවත් මට ඕන නෑ ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

අමතක කරපං මචං ඒකිව..
ඒකි නැති උනාට උඹට තව ඕන තරම් කෙල්ලො හොයාගන්න පුලුවන්නේ නමන්න..
මොකෝ ඒකිගේ අහවල් එක රත්තරන්ද..
නිකන් දේව් දාස් නොවී වෙන කෑල්ලක් සෙට් කර ගනින් ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඉක්කේයියා ..
අර බලන්නකො අර කොල්ලෝ දෙන්නා දිහා..
ගේ ද කොහෙද ..
ලැජ්ජ නැද්ද මන්ද නේද අනේ එහෙම අත් අල්ලන් යන්න ..
චික් විතරක් ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

මොකක් ..
ඒ කෙල්ලෝ දෙන්නා ලෙස්බියන් ..
දෙයියෝ සාක්කි ...
ලංකාවට ගිය කලක් ...
විලිසංගේ නැති උන් ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඔන්න මචන් ඔය කෙල්ලව හොඳට බලාගනින්..
ඕකි යාලු බැඳපු එකෙක් එක්ක ..
වෙලාවක වචනයක් දාල බලපන්..
පත්තිනි අම්මා වගේ බිම බලාගෙන ගියාට නමාගන්න බැරි වෙන එකක් නෑ ..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඒයි කෙලින් බලන්නෙපා..
ෂේප් එකේ බලන්න අර කොනේ ටේබල් එකේ ඉන්න කපල් එක දිහා ..
ඒ කොල්ලා මේ දැන් කෙල්ලගේ අත කිස් කලා ..
අනේ මන්දා නේද ..
මොන කෝලම්ද මන්දා ප්‍රසිද්ධියේ ...

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

බලන්න අර ජෝඩුව ඉන්න ලස්සන ...
කසාද බැඳලා.. 

ලස්සන ගෙයක් හදාගෙන.. 
ලොකු කාර් එකක් අරගෙන..
අන්න චරිත ..
අන්න ජීවිත .. !!!!!!!!!!!


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔක්සිටෝසින් හිනා වෙනවා ...
මොකද අන්තිම කේස් ස්ටඩි එකේදි ඇරෙන්න ..
අනිත් හැම තැනදිම ..
ඔක්සිටෝසින් වැක්කුරුනේ ..
ගැලුම් ගනන් ...
ඒත් ..
ලාංකේය සදාචාරය පිළිගන්නේ ..
ලයිසමක් එක්ක එන ආදරය මිස ..
මොලෙන් පටන් ..

අරන් හදවත හරහා ගලන ..
රෝමාන්තික ආදරය නෙමේ .. !!

දෙයියනේ..
අපි කවදා ආදරය ආදරය විදියට විතරක් දකීද ...
කවුරු කාට කොහොම කලත් ...
ආදරය .. ආදරය විතරයි ..
එච්චරයි .. !!


PS. Oxytocin  is a mammalian neurohypophysial hormone that acts primarily as a neuromodulator in the brain. Recent studies have begun to investigate oxytocin's role in various behaviors, including orgasm, social recognition, pair bonding, anxiety, and maternal behaviors. For this reason, it is sometimes referred to as the "love hormone". There is some evidence that oxytocin promotes ethnocentric behavior, incorporating the trust and empathy of in-groups with their suspicion and rejection of outsiders.






28 comments:


  1. නියමා....................යි ලකී ....................

    ReplyDelete
  2. හුගක් දෙවල් මටත් ඇහිලා තියනවා :) (Y)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ;)
      ස්තූතියි කොමෙන්ටුවට ..

      Delete
  3. සුපිරි පරිකල්පනයකට අප රැගෙන යන කෙටි පෝස්ටු මිටියක්.

    ReplyDelete
  4. ඔව් ඇත්ත ආදරය ආදරයම තමා .කොහොම කිව්වවත් විදින්නම ඕනෙ
    හිත් කොහොමත් ආත්මාර්තකාමි අනුන්ව තේරෙන්නෙ නෑ එක්කො තේරුම්ගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. තේරුම් නොගන්නවටත් වඩා අපේ සදාචාරයේ තියෙන්නේ කුහකකම .. තමන් ආදරේ විඳින්නෙත් නෑ විඳින කෙනෙක්ට විඳින්න දෙන්නෙත් නෑ ..

      Delete
  5. පට්ට පට පට ආහ්... සිරාවට ම මටත් අනේක වාරයක් හිතෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ලොකු දෙයක් තව කීප දෙනෙක්ටවත් මට හිතෙන විදියට හිතෙනවා නම් .. නැත්නම් මටම වෙලාවකට හිතෙනවා මට පිස්සුද කියලා ... ;)

      Delete
  6. //ඒත් ..
    ලාංකේය සදාචාරය පිළිගන්නේ ..
    ලයිසමක් එක්ක එන ආදරය මිස ..
    මොලෙන් පටන් ..
    අරන් හදවත හරහා ගලන ..
    රෝමාන්තික ආදරය නෙමේ .. !! //

    " හැමදාමත්ම" වගේ, (Y) (Y) (Y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතුවක්කාරියෙ.. හැමදාමත් වගේ දුන්නු මල් මිටට :)

      Delete
  7. මොලෙන් පටන් අරන් හදවත හරහා ගලන ලයිසන් ආදරයයි හරියට නම් පිලිගන්න ඕන...

    ලංකාව සම්මත රාමුවකට කොටුවෙලා ඇත්ත.... ඒත් ඒකෙන් පිට පැන්නොත් කොහේ නතර වෙයිද කියල නොදන්න නිසා දන්න රාමුව ඇතුලටම වෙලා ඉන්න එක හොඳායි..

    ReplyDelete
    Replies
    1. කොහෙන් නතර උනත් නතර වෙන්නේ අලුත් අත්දැකීම් ගොඩකුත් එක්ක.. එක තැන පල් වෙනවට වඩා මම කැමතියි සීමා බිඳින්න ...

      ඔව්..මොලෙන් පටන් අරන් හදවත හරහා ගලන ලයිසන් ආදරයක් තියෙනවා නම් ඒක නිකන් ටිකට් එකක් ඇදුනා වගේ. :)

      මම කියන්න උත්සාහ කලේ ලයිසන් නැති උනත් ආදරය ආදරයමයි කියලයි ..

      Delete
  8. හලෝ වාසනා !
    කොහොමද ඉතින්. කාලෙකින් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න උනේ

    ReplyDelete
  9. "කවුරු කාට කොහොම කලත්
    ආදරය.. ආදරය විතරයි...."
    මම මේකේ කැමතිම පද ටික ඒකයි.
    ඒක තමයි මේ ලොකේ පිලිනොගන්න ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන උනෙත් ඒ ටික විතරයි :)

      Delete
  10. "කවුරු කාට කොහොම කලත්
    ආදරය.. ආදරය විතරයි...."
    මම මේකේ කැමතිම පද ටික ඒකයි.
    ඒක තමයි මේ ලොකේ පිලිනොගන්න ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන උනෙත් ඒ ටික විතරයි :)

      Delete