බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, April 20, 2013

නොමියෙන ආදරය... ♥




එලඹෙන හැම රැයක ..
ඔබ දකිමි, ඔබ විඳිමි ..
මගේ ජීවිතේ ඔබේ පැවැත්ම ..
මම දැනගන්නේ එලෙසිනි ...

දුරු කතර ගෙවාගෙන ..
අප අතර ඇති වෙනස දරාගෙන ..
ඔබ ඇවිදින් මා ලගට ..
ඔබේ පැවැත්ම තහවුරු කරන්නට ..

දුරක හෝ ලගක ..
ඔබ සිටින කොහේ හෝ තැනක ..
මම දනිමි  ..
හදවත ..
තවමත් ගැහෙන බව ..

ඔබ මවෙත විවර කල දොරටුව ..
තව වරක් විවර කල මැන ..
දකිනු මැන ඔබ සිටින අපූරුව ..
තවමත් මගේ හද ගැස්ම තුල ...
මගේ හදවත ..
එලෙසටම මුමුණාවි ..
ඔබේ නම ..
සදහට ..

ආදරයේ සුමිහිරි ස්පර්ෂය ..
අප මත ගැටෙන්නේ එක්වරය ..
ඒ එක් වර ..
අවසන් වාරයද වනු නොඅනුමානය ..
හදවතට වට ආදරයේ පහස ..
අප මෙලොවින් සමුගන්නා යම් දිනක් වේද ..
එදින වන තුරු ..
අප සමග සිටිනු ඇත ..

මගේ ආදරය  ..
ඒ මා ඔබට ආදරය කල කාලයයි ..
ඔබ දරාගත්  ..
එක සැබෑ මොහොතයි ..
ඒ මොහොතක ආශ්වාදය ..
අපේම වූ ඒ මොහොත ..
මා මියෙන තුරාවට ..
මා සමග රැඳේවි ...

ඔබ මා අසලමයි ..
නෑ බියක් ලෝකට ..
විය හැකි කිසිම දේකට ..
දනිමි මම ..
මගේ හදවත ගැහෙන බව
සදහට ..

ඔබ මා ..
එක්ව ඉඳීවී මේ ලෙසට
සදාකල් ..
ඔබව රඳවා ආදරෙන්
මගේ හද ගැස්ම තුල
රැකගනිමි මලක් සේ මුදුව ..
ඒ හදවත ගැහේවි ..
සදහටම ...

...

(My translation of the song "My heart will go on" by Celine Dion)





6 comments:

  1. ගොඩක් තදින් දැනෙනවා ලකී .ඒ නිසාම වැඩිය
    කවි පෙළ හදවතට ලං කරගත්තේ නැහැ ..තවම
    හයියක් නැහැ මේ වගේ පද පෙළක් විඳින්න වත් ..

    ඇත්තටම මේ පද ටික කියෙව්වොත් මාව ආයෙම
    ඩිප්‍රෙස් වෙනවා ..හයියක් ගොඩ නැගුණොත් එදාට
    එන්නම් අකුරක් නෑර රස විඳින්න ...

    දිගටම ලියන්න ලකී ....එනවා බලන්න ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මමත් ලිව්වේ හයියක් ඇතුවට නෙමේ සහන්.
      ඒත් මෙහෙව් එකක්වත් නොලියා හිටියොත් මම පැතටික් නරුමයෙක් වෙලා නවතී ..
      මට මුණගැහුනේ නැති උනාට ලෝකේ ආදරයක් කියලා දෙයක් තියෙන බව මම මගේ හිතට මතක් කරල දෙනව සැරින් සැරේ .. !!

      Delete
    2. \\\මට මුණගැහුනේ නැති උනාට ලෝකේ ආදරයක් කියලා දෙයක් තියෙන බව මම මගේ හිතට මතක් කරල දෙනව සැරින් සැරේ .. !!///

      මටත් කියාගන්න හදලා හරියට කියාගන්න බැරි උනේ මේ ටික තමයි
      ලකී ..ජීවත් වීම උදෙසා සියල්ල අමතක කරන්න
      බලෙන් උත්සාහ කරනවා ..ආදරය කියල දෙයක් නැහැ,
      හැමතැනම බොරුව , මුලාව , රැවටීම කියල බලෙන්
      හිතනවා ..


      ඒත් අවසානයේ ඉබේම කොහෙන් හරි ආදරේ පස්සෙම
      යැවෙනවා ..කොච්චර නැහැ කිව්වත් ඒක ඕනේ අපිට ..
      එකම විසදුම හරි හමන් ආදරයක් , නැත්නම් මරණය ..

      මැරී මැරී ඉපදීමට වඩා නම් මරණය මට සැනසීමක් ..
      ඒක පවක් වෙන්න ඇති , ඒත් දෙවියනේ මම පව් නැද්ද ..?

      Delete
    3. සමහර ප්‍රශ්න වලට උත්තර නෑ ...

      Delete
  2. ඇයි අෆ්ෆා 'විරහව' මේ තර්ම්ම හිට් වෙන්නෙ ????

    ReplyDelete
    Replies
    1. ආදරය හරියට දැනෙන්න ගන්නේ විරහවෙන් පස්සේ නිසා ....

      Delete