බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Thursday, April 11, 2013

වසන්තයේ ආගමනය ...

සිංහල හින්දු අලුත් අවුරුද්ද ...
ජනවාරි පළවෙනිදා ලබපු කැලැන්ඩර් අවුරුද්දෙන් පස්සේ සූර්ය සන්ක්‍රාන්තියත් එක්ක එන අපේම අවුරුද්ද ..

දැන් ඉතිං රබන් සද්දේ ඇහේවි, කොහා කෑ ගහවි, මදි නොකියන්න ඔබේ තීරය පේන්න, බුරියට අඟල් බර ගානක් පහලින් රෙදි ඇඳගත්තු ගෑල්ලමයි ඔළිඳ කවි කියාවි ...

හැබැයි හැම දේම රූප පෙට්ටිය ඇතුලේ  ..

නැකතට ඇණේ කරකවලා ගෑස් ලිප පත්තු කරන, දෙමාපියන්ට කේක් පෙට්ටියක් දීලා ඉන්දියන් ක්‍රමේට වඳින, එලඹෙන නැකතින් නැකතට ගල් පොල් බෝතල් වල මූඩි ඇරෙන විපරීත සමාජයෙන් කොහා පැනලා ගිහින්.. එරබදු මලක් පිපෙන්න එරබදු ගහක් තියෙන්න එපැයි .. එරබදු ගස් වවන්නේ කොහෙද හැම බිම් අඟලක අහසක් උසට කොන්ක්‍රීට් මාළිගා හැදෙද්දි .. 

කුකරි පන්ති වල කැවුම් හදන්න උගන්නන්නේ නැතිකොට, විනාඩි පහේ ඉන්ස්ටන්ට් ආස්මි මික්ස්චර්ස් නැතිකොට අවුරුදු මේසෙට ආපිකෝ එකෙන් කැවිලි පෙට්ටියක් ගන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද .. නැකතට රැකී රක්ෂා වලට පිටත් වෙන්නේ කොහොමද නැකත එනකන් හිටියොත් ඕටී එක කැපෙන කොට ... 

ප්‍රශ්න .. 
මිනිස්සුන්ට ප්‍රශ්න .. !!

රූප පෙට්ටිය දාගත්තු වෙලේ ඉඳන් විසූක දස්සන.. උපන්තේකට ඔළිඳ ඇටයක් ඇහැට දැකලා නැති පූල් ගහපු, බෝලිං ගිහිපු සකලවිධ රූපලාවන්‍යයෙන් සැරසුනු ගෑල්ලමයි හරි අමාරුවෙන් රෙද්ද එකලස් කරකෙන ඔළිඳ කෙළිනවා .. ෂේඩඩ් ඩෙනිම ඇරෙන්න සරමක් ඇඳගෙන අඩි දෙකක් ඇවිදලා පුරුදු නැති ඔඩෙල් මොඩල්ස්ලා සරම් ඇඳගෙන එලුවන් කනවා .. සූර්ය සංක්‍රාන්තිය කියලා හරියට කියා ගන්න බැරි නිවේදිකාවෝ කට උල් කර කර තොදොල් වෙනවා.. අවුරුදු කුමාරිගෙයි කිංග්ෆිශර් කැලැන්ඩර් ගර්ල්ස්ලගෙයි තියෙන එකම වෙනස අවුරුදු කුමාරි (තාමත්) බිකිනිය ඇඳගෙන පෙනී සිටින්නේ නැති ටික විතරයි. මේවාදැක්කම අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ .. කොහොම උනත්,අඩුමගානේ රූප පෙට්ටියේ ඇතුලෙන් හරි අවුරුද්ද බලාගන්න තියෙන එක ලොකු දෙයක්. ෆැන්ටසියක් උනත්,මොකක්වත්ම නැතුවට වඩා මොනවම හරි තියෙන එක ලොකු දෙයක්නෙ :)

කාට නැතත් වෙළෙන්දන්ට අවුරුදු. පිටකොටුව එකම මිනිස් ඔලු ගොඩකින් පිරිලා ගිහින්. ඉදිකටුවේ ඉඳලා වාහනයක් වෙනකන් ඕන දෙයක් ගන්න පුලුවන් .. හැම කඩේකම,පෙව්මන්ට් එකේ අඩියක් අඩියක් ගානේ හීන පුරෝලා..හරි ලාබයි .. මිනිස්සු මාස ගානක් හම්බ කරපු සේසත එක විනාඩියෙන් ඒ හීන අස්සේ දිය වෙලා ගිහින් ඉවරයි. ඒත් මිනිස්සු සතුටින්, ඒ හැම සතයක්ම වියදම් කරන්නේ සතුටින්, සෙනග අස්සේ තෙරපෙන්නේ සතුටින් .. 

ඒ මිනිස්සු වාසනාවන්තයි මට වඩා එක අතකට .. 
මට ඒ සතුට විඳින්න බෑ..
මට ඒ හීන අස්සේ මගේ ජීවිතේ දිය කරන්න බෑ.. 
කොටින්ම මට පිටකොටුවෙන් අවුරුද්ද සල්ලි වලට ගන්න බෑ..



අද උදේ ඉඳන් ගේ ඉස්සර පාරේ එක වාහනේක සද්දයක් ඇහෙන්නේ නෑ .. වෙනදට එක සීරුවට ඇහෙන වාහන හෝන් සද්ද කිසි දෙයක් අද නෑ..

මිනිස්සු ගමේ ගිහින් ..

කොළඹ හැමෝගම තාවකාලික නාවතැනක් විතරයි..සල්ලි හොයන්න, ජීවිත සටන ගෙනියන්න හදා ගත්තු තාවකාලික සටන් බිමක් විතරයි කොළඹ කියන්නේ .. ගහක අතු කොහේ දීපංකරේ ගියත් මුල හයි වෙලා තියෙන්නේ පොළවට.කොළඹ ජීවිතත් එහෙමයි..කොහේ කොහොම ජීවත් උනත් එක තැනකදි මුල හොයාගෙන හැමෝම යනවා .. 

හැමදාම කාර්යබහුල කොළඹ අද පාලුයි .. 
වසන්තයේ උදාවෙදි කොළඹ හිස්...


මමත් හෙට ගමේ යනවා ..
ආච්චි අම්මා මාව බදාගෙන ඉඹගනීවි.. 
රැළි ගැහුන අත් වලින් ඔලුව අතගාවි.. 
ගිලුනු ඇස් වල කඳුලු පුරෝගෙන අහවි පුතේ තවම කසාදයක් බඳින්න කල්පනාවක් නැද්ද කියලා .. නහරවැල් බේරුනු අත් වලින් කන මිරිකලා අහවි මොකෝ ළමයෝ කනේ කරාඹු දෙකක් නැත්තේ කියලා .. ඉස්මුරුත්තාවට වෙනකන් ආස්මි,කොකිස්,අතිරස කවාවි මොකෝ මේ ළමයි මේ හැටි කෙට්ටු කියලා අහ අහ..

මට තවත් එක දවසක් විතරක් වෙන අවුරුද්ද එකම එක මොහොතකට ඒ පොඩි වෙලාවට අමුතුවට දැනේවි..වෙනසක් සතුටක් දැනේවි ...

ඒ අරුනම අවුරුද්ද.. ඒ කියන්නේ අප්‍රේල් 14 කියන දිනය මට තවත් එක දවසක් විතරයි .. මගේ අවුරුද්ද ලබන්නේ මම සතුටින් ඉන්න දවසට .. මගේ සතුට අනුව එකම කැලැන්ඩර් අවුරුද්ද ඇතුලේ මගේම අවුරුදු හතර පහක් එන්න පුලුවන් වගේම එකම එක අවුරුද්දක්වත් නෑවිත් තියෙන්නත් පුලුවන් ...

දන්නේ නෑ හෙට ගැන ..
මම හොයන්නේ මොනාද කියලා මම තේරුම් ගත්තුදාට.. 
ඒහොයන දේ හම්බුන දාට.. 
මම සතුටින් ඉන්න දාට.. 
මට අවුරුදු ලබයි ... 
ඒ කවදද කියන්න මම දන්නේ නෑ ..


මොනවා කොහොම උනත්ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නෑයන්ට නොනෑයන්ට .. යාලුවන්ට තරහකාරයන්ට .. සුභ පතන්නන්ට ඉරිසියාකරයන්ට .. ආදරේ අයට ආදරේ නැති අයට .. රිද්දපු අයට සනසපු අයට .. සකල ලෝක වාසි මහා ප්‍රාණියාගේ ඉඳන් ක්ෂුද්‍ර ප්‍රාණියා වෙනකන් හැමෝටම .. හිතේ තියෙන හීන හැබෑවෙන, තව තවත් හීන මවන්න ලැබෙන්න, හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන .. තව බලාපොරොත්තු ඇති වෙන .. සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා .. :)

19 comments:

  1. මාත් අවුරුදු 6 කින් විතර අලුත් අවුරුදු දෙකටම කියල
    ඇඳුමක් අරගෙන නැහැ .උපන් දින වලට කිසිම විශේෂයක්
    නැහැ . වෙසක් , පොසොන් කියල හැගීමකුත් නැහැ .ලස්සන
    රෝස මලක් වත් මට ලස්සන නැහැ , මට ලස්සන නැහැ ,
    මට ලස්සන නැහැ ..ලස්සන කිසිම දෙයක් මට ලස්සන නැහැ ...

    ReplyDelete
  2. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  3. වෙනස් වෙන්නේ නැත්තේ වෙනස් වීම විතරලුනේ. ඉතින් අලුත් අවුරුද්දටත් මේක අදාළයි :)

    සුභ නව වසරක් වේවා ඕන් :D

    ReplyDelete
  4. කතාව ඇත්ත. මමත් ගෙදර ගිය අවුරුද්දට කියල. කෝ අප්පා කොහෙක අඩනවා ආසාවට ඇහුනේ නේ. මම නම් එකට හේතුව හොයාගත්ත. මේකනේ කොහා ඔය සද්ද දන්නේ බිත්තර දන කලෙටනේ . අනෙක කොහාහාමිනේ බිත්තර දාන්නේ කාක්කා ගේ කුඩුවේ නේ. වෙවිපුර කාක්කෝ ඉන්නේ කොළබ නේ. ඉතින් මම ගමේ යනකොට කොහල ටික කොලබ ගිහින් වෙන්ට.

    අනේ මොනාවුනත් කමක් නෑ ... බ්ලොග් කලාවේ ඉන්න හැමෝටම සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා....

    කොලබ ට කේන්ද්‍ර වුනු වනිජ්ජ්‍ය මිනිස්සු .....හම් කතාව ඇත්ත. මමත් ඕක මෙම කවියකින් කියන්න ට්‍රය් කල දවසක්.

    http://www.magekayya.blogspot.com/2012/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ...
      සුභ අලුත් අවුරුද්දක් වේවා :)

      Delete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා ලකී

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා :)

      Delete
  6. දැන් ඉතිං ටීවි එකෙන් තමා අවුරුද්ද අසිරිය දකින්න වෙන්නෙ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා :)

      Delete
  7. මොකක් උනත් ලකියා හිතන විදියට මම කැමතියි....

    ඒත් සතුටු වෙන්න එක මොහොතකට හරි රජ මැදුරෙත්, දුප්පත් පැල්පතේත් එකම නැකතට දුක් කරදර අමතක කරලා එකම බතක් ඉදෙනවට.......

    සාම්ප්‍රදායික විදියටම කියන්නම් තාම ඒක වෙනස් වෙලා නැති නිසා "සුභ අළුත් අවුරුද්දක් වේවා"

    ReplyDelete
    Replies
    1. ලකියා හිතන විදියට එක්කෙනෙක් දෙන්නෙක් හරි කැමති එක ලොකු දෙයක් ;)
      සුභ අලුත් අවුරුද්දක් වේවා :)

      Delete
  8. හරිම මාන්දමිකයි.. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා.. !! ;)

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා රෙඩ් ඔයාටත් :)

      Delete
  10. මේ ලිපිය නියමයි අක්කී... ජය!

    ReplyDelete