බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, January 5, 2013

අනියම් කවිය .. !!


එක බවුන්ඩ්‍රියක් ගැහුවේ නැති
මේන් බැට්ස්මන්ට
සපෝර්ට් එකට දිවුවේ 
මම ....
මුලු මැච් එක පුරාම ...

දැන් මේ
පැවිලියන් එකේ ඉඳන්
කකුලේ තෙල් ගාන ගමන්
බලාන ඉන්නවා
මේන් බැට්ස්මන්ව
බදාගන්න හැටි කට්ටිය ..

< මෑන් ඔෆ් ද මැච්ලු එයා >
 

22 comments:

  1. ව්‍යාංගාර්ථයක් වගේ

    ReplyDelete
  2. කොට අදින අලියි පෙරහරේ යන අලියි කියල දෙගොල්ලක් ඉන්නවනේ... කවිය නියමයි හිතට වදිනවා. සමහර අලි පෙරහරට දක්කන්නත් කට්ටිය ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්... හ්ම්ම්ම්...
      ;)

      Delete
  3. නම ගියේ කාගේවත් හමගියේ කාගේවත් ඕක අපේ ලංකාවේ විතරක් නෙවෙයි මේ ලෝකෙම හැටියක් අෆ්ෆා........ :(

    ReplyDelete

  4. හප්පේ ඔහොම දේවල් නොවෙන්න මන් මේ බ්ලොග් ලෝකෙත් නැහැ.
    හරිම ලස්සනයි මේ පද ටික රෝස් ..දිගටම නිර්මාණ කරන්න...එන්නම් බලන්න...

    ReplyDelete
  5. < මෑන් ඔෆ් ද මැච්ලු එයා >

    අම්මපා තාමත් පරණ කුණුගොඩවල් හිතේ තියන් දුක් වෙනවද?.කට්ට කෑවේ සතුටින් නේ.ඒ සතුට විතරක් මතක තියන ඉන්න.මොනවා උනත් පට්ට කවිය.චේන් එක පැන්නා එකෙන්ම..:P

    ReplyDelete
  6. හ්ම්ම්... මොකක් ගැනද මේ කිවුවේ කියලා හිතා ගන්න බෑ.. කෝම උනත් ලස්සනයි..

    ReplyDelete
  7. ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඔහොම තමයි හෆ්ෆ ලෝකෙ හැටි.. දැනෙන කවියක්.. අක්කෙ. ලස්සනයි

    ReplyDelete
  8. ඒකයි යථාර්තය :(

    ReplyDelete
  9. යකෝ මේකි බක මුනියක් වෙලා ද

    ReplyDelete
  10. අදමයි ආවේ site එකට. ලස්සන කවියක්. :)හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් :D :D :D

      Delete