බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, December 25, 2012

දෙසැම්බර් තිස් එක .. !!



නවත්තපල්ලා බං ...
ඔය රතිඤ්ඤා ගැහිල්ල ..
ඩිංගක් ඇහැ පියවන්න නෑ ..
ජංගමේ කෑගැහිල්ල ..
ඒ මගුල අල්ලලා ඇඳ යටට එබුවම ..
මෙන්න පටන් අරන් රතිඤ්ඤා කෙරුවාව ..
ජනවාරි පළවෙනිදා කියලා නෑ ..
හෙටත් වැඩ ..
නිදියන්න දීපල්ලා ..

ගමේම බල්ලොත් බයවෙලා ..
ඒ මදිවට ...





30 comments:

  1. ටිකක් වෙනස් විදියක නිසදැසක් ..ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හිකිස් :D
      මට මොනවා හරි ලියන්නම හිතුන.. ඉතිං ලිව්වා..
      ස්තූතියි ..

      Delete
  2. මටත් දවසක් ඔහොම හිතුනා අල්ලපු ගෙදරක ලවුඩ්ස්පීකර්ස් දාලා පිරිතක්ද මොකක්ද එකක් තිබුණු දවසක!

    ReplyDelete
    Replies
    1. හිකි හිකි .. :D
      ස්තූතියි කොමෙන්ටුවට ...

      Delete
  3. මේ පිච්චෙන්නේ සල්ලින් නේද කියල හිතුන වාර අනන්තයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... රතිඤ්ඤා හදන පොඩි මිනිස්සුන්ට කීයක් හරි ලැබෙන එක ඇරෙන්න ඒ විකාර වැඩේ ඇති කිසිම තේරුමක් නෑ ...
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  4. අගෙයි නිසදැස....මේ දවස් වල නිතරම තියෙන දෙයක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව්.. හරිම කරදරයක්.. අනික අසරණ සත්තුත් බය වෙනවා හොදටම..
      ස්තූතියි යාලු කොමෙන්ටුවට :)

      Delete
  5. අහ්.. අපේ කට්ටියගේ වැඩ දන්නවනේ ඉතින්..

    අපිනම් පළවෙනිදා නිවාඩු ඒ උනාට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කට්ටිය කොහොමත් බොරු සද්දෙට කැමතියිනේ
      ස්තූතියි ඇවිත් ගියාට :)

      Delete
  6. බාඳුරා මේක නම් සහතික ඇත්ත කතාව. මල වදයක් තමා රතිඥ්චඤා නම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒත් මම දැනටම බැනුම් අහලා ඉන්නේ මගේ පාඨක ජනතාවගෙන් රතිඤ්ඤාවක් විකුනගෙන අමාරුවෙන් ජීවිතේ ගැටගහ ගන්න නිර්ධන පංතියේ දුක ධනපති පන්තියේ මට වැටහෙන්නේ නෑ කියලා ... හිකිස්.. :D
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  7. හික්ස්ස්ස්... මරු කතාව අක්කෙ!!! :)

    ReplyDelete
  8. විකාරද බං උඹට
    මේක අපේ සුපිරි
    ප්‍රජාතන්ත්‍රවාදි නිදහස

    ReplyDelete
    Replies
    1. කොහෙවත් යන
      ප්‍රජාතාන්ත්‍රවාදෙට
      මගේ නින්ද
      පලිද බොල :P

      Delete
  9. තව අවුරුද්දක් ජීවිතේ කොටවෙන එකට මිනිස්සු මොකට සතුටුවෙනවද කියල මට හිතාගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මට තියෙන ප්‍රශ්නේ ජනවාරි පළවෙනිදා මෙච්චර වැදගත් ඇයි කියලා.. ඇ‍යි දෙයියනේ අනිත් හැම දවසක්මත් එන්නේ අවුරුද්දට එක පාරයිනේ ....

      Delete
  10. ලංකාවට වැඩිය මෙහෙ හොඳයි සද්ද බද්ද නැහැ. ලංකාවේ අය 31 පටන්ගන්නෙම බීලනේ

    ReplyDelete
    Replies
    1. බීම නෙමේ නගා ලංකාවේ තියෙන ප්‍රශ්නේ.. ඊට වඩා කොච්චර බොනවද යුරෝපේ මිනිස්සු.. ලංකාවේ උන්ගේ අවුල සිහියෙන් ඉදන් කරන්න බැරි හැම එකම බීගත්තම කරලා පොර පාට් දාන්න දගලන එක ...

      Delete
  11. වෙනස හොදයි... ඇත්ත තමයි...

    ReplyDelete
    Replies
    1. බොරු නොකියන ඇත්ත කියන පුංචි මමත් රත්තරං ;)

      Delete
  12. මේ ...අර ඔයයිගෙ ඉන්නව නේද බලු නට්ටෙක්?...

    දන්නවනෙ බල්ලොන්ට රතිඤ්ඤ සද්දෙ ඉවසන්ට බෑ...අපිට වැඩිය බොහොම දරුණුවට එවුන්ට ඔය සද්දෙ ඇහෙනව....

    ඒ නිසා බලූස්ට තිස් එක කිට්ටුවෙනකොට නරකද ඔළුවට මල්ලක් වගෙ මොකක් හරි දාල ගැට ගැහුව නම් සද්දෙ නෑහෙන්ට...අර නිපුණ කිලෝ දහයෙ හාල් මල්ල තියනව නේද? අන්න ඒක අයිඩියල් ඔය වැඩේට....හෙහ්, හෙහ්....

    ReplyDelete
    Replies
    1. ඔව්.. රතිඤ්ඤා පත්තු කරද්දි ඌට නිකන් හිරෝෂිමාවට බෝම්බ ගහනවා වගේ.. ගමේම බලු නඩේ එක්ක එක සීරුවට විලාප තියනවා... එහෙට දුවනවා මෙහෙට දුවනවා.. පිස්සු බල්ලො දහයක් ගෙදර ඉන්නවා වගේ...

      මල්ල දැම්මත් මල්ල අස්සෙන් සද්දේ යයි නේද.. ඊට හොදයි කන් දෙකේ පොල්මුඩු දෙකක් එබුවා නම් :D

      Delete
  13. කියල වැඩක් නෑ අක්කි ...හොඳට සැප නින්දේ ඉද්දි රතිඥ්ඥ පුපුරනකොටනම් යකා වැහෙනවා ..හික්

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ.. ඊලග දවසේ වැඩක් නැති උන් එලි වෙනකන් නිදිමරාගෙන රතිඤ්ඤා ගහද්දි.. ජනවාරි පලවෙනිදා උදෙන්ම වැඩට යන්න තියෙන අසරණ අපිට ඇස් දෙකට ඇඩෙන්නේ :(

      Delete
  14. දෙසැම්බර් 31 ත් ජනවාරි 1 වෙනිදාත් මට නම් සාමාන්‍ය දවස් දෙකක් විතරයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒත් බහුතරයකට එහෙම නෙමෙයි

      Delete