මලක් ලෙස ඔබ
උවම් කල සඳ
නොදුටු අරුමය
මල මියෙන වග ..
නේක පැහැයෙන්
දිදුල මල් පෙති
දුඹුරු කලු වී
පොහොර වන වග ..
ගඟක් ලෙස ඔබ
උවම් කල සඳ
නොදුටු අරුමය
ගඟ හිඳෙන වග ..
පෙණ කැටිති පිරි
දිදුල නිල් දිය
යටින් දෙදරූ
මැටි පොළව වග ..
සඳක් ලෙස ඔබ
උවම් කල සඳ
නොදුටු අරුමය
සඳ නො එන වග ..
සේද එළියෙන්
දිලෙන සඳවත
අමාවක රැය
එළිය නැති වග ..
දිවිය ලෙස ඔබ
උවම් කල සඳ
නොදුටු අරුමය
දිවි නැසෙන වග ..
මගේ කියනා
මේ සරීරය
කවමදාවත්
මගේ නොවු වග ..
සාධු සාධු බුදු බණ අනන්තයි.. හැක්...විහිළු මෙයා.. හොදයි නිසදැස
ReplyDeleteස්තූතියි :)
Deleteලස්සනයි !
ReplyDeleteස්තූතියි :)
Deleteකවදාවත් අපට අප හිමි නෑ අපව හිමි සමාජයටම තමා . අපි සියලු දේ කරන්නේ අපේ සතුටට වඩා අනුන් පිනවන්න.අපට අපේ කියා තීරණයක් ගන්න ඇති ඉඩකඩ බොහොම අඩුයි. මේක ලස්සන නිර්මාණයක් රෝස නෝනේ
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
හ්ම්ම්.. හ්ම්ම්ම් .. හ්ම්ම්ම්ම්ම්ම්ම්... තමන්ට කියලා දේවල් හිමි අයත් මේ ලෝකේ ඉන්නවා නලින්... නමුත් සමහරුන්ට තමන්ගෙම කියලා කිසි දෙයක් මැරෙනකන් ලැබෙන්නේ නෑ.. ඒ කාලකන්නිකම ... :(
Deleteස්තූතියි කොමෙන්ටුවට :)
නෑ ඒ විදියට පෙන්නං ඉන්න අය තමා ඉන්නේ. ඒ අයත් හැමදාම රහසින් හඬා වැටෙනවා. ඔබේ අර්ථයෙන් ගත්තොත් හැමෝම කාලකන්නියන් තමා.
Deleteතර්ක නෑ .......... බෙදාගන්න හිතෙනවා නේන්නම්
ReplyDeleteඉත්තූතී වේවා :)
Deleteහ්ම්ම්ම්ම්ම් කොහොම හරි ජීවිතේ ගෙනියන්න ඕන ඒත්
ReplyDeleteඒත් ... ඒත් එහෙම ගෙනියන්න හරීම අමාරුයි .. හීනයක් බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්නන්වාලේ ජීවත් වෙන්න ගියාම .. ඒක සෑහෙන්න අමාරුයි ..
Deleteස්තූතියි කොමෙන්ටුවට :)
ඔව් මන් දන්නවා ලකී .මටත් ඔහොම කාලයක් තිබ්බ.
Deleteඒ කාලේ තුල මගේ අනාගතය මන් විසින්ම මට පෙනී
පෙනී නැතිවෙලා ගියා, නැති වෙන්න ඉඩ ඇරියා.හ්ම්ම්ම්ම්
කොහොම හරි දෙයියෝ බලල වගේ කීප දෙනෙක්ගේ
පිහිටෙන් යන්තන් මටම කියල ආයෙම නැගිට්ට මන් ..
සින්දු අහ අහ හිටිය ඒ මුල්ම කාල වල...වැඩිය අනවශ්‍ය
දේවල් එක්ක ගැටෙන්න ගියේ නැහැ ..දේශපාලනය ,
ආර්ථික ප්‍රශ්න, විභාග වගේ..ඕනේ දේකට ඕන දෙයක්
වෙන්න ඉඩ දීල හිටිය..ඊට පස්සේ දන්නෙම නැතුව recovery
වෙන්න පටන් ගන්නවා..ඒක තමන්ටත් නොදැනී වෙනවා..
හැබැයි ඒකට පොඩි කාලයක් යනවා..ඒ වගේම recovery
එක හොදටම settle down වෙන්න කලින් අපි ආයෙම
අනවශ්‍ය දේට expose වෙන්න යන්න හොද නැහැ ලකී..
ටික කාලයක් ඒ කියන්නේ මාස 8 විතර ( its depend on person
person ) ඉන්න ඕන බොහොම පරිස්සමෙන් ..හැබැයි ඒ කාලය
තුල expose උනොත් ටිකක් සංකීර්ණ වෙනවා...
මන් ඉගෙන ගත්ත විහිලු කතාවක් තියෙනවා..ඒ කියන්නේ අකලංක
ආදරේ ඵල දරන්නේ නැහැලු..කලංකයක් නැහැනේ...:D
ඔයාට ඔය තරම් දෙයක් නැතුව ඇති..මන් නිකමට කිව්වේ.
මොකද මටත් ඔහොම කාලයක් තිබ්බ .හරි අමාරු කාලයක්.
ඒ වගේම තව දෙයක් වදින්න යන දේවාල ඔලුවට වැටෙන
නිසා හොදම දේ පුළුවන් තරම් තමන්ගේ දුක් අනුන්ට නොපෙනන
ඉන්න එක ලකී..
අර අකලංක ආදරේ කලංකේ නැති කථාව නම් මරු ...
Deleteපොඩි කාලයක් ... (මාස 8 ක් විතර :D :D
සහන් .. මම දැනට අවුරුදු තුනක් විදවල ඉවරයි.. හැබැයි තාමත් තුවාලේ එදා වගේමයි ... ස්තූතියි හිතෙන හැටි කිව්වට :)
ලස්සන සංකල්පනාවක්..
ReplyDeleteස්තූතියි යාලු :)
Deleteආයේ කියල මොකටද? මංකාදු5යි මල් 14යි.....
ReplyDeleteහිකි හිකි .... තැන්කූ තැන්කූ :)
Deleteඒ මලෙන් සිත ඇඳුණු සුවඳෙන් සදා හද ඉතිරී තිබේවා
ReplyDeleteගං දියේ මුනුමුණුව කෙඳිරූ හඬින් සිත මිහිරෙන් පිරේවා
සඳ එළිය වැලි තලාවේ මැවු සොඳුරු දසුනෙන් සිත නිවේවා
නොතිර සසරේ ගෙවන දිවියේ අරුම නිබඳව පසක් වේවා
:D
ස්තූතියි යාලු ලස්සන පද පේලි ටිකට :)
Delete