බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, November 3, 2012

< වෙ න ස >



මම S p o r t s C a R එකක්..
එහෙන් මෙහෙන් වෙට්ටු දාන..
නැති උන් අයිති කරගන්න දගලන..
යාලුවන්ට උජාරුවට පෙන්නන ...
ටයර් ගෙවෙනකන් off road show යන ..
මඩ නාගෙන trend එකට ඉන්න ...
පාරේ මහා සද්දෙන් යන ...
රට්ටු හොල්මන් වෙලා බලන ...
දෙමාපිය වැඩිහිටියන්ගෙන් ...
ජීවිතේට කොළ එළියක් නොලැබෙන ...
කොල්ල වැරදි මඟ යවන..
කොල්ලගේ ඇට කටු කඩන...

**********************************************************

එතකොට එයා...
එයා...
C l a s s i c C a R එකක්...
ගෙනල්ලා park කල දවසේ ඉඳන්...
Garage එකෙන් එළියට නොගත්ත...
උදේ හවස ග්‍රීස් ගාල පිහදන...
ටයර් සෙට් එක තවමත් තදට දිලිසෙන...
ගෙයි පෝටිකෝවක් යට...
උජාරුවට නවත්තලා තියෙන...
ගෙදරට යන එන අයට ලොරි කතා කියමින් පෙන්නන...
දෙමාපිය වැඩිහිටියන් රතු පාවඩ පිටින්...
පද්දගෙන ආව ...

    *****************************************************

මම S p o r t S C a R එකක් ..
දවස පුරාම කොල්ල එක්ක ගජරාමෙට ඉගිල්ලිලා...
ගෙදර ගෙනියන්න බැරිකමට...
හවසට යාලුවෙක්ගේ අතේ කොහෙට හරි යවන...
කවදාවත්ම ගරාජයකට වැද්ද නොගන්න ... !!

එයා C l a s s i c C a R එකක් ...
හැමදාම දිලිහෙමින් ...
ගෙදර ඉන්න ...
ගරාජයේ අයිතිය...
සින්නකර ලියවුන....

9 comments:

  1. හ්ම්ම්ම්...... කාලෙකට පස්සේ පොස්ට් එකක් දාලත් මොකද මේ කාර් ගැනම ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කාර් ගැන වැඩිය කවුරුත් නොලියන නිසා ලියන්න හිතුනා ;)

      Delete
    2. හ්ම්ම්ම් එකත් නරක නැහැ.

      Delete
  2. අපූරුයි අක්කී

    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ .. ඔබටත් ජයෙන් ජය !!

      Delete
  3. නියමයි! අපූරුවට ලියවිලා තියෙන්නේ ඔය :)
    ජයම වේවා ඔබට

    ReplyDelete
  4. අදනෙ දැක්කේ..පට්ටම පට්ටයි...

    ReplyDelete
    Replies
    1. හිකි හිකි.. අද හරි දැක්කනේ.. ඉත්ං හැමදාම එන්න.. ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete