බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, November 26, 2012

♔ ස්ලීපිං බියුටි ♔




 

අවුරුදු සීයක් ...
නිදාගෙන හිටි මාව..
කොහෙන්දෝ ආපු කුමාරයෙක්..
හැම කථාවෙම වගේ..
හාද්දක් දීලා ...
අවදි කලා ...

ඉතිං මමත් ...
ඇස් ඇරලා හිනා වෙලා ...
එහෙනම් අපි ...
හැපිලි එවර් ආෆ්ටර් ජීවත් වෙමු කීවම ...

කුමාරයා කියපි ...

විකාරද හලෝ..
මගේ වෙඩිමට ...
ජයමංගල ගාථා කියන්න කෙනෙක් නෑ...
ඒකයි ඔයාව ඇහැරුවේ ...
කියලා ...

කමක් නෑ.. 
ඇහැරුනු එකේ මම ජයමංගලානි කියන්නම්.. 
හැබැයි පොරොන්දු වෙන්න...
ඒ හිලව්වට...
ආයෙම නපුරු මන්තරකාරිව හොයගෙන ඇවිත් ...
මාව සදාකලික නින්දට දානවා කියලා ...

ආයේ මාව ඇහැරෙව්වොත් බලාගෙනයි ඔන්න ...!!

36 comments:

  1. අදමයි මේ පැත්තට ගොඩ වැදුනෙ.. වෙනස්ම සිතුවිල්ලක්.. නිදාගෙන ඉන්න එක සැපයි නැද්ද.. හෙහ්!

    ReplyDelete
    Replies
    1. සැපයිද කියලත් අහනවා ...
      ඉත්තූතියි කොමෙන්ටුවට ... දිගටම එන්න .. :)

      Delete
  2. "ආයේ මාව ඇහැරෙව්වොත් බලාගෙනයි ඔන්න ...!!"

    (y)

    ReplyDelete
  3. වෙන කෙනෙක් ඇවිල්ලා ඇහැරෙව්වොත් මොකෝ කරන්නෙ? :D

    ලස්සනයි මේකත්, කළිං නිර්මාණ වගේම. :) :) :)

    ReplyDelete
    Replies
    1. හැබෑටම.. වෙන කෙනෙක් ඇවිදින් ඇහැරෙව්වොත් මොකද කරන්නේ කියලා මට කල්පනා උනේම නෑනේ ... :-o

      ඉස්තූතියි යාලු කොමෙන්ටුවට :)

      Delete
  4. Replies
    1. ම්ම්ම්.. ඇහැරෙන්න කම්මැළිටත් වඩා ඇහැරෙන්න උවමනාවක් නෑ කිව්වොත් හරි.. ස්තූතියි ඇවිත් ගියාට :)

      Delete
  5. හ්ම්ම්ම් අදමයි ආවේ ඔයාව බලන්න ..
    හොද සිතුවිල්ලක් .. ඒත් ඒ අහින්සකීව
    නින්දට නම් ඇරලන එකක් නැහැ ඒත්
    උවමනාවක් උන දාට නම් ආයෙම ඇහරවාවී
    හොයාගෙන ඇවිත්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ... සම්පූර්ණ ඇත්ත .. ඇහැරෙව්වොත් බලාගෙනයි කිව්වට ආයෙම උවමනාවක් උනාම ඇහැරවයි තමයි .. ඒ කුමාරයම හරි වෙන කුමාරයෙක් හරි ... ඒක ස්ලීපිං බියුටිගේ ඉරණම ...
      බොහොම ස්තූතියි කොමෙන්ටුවට ..
      දිගටම එන්න :)

      Delete
    2. අද්දැකීමෙන් කිව්වේ ඒ දේ ..
      දෙපාරක්ම කූද්දුනු නිසා dr ...
      ඒ උනාට ඒ කතාවේදී කුමාරයා
      තමා ඇහැරුනේ...නින්ද ඉල්ල ඉල්ලා
      අඩා වැටුනෙත් කුමාරයා ..
      කුමාරිකාවෝ නපුරු මායාකාරී එක්ක
      එකතු උනා ..
      සදාචාරේ ගැන මන් හිතන විදිහත්
      වෙනස් ..පුළු පුළුවන් වෙලාවට
      මගේ බ්ලොග් එකෙත් දානවා ..
      ඕන කෙනෙක් ඕන දෙයක් හිතපුදෙන්.
      දැන් වත් මිනිස්සු දැනගන්න ඕනේ
      සදාචාරෙන් විනාස උන අහිංසකයෝ ගැන ..

      Delete
    3. හ්ම්ම්.. හැම වේලේම කවුරු හරි නිදියනව.. තව කවුරු හරි ඇවිත් ඇහැරවනවා ... සර්වකාලින සත්‍යක් ... සම්ප්‍රධායට පිටින් යන්න, ඉන් ඔබ්බට හිතන්න සෑහෙන්න ධෛර්යක් ඕන .. සන්තෝසයි එහෙම අය ඉන්න එක ගැන :)

      Delete
    4. හිතේ හයිය නම් තියෙනවා ඒත් බලාපොරොත්තු නැහැ ..
      ඒවා අරගොල්ලෝ තලලා පොඩි කරලා දාල ගිහින් යනකොට ..

      Delete
    5. බලාපොරොත්තු නැති වෙන තරමට උඩුගං පීනන්න ලේසි මම හිතන විදියට නම් .. මොකද එතකොට සම්බන්දතා බිඳෙයි, බලාපොරොත්තු කැඩෙයි කියලා කිසි දෙයක් හිතේ හිර කරගෙන ඉන්න ඕන නෑනේ

      Delete
  6. නව නුතන කවි..........කියන්න ඕන මේවට තමයි....ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. හි හී .. තව නූතන කවි සෑහෙන්න හිතෙනවා මට .. ඒත් ලාංකේය සදාචාරය කරපින්නගෙන ඉන්න මිනිස්සුන්ට දිරවඉද දන්නේ නැති නිසා සද්ද නැතුව ඉන්නවලු ඉතිං..
      තැන්කූ කොමෙන්ටුවට :)

      Delete
  7. හෙහ් හෙහ්.. මරු ඈ...

    මොනා වුනත් කුමාරය තියෙන සම්පත් ප්‍රයෝජනයට දක්ෂයෙක්... ;)

    ReplyDelete
    Replies
    1. අපෝයි ඔව් .. කුමාරය තරම් සම්පත් යුටිලයිස් කරන්න දන්න කෙනෙක් ස්ලීපිං බියුටිට නින්ද යන්න කලින්වත් හම්බෙලා තිබුනේ නෑ..
      ස්තූතියි කොමෙන්ටුවට .. :)

      Delete
  8. ඔන්න කාලෙකට පස්සේ ලස්සන සිතුවිල්ලක් අරන් ඇවිත් නමුත් මොකද මේ විරහව කැටි උන දේම විතරක්?

    ReplyDelete
    Replies
    1. මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විරහ ගුලියක් .. ඒකයි .. !!
      ඉත්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  9. / ආයේ මාව ඇහැරෙව්වොත් බලාගෙනයි ඔන්න ...!! /

    අනේ ...මෙහ්......නිකං යන්ට වාසනා යන්ට....අපි නොදන්න මොණර තැන්න කිව්වලු...ආයෙ ඇහැරෙව්වත් ඔහෙ කොරන්නෙ ඔය ටිකම තමයි.....

    කුමාරය කියන දෙයක් කරල දෙනව කියන විදිහටම……..ඒ කරල ආයෙම ඇහැරුවොත් බලාගෙනයි කියල මේ අපිට පේන්ට බොරුවට සද්දයක් එහෙම දාල ගොයිං බෑක් ටු ස්ලීප්.....

    නිදාගෙනම ඉන්න එකේ ජයමංගල ගාතා කියන්ට හරි කුමාරය ඇවිත් ඇහැරවනව නම් ඒත් දාහෙං සම්පතයි කියල හිතන නිදි කුමාරිල කී දෙනෙක් නම් ඉන්නවද හැබෑටම......:( :( :(

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාක්කී ... සතා මොකාද කියලා රට්ටු දන්නවා වගේ.:-o

      පස්පාරක් විතර පපුවේ අමාරුව හැදෙනවලු ඉතිං. ඇත්ත රවි.. මහ ලොකුවට සද්දේ දාල නිදා ගන්න ගියාට නිදි කුමාරි ඉන්නේ කොයි වෙලාවේ හරි කුමාරය ඇවිදින් ඇහැරවයි කියලා තමයි ... ජයමංගල ගාතා නෙමෙයි වැසිකිලි ගියාම පස්ස හෝදන්න එන්න කිව්වත් කුමාරි ඇහැරලා දුවගෙන යයි .. ඕක දිගින් දිගටම වෙයි චක්‍රයක් වගේ .. කුමාරි නිදියනවා, කුමරය ඇවිත් හැපිලි එවර් ආෆ්ටර් ජීව්ත් වෙන්න කථා කරයි කියලා බලාපොරොත්තුවෙන් .. ඒත් අවදි වෙන අවදි වෙන වාරයක් ගානේ කුමාරිට ලැබෙන්නේ බලාපොරොත්තු කඩවීම් විතරයි ... හැම සුරංගනා කථාවක්ම එකම විදියට ඉවර වෙන්නේ නෑ...

      බොහොම ස්තූතියි කොමෙටුවට ..
      සතුටුයි කුමාරිගේ ඇත්ත දැකපු එක ගැන .. !!

      Delete
  10. හ්ම්ම්ම් හැමදාම නිදා ගෙන ඉන්නද කල්පනාව

    ReplyDelete
    Replies
    1. පුලුවන් කල් නිදාගෙන ඉන්නවා 'දේ ලිව්ඩ් හැපිලි එවර් ආෆ්ටර්' එකක් හම්බෙනකන්..
      ස්තූතියි කොමෙටුවට .. :)

      Delete
  11. කුමාරි ජයමංගල ගාථ කියල වෙඩින් කේක් ටිකකුත්
    ගවුන් සාක්කුවේ දාගෙන එද්දී මෙන්න
    එක පාරට!

    කව්ද ?

    අර වෙඩිමට ඇවිත් හිටපු තව කුමාරයෙක්
    මෙයාගේ පස්සෙන් හෙමීට ඇවිත්..

    ලං වෙලා ඇහුව " ආයේ නින්දට යනවද පැටියෝ ඔයා "
    කුමාරි නිහඩයි..

    ආයේ ටිකක් වෙලා ගිහින් හෙමීට වෙඩින් කේක් කෑල්ලක්
    කනින් ගමන් කුමාරි හිනා වේවි කිව්වේ නැද්ද ?

    මොකක්ද ?



    "මොකටද පස්සෙන් ආවේ "
    ඒ උනාට කුමාරිගේ ඇස් වලින් හිනා යනවා


    ඊට පස්සේ මොනවා වෙන්න ඇතිද හ්ම්ම්ම්ම්ම් ?
    කියන්න බලන්න ..

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කුමාරි එහෙම ඇස් වලින්ම කථා කර කර ඉන්නවා කුමාරයා එක්ක.. කේක් කෑල්ල කාලා ඉවර වෙනකන් ... ඊට පස්සේ කුමාරි කුමාරයගේ අතින් අල්ල ගන්නවා.. අල්ලගෙන මෙහෙම කියනවා ...

      ඇහුව ප්‍රශ්නේ අමතක නෑ ..
      ඔව් මම ආයෙම නින්දට යනවා ...
      ඔයාගේ හිතේ තියෙන දේ මම දන්නවා ...
      හැබැයි මාව ඇහැරෙව්වේ වෙන කුමාරයෙක්..
      එයා පටන් ගත්තු කථාව ඔයාට ඉවර කරන්න දෙන්න බෑ..
      ඒ නිසා මම ආයෙම නිදියනවා..
      අවුරුදු සීයක් ගියාම ඔයා එන්න ..
      ඇවිත් මාව ආයෙම ඇහැරවන්න ...
      කථාව ආයෙම පටන් ගන්න ...
      ඊට පස්සේ අපි දෙන්න හැපිලි එවර් ආෆ්ටර් ජීවත් වෙමු ...

      එහෙම කියලා කුමාරි එයාගේ සුපුරුදු නින්දට යනවා ..

      කුමාරය ..

      අනේ මන්දා..
      කුමාරයට ඕන නම් අවුරුදු සීයක් බලාගෙන ඉන්නත් පුලුවන්.. නැතිනම් ආයෙම වෙඩින් එකට ගිහින් තවත් කුමාරියෙක් පස්සෙන් යන්නත් පුලුවන් .. ගොඩක් වෙලාවට කුමාරය දෙවෙනි තීරනේ ගනී :D

      Delete
  12. "මොනවා වෙන කුමරියෙක් පස්සෙන් යන්න ?"

    කුමාරයගේ මුහුණෙන් අමනාප ගතියක් පෙන්නුම් කරයි..
    ඒත් ඊට වඩා දෙයක් තියෙනවා මන් හිතන්නේ..හරියට
    රාජ කුමාරයෙක් ඉදිරියේ අවිනීත හැසිරීමක් දක්වපු ගැමි
    කෙල්ලෙක් දිහා බලනවා වගේ බලන් ඉන්නේ කුමාරය..

    කුමාරයාගේ ඇස් දෙකේ බැල්මට කුමාරිගේ ඇග හීතල වේගෙන
    යන්න ගත්තා.


    "දෙවියනේ " කුමාරි එයාටම කියාගත්තා ..
    වත්ත පහල සෝමේ අයියට , ගුනේරිස් මාමට කතා
    කරන විදිහටම රාජ කුමාරයෙක් එක්ක කතාවට
    ගියපු එකේ බරපතල කම දැනුනේ දැන් ..

    එහෙමම එතකන් අල්ලන් හිටපු කුමාරයාගේ අත
    අතින් ගිලිහිලා දන්නෙම නැතුව බිම බැලුන කුමාරිට තව
    දුරටත් කුමාරයාගේ මූණ දිහා බලන් කතා කරන්න
    හයියක් ආවේ නැහැ ..

    " ඇත්ත තමා , රජ ගෙදර වෙන ගෑනු නැතුවද මේ මා පස්සෙම ආවේ "
    කුමාරිගේ හිත කියනවා..
    ඔය ඉතින් ආයෙම ගොඩේ කතා . කුමාරි එයාටම කියා ගත්තා ..
    " ඇත්ත , රාජ කුමාරයෙකුට ඕන තරම් රාජ මහේෂිකාවන් සමග
    අතිනත ගත හැකිව තිබියදීත් මේ මා පසු පසම පැමිණියේ කිමද "
    දෙවෙනි පාරට කතාව edit කරා කුමාරි ..

    ReplyDelete
  13. අමතක කරන්නෙපා ස්ලීපිං බියුටිත් රාජ කුමාරිකාවක් බව ... කුමරයත් ස්ලීපිං බියුටිත් ඉන්නේ එකම මට්ටමේ .. සමහරවිට ස්ලීපිං බියුටිගේ රාජ්‍ය කුමාරයගේ රාජ්‍යට වඩා ලොකු වෙන්නත් පුලුවන් ... ;)

    ReplyDelete
  14. මොනවා ? කුමාරයට මේ පාර නිකන්ම බලාන ඉන්න බැරි උනා ..


    ඔයාගේ එකද ලොකු මගේ එකද ලොකු ..? කුමාරයා ඇහුව තදින් එයාගේ ගැබුරු
    කටහඩින් ..



    දන්නවද මේ කුමාරයට පෙන්නන්නම බැරි දෙයක් තමා රාජ
    සම්පත් වලින් හිත උදුම්ම ගත්ත කුමාරිකාවෝ .


    ඇරත් කිසිම ගරු සරුවක් නැති විදිහට කරන කතා බහ , ඒ විතරක්ද
    කට වටේම කේක් ගාගෙන ..ඒවගේ කහට ඇදුම් වලත් ගාගෙන ..




    මේවා කොහොම උහුලන්නද කුමාරයෙක් විදිහට..
    අනික මේ කාගේ කව්ද , කිසිම ගරු සරුවක් නැතුව හදපු පිය රජ තුමා ගැනත්
    කේන්තියක් ආව එයාට .




    ඔන්න ඔය සිතුවිලි ඔක්කොම හින්ද තමා කුමාරය අරහෙම කිව්වේ ..

    ReplyDelete
    Replies
    1. හිකිස්... කුමාරිට පන යනකන් හිනා.. කුමාරයගේ තරහ දිහා බලාගෙන හිටි කුමාරිට කියන්න තිබුනේ බොහොම පොඩි දෙයයි ...

      කට වටේ විතරක් නෙමේ මුලු සරුවාන්ගෙම කේක් ගාගෙන කථා කලත් ඒ මගේ හැටි .. මේ මම කථා කරන හැටි.. මේ මම හැසිරෙන හැටි.. මේ මම මිස ඔයාගේ හිතේ ඉන්න කුමාරි නෙමේ ... මම නෙමෙයි ඔයාගෙ පස්සෙන් ආවේ .. ඔයයි මගේ පස්සෙන් ආවේ ... ඔයාටයි මගේ නින්ද ගැන ප්‍රශ්න තිබුනේ ... මම මගේ පාඩුවේ ජයමංගල ගාථා කියලා මගේ පාඩුවේ එන්න ආවා .. එහෙම ආව මගේ පස්සෙන් ඇවිත්, නොදන්නා කුමාරිකාවකට කථා කල ඔයාගේ හැදියාව සහ ඔයාගේ පිය රජතුමා ඔයාව හදපු විදිය ගැන ටිකක් හිතුවොත් හොදයි මම හිතන්නේ ... මම යනෝ.. ඔයාගේ හිතේ ඉන්න ඔයාගේ සුකොමල ලඳ බොලන්ධ කුමාරිව හොයා ගන්න මෙතන වෙලාව නාසති නොකර ...

      එහෙම කියපු කුමාරි විසිල් එකකුත් ගහගෙන තොලේ උඩ ගෑවිල තිබුනු අයිසිං ටික ලෙවකන ගමන් ආයෙ නිදාගන්න ගියා :P

      Delete
  15. ඔය ටික කියල ඉවර වෙද්දී කුමාරයාගේ ඇස් දෙක උඩ
    ගිහින් තිබ්බේ ..



    "චැහ් මේ කෙල්ලෙක්ගෙන් අහගත්ත දේ " කුමරුට පච හැගීමක් දැනෙන්න ගත්තා
    ඒ උනත් ගාම්භීර ලීලාවෙන් වටපිට බැලුවා ..



    දන්නවද හේතුව ?





    ඒ නාඩියට කව්රු හරි සීන් එක දැක්කද කියල තක්කෙටම දැනගන්න ..




    " හ්ම්ම්ම්ම්ම්ම් "



    නෝන්ඩි වෙලා නැති බව තේරුම් ගත්ත කුමාරයා
    ආයෙම සුපුරුදු විදිහට කිව්වා ..

    කුමාරයා ටිකක් කල්පනාවට වැටුනා .


    " එක අතකට කාලයක්ම නින්දක හිටපු කෙනෙක්නෙ "



    " අනික අද වෙඩින් එකේදී වෙච්ච දේත් මේ ළමයට දනේන්නැති "





    " හැම කුමාරයම මෙහෙමයි කියල හිත කියනවා ඇති..."





    " ඒත් බලන්න අහිංසක කමට පොඩි දුවෙක් වගේ අර සාක්කුවේ හංගන් ආව
    කේක් කෑලි ටික කන හැටි "





    " හරියට අපේ බාප්පාගේ දුව වගේ "




    " දඩබ්බර කමට කියවන එක නම් කමක් නැහැ,
    තාම දගකාර ගතියනේ "









    ඔන්න ඔහොම කල්පනා ගොඩකට කුමාරයා වැටුණා ...

    ReplyDelete
  16. ස්වයංවරකට සෑහෙන්න තරමටම කුමාරවරු ඒවා!

    ReplyDelete