බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, September 28, 2012

< නොලැබීම (ඔබගේ හෝ මගේ) >

රතු රැලි
රිබන් පටි වලින්
ඔතාගෙන
දුරු කතරක ඉඳන්
මග වෙහෙස ගෙවාගෙන
දවස ගනන් අගේ කර කර
මෙන්න
ඔයා ගෙනැත්
සින්ඩරෙල්ලගේ 
වීදුරු සපත්තුව
ඇවිදින්න
බැරි
මට ....


16 comments:

  1. කොයිතරම් වටිනවා වුණත්.. ළඟින් තබාගන්නට ප්‍රයෝජනයක් නැතිනම්.. කුමටද වීදුරු සපත්තු..

    කවියෙන්ම හිතන්න දෙයක් ඉතිරිකරලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ප්‍රයෝජනයක් නැති උනත් ආදරෙන් ගෙනාපු ලෝකෙටම තියෙන එකම එක වීදුරු සපත්තුව එපා කියන්නත් බෑ .. නොලැබීම ... ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  2. හැඟුම්බරයි, සංවේදියි. හ්ම්ම්ම්ම්... තවමොනාද.......... ආ: එකෙන්ම ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  3. රතු රැලි
    රිබන් පටි වලින්
    ඔතාගෙන
    දුරු කතරක ඉඳන්
    මග වෙහෙස ගෙවාගෙන
    බිදී විසුණුව යන බැව් දැන දැනම
    සතුට
    ජෝඩුවෙන් එකක් විතරක්
    ගෙනාවේ
    ඔයාගේ හදවතට පළන්දන්නයි ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      ඒක තමයි මාත් මේ බැලුවේ
      ඇවිදින්න බැරි බව දැන දැනම
      සින්ඩරෙල්ලටත් හොරෙන්
      ඇයි කියලා ගෙනාවේ
      වීදුරු
      සපත්තුව ... :)

      Delete
  4. මාරයි අප්පා..හිතට දැනුනා මාරෙටම පද ටික පොඩි උනත්..

    ReplyDelete
  5. ඔයාටමයි මම ගෙනාවෙ මේක,
    වෙන එකක් හින්ද නෙවෙයි,
    මම වෙනුවෙන් වත්,
    ඔය ඇවිදින්න බැහැයි කියල,
    හැමදාම නාහෙන් අඬන එක නවත්තල,
    ඇවිදින්න අඩුම ගනනෙ,
    උත්සාහයක් වත් කරයි කියල හිතල,

    මම වෙනුවෙන්...
    ඔව්...මම වෙනුවෙන්....
    ඒ වගේම ඔයා වෙනුවෙනුත්...

    එන්න අපි ඇවිද යමු .....
    පැලඳ ගන්න මේ සින්ඩරෙල්ලාගෙ සපත්තුව,
    අතිනත ගෙන මල් පිරුනු දෙවැට දිගේ,
    එන්න අපි ඇවිද යමු....
    අනන්තයට... ...නෑ ඊටත් එහාට.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..
      ඇඩුවේ බොරුවට නෙමෙයි
      ඇත්තමයි
      ඇවිදින්න බෑ..
      ඒත් ..
      අත අතාරින්නේ නැත්නම්
      ගමන දිගටම
      වාරුවක් වෙනවා නම්
      ඔව්..
      මම කැමතියි උත්සාහ කරන්න..
      ඇවිදීම කෙසේ වෙතත්
      කකුල් දෙකෙන්
      හිටගන්නවත් පුලුවන්ද බලන්න ...

      ඒක නෙමෙයි ...

      සින්ඩරෙල්ලගේ සපත්තුව
      අගේට හරියනවා
      මගේ
      සොත්ති කකුලට :)

      Delete
  6. හරිම ලස්සනයි.

    ReplyDelete