බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, March 24, 2012

ඇයි .... !!

මගේ ජීවිතේ වැඩියෙන්ම කියවුනු වචනය...
එක එක අය එක එක විදියට අරුත් ගන්වපු වචනය...
ඇයි ... ?
ඇයි මට මෙහෙම උනේ ...
ඇයි මටම හැම දේම වෙන්නේ ...
ඇයි ඇයි ඇයි ... ?
උදේ අවදි උනු වෙලේ ඉඳන් රෑ නින්දට යනකන් මාව පෙලන එකම එක වචනය ..
ඇයි ... ??


සමහර දේවල් වලට ඇයි කියල අහල වැඩක් නෑ.. 
ඒ උත්තර නැති නිසා නෙමෙයි.. උත්තර හොයන්න අකමැති නිසා...
එහෙමත් නැත්නම් උත්තර පිළිගන්න අකමැති නිසා.. 
එහෙමත් නැත්තනම් උත්තර දෙන්න තරම්වත් උවමනාවක් නැති නිසා ... 

ඒත් .. 
ඇයි කියන්නේ මහා බලගතු වචනයක් .... 
මොකක් හරි දෙයක් උනේ ඇයි කියල තේරුම් ගත්තම විතරයි ඒකට විසදුමක් හොයන්න පුලුවන් ...
මට ගොඩක් දේ දැනගන්න තියෙනවා...

ඇයි කියන වචනෙට ලැබෙන උත්තර උඩයි මගේ අලුත් ජීවිතේ ගොඩ නැගෙන්නේ ... 





ඇයි....??
ඇයි මේ හැමදෙයක්ම මෙහෙම උනේ ... ??
මම උත්තර ලැබෙනකන් බලාගෙන ඉන්නවා ... !!

12 comments:

  1. " ඇයි? "

    අවසානයේ උත්තරක් හොයන්න අමාරු, උත්තරයක් ලැබුනත් ඒක පිළිගන්න අමාරු ප්‍රශ්ණයක්..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම උත්තරයක් ඕනිම ප්‍රශ්නයක්

      Delete
  2. "මොකක් හරි දෙයක් උනේ ඇයි කියල තේරුම් ගත්තම විතරයි ඒකට විසදුමක් හොයන්න පුලුවන් "
    අමූලික ඇත්ත!
    අපි කරන්න කම්මැලිම ඒත් කල යුතුම දේ.

    අද තමා මේ පැත්තට ඉස්සෙල්ලාම ගොඩ වැදුනේ. :)
    ( ප්‍රාර්ථනා සෙව්වන්දිගේ සහෝදරියක්ද කියලත් හිතුනා :D )

    ReplyDelete
    Replies
    1. කල යුතුම දෙයක් උනත් කරන්න අමාරුම දේත් ඒකයි .. සමහර දේවල් උනේ ඇයි කියලා අපිට තේරුම් ගන්නත් බෑ.. අදාල දේට අදාල අනිත් පාර්ශව තේරුම් කරන්නෙත් නෑ.. උන දේ උනා කියලා හැම දෙයක්ම පිළිගෙන ඉන්නයි උරුම.. එතන තියෙන ගැටලුව තමයි ආයෙම එහෙම දෙයක් වෙන්න සෑහෙන්න ඉඩ කඩක් තිබීම

      Delete
  3. වුනු දේවල් වලින්, ව්එච්ච දේවල් ව්අලින්, අතීතයේ සිදුවෙච්ච දේවලින් "ඇයි ?" "ඇයි?" "ඇයි?" කියලා අහලා වැඩක් නෑ අක්කි.. මං හිතන්නෙ එහෙමයි.. එහෙම ඇහුවොත් අතීතයෙනුත් ඔයාට පෙරළා ප්‍රශ්න කරයි, "ඇයි?" "ඇයි?" කියලා..

    අනාගතේ වෙනුවෙන් ඔයා "ඉතිං" "ඉතිං" "ඉතිං" කියලා වැඩ කරන් යන්න...

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඇයි කියලා දැනගත්තොත් විතරයි නගා ආයෙම එහෙම දෙයක් වෙන එක වලක්වගන්න පුලුවන් ...

      Delete
    2. කවදාවත් ඇයි කියලා දැන්ගන්න බැරි ප්‍රශ්න වලට එතකොට මොකද කරන්නෙ අක්කා??

      Delete
    3. කවදා හරි ඇයි කියන ප්‍රශ්නෙට උත්තර ලැබෙයි කියලා බලපොරොත්තු වෙන්න.. ජීවිතය ජීවත් කරන්නේ බලපොරොත්තු :) එක්කො කවදම හරි ඇයි කියන ප්‍රශ්නෙට උත්තර ලැබෙයි.. එක්කෝ ඒ උත්තර ලබා ගන්න අපිට තියෙන උවමනාව නැති වෙයි.. දෙකෙන් එකක් වෙනකන් ජීවත් වෙන්න ..

      Delete
  4. එහෙම වෙන්නෙ ඇයි?
    I don't know why?

    ReplyDelete