මතක මං පෙත
මෙතෙක් ආ දුර
මහත් වෙර වෑයමෙන්
මකන්නට දැරූ තැත
අරුත් සුන් වී
මිලින වූ සඳ
මතක අමතක
කරන සැටියක්
සොයා යමි මම
ලොව සතර දෙස
මතක පැහැයෙන්
බිතු සිතුම් ඇඳ
අතීතය මත
තැනුව මන්දිර
දෙපා අද්දර
බිඳී ගිය සඳ
ඒ දූලි මත
සොයා යමි මම
මැදුර තුල වූ
මගේ හ ද ව ත
උදා නින්දෙන්
මා අවදි කල
නිශා යාමෙට
සයනයට වට
හිරු නැඟී
හිරු බසින තුරු දින
දිවා රෑ හැම
මා පෙළාලන
අනේ මූසල
කුරිරු ම ත ක ය ....
අකුරු හතරේ
ආ ද ර ය ගෙන
බැරිද මා හැර
පලා යන්නට
නුඹෙන් මට ඇති
කිසිදු පල නැත
රුහිරු දිය කර
කඳුලු දෙනු මිස ...
ලේනෝ ලේනෝ ...
මේ හිත අරගෙන ...
මට අලුත් හිතක් දියෝ ...
මේ හිත අරගෙන ...
මට අලුත් හිතක් දියෝ ...
පොඩි කාලේ ඕක කියන්නේ ඔහොම නෙමේලු නේද?
ReplyDeleteඅලුත් හදවතක් එහෙම ගන්ට ඇත්නම් කොච්චර එකක්ද? :D
අලුත් හිතක් ඉක්මනට ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා... තියන හිත හයිය කරන් මූන දෙන්න බලන්න අනාගතේට අක්කි!!
ReplyDelete