බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, February 7, 2012

දයාබර කඳුල .... මම නුඹට ආදරෙයි... !!


දුකේදී සැපේදී
නිරතුරුව එකලෙසින්
මගේ නෙතු කෙවෙනි අග
නිරතුරුව රැඳෙමින්
පවසනට උගහටවු
වචනයෙන් පන්හිඳෙන්
දහසකුත් හැඟුම් පොදි
මොහොතකින් පවසමින්
ගිනි ඇවිලි හඳ මඩල
නිල් දියෙන් සනහමින්
ලොවම මා තනිකලද
මා සමග හිනැහෙමින්
මා දිවිය වෙලාගත්
දයාබර...
ඔබ...
කඳුල...
හිඳිනු මැන සදා කල
මා සමග මේ ලෙසම
කිසිම දා නොවැලපී
මා දුකට..
ඔබ..
කඳුල ...


10 comments:

  1. කඳුළට පෙම් කල යුවතිය......

    The girl who loved tears.......

    ReplyDelete
    Replies
    1. කඳුල සමඟ... දිවිගෙවෙන තෙක්... වසන්නට උරුම උනු යුවතිය කිව්වනම් වැඩිය හරි ... !!

      Delete
  2. Replies
    1. ලස්සන හැමදේම අන්තිමේ උරුම කරන්නේ දුකක් විතරයි යාලු ...

      Delete
  3. අනේ මන්ද!හැමදාම කඳුල එක්ක ඉන්න පුළුවන්ද කියල!:/

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ ඉන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නයක් නෙමේ... මෙතන තෝරාගැනීමක් නෑ... හැමදාම කඳුල එක්ක ඉන්න සිද්ද වෙලා තියෙනවා..පුලුවන් උනත් බැරි උනත් .... :/

      Delete
  4. කඳුල දුකේදී, සැපේදී, කොයි වෙලාවෙදීත් ලස්සනයි.

    ReplyDelete
  5. ලස්සනයි අක්කා.. කඳුළු විතරයි අන්තිමේ මොන දේ වුනත් අපිට ඉතිරි වෙන්නේ

    ReplyDelete