අපෙ අප්පොච්චියේ .. මාස ගානකින් මුකුත් ලියලා නෑනේ බොලේ මම.. අර එක මල්ලි කෙනෙක් කිව්ව වගේ සහලවලා වැඩ තිබුනා.. තාමත් තියෙනවා.. ඒත් මගේ මූඩ් එක අවුල් නිසා මම තීරනය කලා හොරෙන්ම ජාලයට රිංගලා පොඩි කතාවක් ලියන්න...
සාහිත්‍ය කථා නම් මුකුත්ම හිතට එන්නේ නෑ.. ඒ නිසා මම තීරනය කලා මම ගැන ලියන්න.. හැම දේම නෙමෙයි .. ආරම්භයක් විදියට මගේ පාසැල් ජීවිතේ ගැන.. එහෙනම් අදින් ඇරඹෙන මම ගැන කතා පේලියට හැමෝවම ආදරෙන් පිළිගන්නවා.. හැබැයි මේ කතාත් කැම්පස් කථා වගේ අතරමග නවතින්න පුලුවන්... හැමදේම මගේ මූඩ් එක අනුව තමයි :)
සාහිත්‍ය කථා නම් මුකුත්ම හිතට එන්නේ නෑ.. ඒ නිසා මම තීරනය කලා මම ගැන ලියන්න.. හැම දේම නෙමෙයි .. ආරම්භයක් විදියට මගේ පාසැල් ජීවිතේ ගැන.. එහෙනම් අදින් ඇරඹෙන මම ගැන කතා පේලියට හැමෝවම ආදරෙන් පිළිගන්නවා.. හැබැයි මේ කතාත් කැම්පස් කථා වගේ අතරමග නවතින්න පුලුවන්... හැමදේම මගේ මූඩ් එක අනුව තමයි :)
මුලින්ම කියන්න ඕනි .. මම ගැන මිනිස්සුන්ට තේරෙන්නේ බාගයයි.. ඒ තේරෙන බාගෙත් මිනිස්සු තේරුම් ගන්නේ වැරදියට .. ඒ නිසා මම ගැන කථා කියවලා කවුරු කොහොම මගේ ගැන හිතයිද මම දන්නේ නෑ.. කෙනෙක් කියයි පම්පෝරියක් කියලා.. කෙනෙක් කියයි පට්ට බොරු කියලා.. තවත් කෙනෙක් කියයි ආත්ම වර්නනාවක් කියලා.. සමහරවිට පොරක් වෙන්න දගලනවා කියලත් කියයි ...කවුරු කොහොම හිතුවත් මට කියන්න තියෙන්නේ එක දෙයයි ...
I Don'T DamN CarE :)
I Don'T DamN CarE :)
හරි.. කථාව පටන් ගමු. මම ඉපදුනේ ගාල්ලේ.. ගාල්ලේ කිව්වට ගාල්ලෙම නෙමේ.. හික්කඩුවේ... ඉතිං ළදරු පාසල් ගියේ ගාල්ලේ. මම ළදරු පාසල් යන්න පටන් ගත්තේ අවුරුදු දෙකෙන් ... අවුරුදු දෙකේ ඇටිකිත්තෙක්ට මොන මොන්ටිසෝරිද .. එහෙම නේද හිතෙන්නේ.. ඇත්ත.. මාව ළදරු පාසැල් දාල තියෙන්නේ මට කෑම කවා ගන්න බැරි නිසා මිස උගන්නන්න නෙමේ .... කැරට් අල හතරක් පහක් තම්බලා කෑම පෙට්ටියට දාල දුන්නම අනිත් ළමයි කන වෙලාවට මමත් කනවලු.. කනවා නෙමෙයි ඉතිං නානවලු ඇත්තටම.. අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත .. අම්මා තමයි කිව්වේ .. ;)
ඔන්න ඊට ටික කාලෙකට පස්සේ අපි ආව කොලඹ.. ඉතිං මම ආයෙම කොළඹ මොන්ටිසෝරියකට යන්න පටන් ගත්තා..මේ පාර නම් ඇත්තටම ඉගෙන ගන්න. මේ වෙද්දි අපේ අම්මට නංගිව හම්බෙන්න හිටි නිසා අම්ම ක්ලිනික් ගිහින් එනකන් ගොඩක් දවසට මම රෑ වෙනකන් හිටියේ මොන්ටිසෝරියේ. අකුරු ලියන්න,චිත්‍ර අඳින්න ඇරුනම මම දැනගෙන හිටි එකම දේ බෝංචි කරල් වල නූල අයින් කරන වැඩේ විතරයි. ඉතිං අම්මා එනකන් මම මොන්ටිසෝරි ටීචගේ කුස්සියට වෙලා බෝංචි කිලෝ ගානක නූල අයින් කරන්න ඇති.. ඒ නිසා මගේ ළදරු පාසැල් ජීවිතෙන් මට තියෙන එකම මතකය බෝංචි විතරමයි :)
මගේ පලවෙනි ඉස්කෝලේ කොලොන්නාව ශ්‍රි රාහුල මහා විද්‍යාලය. අපේ ගෙදර ඉඳන් පයින් යන දුර. පුංචි ඉස්කෝලයක්. ඇත්තටම මම පෝසත් ගනයට වැටෙන ළමයෙක්. මිනිස්සුන්ගේ ඇස් බැල්මට අනුව මම රිදී හැන්ද කටේ ගහගෙන ඉපදුන ළමයෙක්. ඒත් මගේ පියාණන්දෑ කිව්ව මම පොඩි ඉස්කෝලෙකට යන්නම ඕනි කියලා..අමාරුවෙන් ඉගෙන ගන්න ඕනි කිව්වා.. සැපට ඉගෙන ගත්තම පිහිටන්නේ නෑ කිව්වා.ඉතිං මම පයින්ම ඉස්කෝලේ ගියා,පයින්ම ආපහු ආවා. මගේ මුලු පන්තියටම සපත්තු මේස් දාලා ඉස්කෝලෙ ආව ළමයි හිටියේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒත් මට නම් කිසිම වෙනසක් තේරුනේ නෑ.මට සෙල්ලම් කරන්න යාලුවෝ ඇතිපදම් හිටියා. ඉහල මධ්‍යම පාන්තික දෙමාපියෝ හිටි එකත සහ මගේ ටිකිරි මොළේට පිං සිද්ධ වෙන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්ට දෙවෙනි තැන ලැබිලා තිබුනේ මට. මම හරීම හොඳ ළමයෙක්..මොන තක්කඩිකම කලත් කවමදාවත් මම ගුටි කෑවේ නෑ..එකක් මම හරීඊඊඊම හොඳ ළමයෙක් කියලා ගුරුවරු ඔක්කොම විස්වාස කිරීම සහ,මම කල වැරදි ඔක්කොම තමුන් පිට පටවගෙන ශුද්ධ වූ ආදරයේ නාමයෙන් ගුටි කන්න ලෑස්තිවෙලා හිටි පුංචි ආදරවන්තයෝ ටිකක් මට සිටීම ;)
එක දෙක වසර වල මට ඒ හැටි දෙයක් මතක නෑ.. ඒත් තුන වසරෙදි උනු දෙයක් හොඳට මතකයි.ඒ ඉස්කෝලේ ඒ දවස් වල එක දෙක වසරෙදි පවා ලමයින්ව ෆේල් කරනවා. අකුරු ලියන්න දන්නේ නැති ළමයින්ව තුන වසරට දාන්නේ නෑ. ඉතිං එහෙම ෆේල් උනු ළමයි අපේ පන්තියෙත් හිටියා.තුන වසරෙදි මම පටන් ගත්තා හැමදාම ඉන්ටවල් එකට එක වසරෙයි, දෙක වසරෙයි ගුරුවරුන්ට වදින්න යන්න. මේ වැඩේට රොෂාන් කියලා පිරිමි ළමයෙකුත් මට හවුල් උනා. ඉතිං අපි දෙන්න අත්වැල් අල්ලගෙන යනකොට අර ෆේල් වෙලා හිටි ලොකු ලමයි (ලොකු කිව්වට ඉතිං අපිට වඩා අවුරුදු දෙකක් විතර තමයි ලොකූ) කොල්ලයි කෙල්ලයි යාලුයි කිය කිය හැමදාමත් කෑගහනවා.ඒ දවස් වල යාලුයි කියන එක හරි ලොකු දෙයක්. ඔන්න ඉතිං මම රොෂාන්ට පඩි ටෝක් දෙනවා.. එයාල මොනව කිව්වම අපිට මොකද..අපි යන්නේ හොඳ වැඩකටනේ.. අරකයි මේකයි.. දැන් මතක් වෙද්දිත් හිනා.. තුන වසරේ අපිට මොන ලව් ද ;) ඒ රොෂාන් අද කොහේ ඉන්නවද දන්නේ නෑ..
කොහොම කොහොම හරි හතර වසර පහ වසර පන්ති වලදි ඔන්න මට නිල වශයෙන් ප්‍රේම ආරාධනා ලැබුනා.. (හිනා) ඒ කාලේ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාලුයි නම් ඉස්කෝලේ ඇරිලා යද්දි දෙන්නට දෙන්න සී යූ (See You) කියාගන්න ඕනි .. එච්චරයි.. සී යූ කියනවා විතරමයි .... අයියෝ දෙයියෝ .. ඔය සී යූ එක කොච්චර සීරියස් අරගෙන තිබ්බද කිව්වොත් ලිවුමේ ලියලා දෙන්නෙත් ඇයි ඔයා මට සී යූ නොකිය අරයට සී යූ කිව්වේ කියලයි. විකාරයි දැන් මතක් වෙද්දිත්. කොහොම හරි,මම කාටවත්ම සී යූ කියන්න ගියේ නෑ.මගේ කුඩා මොලේ වැඩ කල එකම දේ ශිෂ්‍යත්ව විභාගේ විතරමයි. ඉස්කෝලේ සෑහෙන්න තරගයක් තිබ්බා ශිෂ්‍යත්ව විභාගෙට. ළමයි අරත කොහොම වෙතත් අම්මලා අම්මලා අතරේ තිබුනේ මහා සටනක්. ඒ කොහොම උනත් එක වසරේ ඉඳන් පහ වසර වෙනකන්ම, වාර විභාග තුනෙන්ම මම පන්තියේ පළවෙනියා උනා.. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙනුත් මම ඉස්කෝලෙන් පළවෙනියා උනා :)
ඉස්කෝලේ පුංචි උනත්.. අපි තුන් දෙනෙක්ටම ලියන්න තිබුනේ එකම එක මේසයයි උනත්..පුටු දෙකක් තුන් දෙනෙක් බෙදාගෙන පාවිච්චි කලත්, ලිට්මස් පාවිච්චි කරන්න තිබුනු පරීකෂනය දවසේ මුලු විද්‍යාගාරයටම තිබුනු එකම ලිට්මස් කෑල්ල පෙන්නපු අපේ ගුරුතුමී පුතේ මෙන්න මේවයි ලිට්මස් කිව්වත් .... ඒ පුංචි ඉස්කෝලේ හිටි ගුරුවරුන්ට තරම් ලොකු හදවත් මේ ලෝකේ කාටවත්ම නැතුව ඇති.තමන් කන්න ගෙනා බත්පත ළමයින්ට දීලා නොමිලේ ශිෂ්‍යත්ව පන්ති කරන්න තරම් ඒ ගුරු දෙවිවරු ලමයින් ගැන හිතුවා.
මම අද ඉන්න තැනට ගේන්න ඒ පුංචි ඉස්කෝලෙන් ලැබුනේ සුලුපටු හයියක් නෙමෙයි.දැනට උපාධි දෙකක් නමට පිටිපස්සෙන් තියාගෙන, අද නීතී උපාධියකට ඉගෙන ගන්න මම මුලින්ම මහ සෙනගක් ඉස්සරහ කථා කලේ ඒ පුංචි ඉස්කෝලෙදි. එතකොට තුන වසරේ හිටි පුංචි බට්ටෙක් උනු මට හය වසරෙන් ඉහල ලොකු ළමයින්ගේ රැස්වීමෙදි කථා කරන්න ලබා දුන්නු ඉඩ, මම ගැන තියපු විස්වාසය සහ .... හිතේ තිබුනු බය වැඩි කමට ඒබ්‍රහම් ලින්කන් නම් ජනාධිපති තුමා වෙනුවට.. ඒබ්‍රහම් ලින්කන් නැමති කාන්තාව කියලා පටන් ගත්තු කථාව ඉවර උනාම ලැබුනු මහා අත්පුඩිය මගේ ගමනට අඩිතාලම දැම්මා.
ශිෂ්‍යත්ව විභාගයෙන් ලැබුනු ළකුනු අනුව මට විසාකා විද්‍යාලයට යන්න පුලුවන්කම තිබුනත් මම තෝර ගත්තේ දේවි බාලිකා විද්‍යාලය.ඒ ඇයි කියන්න මම අද වෙනකනුත් දන්නේ නෑ.
දේවි බාලිකාවේ ගෙවුනු ජීවිතය හරීම සුන්දරයි.. ඒ කතාව ඊලගට කියන්නම්.. කිව්වනේ ..හොරෙන් ජන්ජාලයට ආවේ..දැන් යන්න වෙලාව ඇවිදින්...
හොරෙන් ජංජාලෙට ආවේ.... ඒ මොකද තේරුනේ නැනේ මට... ඔය කථාව මුලින් පටන් ගත්තු විදිහ නම් ඔන්න හරි නැ, දැන් අපිට කියන්න දෙයකුත් නැනේ... හිකිස් විහිලුවට යාලු කිවේ.. දිගටම කියන්න... ආසාවෙන් කියවගෙන ගියා... පාසල් පේමයන් තාවකාලිකයි, ආදරෙයි කියලා මම මුලින්ම කියනකොට 5 වසරේද කොහේද? අනේ මෝඩ කොල්ලා.. ආදරේ කියන් වචනේ තේරුමවත් නොදන්න කාලෙක...
ReplyDeleteබාදුරා අසපුවට ගොඩ වැදුනේ හිතුමතේ අහම්බෙන්.. ඒත් හිතුමතේගේයි වාසනාගෙයි ජිවිත කථාව අහසට පොලව වගේ ඇවිත් බලන්නකෝ වෙලාවක... ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි යාලු
ReplyDeleteඅන්න එහෙම තමයි වෙන්න ඕන. මාත් එහෙම තමයි
ReplyDeleteඅම්මෝ චූටි කාලේදිත් කරපුවා :D
ආ.. කැමති දෙයක් කියන්න.. මම කිව්වේ මොනා කිව්වත් I dnt Damn CARE කියලා විතරයි :) මට අන්තර්ජාලය තහනම්... සියලූම ආකාරයේ Social Networksසුත් තහනම්.. හිට්ලර් පාලනයක් අපේ පියාණෝ ගෙනියන්නේ. ඒත් මම හොරෙන් හොරෙන් හැම තැනම යනවා :)
ReplyDeleteමේ වයසෙ කෙනෙකුට ඒ වගේ නීති දාන්ව කියන්නෙ ඔය වගේ හොර වඩවලට පුරුදු වෙන1 තමයි. තාත්තට කියන්න මාව ටිකක් හම්බවෙන්න කියලා.....
ReplyDeleteමම තත්තට තෙරුම්කරලා දෙන්නම්......;)
මෙන්න හොරෙක් අල්ලපියෝ!!!
ReplyDeleteඔයාගෙ කතාවේ ඊලඟ කොටස එනකල් මග බලාගෙන ඉන්නවා, මාත් ඒකේ කොටස්කාරියෙක් නිසා...
~Mudi
ආහ් වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කෙනෙක් නේ මේ. ඒත් වැඩ පුලුවන් බව පේනවා :))
ReplyDelete