මගේ පොටෝ ටික හැමෝම බැලුවා නේද .. ඉරිසියා හිතුනා නේද ;) මම කැමති ඉරිසියාව කියන මනුස්ස හැඟීමට. කාටවත් වරදක් වේවා කියල හිතන්නේ නැතුව කරන අහිංසක ඉරිසියාවක් හරිම ලස්සන සංවේදනයක් ඇත්තටම. තමන්ගේ ගෑණු ලමයා හෝ පිරිමි ලමයා විරුද්ධ පාර්ෂවයේ කෙනෙක් එක්ක ඇඟේ ඇලීගෙන කතා කරද්දි ඒ කෙනාව තලලා චප්ප කරල දාන්න හිතෙන ඉරිසියාව මට නම් හරිම ලස්සනයි :) අපොයි .... ආදරේ අල්ල ගත්තොත් පොත් වන්දනාව ගැන කියන්න වෙන්නේ නෑ..ඒ නිසා ආදරයට තිත.
සාර්ථක නම වෙනි වතාවටත් මම ගියා කොළඹ පොත් සල්පිල වන්දනාමාන කරගෙන එන්ට.ඇත්තටම සැප්තැම්බර් මාසේ ලබපු දවසේ ඉඳලා මම බත් හැලියක් වගේ උතුර උතුර හිටියේ මාව පොත් ගන්න එක්කගෙන යනකන්.කන්කෙඳිරි ගනනාවක සහ මූණ එල්ලගෙන සිටීම් පෝලිමකට පස්සේ පහුගිය බ්‍රහස්පතින්දා මාව පොත් බලන්න එක්ක යන්න ගෙදර ඇත්තෝ කැමති උනා.මාව එක්කගෙන යන්න මගේ දෙමාපියන් අදිමදි කරන්නෙත් හේතුවක් ඇතුව ඉතිං.මට පොත් දැක්කම නිකන් ඌරට මඩ දැක්ක වගේ..පොත් අස්සට බැහැල නටනකන් ඉවසුම් නෑ.ඉතිං අන්තිමේ ඇඳි වතත් උකස් කරල තමයි ගනිපු පොත් තොගේට සල්ලි ගෙවන්න වෙන්නේ.ඒත් එහෙමයි කියල බෑනේ.බඩට ආහාර නැති උනත් මනසට පොත් ඕනි ;)
කොහොමින් කොහොමින් හරි, BMICH එකේ ගේට්ටුව අරින්නත් කලින් මම මගේ මුලු පවුලම සමඟ එතන. පොත් දාගෙන එන්න මම තෝර ගත්තේ තඩි ට්‍රැවලිං බෑග් එකක්. නිකන් එකකුත් නෙමෙයි,අර රෝද තියෙන බිම දිගේ ඇදගෙන යන එකක් ;) නැත්නම් ගන්න පොත් තැලෙනවනේ. ඔන්න ඉතිං සුපුරුදු පරිදි මගේ පවුලේ ඇත්තන් අඳෝනා තියන්න ගත්තා ඒ බෑග් එක ඇදගෙන යද්දි අපිව නිකන් airport යන සර්කස් කන්ඩායමක් වගේ පෙනෙයි කියලා.ඒත් මම නෙමෙයි පසු බැස්සේ.එයාල කාටවත් බැරි නම් මම තනියෙම බෑග් එක ඇදගෙන යන්නම් කියලා මම ඉස්සර උනා. මුලු ගමන පුරාවටම මට වඩා අඩි දෙක තුනක් පස්සෙන් ඉන්න මගේ පවුලේ ඇත්තෝ වග බලා ගත්තා :)
ටිකට් එහෙම අරගෙන ඇතුලට ගියාට පස්සේ මට නිකන් මැජික් වගේ. පුලුවන් නම් අනේ ඇත්තමයි මම බිම දණ ගහල ඒ ශුද්ධ භූමිය ඉඹිනවා :) බලන බලන අත පොත්... උඩ බැලුවත් පොත්,බිම බැලුවත් පොත්.. විකාරයි.. මට බූතයි කියලා දැනුනු ගමන් මගේ දැඩිමතධාරි නැඟනිය වහාම මාව අල්ල ගත්තා.එයා ඉතිං හරි හැඩි දැඩි කාන්තාවක්.එයා අල්ල ගත්තම මගේ සුට්ටන් සරීරේ නිකං දඩු කඳේ ගහලා වගේ.ඔන්න ඉතිං ඒ නිසා මගේ ඉබාගාතේ දිවිල්ල ටිකක් නතර උනා. ඒ ගමන අපි පැත්තකට වෙලා සවාරිය යන හැටි plan කරන්න පටන් ගත්තා.මට නම් ඕනි උනේ හිස් ලූ ලූ අත දුවන්න.ඒත් ඉතිං දංවැලෙන් ගැට ගහපු බලු කුක්කෙක් වගේ මම දුක්බර මූනක් හදාගෙන ගෙදර අය plan කරල ඉවර වෙනකන් බලගෙන හිටියා.
අම්මයි තාත්තයි බරසාර පොත්, ඒ කිව්වේ මේ, එක එක ලොකු ලොකු අයගේ චරිතාපදාන,එතකොට චතුරාර්ය සත්‍ය වගේ පොත් තියෙන පැත්ත හොයාගෙන ගියා.මම කිව්ව මට ඒ පැත්තේ යන්න බෑ කියලා.පැහැදිලිවම මගේ පෙනුම එහෙම බරපතල තැන් වලට ගැලපෙන්නේ නෑ.පාට ගිය ඩෙනිමයි,සුදු ටී කමීසයයි, රබර් සෙරෙප්පු දෙකයි,තඩි ට්‍රැවලිං බෑග් එකයි,මමයි ... :) මගේ විරෝධතාවය සලකලා බලලා තාත්තා නංගිටයි මටයි අවසර දුන්නා අපිට ඕනි තැනක යන්න. කොල්ලන්ට උසුලු විසුලු කිරීමෙන් සහ අහුවෙන අහුවෙන තැනින් ආහර ගැනීමෙන් වැලකෙන බවට මහ අව්වේ ඉඳන් ප්‍රතිඥාවක් දුන්නු අපි දෙන්නා දුවගෙන දුවගෙන විදර්ශනා stall එකට ගියා.
රාක්ක රාක්ක ගනන් පොත් පුරෝලා.තෝරන්නත් දෙයක් නෑ වගේ.ඇත්තටම මට හිතුනේ එක රාක්කෙක අයිනෙන් මගේ බෑග් එක තියල අනිත් අයිනට ගිහින් පොත් පේළියට හයියෙන් එකක් ගහන්න.එතකොට මුලු රාක්කෙම තියෙන පොත් ටික සටපට ගාල බෑග් එකට වැටෙයි.මගේ මේ භයානක අදහස ඇහුනු ගමන් මගේ නැගනිය පටන් ගත්තා ජීවන වියදම,ආර්ථික උද්ධමනය සහ බ්ලා බ්ලා බ්ලා දේවල් ගැන මට දේශනාවක් දෙන්න.තැලුනු සත පහක් වගේ මූණ හදාගෙන එයාට අවනත වෙන්න මට සිද්ද උනා,මොකද තාත්තා සල්ලි දුන්නේ නංගී අතටනේ :( පොත් සීයක් විතර අතගාලා බොහොම අමාරුවෙන් පොත් 15ක් විතරක් ගන්න හිත හදාගන්න සිද්ද උනා මට. පොත් ටිකත් අරගෙන එකට ගිහින් එතන හිටි කොලුවට මම කිව්ව අපිට විදර්ශනා එකේ membership එක තියෙනවා කියලා.එහෙම කියලා නොනැවතුනු මම ඒ බව ඔප්පු කරන්න මුලු අවුරුද්ද පුරවටම එයාල අපිට එවලා තිබුනු ඔක්කොම ලිවුම් බොහොම බරපතල තාලෙට අදින්න ගත්තා මගේ handbag එකෙන්. ලිවුම් පිට ලිවුම් එක උඩ එක වැටෙද්දි සහ ඒ ලිවුම් එක්ක පැටලිලා මගේ ටිශූ කොල,කවි කොල,අර කොල,මේ කොල ඔක්කොම cashier එක උඩ ගොඩවෙද්දි ඒ අසරන කොලුවා හොදටම කලබල උනා.එයා දාඩිය දාගෙන කිව්ව අපිට membership එක තියෙන බව එයා පිලිගන්නවා,තව එක කොලයක්වත් අදින්න ඕනි නෑ කියලා. මගේ දිහා සහ එලියේ පාක් කරලා තිබුනු මගේ තඩි බෑග් එක දිහා එක වතාවක් උඩ ඉදන් පහලට බලපු cashier මහත්තයා 30% ඩිස්කවුන්ට් එකක් දාල පොත්ටික මට දුන්න. නංගී මාත් එක්ක ආවේ නෑ වගේ සුවිනීත කාන්තාවක් වෙලා එලියට වෙලා හිටගෙන හිටියා මම මේ මුලු නැටුමම නටනකන් :)
එතනින් අපි ගියා විජයසූරිය ග්රන්ථ කෙන්ද්‍රයට,එතනින් සුරස,එතනින් පහන් ප්‍රකාශන, එතනින් සරසවි :) ඇත්තටම මිනිස්සුන්ට හරි ආතල් දර්ශනයක් උනා මාව. හිපියෙක් වගේ ඇඳගෙන... තඩි බෑග් එකක් බිම දිගේ ඇදගෙන.. ඇවිදින බෝම්බයක් වගේ කන් දෙකේම ෆෝන් වයර් ගහගෙන ඇවිදිනකොට ඉතිං කව්ද අන්ද මන්ද නොවෙන්නේ.ඒත් මට නම් ඒව එකක්වත් ගානක් උනේ නෑ.මම සතුටින්,මගේ බෑග් එක නිසා මම කාටවත් කරදරයක් වෙන්න ඉඩ තිබ්බෙත් නෑ,මගේ ඇඳුම නිකන් සර්කස් වඳුරෙක්ගේ වගේ උනාට ඒකට ඇඟ වැහෙනවා සහ මට සැහැල්ලුයි.ඉතිං මොන එහෙකට මිනිස්සු කියන කතා,බලන බැලුම් වලත හිත කලබොල කොරගන්ටෙයි ... :)
දැන් බඩගිනි වෙලාව. හැමදාම කන සුපුරුදු තැනට ආයෙම පවුලේ ඇත්තෝ එකතු උනා. ඉඳගන්න තැනක් හොයගන්න ටික වෙලාවක් සංගීත පුටු තරගෙක නිරත වෙලා කොහොමින් කොහොමින් හරි ඉඳගන්න තැනක් හොයාගත්තා.ඊටපස්සෙ බඩ පැලෙන්න කෑවා. කන ගමන් එක පොතක පිටු 20ක් කියෙව්ව මම.අපරාදෙනේ නැත්නම් කාලය ;)
ඊට පස්සේ මොකද කොරන්නේ කියලා කට්ටිය ටිකක් වෙලා සාකච්චා කලා..කාපු ගමන් ආයෙම පොත් දඩයමේ යන්නත් බෑනේ. ඒ ගමන මම යෝජනා කලා රාජකීය විද්‍යාලයේ සාගා බෑන්ඩ් එකේ සූකිරි කොලුවෝ සිංදු කියනව බලාගෙන ඉමු කියලා ටිකක් වෙලා. අපරාදේ කියන්න බෑ දැඩිමතධාරී උනත් කාන්තාවක් නිසා මගේ නැගනිය එක පයින්ම මගේ යෝජනාව ඉස්ථීර කලා ;) ඔන්න ඉතිං අපි සිංදු අහන්න කියලා පඩියක් උඩින් ඉඳ ගත්තා.හරිම ලස්සන සිංදු ටික. එතනින් මට වැඩියෙම ආස හිතුනේ "හන්තානට පායන හඳ" සිංදුවට.හේතු ගොඩක් නිසා,එකක් සිංදුව ලස්සනයි,එකක් ඒකට හරිම ලස්සනට වයලින් සෝලෝ එකක් දුන්න බෑන්ඩ් එකෙන්, ලාස්ට් බට් නොට් ලීස්ට්, සිංදුව කියපු කොලුවත් ග්‍රීක දේව ප්‍රතිමාවක් වගේ ලස්සනයි ;) අම්මෝ දැනුන සනීපේ.බඩ පිරෙන්න කාල,පොත් පිරුනු බෑග් එකක් එක පැත්තක තියාගෙන ඉන්න ගමන් මම ආසම සිංදුවක් ලස්සනම ලස්සන කොලුවෙක් කියනව අහන් ඉන්න එක පරම සැපතක් කියල හිතුනා මට ඒ වෙලාවේ.
හවස වරුව වෙන් උනේ ඉංගීසි පොත් සහ bargain පොත් කඩ අස්සේ රිංගන්න. Twilight පොත් පෝලිමම අතගාල වැදලා ආයෙම තිබුනු තැනම තියන්න සිද්ද උනා මේ ගමනත්. ඒ පොත් හතර ගන්න රුපියක් 8000 ක් විතර ඕනි.කොහෙද ඉතිං එච්චර වියදම් කරන්නේ නංගී කන ගාව ඉඳගෙන මදුරුවෙක් වගේ කූං කූං ගානකොට :'(
ඔන්න ඔහොමයි මගේ පොත් සවාරිය ඉවර උනේ.පොත් 62ක් ගත්තා. දැනට තුනයි බාගයක් කියවලා ඉවරයි.මේ පෝස්ට් එක ලියල ඉවර වෙලා ඉතුරු බාගේ කියවන්න ඕනි. මම තීරනය කලා ලබන ආත්මේ පොත් කාවෙක් වෙන්න..පරණ පුස්තකාලෙකට වෙලා ඉන්නව පොත් කාවෙක් වෙලා.එහෙමත් නැත්නම් book mark එකක් උනත් කමක් නෑ.. කොහොම හරි.. අර කාගෙද මන්දා ලොකු මහත්තයෙක්ගේ ජීවිතේට කාන්තාව,කවිය සහ වයින් ඕනි උනා වගේ ...මගේ ජීවිතේ ජීවත් කරවන්න ඕනි වෙන්නේ සංගීතය,පොත් සහ, **** !!
මම යනව ඉතුරු පොත් බාගේ කියවන්න..අයේ වෙන වෙලාවක හම්බෙමු.ඒ එනකන් ඉරිසියා කර කර ඉන්න :P
ඔන්න ඔහොමයි මගේ පොත් සවාරිය ඉවර උනේ.පොත් 62ක් ගත්තා. දැනට තුනයි බාගයක් කියවලා ඉවරයි.මේ පෝස්ට් එක ලියල ඉවර වෙලා ඉතුරු බාගේ කියවන්න ඕනි. මම තීරනය කලා ලබන ආත්මේ පොත් කාවෙක් වෙන්න..පරණ පුස්තකාලෙකට වෙලා ඉන්නව පොත් කාවෙක් වෙලා.එහෙමත් නැත්නම් book mark එකක් උනත් කමක් නෑ.. කොහොම හරි.. අර කාගෙද මන්දා ලොකු මහත්තයෙක්ගේ ජීවිතේට කාන්තාව,කවිය සහ වයින් ඕනි උනා වගේ ...මගේ ජීවිතේ ජීවත් කරවන්න ඕනි වෙන්නේ සංගීතය,පොත් සහ, **** !!
මම යනව ඉතුරු පොත් බාගේ කියවන්න..අයේ වෙන වෙලාවක හම්බෙමු.ඒ එනකන් ඉරිසියා කර කර ඉන්න :P
ලබන අවුරුද්ද වෙනකම්ම ඔය මදෑ.....
ReplyDeleteහිකිස්.. මටත් පොත් දැක්කම පිස්සු වගේ හැදුනා අක්කේ, එක පොත් කඩේක තනිකරම තිබුනේ මම ආසම කරන හොඳම පොත් සෙට් එකක්,ඕකෙන් ඉතින් බජට් එකට හරියන්න තෝරගන්න ඕනේ නිසා පැයක් විතර ඒ කඩේ ඇතුලේ කරක් ගැහුවා. කඩෙන් එලියට යද්දී කඩේ අයිති කට්ටිය මගේ නම ගම, ආගම, පාසල ඇතුලු එකී මෙකී නොකී සම්පූරණ විස්තරේම දැනගෙන ඉවරයි, ඔන්න මගේ පොත් තේරිල්ලේ තරම.. අක්කත් ගොඩක්ම ආස පරිවර්ථන පොත් වලට වගේනේ.. මගෙත් හිත ගොඩාක් ඇඳිලා යන්නේ රුසියන් පරිවර්ථන වලට.. කොහොම වුනත් අක්ක තෝරගත්ත පොත් ටික නම් ගොඩක් වටිනවා.
ReplyDelete"ඇවිදින බෝම්බයක් වගේ කන් දෙකේම ෆෝන් වයර් ගහගෙන" I like this. suite for me :D
ReplyDeletehik hik genawa poth tika gal rolakata yata wela wage :D
ReplyDeleteමමත් දවස් තුනක්ම පොත් ගන්න ගියත් ඔයා තරම්ම පොත් නම් ගත්තෙ නෑ. සෙනසුරාදා ප්‍රදර්ශනේ පටන් අරන් පැයකට විතර පස්සෙ මං ගියෙ. එදත් ඔයා වගේ ට්‍රැවලිං බෑග් එකක් අරන් ඇවිදින දෙන්නෙක්ම ඇවිත් හිටිය.
ReplyDeleteඔයා නම් මාර පොත් ගුල්ලියක් තමා.ඊරිසියාවේ බෑ පොත් ගොඩා.......යි
ReplyDeleteඇත්තමයි මේ බ්ලොග් එකට කමෙන්ට් කරන පලවෙනි වතාව මම හිතන්නේ.... පිස්සු හැදුනා අක්කෝ.... ඔයා ගොඩාක් ලකි.. ගොඩාක්..... අති සාර්ථක 10 වෙනි වතාවෙදි ඔයාලත් එක්ක යන්න ඔන්න මාත් ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඊරිසියයි ඒවගේම ගොඩාක් දුකයි.... සතුටුයි
"පොත් ටිකත් අරගෙන එකට ගිහින් එතන හිටි කොලුවට මම කිව්ව අපිට විදර්ශනා එකේ membership එක තියෙනවා"
ReplyDeleteමොකක්ද මේ විදර්ශනා එකෙන් දෙන membership එක? කොහොමද membership ඒක ගන්නෙ? membership එකෙන් ලැබෙන වාසි මොනවද?
ගිය පාර විදර්ශනා එකට ගියාම එයාල අපි ගත්තු පොත් කන්ද දිහා බලලා ඇහුවා එයාලගේ membership එක ගන්න කැමතිද කියලා.නිකන් form එකක් පුරවන්න විතරයි තිබුනේ. membership එක ගත්තම එයාලගේ අලුත් පොත් ගැන ගෙදෙට්ට ලිවුම් එවනවා.අපිට 30% discount ලැබුනා මේ ගමන.මම හරියටම දන්නේ නෑ ඒ discount එක හැමෝටම ලැබුනද නැත්නම් membership තියෙන අයට විතරද කියලා
ReplyDeleteයේ යේ .. ගොඩක් අයට ඉරිසියයි.. මට සන්තෝසයි :)
ReplyDeleteගොඩක් වෙලාවට මං නම් ගන්නෙ හද්ද පරණ පොත්..ඒව ලාබයි අනික කියවන්නත් අමාරුයි සමහර ඒව..
ReplyDeleteඇත්තටම ඔයා පොත් කාවෙක් වෙලා මදි. ඒ උනත් ලබන ආත්මේදිවත් පොත් කාවෙක් වෙන්න ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා... ඔයාගෙ පොත් ටික දැක්කාම ගොඩක් ආසා හිතුනා. පොත් එක්ක ජීවත් වෙත්දි දැනෙන හැඟීම දන්නෙ ඒ වගේම තවත් කෙනෙක් විතරයි.
ReplyDelete:) :)
ReplyDeleteඅම්මා ගහයි බැට් එකෙන් කිව්වාලු. මෙච්චර පොත් ????
ReplyDeleteWasana Sewwandi said...
යේ යේ .. ගොඩක් අයට ඉරිසියයි.. මට සන්තෝසයි :)
September 25, 2011 8:06 PM
ත්‍රීවීල්වල ගහලා තියෙනවා ඔබේ ඊර්ෂ්‍යාව මගේ දියුණුවයි කියලා :))
මේ සිංහල අකූරැ වැරදියට පේන්නේ
ReplyDeleteඅපෝයි.. මම හිතන්නේ මගේ යුනිකෝඩ් එක හැම කොම්පියුටරේටම වැඩ නෑ වගේ .. මක්කැයි ඉතිං කොරන්නේ ...?? කරන්න පුලුවන් දෙයක් මතක් වෙනව නම් කියන්ට :'(
Deleteඔයාගේ පොත් සල්පිල් වන්දනාව මම හරිම අසාවෙන් කියෙව්වා .ගේට්ටුව ලග , travelling bag එක, ඔයාගේ ඇදුම ඒ හැම දෙයකින්ම ඔයාව නවතන්න හැදුවත් ඔය නොනවතින ගමනක් නිදහසේ යන බව එතුලින් මම දැක්කා .මට හරිම සතුටක් දැනුනා එකිනෙකට පද පේලි අමුණමින් ලස්සන කථාවක් කියලා තිබුනා .ඔයාගේ පොත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
ReplyDeleteබොහොමත්ම ස්තුතියි :)
Deleteමෙදාපාරත් පොත් වන්දනාවේ යනවද ? ගෙනාපු පොත් ගැන ලියන්න හරි ද ?
ReplyDeleteමමත් ආසම පරිවර්ථන කියවන්න තමා. ඒත්.. book fair කොහොම එන්නද.ඔයාගේ Blog එකෙන් ලස්සන පොත් ගැන දැනගත්තා. Thankz.
ReplyDelete