හැමෝම කියනවා පොතක් ලියන්නලු.. ආසවක් නැතුව නෙමෙයි. ඒත් මගේ හිතට එන අදහස් වලට සීමවක් මායිමක් නැති නිසා පොතක් වෙනුවට පොත් වැලක් ලියන්න වෙයි එක කථාවක් ඉවර කරන්න ... ඒ කොහොම උනත්.. කථාවක් ලියන්න උත්සාහ කරල බලන්න හිතුනා .. පොඩි බොලඳ එකක් .. ජේන් ඔස්ටින් ලියන ජාතියේ සාහිත්‍යමය කථාවක් නෙමෙයි .. සරල බොලඳ කතන්දරයක් ....
තාරුකා
රොබින් හුඩ් නාට්‍යයේ අනුවාදනයත් එක්ක තිසරගේ ජංගමය එකොළොස්වෙනි වතාවටත් සිංදු කියන්න පටන් ගත්තා... දුරකතන තිරය දිහා බලපු තිසරට ආවේ ඉහ වහා යන කේන්තියක් ...
මේ ගෑණි මොන එහෙකට මට ආයෙම කතා කරනවද මන්දා ... කාලයක් සද්ද නැතුව හිටියා ..ආයෙම පටන් අරගෙන ... ඉවරයක් නෑ කරදරේ. අවුරුදු එකහමාරක් ගිහිල්ලත් මේ ගෑනිට බැරි හැටි තමන්ගේ පාඩුවේ ඉන්න ... අද නම් කියනව කන්දෙකේ ඇඟිලි ගහන්න.. කොච්චර උනත් කෙල්ලෙක්නේ.. ලැජ්ජාවක් ඇතිනේ ...
නපුරුකමින් ඇබරුනු මූණින් තිසර දුරකතනට උත්තර දෙන්න තීරණය කලා..
එහා පැත්තෙන් හලෝ කියන්නත් කලින් තිසර තමන්ගේ හිතේ තිබුනු කෙන්තිය එහෙම්පිටින්ම පිට කරගෙන කරගෙන ගියා. මොන මොනා කිව්වද කියලා තිසරටත් මතක නැති තරම්.ඔක්කොම කියල ඉවර වෙලත් අනිත් පැත්තෙන් කිසිම සද්දයක් නැති තැන තිසර ටිකක් පුදුම උනා ..
හලෝ .. ඇයි තමුසේ කතා නැත්තේ? කෝල් කලේ මොනා හරි කියන්නනේ..මොකද සද්ද නැත්තේ?
හලෝ .. තිසර අයියේ .. මම තාරුකාගේ නංගී කතා කරන්නේ ..
තිසරට ටිකක් පුදුම හිතුනා. තාරුකාගේ නංගී කවමදාවත් තිසරට කතා කරලා නෑ.. ඒ ගමන මොන නැටුමකට එනවද දන්නේ නෑ කියලත් හිතුන තිසරට ..
ආ.. ඇත්තද .. ඉතිං ඇයි කතා කලේ ?
අයියේ ... අක්කට සනීප නෑ. එයා ඉන්නේ ආසිරි සෙන්ට්‍රල් එකේ .. ඔයාට පුලුවන්ද ටිකකට ඉස්පිරිතාලෙට එන්න ?
ටිසර ටිකක් කලබල උනා.. තාරුකා ඇයි ඉස්පිරිතාලේ .. අනික එයා ඉස්පිරිතාලේ කියලා ඇයි මට කතා කරන්නේ ..එහෙමයි තිසරට හිතුනේ ..

කොහොම උනත් හතුරෙක් හරි ඉස්පිරිතාලේ කිව්වම බලන්න යන එක මනුස්සකමනේ කියලා හිතුනා තිසරට.. ඒ එක්කම තාරුකා එක්ක ගත කල අවුරුදු දෙක තුනත් මතක් උනා.කොච්චර උනත් පව්.ඔන්න ඔහේ ගිහිල්ලා බලන එක හොදයි කියල තිසරට හිතුනා.
හරි නංගී මම එන්නම් .. කොයි වෝඩ් එකේද ඉන්නේ ...?
අයියා එන්න.. ඇවිත් රිං එකක් දෙන්න.. මම එන්ට්‍රන්ස් එක ලගට ඇවිත් ඉන්නම්.
වෙන මුකුත් අහන්න කලින් කෝල් එක කට් උනා. ඔෆිස් එකෙන් හාෆ් ඩේ එකක් ගත්තු තිසර ඉස්පිරිතාලෙට යන්න පිටත් උනා. ඒ යන අතරමග තිසරට මතක් උනා ඉෂානි ව ගන්න එයාගේ ඔෆිස් එක ලගටත් යන්න ඕනි නේද කියලා. එදා හවස දෙන්න එක්ක ගෝල්ෆේස් යන්න ප්ලෑන් කරල තිබුනේ.. ඒ සොඳුරු හැන්දෑව ගැන හීන මව මව ගිහින් තිසරට බහින තැනත් අමතක උනා.. කොහොම හරි හෝල්ට් එකක් පරක්කු වෙලා බැහැලා ආපහු ඇවිදගෙන එන ගමන් තිසරට හිතුනා තාරුකා දැන් කොහොම ඇතිද කියලා. මාස ගානකින්,අවුරුද්දක් විතරද මන්දා , කතා කලේවත් හම්බුනේවත් නැති නිසා තාරුකාව දැක්කම අදුරගන්නත් බැරි වෙයි කියල තිසරට හිතුනා .. කොහොම උනත් ඉස්පිරිතාලේ දොරටුව ලඟට ගිය තිසර තාරුකාගේ අංකෙට ඇමතුමක් ගත්ත .. විනාඩි පහකින් විතර තාරුකාගේ නංගී එතෙන්ට ආව. තිසරට පලවෙනි වතාවට අතීතේ මතක් උනා. ඉස්සර තාරුකාගේ ගෙදර ගිය හැටි ..නංගීට විහිලු කල හැටි ... ඒ හැටි පැහැදිලි නැති උනත් එහෙම අතීතයක් තිබුනා කියල තිසරට මතක් උනා ...

ගොඩක් ස්තූතියි අයියේ ආවට ... තාරුකාගේ නංගී කිව්වේ තිසරගේ මූන දිහා කෙලින් නොබලා. එයාගේ මූණ දැක්කම තිසරට තේරුනා කොහේ නමුත් මොකක් හරි වැරැද්දක් තියෙන බව.
ඕක මොකද්ද නංගී.. කෝ දැන් තාරුකා? ඇයි එයා ඉස්පිරිතාලේ?මොකද්ද අසනීපේ?
නංගී එක පාරට අඩන්න ගත්තා.. තිසර හොදටම කලබල උනා..දෙනෝ දාහක් මැද්දේ කෙල්ලෙක් අඩද්දී මොනවා කියලා කරන්නද .. ඉෂානි අඳුරන කවුරු හරි හිටියොත්.. තිසරට හීන් දාඩිය දැම්ම.
ඇයි නංගී අඩන්නේ.. මේ මිනිස්සුත් බලනවා.එන්න අපි එහාට ගිහින් කතා කරමු.
හිමින් සැරේ පැත්තකට ගිහින් තිසර ආයෙත් ඇහුවා තාරුකාට මොකද්ද හැදිලා තියෙන අසනීපේ කියලා.
අයියේ ... අක්කා ඉන්නේ ICU එකේ.. එයාට හොඳටම අමාරුයි. එයා ... එයාට ... එයාට තව පැය 24යි උපරිමයෙන් තියෙන්නේ ...
තිසරට කැරකැවිල්ල ගතියක් දැනුනා..දුකක් කනගාටුවක් නොවුනත් ටිකක් පුදුමයක් වගේ පැටලිලි හැඟීමක් දැනුනා.තාරුකා ඇයි ICU එකේ..එයාට කිසිම අසනීපයක් තිබුනේ නෑනේ..මොකද එක පාරටම උනේ ... තිසරට ප්‍රශ්න ගොඩක් මතක් උනා අහන්න.ඒත් තාරුකාගේ නංගී එක දිගට අඩන අස්සේ ඕවා කොහොම අහන්නද. ඒත් එක ප්‍රශ්නයක් නම් අහන්නම හිතුනා තිසරට.
ඉතිං ඇයි මට එන්න කිව්වේ?
අක්ක ඔයාට එන්න කියන්න කිව්ව ..එයාට සිහි නැති වෙන්න කලින් අන්තිමටම කිව්වෙ ඔයාට එන්න කියන්න කියලා..
ඒකයි..
තාත්තයි අම්මයි නම් කිව්ව ඔයාට එන්න කියන්න එපා කියලා.ඒත් අක්ක ගැන දන්නේ මමයි.. එයාගෙ අන්තිම ඉල්ලීම ඉෂ්ට නොකර ඉන්න මට බෑ.
හ්ම්ම්.. තිසරට හිතාගන්න බැරි උනා මොනව කරන්නද මොනව කියන්නද කියලා.කොහොම උනත් ආපු එකේ තාරුකාව බලලම යනව කියල තිසර හිතාගත්තා.මෙතන කාලේ නාස්ති කරන්නේ නැතිව ඉක්මනට එකට ගියා නම් තාරුකාව බලලා වෙලාවට ඉෂානි ව හම්බෙන්න යන්න පුලුවන් කියල තිසර හිතුවා.
හරි නංගී.අඩන්න එපා.අපි බලමුකො.සමහරවිට අක්කට සනීප වෙයි. තාරුකාගේ නංගී හිනා උනා..හරියට විහිලු කතාවක් ඇහුවා වගේ. තිසර ICU එකට ගියා.තාරුකාගේ අම්මයි තාත්තයි තව අදුරන්නේ නැති බොහෝ දෙනෙකුයි එතන හිටියා. අම්මයි තාත්තයි නම් තිසරගේ මූනවත් බැලුවේ නෑ. හිටපු අනිත් අය අතරේ ඉස්සර තිසරගේ යාලුවෝ වෙලා හිටපු කීප දෙනෙක් ආව තිසර එක්ක කතා කරන්න.තිසරට අඩුමගානේ ඒ අයගේ නම්වත් මතක තිබුනේ නෑ.කොයි තරම් කාලෙකට ඉස්සර තිබුනු යාලුකම්ද. කතා කරන්න ආපු අයට හිනාවකින් ප්‍රතිචාර දක්වපු තිසර ICU එක ඇතුලට ගියා..බැලූ බැල්මට බෙඩ් ශීට් ගොඩක් මිස මනුස්සයෙක් ඉන්න පාටක්වත් තිසරට පෙනුනේ නෑ..දෙවෙනි වතාවට බලද්දි දි රෙදි ගොඩ අස්සෙන් ඇට කටු පෑදුන මනුස්ස සරීරයක් තිසරට පෙනුනා.

තාරුකා ...
කිව්ව නෙමෙයි තිසරට එහෙම කිය උනා.
කිව්ව නෙමෙයි තිසරට එහෙම කිය උනා.
මේ නම් තමුන් දැනගෙන හිටි තාරුකා නෙමෙයි. ලස්සන නැති උනත්, ගැහැනු ගතියක් ගෑවිලාවත් තිබුනේ නැති උනත්, කොයි වෙලෙත් කට පියවන්නේ නැතුව රේඩියෝවක් වගේ දොඩවපු ගෑනු ලමයා නෙමෙයි එතන හිටියේ. මේ එහෙම්පිටින්ම ඇටකටු ගොඩක්.. අඳුරන්නේ නැති,දැකලා නැති ඇටකටු ගොඩක්..
තිසර එතන තිබුනු පුටුවේ වාඩි උනා.මොකක් වෙලාද..ඇයි මෙහෙම උනේ.. කොච්චර උනත් කාලයක් තමන්ගේ යාලුවෙක් වෙලා හිටි කෙනෙක් නේද මේ කියලා තිසරට හිතුනා..ඇල්ලුවත් දෙකට කැඩෙයි වගේ කියලා හිතුන නිසා තාරුකාගේ අතින්වත් අල්ලන්න තිසරට හිතුනේ නෑ.අනික මේ තාරුකා නෙමෙයි.මහ ගොඩක් මැෂින් මැදි කරගෙන ඇඳේ ඉන්න ඇට සැකිල්ල තාරුකා නෙමෙයි කියලමයි තිසරට හිතුනේ.
මුලු කාමරේටම ඇහුන එකම සද්දේ ECG මැෂින් එකේ මූසල සද්දේ විතරයි..තාරුකා දිහා තව එක පාරක් බලපු තිසර කාමරෙන් එලියට ආව. ඉස්සර තිසරගෙත් යාලුවො වෙලා හිටපු තාරුකාගේ යාලුවෝ ඇවිත් තිසර එක්ක කතා කලා.

බලපං මචං .. මෙච්චර අමාරු වෙනකන් අපි කවුරුත් දන්නේ නෑනේ. අපි හිතුවා උඹ දන්නව ඇති කියලා..ඒත් නංගී කිව්වමයි දන්නේ උඹත් එන්නේ දැන් කියලා..
හ්ම්ම් ..එපමනකින් ප්‍රතිචාර දක්වපු තිසර කල්පනා කලා මොකද කරන්නේ කියලා.. තාරුකාගේ තත්වේ අවදානම්.නංගී කිව්ව දේ ඇත්ත නම් තාරුකා හෙට මේ වෙලාවට යන්න ගිහින්.මේ වගේ වෙලාවක මම ගියොත් ඒක හොඳ මදී.යාලුවො උනත් මොනව නොකියයිද... එහෙම හිතපු තිසර ඉෂානි ට කෝල් එකක් ගත්තා.
ඉෂානි අද මට එන්න වෙන්නේ නෑ.. මේ ඔෆිස් එකේ වාත කේස් එකකට අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නේ. හොඳ කෙල්ල වගේ පරිස්සමින් ගෙදර යන්න.හෙට යමු ගෝල්ෆේස්. කෝල් එක කට් කල තිසරට ඉෂානිගේ ඇද උනු මූන මැවිලා පෙනුනා..කමක් නෑ,හෙට වෙද්දි මේ කරදරේ ඉවරයිනේ ..දවසක්ම ඉෂානි එක්ක ඉන්නවා... තිසර එහෙම හිතුවා.
හැමෝම තැන තැන එකතු වෙලා කතාව.තමුන් ඒ එකම කණ්ඩායමකටවත් අයිති නෑ කියලයි තිසරට හිතුනේ.ඉස්පිරිතාලේ කැන්ටීන් එකෙන් ෆැන්ටා එකක් බීලා එනවා කියලා හිතාගෙන තිසර ඒ පැත්තට ගියා..
ඔයා තිසර නේද? ස්ටෙතස්කෝප් එකක් අතින් ගත්තු කෙනෙක් ඇවිත් තිසරගෙන් ඇහුවා.
ඔයා තිසර නේද? ස්ටෙතස්කෝප් එකක් අතින් ගත්තු කෙනෙක් ඇවිත් තිසරගෙන් ඇහුවා.
ඔව්..මේ කව්ද කියලා මතක් කරගන්න උත්සාහ කරන ගමන් තිසර කිව්වා.
මම මාධව. තාරුකාගේ යාලුවෙක්..හොඳම යාලුවෙක්.. මම ඔයාව දන්නවා.තාරුකා මට ඔයා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා ඉස්සර..
ආ ඇත්තද .. තිසර අන්ද මන්ද වෙලා කිව්ව.
ඔයත් මාව දැකල තියෙනවා..ඒත් අමතක ඇති දැන්.සෑහෙන්න කාලෙකට ඉස්සරනේ..
හ්ම්ම් වෙන්න ඇති..
ඒක නෙමෙයි තිසර..මට ඔයාගෙන් වැදගත් දෙයක් අහන්න තියෙනවා.
මොකද්ද ..?
ඔයා දැනගෙන හිටියද තාරුකාට brain tumor එකක් තියෙනවා කියලා?
Tumor එකක් ගැන නම් මම දන්නේ නෑ.එයාට ඉතිං කොයි වෙලෙත් ලෙඩනේ..ඔලුව රිදෙනව කියල නම් නිතරම කිව්ව.. තව එක එක රිපෝට් ගන්න කතාත් ඉදල හිටල කිව්ව.. මට එයාව අවුද්දකින් විතර හම්බුනෙත් නෑ කොහොමත්.මට සෑහෙන්න වැඩ ඉතිං. තාරුකත් එක්ක තිබුනු යාලුකම එහෙමම දුරස් වෙලා ගියා.
ඒකත් එහෙමද ... මම හිතුවා මගේ ප්‍රශ්නෙට උත්තරේ මට තිසරගෙන් ලැබෙයි කියලා..
මොකද්ද දැන් ප්‍රශ්නේ ..? තිසර ඇහුවේ පුදුමෙන් වගේ ...
තිසර ..තරුකාට brain tumor එකක් තිබුනා..එයා ඒකට ගොඩක් කල් ඉදන් බෙහෙත් ගත්තා. බෙහෙත් වලින් තමයි එයාගේ අසනීපේ පාලනය වෙලා තිබුනේ.ඒත් එයා මීට අවුරුදු දෙකකට තුනකට කලින් බෙහෙත් ගන්න එක නවත්තලා.. එහෙම්පිටින්ම නවත්තලා නෑ.ඒත් එයා නියමිත විදියට බෙහෙත් අරගෙන නෑ..ඒක හරියට එයා සියදිවි නසා ගන්න තීරනය කරලා වගේ ..
මොකක් .. තිසර ටික වෙලාවකට ගල් උනා ...
ඔව්.. මීට අවුරුදු දෙක තුනක ඉදන් එයාගේ මොලේ තිබුනු ගෙඩිය ටික ටික වැඩි වෙලා.. මේ කෙල්ල කොහොම මේ හැම දේම හංගගෙන හිටියද මන්දා... සමහරවිට pain killers බිබී ඉන්න ඇති ... කොහොම හරි..අන්තිම stage එකට ආවට පස්සෙ තමයි හැම දෙයක්ම එලි උනේ ... දැන් අපි පරක්කු වැඩි ...
එයා එයාට ඕනි වෙලා තිබුනු ගමන එයා යයි ..අද හරි හෙට හරි ...
තිසරට කතා කරගන්න අමතක උනා.. අවුරුදු දෙක තුනකට කලින් ඉදන් තාරුකා සිය දිවි නසාගන්න තීරනය කරල..ටික ටික... තිසරට අවුරුදු දෙක තුනකට කලින් උනු හැම දේම මතක් උනා... තාරුකා එක්ක එකට හිටපු හැති ... කතා කල දේවල් .. ඊට පස්සේ ඉෂානි ව මුණ ගැහුන හැටි .. තාරුකාව අමතක කල හැටි .. තාරුකා පිස්සුවෙන් වගේ අඩාගෙන පස්සෙන් ආපු හැටි ... එතකොට බෙනල එලවපු හැටි .. ඉෂානි ගේ සතුට මිස තාරුකා හිටියද කියලවත් ඒ කාලේ හොයල බලන්න අමතක උනා නේද කියලා තිසර්රට මතක් උනා ...
ඒත් තිසරට ඇති උනේ දුකක් නෙමේ ..තිසරට ඇති උනේ තරහක්.. තාරුකා ට පිස්සු. තමන් දීපු අනුකම්පාව ආදරයක් විදියට වරදවා වටහා ගත්ත තාරුකා ගැන තිසරට ඇති උනේ තරහක්.
මම එක එක කතා කිව්ව තමයි..ඒත් තාරුක ඒ තරම් මෝඩයිද ඒව හැම දේම ඇත්තට ගන්න.එයාට මම කවදාවත් ආදරෙයි කියල නෑනේ.අනුකම්පාවයි ආදරයයි පටලවගන්න තරම් තාරුකා මෝඩ උනාට මම මොනව කරන්නද.ඉෂානි කිව්ව දේ හරි,එයා වගේම මටත් කෙලින්ම කිව්ව නම් හරි හැමදේම. ඒත් ඉතිං මම මොන එහෙකටද තාරුකට ඉෂානි ගැන කියන්නේ.තාරුකා කව්ද මගේ පෞද්ගලික දේවල් කියන්න.එයත් එක්ක හිටිය,ඒ කාලේ ගත කලා,ඒක එච්චරයි.මේ මෝඩ ගෑනිට ඒ ටික තේරුනේ නැති හැටි..අපරදේ ජීවිතේ විනාස කරගත්තා.. තිසර එහෙම හිතුවා.
මේ මුලු කාලේ පුරාම මාධව තමුන් දිහා බලගෙන හිටි බවවත් තිසරට මතක තිබුනේ නෑ..
තිසර බර කල්පනාවක වගේ.තාරුකා ගැන මට වඩ හොඳට තිසර දන්න බව මම දන්නවා.එයත් එක්ක ඉන්න.එයාට තව වැඩි වෙලාවක් නෑ..එහෙම කියපු මාධව නැගිටල යන්න ගියා.
කාලය ටික ටික ගෙවිලා ගියා.තාරුකාගේ යාලුවො නෑදෑයෝ,තරහකාරයෝ,හැම දෙනාම ආව ගියා.තිසරත් ඔහේ ඉඳගෙන හිටියා.කිසිම දෙයක් හිතුනේ නෑ.තාරුකා ගැන තරහක් විතරයි තසරගේ හිතේ තිබුනේ.ඒ වගේම මේ කිසිම දේකට තමන් වග කියන්න ඕනි නෑ කියලත් තිසර කල්පනා කලා.
අද මම මේ ඇවිත් කන කට්ටම මදිද ... ඉෂානි එක්ක ඉන්න තිබුනු වෙලාව ඉස්පිරිතාල බංකුවක් උඩ ගෙවන එකම මදිද ..තාරුකාගෙ අම්ම මොන එහෙකට මට ඔරවනද මන්දා..තාරුකා කියන්න ඇති එයා මමයි අතරේ සම්බන්ධයක් තිබ්බ කියලා.පුදුම ෆැන්ටසියක හිටපු කෙල්ලෙක්නේ ..
රෑ දෙගොඩහරි ජාමේ කොහෙදෝ ඉදන් තාරුකාගේ නංගී තිසර ව හොයාගෙන ආවා.
අයියේ .. අක්කට සිහිය ආවා ... කනට ඇහෙන නෑහෙන තරම් හිමින් එයා කිව්වා.
හ්ම්ම් .. තිසර නැගිට්ටා ..හිමි හිමීට එකට ගියා. කවුරුත් නෑ.තාරුකා කියල කියන ඇට කටු ගොඩ විතරක් මූසල කාමරේ මැද්දේ ඉන්නවා .. තිසර ඇඳ ලඟින් ඉද ගත්තා.. මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නකොට තාරුකා හිමි හිමීට ඇස් ඇරියා.. පලවෙනි වතාවට තිසර හිස්කබලට ගිලුනු ඇස් බෝල දෙකක් අස්සෙන් තාරුකාව දැක්කා.ඒ ඇස් .. ඒ ඇස් තාරුකාගෙමයි ... එක දවසක් තිසර දිහා බලගෙන ඉදිද්දි..අම්මෝ ඔයාට තියෙන්නේ හරිම භයානක ඇස් දෙකක් කියන්න තරම් දිලිසුන තාරුකාගෙ ඇස් දෙක ඔලු කට්ටක් ඇතුලේ ඉඳන් තිසර දිහා බලගෙන හිටියා.. තාරුකාගේ ඇඟේ පන තියෙනවා කියලා ලකුනක් හරි තිබුනු එකම අවයවය ඒ ඇස් දෙක විතරමයි.. ඒ ඇස් දෙකේ තාරුකා ජීවත් උනා.
තිසරට එක මොහොතකට ඉෂානිව අමතක උනා. තිසර තාරුකාගේ ඇට පෑදුනු අතින් අල්ලගත්තා ...
ඇයි ... තාරුකා ඇයි මේ ... තිසරට අහන්න පුලුවන් උනේ එච්චරයි ...
ඇයි ... තාරුකා ඇයි මේ ... තිසරට අහන්න පුලුවන් උනේ එච්චරයි ...
තාරුකාගේ ඇස් කෙවෙනි දෙකෙන් බේරුනු කඳුලු බින්දු දෙකක් සුදු බෙඩ්ෂීට් එක උඩට වැටිලා බොඳ වෙලා ගියා..එකක් පිටිපස්සේ එකක් කඳුලු බින්දු පෝලිමේ කම්මුල තිබුනු තැන අද තියෙන කම්මුල් ඇටේ දිගෙ බේරුනා. තාරුකා මුකුත්ම කිව්වේ නෑ..ඔහේ තිසර දිහා බලගෙන හිටියා..
තිසරට මොනව කරන්නද කියල තේරුනේ නෑ..ඉෂානි එක්ක යාලු උනු දවස් වල තාරුකා කත කරල රන්ඩු වෙද්දි කට වහගෙන හිටපන් කියපු හැටි තිසරට මතක් උනා..ඒ වහන්න කියපු කටෙන් අද එක වචනයක් කියනව නම් කොච්චර හොඳද කියල තිසරට හිතුනා.කවදාවත් තාරුකාගේ නිශ්ෂබ්දතාවයක් අත්විඳලා නැති තිසර මොනව කියන්නද කියල හිතගන්න බැරුව ගොලු උනා.. තවත් තාරුකාගේ මූන දිහා බලන්න ඉන්න බෑ කියල තිසරට හිතුනා.. තිසර නැගිටින්න හැදුවා..
එතකොට තිසරගෙ අතට හිර වෙලා තිබුනු තාරුකාගේ අතින් තිසරගේ අතේ ඇඟිලි තද වෙනව තිසරට දැනුනා.. කිසිම හැඟීමක් නැති ඇස් දෙකෙන් තමන් දිහා බලගෙන ඉන්න හිස් කබලක් මිස වෙන මුකුථ් ආපහු හැරිලා බලපු තිසරට පෙනුනේ නෑ.ඒත් අතට හිර වෙලා තිබුනු තාරුකාගේ ඇගිලි වල ලාවට නැගුනු උනුසුම තිසරට දැනුනා.. කත කරගන්න බැරි උනත් තාරුකාගේ ඉල්ලීම තිසරට තෙරුනා.. තිසර ආයෙම ඉඳ ගත්ත..
තිසරට දැනුනා අතේ ඇඟිලි වලින් තාරුකා තමන්ගේ කථාව තිසරට කියනවා කියලා..තාරුකාගේ අතින් ආපු සිතිවිලි වැල තිසරගේ හිතට දැනුනා ...
කඳුලු වැල් බේරෙන හිස් ඇස් දෙක දිහා බලාගෙන තිසර තාරුකාගේ කතාව අහගෙන හිටියා ...
තිසර ... සමාවෙන්න එන්න කිව්වට.. මට ඔයා නොදැක යන්න බෑ කියලා හිතුනා..ඒකයි එන්න කිව්වේ.මම ඔයත් එක්ක තරහ නෑ..මම යන්නේ ඔයත් එක්ක තරහට නෙමෙයි.. හැමෝම හොයනව ඇති ඇයි මම බෙහෙත් ගත්තේ නැත්තේ කියලා..මට මහන්සි තිසර.. මට ජීවත් වෙලා මහන්සි. මට මිනිස්සු වෙනුවෙන් හිනා වෙලා මහන්සි. ඇත්ත ඔයා කවදාවත් මට ආදරෙයි කිව්වේ නෑ. ඔයගේ හැසිරීමෙන් එහෙම දෙයක් හිතාගත්තු මමයි වැරදි. ඔයා ඉෂානිට ආදරය කරනව කියල ඉෂානි කිව්වම මට දරාගන්න බැරි උනේ මගේ ෆැන්ටසිය මගේ ඇස්පනා පිටම කඩාගෙන වැටුනු නිසයි..මම ගොඩක් දේ කිව්ව..ඔයාට සීමවක් නැතුව බැන්න ..තරහට නෙමෙයි තිසර ... මට ඇත්තට මූන දෙන්න බැරි නිසයි ඒ හැම දෙයක්ම කලේ.. මගෙත් එක්ක තරහ වෙන්න එපා කවදාවත්.

මම යනවා... මම යන්නම යනවා... ඒක ඔයගේ ජීවිතේට ලොකු වෙනසක් නෙමෙයි. ඔයාට මම හිටියා කියල කවදාවත් දැනුනේ නෑනේ. ඒත් මට ඔයා මගේ ලඟ හිටියා..අද වෙනකන් මම අපේ අතීතේ ජීවත් උනා.. මම යන්නේ ඒ අතීතය මතකයේ තියගෙන... දුක් වෙන්න එපා.. මම යන්නේ සතුටින්.. ඔයා මගේ ලග ... තවත් මොනවද මට දුක් වෙන්න තියෙන්නෙ ... ඔහොමම ඉන්න..ඔහොමම මා දිහා බලගෙන ඉන්න.. මට බයයි ඔයා අහක බලයි කියල. මට ඕනි ඔය ඇස් දෙක දිහාවම බලගෙන නිදාගන්න .. ඔහොමම ඉන්න තිසර ... ඔහොමම ඉන්න ..
තිසරට නොදැනිම තිසරගේ ඇස් වලටත් කඳුලක් ඉනුව. කොච්චර නරක උනත් ..කැත උනත් .. හැදියාවක් නැති උනත් ..මේ ඇදේ ඉන්න කෙල්ල තමන් වෙනුවෙක් එක දවසක් හරි හිටිය නේද කියල තිසරට හිතුනා.ඉෂානි ට වගේ ආදරයක් දෙන්න සුදුසු නැති උනත් මේ කෙල්ල ගැන පහු ගිය කාලෙ ටිකක් හොයල බැලුව නම් හොඳයි කියලත් තිසරට හිතුනා ...
තිසරගේ සිතිවිලි වැල ECG machine එකේ අමුතු සද්දෙන් එක මොහොතකත නැවතුනා.මේ වෙනකන් රිද්මයට ඇහුනු සද්දෙ එන්න එන්නම වෙනස් වෙනව කියල තිසරට හිතුනා. දොස්තරල දෙන්නෙක් දුවගෙන ආව.. තිසරගේ අතට බැඳිලා තිබුනු තාරුකාගේ ඇගිලි වෙන් කරන්න එක දොස්තර කෙනෙක් උත්සාහ කලා.. ඒත් ඒ ඇඟිලි වෙන් කරන්න බැරි තරම් තදට බැඳිලා තිබුනා... උත්සාහය අතෑරපු දොස්තර electric shock එක දෙන්න පටන් ගත්ත.
මොනව වෙනවද කියල නිනව් නැතුව තාරුකගේ අත අල්ලගත්තු ගමන් තිසරත් ඔහේ බලන් හිටිය....
1 2 3 ok ...
තාරුකගේ සිරුර සුදු ඇඳ ඇතිරිලි උඩින් එක පාරට ගැස්සුනා.
දොස්තරලගේ මූනේ තිබුනේ බලපොරොත්තු කඩ උනු පෙනුමක්.
1 2 3 ok ..
ආයෙත් පාරක් ...
දොස්තරලා උත්සාහය අතඅරින්නේ නැති පාටයි.
ඒත් ...
පරක්කු වැඩි බව තිසරට තේරුනා. තාරුකාගේ අතින් කාන්දු වේවී තිබුනු රස්නෙ ටිකින් ටික අඩු වෙලා ගිහින් නැත්තටම නැති වෙන හැටි තිසරට දැනුනා ... ඊට මොහොතකට පස්සෙ ECG යන්ත්‍රය එක දිකට තිරස් රේඛවක් පෙන්නුව...
තාමත් ඇරිලා තිසර දිහාවට යොමු වෙලා තිබුනු තාරුකාගෙ ඇස් දිහා තිසර එක මොහොතකට බැලුව. දුකක් වේදනාවක් නෙමෙයි..ඒ ඇස් වල තිබුනේ සතුටක් ... හැම කරදරයකින්ම මිදුන වගේ පුදුම නිස්කලංක හැඟීමක්. තාරුකාගෙ අතෙන් තමන්ගේ අත ගැලෙව්වේ කව්ද, කොහොමද කියල තිසරට මතකයක් තිබුනේ නෑ. ගොඩක් දේ උනා..ගොඩක් දෙනෙක් ඇඩුවා..තව මොන මොනාදෝ උනා කියලා තිසරට හීනෙන් වගේ පෙනුනා. තිසර ICU එකෙන් එලියට ආව. ජංගමය පැය ගානක් තිස්සෙ නාද වෙනවා කියලා තිසරට දැනුනේ එතකොටයි...
ඔව් ඉෂානි කියන්න ...
ඔව් තාම ඉස්පිරිතාලේ ..
මේ ඉෂානි .. හෙට නෙමෙයි අපි අනිද්ද හම්බුවෙමු හොඳෙ..අර මම කිව්ව ලෙඩා මේ දැන් නැතිඋනා ... මම ඔයාට හෙට කතා කරන්නම්..දැන් නිදා ගන්න.
ජංගමය නිවා දාපු තිසර ඉස්පිරිතාලේ ජනේලෙන් නොනිදන කොලඹ නගරය දිහා බැලුවා... ඒ විදුලි එලි අතරෙන් අන්තිම නින්දට වැටුනු තාරුකාගේ ඇස් දෙක තිසරට පෙනුනා ... !!
කියන්න වචන නෑ.... හරිම සංවේදී...
ReplyDeleteබොහොම සංවේදී කතාවක්...........
ReplyDeleteඅදමයි මේ පැත්තට ගොඩවැදුනේ. ඇත්තමයි මොහොතක් නතර වෙලා හිතන තරමට කතාව සංවේදීයි.
කොහොමත් අපිට ආදරේ කරන අපි ආදරෙ නොකරන දෙයක වටිනාකම අපිට තේරෙන්නේ අපිට ඒ දේ නැති උනාමලු
ReplyDeleteBravo.... You'll succeed in killing Thisara a lot sooner than u think... keep up the good work
ReplyDeleteකතාව හොදයි...(හැබැයි, ටිකක් සාම්ප්‍රදායිකයි වගේ)
ReplyDeleteඒත්, හොදට වචන ගලපලා තියෙනවා...
බොක්කට දැනෙනවා(බොක්කක් තියෙන අයට..)
තව ලියන්න..ජය වේවා!
හුගාක් සන්වේදී කතාවක්.අදමයි මේ පැත්තෙ ආවෙ.ලස්සනයි අක්කි.මට නම් ඇඩුනා
ReplyDeleteස්තූතියි .. හරිම හරීම සතුටුයි මගේ පළවෙනි කතාවට ලැබුනු ප්‍රතිචාර වලට. මේ දුවන දිවිල්ල අස්සේ වෙලාවක් වෙන් කරගෙන මට මල් මිටක් දුන්නු ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි .. :)
ReplyDelete@ ඇනෝ : ඇත්තටම තිසර නෙමෙයි තාරුකායි මැරෙන්නේ ... මට තිසරව මරන්න උවමනාවක් තිබුනේ නෑ මගේ කතාව ඇතුලේ. තිසරට ජීවිතයක් තියෙනවා .. ජීවිතේ විඳවපු තාරුකාව විතරයි මම මැරුවේ ...
ReplyDeleteපැංචි...ඔයාට ඒ දවස් වලට වඩා අමුතු අදහස් එලි පහලි බැහැලා වැඩී වගේ දැන්..??? කතාව ලස්සනයි...ලියන්න මෙහෙම වෙලාව ඔයාට ලැබෙන එක අතින් ඔයා මාර ලකී....
ReplyDeleteIt still feels like our first night together
ReplyDeleteFeels like the first kiss and
It's gettin' better baby
No one can better this
I'm still hold on and you're still the one
The first time our eyes met it's the same feelin' I get
Only feels much stronger and I wanna love ya longer
You still turn the fire on
So If you're feelin' lonely.. don't
You're the only one I'd ever want
I only wanna make it good
So if I love ya a little more than I should
Please forgive me I know not what I do
Please forgive me I can't stop lovin' you
Don't deny me
This pain I'm going through
Please forgive me
If I need ya like I do
Please believe me
Every word I say is true
Please forgive me I can't stop loving you
Still feels like our best times are together
Feels like the first touch
We're still gettin' closer baby
Can't get close enough I'm still holdin' on
You're still number one I remember the smell of your skin
I remember everything
I remember all your moves
I remember you
I remember the nights ya know I still do
One thing I'm sure of
Is the way we make love
And the one thing I depend on
Is for us to stay strong
With every word and every breath I'm prayin'
That's why I'm sayin'...
In everyone's life their is some one who never forget and cant forget...........
this story feels like some one's legend.....
but its awesome..........keep it up
after long time...........SPR
speechless and shocked.... Story is brilliant. u got the talent love. Keep it up!
ReplyDelete@Sanjeewa : I don't Have time Sanjeeva. But I find time somehow :)
ReplyDelete@Harry : Thankuu Harry .. Love u :*
@ SPR : This is ma legend :/
To the one who's holding her now.....
ReplyDeleteYou have no idea how lucky you are to call her yours. So cherish it. You have the honor of holding her hand. You have the privilege to kiss her when you want. You have the ability to make her happy. She isn’t just another girl, she’s that girl that can make you the happiest person ever if you give her the chance. She’s worth everything. Everything. Take care of her.
Sincerely,
The one who lost her
Im sure the person who lost you might thinking now like this
she Thanxs You Harry :) But u know ... there isnt a person who LOST her coz d person never wanted her. and the person will never feel he lost her coz he never had her ... but she is thanking you for the comment with loads f LovE !!
ReplyDeleteඇත්තමයි. ජීවිතයේ සංවේදී මාතෘකා තියනවා..සාම්ප්‍රදායික දේවල් වුනත් සංවේදී ආකාරයෙන් ඉදිරිපත් කිරීමත් හොඳ නිර්මාණයකට හේතුවක්..ඇත්තටම ලස්සනයි
ReplyDeleteස්තූතියි :)
ReplyDeleteඅනේ යාලුවේ මම මෙච්චර කාලෙකට කතා කියවලා තියනවා. ෆිල්ම්ස් බලල තියනවා. ගොඩක් දුක හිතෙන ඒවා.. ඒත් ජීවිතේට මගේ ඇස් දෙකෙන් කඳුලු වැටිලා නෑ.. මම ලේසියෙන් අඬන කෙනෙකුත් නෙවෙයි. ඒත් මේ කතාව මැදක් කියවත්දි මගේ ඇස් දෙකේ කඳුලු පිරුණා.. ඒ කඳුලු පිහදාන්නෙත් නැතුවම කතාව මම කියෙවුවෙ. කතාව ඉවර වෙද්දි ඇස් දෙකෙන් කඳුලු ගලාගෙන යනවා. මේ කතාව මගේ ආත්මයටම බැඳිලා ඇති. ඇත්තමයි... මේක ගොඩක්ම ලස්සනයි. මට එච්චරමයි කියන්න පුලුවන්.
ReplyDeleteකතාව පොඩි උනාට ජීවිතේට ලොකු පාඩමක් කියලා දෙනවා,,,,,,,,,,,,,,ලස්සනයි,,,,දුකයි,,,,,,
ReplyDeleteමේක මගේ කථාව .. ඒ නිසා වෙන්න ඇති හිතට දැනෙන්නේ .. ස්තූතියි අදහස් වලට :)
ReplyDeleteවාසනා මේ කථාව ඔයාගේ කථාව කියනකොට නම් මට ටිකක් බය හිතුනා ඔයාගේ චරිතේ මොකක්ද කියලා.. ඉශානි නම් ඇත්තටම මට ඒ ගැන කථා කරන්න ඕනේ නැ... ඒය්ජ් තාරකා නම් ඇත්තටම ආදරේ වෙනුවෙන් එහෙම ජිවත් වෙන එක ඇත්තටම අපේ හිත්වලට එකගව අංවක උනත් අපිට ආදරේ නොකරනවානම් ඉතින් අපි එහෙම හිතන එක ඇත්තටම සාධාරනද කියලා හිතන්නම වෙනවා..
ReplyDeleteමොනවා උනත් හිතට ගොඩාක් තදින් දැනුනු ගොඩාක් සංවේදි කථාවක්....
ජය වේවා..
ඇත්තටම මම කියවපු සංවේදී කතාවක් මට යාලුවෙක් ලින්ක් එක එව්වේ එයාගේ ඇස වලින් කදුළු අවා කිව්වා. ඇත්තටම මගේ ඇස් දෙකත් තෙත් උනා. ජිවිතේ ගැන බයක් ඇති උනා. කවදාවත් මෙහෙම සිදුවීමක් කාටවත් වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා. මේක ඖඅගෙ කතාව වෙයි කියල කවදාවත් හිතන්න එපා. මම අයි මේ බ්ලොග් එකට අවේ එත් මේක ඔයාගේ කතාව වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා. කතාව දුකයි ලස්සනයි
ReplyDeleteකතාව කියවනකොට ගොඩක් දේවල් හිතුනා...ගොඩක් දේවල් දැනුනා........ගොඩක් සංවේදී කතාවක්....
ReplyDelete@දේවා ගේ අඩවිය : සාධාරන නැති උනත් තාරකා ට අයිතියක් නැද්ද එයා කැමති කෙනෙක්ට ආදරය කරන්න? එයා තිසරගේ ජීවිතේටවත් ඉෂානිගේ ජීවිතේටවත් කරදයක් කරන්නේ නෑනේ. තමන් තනියෙම ආදරය කරල ඒ ආදරය මත්තෙම විනාශ වෙනවා. ආදරයක් ඇති කරගන්නත්,ඒ සිතිවිල්ලට පෝර දාල හදාගන්නත් හේතු තාරකාට තිබුනා....
ReplyDelete@N N K : ස්තූතියි ප්‍රර්ථනාවට .. ඒත් ජීවිතය කියන්නේ ප්‍රාර්ථනා හැම දෙයක්ම ෆැන්ටසියක් වෙන රඟහලක්
@කුබුචි : ස්තූතියි !!
කොල්ලො සාමාන්‍යයෙන් කෙල්ලන්ට අනුකම්පා කරන්නෙ පස්සෙ යාලු වෙන්න අහන්න හිතාගෙන. ඒ කියන්නෙ ආදරය ලබා ගන්න උපක්‍රමයක් විධියට අනුකම්පාව පාවිච්චි කරනවා . නමුත් ඒකෙ අනිත් පැත්ත මොන වගේද? කෙල්ලෙක් කොල්ලෙක්ට ඇත්තටම අනුකම්පා කරල පස්සෙ ඒක ආදරයක් බවට පත්වෙන්න පුලුවන්ද?
ReplyDeleteඔව් පුලුවන්
Deleteබුරුව :( DG
ReplyDeleteඉත්තූතී ;)
Delete