බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, September 11, 2011

ආදරයේ සරල සිත්තමක් ....

ආදරය ... කොයි තරම් කතා කලත් .. කොයි තරම් පරන මාතෘකාවක් උනත් විශ්වය පවතින තාක් කල් කාටවත්ම එපා නොවෙන සදාතනික මතකයක් ... මහා කවි කාලිදාසයන්ගේ මේඝ දූතයේ ඉදලා ... විලියම් ෂෙක්ස්පියර් යුගයත් පහු කරගෙන .. සහස්‍රකය වෙනකන් ආපු දිග ගමනෙන් ආදරය කියන අකුරු හතරට කිසිම මහන්සියක් කළකිරීමක් නෑ.. එදා වගේම අදත් හැම දෙනාම කොයි කොයි හැටියෙන් හරි ආදරය විඳිනවා ..නැත්නම් විඳවනවා ... ආදරය විශ්ව සත්‍යයක් ... :)

ලොකු ලොකු බරසාර වචන වලින් විතරක් නෙමෙයි .. සරල බොලඳ වචන වලිනුත් ආදරයේ  නොපෙනෙන මානයන් හොයගෙන යන්න පුලුවන් ... මම සම්භාව්‍ය නිර්මාණ වලට වැරදි කියනවා නෙමෙයි .. මට පෙන්නන්න ඕනි ශේක්ස්පියර් ... ජේන් ඔස්ටින් ... කථා වලින් එහා මානයක .... හෝඩි පොත් භාෂාවෙන් උනත් ආදරයේ අකුරු හතරට ...ජීවයක් පැවැත්මක් තියෙනවා කියලයි .... !!

ඒ නිසා .. අද මම ලියන්නේ සරල නිර්මානයක් ගැන.. මම ආදරය කරන..මම පෙරේත ..සරල ආදර චිත්‍රපටියක් ගැනයි අද ලියන්නේ .. film එකේ නම  WakE Up SID :)

මෙන්න මෙයා තමයි SiD ;)


ජීවිතයක් ගැන බරක්පතලක් නැති ... ඔහේ පාවෙන ජීවිතයක් ගෙවන පිස්සු කොලුවෙක් ... කෑමක් බීමක් හදා ගන්නවත් .. ඇදුමක් හෝදගන්නවත් ... අඩුමගානේ තමන් නිදිය ගන්න තැන අස් කරගන්නවත් නොදන්න .... අහසින් වැටුනු ජීවිතයක් ... ලෝකෙට මුහුන දීල පුරුදු නැති.. සමාජය අදුරන්නේ නැති .... සමනල ලෝකෙක ජීවත් වෙන පිස්සුම පිස්සු චරිතයක් ...

එතකොට මෙයා තමයි  AisHa :)



මේ Sid ගේ ප්‍රතිලෝමය.. හැම දෙයක් ගැනම මහා බරපතලෙට හිතන .. සරල ෆැන්ටසියක ලස්සන කවදාවත් නොදැකපු අධි යථාර්තවාදී චරිතය ....කඩා හැලෙන ලස්සනක් නැති .. ලලනාවක් විදියට කවදාවත් ජීවත් නොවුනු .. පොළවේ පය ගහල ජීවත් වෙන බරපතල ගෑනු ළමය තමයි මේ ...

කොහොමින් කොහොමින් හරි මේ දෙන්නා එකට හමු වෙනවා .. හමු උනු දවසේ ඉදන් ගැටීම් හැල හැප්පීම් ගොඩයි ... සුපුරුදු හින්දි චිත්‍රපටියක තියෙන සින්දු ... ඇස් දිහා බලාගෙන ඉඳීම් .. විහිලු ජවනිකා හැම එකක්ම කිසිම අඩු පාඩුවක් නැතුව මේ චිත්‍රපටියෙත් තියෙනවා ... ඒත් ඒ වට්ටෝරු කථා තේමාව ඇතුලින් මේ එකකට එකක් වෙනස්... අන්ත දෙකක ජීවත් වෙන ජීවිත දෙක අතර හරි අපූරුවට සම්භන්දතාවයක් ගොඩ නැගෙනවා ... හැම දෙබසකින්ම.. හැම අලුත් දර්ශනයකින්ම ... ඒ නොකිය කියන කථාව හදවතට දැනෙනවා .... බරපතල අන්තෙයි, සමනල අන්තෙයි ..ටිකින් ටික තම තමන් හිරවෙලා හිටි කොන් වලින් මිදිලා අනිත් කෙනාගේ ජීවිතේ විඳින්න පටන් ගන්නවා.. බරපතල අන්තේ සමනළ අන්තේ ලස්සනත් .. සමනල අන්තේ බරපතල අන්තේ වගකීමුත් ටිකින් ටික තේරුම් ගන්නවා ... මේ අන්ත දෙක හරි අපූරුවට එකකට එකක් පෑහෙනවා ...

චිත්‍රපටියේ නම Wake Up Sid උනාට Sid විතරක් නෙමේ .. Aisha ත් අන්තිමේ තමන් වැටිලා හිටි නින්දෙන් අවදි වෙනවා ... දෙන්නම ඒ වෙනකන් විඳවපු ජීවිතය විඳින්න පටන් ගන්නවා ...

මහා හරබර වචන නැති උනාට ... මහා බරපතල් සාහිත්‍ය දෙබස් නැති උනාට ... මේ චිත්‍රපටිය පුරාවටම ... නිහඩ ආදරයක සුවඳ දෝර ගලනවා ... සිතුම් පැතුම් වලින් .. සමාජ තත්ව වලින් ... වයසින් ... මේ හැම නිර්ණායකයකින්ම වෙනස් ආත්ම දෙකක් ... තම තමන් එල්ලිල හිටි ජීවිතයෙන් මිදිලා .. අලුත් ලෝකයක් දකිනවා ... ආදරයට ඒ තරම් ශක්තියක් තියෙනවා ....

ඔපෙරාවකින් .. මුද්‍රා නාට්‍යකින් කියවෙන ආදරය මට කවදාවත් තේරුම් ගන්න බැරි තරම් ගැඹුරුයි .. මම මහා සාහිත්‍යවාදියෙක් කියලා ..හිතට වද දි දී .. මෙලෝ සංසාරයක් නොතේරෙන බරසාර නිර්මාණ දිහා බලාගෙන ඉන්න ඕනි නෑ මට ... මම මේ සරල නිර්මාණයට ආදරෙයි .. ඒ සරල බව ඇතුලේ තියෙන සංකීර්ණ මනුස්ස හැඟීම් වලට මම ආදරෙයි .... අන්තිමට මූදු වෙරලට දුවගෙන එන Sid කියන වචන ටිකට මම ආදරෙයි ..ඒකට උත්තරයක් විදියට Aisha කියන " I LovE YoU SiD "  වචන හතරට මම ආදරෙයි ..... !!

චිත්‍රපටියේ මෙන්න මේ සිංදුවට මම ආදරෙයි ....


මම ආදරයට ආදරෙයි .... !!


3 comments:

  1. ඇත්තටම කිව්වොත් මට නම් ඔය ආදරේ කියන සබ්ජෙක්ට් එක විකාරයක්... :)

    මේක කියවද්දි මට මතක් වුන එකම ලස්සන බැඳීම තමයි X-Files වල හිටපු මෝල්ඩර් ස්කලී අතර තිබුන බැඳීම...

    ReplyDelete
  2. මෝල්ඩර් සහ ස්කලී අතර තිබුනු බැඳීම මට ලස්සනට පෙනුනෙ නෑ .. ඒ මම මෝල්ඩර්ට සෑහෙන්න ආදරය කල නිසා සහ ඒ හේතුවෙන්ම ස්කලීව පෙන්නන්න බැරුව හිටි නිසා :)

    ReplyDelete
  3. සාතන් ආදරේ කරලම නැද්ද . අපි බලං හිටිය ස්කලී මෝල්ඩර් ජෝඩුව එක් වෙනකම් . කෝ කොහෙද මෝල්ඩර් හිතන්න ඇත්තෙත් සාතන් වගේද කොහෙද.

    ReplyDelete