පුරා වසර 26ක් නොකඩවා කෙරුනු ආශ්වාස ප්රශ්වාසයෙන් හෙම්බත් උනු ජීවිතයට නව අරුතක් ඇවැසියැයි හිතුනු වාර ගනන අනන්තය .. හුස්ම වැටෙනවා නොව, මම හුස්ම ගන්නවා යැයි ..හිත පිරුනු ආඩම්බරයෙන් ලොවට හඬ ගා කියන්නට .. මගේ සිත තුල ඇත්තේ ..නොනිත් ආශාවකි ... ජීවිතය ජීවත් කරවන්නට ..දිවි මඟේ සොඳුරු තැන් දකින්නට ... තව ඉතිරි ... අල්ප වූ කාලයකි... ඒ ලැබෙන ඉසිඹුවේ ...ජීවිතය සොයා යන්නට ..ජීවිතයේ පරමානන්දය, පරම තෘප්තිය ලබන්නට ... දිව්‍යමය සංතෘෂ්ටියක් එක මොහොතකට විඳින්නට ... හති වැටුන ජීවිතය නොයිවසිල්ලෙන් බලා සිටී ... එවන් දෙව් සැපතක් .. සැබෑවට විඳින්නට පින් මදි වූ සඳ ... ජීවිතයේ සොඳුරු නිමේශයන් මෙලෙස වේ යැයි ... පුංචි හීනයක් මවන්නට .... හිත කැමති කරගත්තා මම ... !!
ඉරබසින සැදෑවක ..අඳුර සහ ආලෝකය අතර රිදී සුලඟින් රටා වියෙන හෝරාවක ... රතු පැහැ අවරගිර එකලු කර සයුරු ලඳ වෙත ඇදෙන ... ගිනි විදින ඉර වෙතට නෙතු දැහැන් යාකොට ..සයුරු තෙර සුදු වැලි තලාවක ශුන්‍ය සිතුවිල්ලකින්... ඔහේ ඉන්නට ඇත්නම් .... ඇදුම්කන හිසේ බර ... ආදර උරහිසකට වාරු කර ... මමත් මගේ හිත දවන හැමදේමත් ... එක මොහොතකට හිතෙන් අත් හැර... ඒ මොහොත තුල පමනක් ජීවත් වෙන්නට ඇත්නම් ... බහින මළ ඉර දෙස බලාගෙන ... මගේ දුකත් ඒත් සමගම .. සයුරු දිය ගැඹර තුල දියකර ... පා සිඹින පෙණ කැටිති එක්ක ලෙංගතුව හිනැහෙන්නට ඇත්නම් ... එවන් මොහොතක .. සොයා ගිය දිව්‍යමය සුවය මගේ ජීවිතයට වඩීවි ... !!
ඉර බසින සැඳෑවක ... පාලු උයනක තණපලසක් මත්තෙන් ඉඳගෙන ... හමන සුලඟට වැටෙන .. රොබරෝසියා මල් ගනින්නට ඇත්නම් ... අතුමතින් ගිලිහී හිමි හිමින් පොළව මත්තට ඇදෙන සුදු,රෝස මල් කැකුලු එක එකක් දිහා නොසෙල්වී බලා ඉන්නට ඇත්නම් ... ඒ මල් ඕවිල්ල මතම ..සුමුදුවට දිගඇදී ... හිස් අහස සසලවන සුදෝ සුදු වලාකුලු පාවෙනා අපූරුව ... මුහුනට වැටෙන ආදර සුසුමක පහස විඳිමින්ම බලා ඉන්නට ඇත්නම් ... මගේ විඩාබර ජීවිතය ..පාවෙන හැම වළාකුලකටම වඩා සැහැල්ලුවෙන් .. දිව්යලෝකෙටම පාවෙලා යාවි ... සම්පූර්න සතුට .... පරමානන්දය .. මට ලැබේවි ... !!
සප්ත ස්වර රැව් නැගෙන ... සුගායන වාතල සමඟ එක්ව නැගෙන සඳ ... එවන් ගීතාවලියක් සම්ඟ ඒකාත්මික වෙන්නට ඇත්නම් .. කනට නොව මනසට... ඇතුලාන්තයට .. අධ්‍යාත්මයට ... එවන් ගීපද වැලක එතෙන්නට ඉඩ දී ... ඇස්කන් වසාගෙන ..සියලු දේ අමතක කර .. මමත් මගේ හිතත් අමතක කර .. සත්සරින් සැඳි ලොවක.. එක් නිමේෂයකට ඉපදෙන්න හැකි නම්.. මම සොයා යන ජීවිතය.. එතැන මට හමුවේවි .... !!
පල් හිනාවක් හැමතැනම අලෝගෙන ... කන අසල කෑගසන හිත කියයි මේ ලෙසට ...
දිව්‍යමය ජීවිතය සොයා ගොස්... තිබුනු ජීවිතය නැති කරගත් උඹ ... පරමානන්දයක් වෙනුවෙන් ... ජීවිතයේ එකම හිනාවත් ඔට්ටු ඇල්ලූ උඹ .... මුහුදු වෙරලක, රොබරෝසියා මල් යායක වල්මත්ව ... ෆැන්ටසිය බදාගෙන මාළිගා හදලා ඉවර උනු වෙලාවක ... බලාපන් ඇස් විවර කර ... මුහුදු වෙරලක, මල්යායක නොව ... උඹ උඹේ කාමරේ කලුවරේ ගිලීගෙන .... තට්ට තනියෙම .. අඩා වැලපෙන අපූරුව ... !!
බුදු අම්මේ! බඩ පපුව හෝස් ගාලා දාලා පිච්චිලා ගියා! ඔයාගේ හීනය තුළ අපිත් මොහොතකට අතරමං උනා. ලස්සන හීනයක් යාළු. ඒකෙන් අවදි උනත්, ඒ හීනේ තුළදි විඳපු සුන්දරත්වය මතකේ තියාගන්න. එතකොට දුක අඩුයි. ඒ හීනෙන් ඇහැරෙන්න උනාට හිත එක්කවත්, කා එක්කවත් තරහා නොවී ඒ මිහිරියාව විතරක් ලඟ තියාගෙන අසුභ සිතුවිලි ඔක්කෝම එලවලා දාන්න. ඔයාට පුළුවන් ඒක කරන්න.
ReplyDeleteවිසි හය වසක් තිස්සේ ජීවිතය සොයා ගොස් හති වැටුණු අතීතය හැර දමා මනසින්, එන්න නැවතත් විදවන්න නොව විදින්නට ජීවිතය.............
ReplyDeleteෆැන්ටසි බදාගෙන හදපු මාළිගා වරින් වර කුඩු වුණත් අපි ෆැන්ටසිය බදන් ඉවරයි. මොකද රියැල්ටිය කියන තිත්ත ඇත්තට වඩා ෆැන්ටසිය අපිට සනීප හින්දා.....
ReplyDeleteනියම ලිපියක්...? (ගද්‍ය කාව්‍යයක්..!!!)
VERY NICEE
ReplyDeleteThankusu MaShA :)
Delete