බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, September 3, 2011

කිරිල්ලිය .. ආදරය ... සහ මගේ ඌන පූර්ණය ... !!

අද ලියනවා ... ඇඟිලි ගෙවෙනකන් කොම්පියුටරයට කොටනවා අද ... වැස්ස පායනකන් මට බෑ මගේ සිතිවිලි එක් තැන් කරගන්න... ඒ නිසා .. වැස්ස පායනකන් ... මම අතීතෙන් මිදිලා ආයෙම වර්තමානෙට එනකන් ... මම පිස්සුවෙන් වගේ ලියනවා ... !!

පත්තරේක කියවපු කතාවක් මතක් උනා ... කවුරු හරි රුසියන් ලේඛකයෙක් ලියපු කෙටිකතාවක්.මගේ හිත පුදුම විදියට සසල කල ... අදටත් මට අමතක කරන්න බැරි ලියැවිල්ලක්.. කෙටියෙන් කියන්නම් කතාව ...

ඔන්න එක ගෙදරක් තියෙනවා.ඒ ගෙදර තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා.මේ පිරිමි ළමයා ගෑනු ළමයෙක්ට ආදරෙයි.ඒ ගෑනුළමයා ඉතින් ටිකක් ගනන් උස්සනවා.එක දවසක් දා මේ ගෑනුලමයා කොලුවට කියනවා රතු රෝස මලක් අරගෙන ආවොත් එයා කැමති වෙනවා කියලා.කොල්ලට ඉතිං හරිම සතුටුයි.ගෙදරට ගිය කොල්ල වත්ත පුරාම රතු රෝස මලක් හොයනවා.. හැම තැනම.. අහල පහල වතු වලත් හොයනවා..ඒත් ඒක රතු රෝස මල් අවාරේ..එකම එක රතු රෝස මලක්වත් කොයියම්ම තැනකවත් නෑ ... ඉතිං මේ කොලුවා පුදුම දුකෙන් වැලපෙනව කාමරේට වෙලා .... මේ ගෙදරට අයිති උයනේ තරුණ පිරිමි ලමයගේ කාමරේ අද්දර ගහක ඉන්නව ලස්සනට සිංදු කියන කිරිල්ලියක්.. මේ කිරිල්ලිය අර පිරිමි ළමයට ආදරෙයි.. හැමදාමත් රෑට පිරිමි ළමයට නින්ද යනකන් සිංදු කියන්නේ මේ කිරිල්ලි.

ඒත් පිරිමි ළමය දන්නෙවත් නෑ එහෙම කිරිල්ලියක් ඉන්නව කියලා.. හැමදාම සතුටෙන් නිදා ගන්නවා මිසක් ඒ නින්දට සංගීතය දෙන පුංචි අලු කිරිල්ලියව මේ පිරිමි ළමය දැකලවත් නෑ.කොහොම හරි, රතු රෝස මලක් නැති දුකින් වැලපෙන පිරිමි ළමයව දැක්කම කිරිල්ලිට වාවන්නේ නැතුව යනවා.. කිරිල්ලි යනව රතු රෝස මලක් හොයන්න.. දවස පුරම පියෑඹුවත් කිරිල්ලිට එකම රතු රෝස මලක්වත් හොයගන්න බැරි වෙනවා.. ඉතිං කිරිල්ලි ආයෙම උයනට එනව..ඇවිදින් දුකෙන් ඉන්නවා..මේක දකිනවා පිරිමි ලමයගේ ජනේලේ ගාව තියෙන සුදු රෝස පඳුර ... උයනේ හැමෝම කිරිල්ලිට ආදරෙයි.කිරිල්ලි දුකෙන් ඉන්නව බලාගෙන ඉන්න බැරිතැන සුදු රෝස පඳුර කියනව රතු රෝස මලක් ලබා ගන්න පුලුවන් විදියක් තියෙනව හැබැයි ඒක මාරාන්තිකයි කියලා.. කිරිල්ලි පුදුම විදියට සතුටු වෙනවා.. සතුටු වෙලා ඕනිම විදියකින් රතු රෝස මලක් ලබා ගන්න කැමති වෙනවා.

අකමැත්තෙන් උනත් සුදු රෝස පඳුර කියනවා රතු රෝස මලක් ලබා ගන්න විදිය ... කිරිල්ලිය උදෙ වෙනකන් තමන්ගේ හදවත සුදු රෝස පඳුරේ තියුනු කටුවකට තියාගෙන ගී ගයන්න ඕනි.. කිරිල්ලියගේ හදවතෙන් ගලන රතු ලේ වලින් සුදු රෝස පඳුරේ රතු රෝස මලක් උපද්දවන්න පුලුවන්. කිරිල්ලිය සතුටින් ඉතිරෙනවා..එදා රෑ වෙනකොටම පිරිමි ළමයගේ කාමරේ ජනේලෙ ලගට යන කිරිල්ලිය තමන්ගේ ආදරේට සමු දෙනවා.. අඩල දොඩලා වැලපිලා නෙමෙයි .. හිනාවෙන් ආදරෙන් සමු දෙනවා.. තමන්ගේ ලෙයින් ඉපදෙන රතු රෝස මලෙන් හෙට දවසේ තමන්ගේ ආදරය එයාට ඕනි කරපු ආදරය ලබා ගන්නවා කියන සතුටින් කිරිල්ලිය සමුගන්නවා... හඳ මෝදු උනු වෙලාවේ ඉදගෙන තමන්ගේ හදවත රෝස පඳුරේ කටුවකට තියාගත්තු කිරිල්ලිය තමන්ගේ අන්තිම ගීතය කියන්න පටන් ගන්නවා..බින්දුවෙන් බින්දුව රතු ලේ රෝස නටුව දිගේ වෑහෙනවා..ටිකෙන් ටික සුදු රෝස මල රතට හැරෙනවා ..

කිරිල්ලිය රෑ එලිවෙනකන්ම එක දිගට ගී ගයනවා.. පිරිමි ළමයා ඒ ගීය අහගෙන සැපට නිදියනවා ..උදේ ඇහැරිල බලද්දි මෙන්න ජනේලේ ලඟම රතු රෝස මලක්.. ඒ මල විතරයි පිරිමි ලමය දකින්නේ.. මල් පඳුර යට සුදු රෝස පෙති ගොන්නක් උඩ වැටිලා තියෙන අලු කිරිල්ලිගේ නිසල සිරුර පිරිමි ලමයට පේන්නේ නෑ... පිරිමි ලමය මලත් අරගෙන එයා කැමති ගෑනු ලමය බලන්න යනවා..නමුත් ගෑනු ලමය කියනවා එයාට වෙන කෙනෙක් හම්බුනා ඒ නිසා පිරිමි ලමයව ඕනි නෑ කියලා..පිරිමි ලමයගේ හිතත් ගොඩක් රිදෙන්නේ නෑ..අයෙම ගෙදර ආපු පිරිමි ළමය ඒ ගෑනු ලමයව අමතක කරල දාලා හිත හදගන්නවා..රතු රෝස මල රනේලෙන් එලියට වීසි කරනවා..ඒ මල වැටෙන්නේ අලු කිරිල්ලිගේ පණසුන් පිහාටු උඩට .....

 



එතනින් ඒ කතාව ඉවරයි ..... !!
දැන් ඒ කතාවේ .. මගේ කතාව .. !!


අඳුරනවද මේ දෙන්නව ?



අපොයි ඔව්.. මේ ලගාන් චිත්‍රපටියේ couple එකනේ ... මතකයි නේද .... හුරේ දම දම බැලුවේ .... අහිංසක ගැමි ගෑනුලමයයි ... වීර ගැමි පිරිමි ලමයයි එකතු වෙන සියලු දෙනා සතුටින් විසිර යන පුදුම ආතල් හින්දි film එකක්.කොහොම අමතක වෙන්නද.. cricket match එක එහෙම මාර ආතල්... පුදුම happy ending එකක් තියෙන film එකක්නෙ.

හ්ම්ම්ම්.. එතකොට මෙයාව මතකද ?
එහෙමටම මතකයක් නෑ.මෙයත් ලගාන් එකේම නේද හිටියේ .. ? අර මේ දුස්ටයොත් එක්ක ඉන්න සුදු ගෑනු ලමය නේද මෙයා.. ටිකක් වගේ මතකයි ...

................................................................................................................................................

දන්නවද මේ තමයි අලු කිරිල්ලි.. තමගේ අයට පිටුපාලා ... ගමක හිටපු කිසිම වැදගම්මක් නැති කොල්ලෙක් වෙනුවෙන් ජීවිතේ කැප කල අලු කිරිල්ලි තමයි මේ.. ලගාන් බැලුව මිසක් ... match එකට හුරේ දැම්ම මිසක් .... ඒ match එකට උදව් උනු..ඒකට ධෛර්යක් උනු මේ කිරිල්ලිව කාටවත් මතකයක් නෑ.. match එක ඉවර උනු ගමන් දුවගෙන ඇවිත් භුවන් ව බදා ගන්න ගමේ ගෑනු ළමයා දිහා බලාගෙන විසිල් ගහපු එක විතරයි හැමෝම කලේ....ඒ ජයග්‍රහනය ලබා දෙන්න ..ඒ රතු රෝස මල උපද්දවන්න ... ලේ පූජා කල අලු කිරිල්ලිව කාටවත් මතක නෑ.. අඩුමගානේ භුවන්ටවත් මතක නෑ... මතකද film එකේ අවසානය.. අලුකිරිල්ලි යන්න යනවා..පිට රටක, දූවිල්ලක් තරම් වටින්නෙ නැති, කොල්ලෙක්ට පිදුව ආදරේ වෙනුවෙන් ඒ අලු කිරිල්ලි මුලු ජීවිත කාලෙම සීතාවක් වෙනවා ... ඒත් ඒ ටික film එක බලපු අයටවත් මතක නැතුව ඇති..මොකද ඒ වෙද්දි වීරයට කෙල්ලව හම්බෙලා.. වැස්ස වැටිලා .. පිනුම් බල්ටි ඔක්කොම ඉවරයි ..ඉතින් කට්ටිය හුරේ දාලා නැගිටල ගිහිල්ලත් ඉවරයි...

ගමේ ගෑනු ළමයට භුවන් ව ලැබෙනවා.. ගමේ අයට වැස්ස ලැබෙනවා .. ඒත් ඒ හැම දේටම මුල් උනු මේ කිරිල්ලිට මොනවද ලැබුනේ .. එක ආදර වචනයක් .. හිත හැදෙන්න එක ඇත්ත ලෙංගතු වචනයක් ... මොනවද ලැබුනේ ... හිතුවේ නෑ නේද කවුරුත් ..? මොකට හිතන්නද .. කෙල්ලට කොල්ල හම්බුනාට පස්සේ .. සභාතොමෝ සතුටින් විසිර ගියාට පස්සේ තව මොනවා හිතන්නද ...

අලු කිරිල්ලි ආදරේ වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවලා සදහටම යන්න ගිහිල්ලත් ඉවරයි.. කිසිම සද්දයක් නැතුව..කල කැප කිරිමට එකම ස්තූතියක්වත් නැතුව ... තමන්ගෙම අය තරහ කරගෙන .. අලු කිරිල්ලි යන්නම ගිහින් ඉවරයි .... !!

ගියා කියලවත් කවුරුවත්ම තාමත් දන්නේ නෑ.. 
භුවන් ගේ කතාවේ, අලු කිරිල්ලිගේ චරිතය, ඒ තරම්ම පුංචියි.. !!


3 comments:

  1. අක්කන්ඩි.මන් මේ බ්ලොග් ලෝකෙට බොහොම අලුත් කෙනෙක්.ඒ නිසයි තාමත් මගෙම බ්ලොග් පිටුවක් හැදුවත් කිසිවක් කරකියගන්න පුලුවන් තරමට ඒක හදාගන්න නොතේරුනේ නොදැනුවත් කම නිසාම.කමෙන්ටුවක් දාන්න හිතුනෙ මේතරම්ම හිතට කාවැදුනු යමක් බොහෝ කලකින් හමු නොවුනු නිසයි.මටම හිතාගන්න බෑ ඇයි මේ දේ මගේ හිතට මේතම්ම කාවැදුනෙ කියලනම්.සමහරවිට මමත් හිතනව වැඩි නිසා වෙන්නැති.එහෙමත් නැතිනම් මාත් අලු කුරුල්ලෙක් නිසා වෙන්නැති.......... ජයෙන් ජය.මගේ ශක්තියත් ආයුශත් අරගෙන තවතවත් ලියන්න

    ReplyDelete
  2. මමත් දැනගෙන නෙමෙයි blog එක පටන් ගත්තේ.. කොහෙන් හරි අතපත ගාගෙන පෝස්ට් එකක් දෙකක් දාන්න.. එතකොට ටික ටික වැටහෙනවා වැඩේ :) ස්තූතියි කොමෙන්ටුවට..සුභ පැතුමටත් ස්තූතියි..ඒත් මල්ලියෝ ..කවදාවත් කාටවත් ඔයාගෙත් ආයු අරගෙන ජීවත් වෙන්න කියන්න එපා .. දන්නවද..කෙනෙක්ට දෙන්න පුලුවන් හොඳම සුභ පැතුම තමයි..ඒ කෙනා ගෙනාව ආයුෂ ටික ඉවර වෙනකන්.. ඒ කෙනාගේ අන්තිම මොහොත වෙනකන් දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබෙන්න කියන එක ...
    සරලවම කියනව නම්.. මගේ ආයුෂ මත වදයක්.. එහෙව්කොට ඔයාගේ ආයුෂත් එකතු උනාම මට විඳවන්න වෙන කාලය වැඩි ... !!

    ReplyDelete
  3. මම මේ රෝසමලේ කතාව කොහේදි හරි කියවල තියෙනවා.....
    ලස්සන සින්දුවක් මතක් උනා මේක කියවල "නන් පල මල් දළු පුබුදන මුත් ගස මුල් රැස කිසිකෙනෙකුට නොපෙනෙයි ප්‍රේමය කිසිකෙනෙකුට නොපෙනෙයි"

    ReplyDelete