බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Sunday, August 14, 2011

මගේ හීනය ... !!

මම තීරණය කලා කැම්පස් කතා තව දුරටත් නොලියන්න. තුන්වෙනි සහ හතරවෙනි අවුරුදු මතක් කරන්නවත් ඕන නෑ මට.ඒ නිසා යාලුවනේ සමාව භජනය කරලා මගෙත් එක්ක කැම්පස් කථා වලට තිත තියමු හොදේ ...

අද කතාවට නිමිත්ත වෙන්නේ ගිය සතියේ බදාදා මම බස් එකේදි දැකපු දෙයක්.ගොඩක් වෙලාවට මගේ බස් කතා ගොඩක් කේන්තියෙන් ලියන දේවල්..ඒත් මේ කතාව එහෙම නෙමෙයි..මේ කුපාඩි ලෝකේ වෙයි කියලා හිතන්න බැරි තරම් සුන්දර ලස්සන දෙයක් ගැනයි අද ලියන්න යන්නේ ...

120 කැස්බෑව පිටකොටුව බස් එක .... Odel එක ලගින් නැග්ගා ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි... පිරිමි ලමයා ගෑනු ලමයව වඩාගෙන වගේ නැග්ගේ...ආදරයෙන් උමතු උනු  couple එකක් කියලයි මම හිතුවේ.බස් එකේ හිටපු ඇන්ටිලා කීප දෙනෙක් මල විකාර කියල අහකත් බලා ගත්තා ..

ඒත් ....

ඒ ගෑනු ලමයගෙ ඇස් දෙකම පේන්නේ නෑ... 

ඇස් දෙකේ කලු ඉංගිරියාවක් කියල දෙයක් ඇත්තෙම නෑ.නිකන්ම නිකන් හැඟීමක් නැති තනි සුදු පාට ඇස් දෙකක් විතරයි.මට නිකන් කවුරු හරි තඩි පොල්ලකින් ඔලුවට ගැහුව වගේ දැනුනා...පිරිමි ලමයගේ ඇස් පේනව..ලස්සන ලමයි දෙන්නෙක්.කොහොම හරි දෙන්නටම එකට ඉදගන්න සීට් එකක් ලැබුනා..අනුන්ගේ ඕප දූප බැලීම නරක පුරුද්දක් උනත් මට ඒ දෙන්නගෙන් ඇස් අහකට ගන්න හිතුනෙම නෑ. මම දිගටම ඒ ලස්සන ලෝකේ දිහාව බලන හිටියා.. ඒ දෙන්න බැස්සේ කොළඹ කැම්පස් එක ලගින්.ඒ බහින්න හෝල්ට් එකක් කලින් අර පිරිමි ලමය නැගිටල ගිහින් රියදුරු මහත්තයට කිව්වා බස් එක ටිකක් වෙලා නවත්තගෙන ඉන්න කියලා එයා ගෑනු ලමයව පරිස්සමෙන් බස්ස ගන්නකන්...

ඒ වෙනකන් අමාරුවෙන් තද කරගෙන හිටි කඳුලු ගංගාව හෝ හෝ ගාල පිටාර ගලන්න පටන් ගත්තේ ඒ වචන ටික ඇහුනට පස්සෙයි... මුලු බස් එකම අන්ද මන්ද වෙනකන් මම ඇඬුවා..දෙවියො අර ගෑනු ලමයගේ ඇස් දෙක අරගත්තා..ඒත් ඒ වෙනුවට ඒ ඇස් දෙකට ආදරය නොකරන ලස්සන ජීවිතයක් එයාට දීලා..ඇයි දෙවියන්ට බැරි උනේ මගේ ඇස් දෙකත් අරගෙන මටත් ඒ වගේ කෙනෙක්ව දෙන්න.ඇයි දෙවියෝ මගේ ඇස් දෙකේ ඉදල යටිපතුලට වෙනකන් මගෙන් ප්‍රයෝජන අරගෙන කුණු ගොඩක් ගානට මාව විසි කල අයව මගේ ජීවිතේට ලං කලේ.. ප්‍රශ්නයක් ... !!

කොහොම හරි..මෙන්න මට හිතුනු දේ ... මෙන්න මගේ හීනය ...



මගේ ඇස් දෙක ඒ ගෑනු ලමයට දෙන්න පුලුවන් නම්.. එයාට ලෝකයක් තරම් ආදරය කරන එයාගේ පිරිමි ලමයව බලාගන්න මගේ ඇස් දෙක මට එයාට දෙන්න පුලුවන් නම් .... එයා එයාගේ පිරිමි ලමයව දකියි..ඒ වෙනකන් කට හඩ විතරක් අහල තිබුනු,ඒ වෙනකන් අතක පහස විතරක් දැනිලා තිබුනු තමන්ගේ අනාගත බාරකාරයගේ මූණ ඒ ලමයා දකියි ... සතුටු හිතෙයි එයාට එතකොට.. කවදාවත් ඇත්ත ආදරයක් දකින්න පින් කරල නොතිබුනු මගේ ඇස් එයාගේ මූනේ ඉදන් ඇත්ත ආදරයක් දකී.. මගේ ඇස් වලටත් සතුටු හිතෙයි..හැමදාමත් දුකට අඩපු ඇස් වලින් එකම එක සතුටු කඳුලක් වැටෙයි... ඒ ගෑනු ලමයගේ ජීවිතයෙන් මගේ ඇස් වලට ජීවිතයක් ලැබෙයි... මගේ ඇස් හිනාවෙයි ... !!

 විස කටු ඇරෙන්න මල් පෙත්තක පහසක් කවදාවත් නොවින්ද මගේ හදවත මැරෙන්න පණ අදින ජීවිතයකට බද්ධ කරන්න පුලුවන් නම්... තමන්ගේ ආදරේ අවසන හුස්ම හෙලනකන් ඉස්පිරිතාල ඇදක් ලග ඉන්න කෙනෙක්ගේ මූනට හිනාවක් ගෙනත්, මැරෙන්න යන කෙනාට මගේ හදවත බද්ධ කරලා ජීවිතයක් දෙන්න පුලුවන් නම් ... ඒ කෙනා ජීවත් වේවි..එයාගේ ආදරය හිනා වේවි ... කවදවත් ඇත්තට හැඟීමක් නොදැනුනු මගේ මිදුනු හදවත ඒ හිනාවෙන් උනුසුම් වේවි..මගේ පපුව ඇතුලෙදි නොදැනුනු ලෙංගතුකම, ආදරය ඒ පපුව ඇතුලෙදි මගේ හදවතට දැනේවි.. ඒ ආදරයෙන් මගේ හදවත ඇත්තට ජීවත් වේවි.. ගැහෙන්න ඕනිවට නෙමෙයි.. ජීවත් වෙන්න කැමැත්තෙන් ගැහේවි ....

දෙපය පණ නැතිව තමන්ගේ ආදරයත් එක්ක මූදු වෙරලක ඇවිදින්න බැරුව රෝද පුටුවක ඉන්න කෙනෙකුට මගේ කකුල් දෙක දෙන්න පුලුවන් නම් .... කාමරයක් ඇතුලට කූඩු වෙලා තියෙන මේ කකුල් දෙකෙන් මට කාව හරි ඇවිද්දවන්න පුලුවන් නම් ... තමන් ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන ඔහේ දිගට දිගට ඇවිදගෙන යනකොට මගේ කකුල් දෙකෙන් ඇවිදින කෙනාට සතුටක් දැනෙයි ... එයාට ජීවිතයක් ලැබෙයි..එයා හිනා වෙයි එයාගේ ආදරයත් එක්ක ... මගේ කකුල් දෙකත් සතුටෙන් එයාව එයාගේ ගමන අරගෙන යයි ... කවදාවත් වෙහෙසක් මහන්සියක් දැනෙන එකක් නෑ ....

මට ඕනි එක දෙයයි .. මට ඕනි මගේ අවයව ඔක්කොම උපරිම විදියට පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියකට මැරෙන්න.. මට ඕනි මගේ නහරයක් නහරයක් ගානේ තවත් කෙනෙකුට ජීවිතයක් ලැබෙනවා දකින්න.. මට ඕනි මගේ ජීවිතේට මට දෙන්න බැරි උනු සතුට ආදරය වෙන කෙනෙක් මාර්ගයෙන් හරි ලබා දෙන්න ...

මට ඕනි කාගෙ හරි දෙතොලක හිනාවක් වෙලා රැදෙන්න ..

ඒ මගේ හීනය ... !!




18 comments:

  1. http://www.facebook.com/sleyedonation

    ReplyDelete
  2. මම ඔයාගේ අනිත් කතා නම් කියවලා නැහැ. එත් ඇයි ඔයා කැම්පස් කතා ලියන්නේ නැත්තේ. ඔයාට හොඳට වචන ගලපන්න පුළුවන්.

    ReplyDelete
  3. Chanu :: I v already donated ma E Y E S sweety :)

    Vishvaya :: ස්තූතියි :) කැම්පස් කථා කොටස් දෙකක් ලිව්වා..එතනින් එහාට මත මගේ කැම්පස් ජීවිතය මතක් කරන්න ඕනි නෑ.. ඉතිරි අවුරුදු දෙක බොරු ගොඩක සහ හිත් වේදනා තොගේක එකතුවක් .. මම ඒ අතීතය වල දාන්නයි උත්සාහ කරන්නේ.. !!

    ReplyDelete
  4. ha ha liyannna sahodarii asawen kiyawanne jiwethe ath dakim gana liyala tiyana dewal..awa godak welawata watinawa ape jiwithath hada ganna...

    ReplyDelete
  5. Hmm… a very moving story. That girl is unlucky in one way but very lucky in another. I was following your blog for quite some time but this is my 1st comment.

    Hey sis, get over the bitter feelings about the past. Let it go. Then you’ll feel your soul is free from shackles.

    I’m also trying hard to erase the memories of my 3rd & 4th years at campus. But it’s proving to be a pretty tough challenge for me. (By the way, we both were at the same campus)

    Sorry for commenting as anonymous.

    Good Luck.

    ReplyDelete
  6. අතීතය අමතක කරන්න ගොඩක් අමාරුයි... මගේ ජීවිතේ ගොඩ නැගුනේ ඒ අතීතය උඩ ... මම හිනා උනේ ඒ අතීතයේ අහපු බොරු විස්වාස කරලා... මම තාමත් ජීවත් වෙන්නේ ඒ අතීතයේ ..ඇත්ත හැමදේම අමතක කරල අනිත් හැමෝම වගේ කාව හරි අල්ලගෙන ජීවිතේ ගෙනියන්න පුලුවන් නම් හොදයි..ඒත් මට එහෙම බෑ.. මම අතීතේ මත්තෙම මැරිල යනව කවද හරි :)ඇනෝනිමස් කොමෙන්ට් කලාට සමාව ඉල්ලන්න දෙයක් නෑ ඇනෝ ... ඒත් ජීවිතේ කිසිම දේකදි හැංගුනා කියල ලැබෙන දෙයක් නෑ ... !! මම විස්වාස කරන්නේ විවෘත ජීවිතයක් ... ඒ නිසා ඇනෝනිමස් විදියට කොමෙන්ට් කරන්න දෙයක් නෑ බාඳුරා අසපුව ඇතුලේ ...

    ස්තූතී කොමෙන්ටු දෙකටම !!

    ReplyDelete
  7. Had to comment as Anonymous, because those years were spent at SLIIT (your campus). That's the reason.
    :)

    ReplyDelete
  8. සුන්දරයි සහෝ!... කදුලට ආදරේ කරාම ඒක හරි තියුනු විදිහට හදවතට දැනෙනව. ඒකත් එකතරා ආකාරයක තියුනු රස විදීමක්. එකයි සමහරු කදුලටම ආදරේ තරන්නෙ. ඉතින් එහෙම ලෝකෙක මෙහෙම හිතන එකත් වටිනව.

    ReplyDelete
  9. http://www.youtube.com/watch?v=M18phrK4b94

    ReplyDelete
  10. Lassanata liyala thiyanawa... anith satahan wagema lassanai... e pirimi lamaya gena kiyanna wachana ne... genu lamaya harima wasanawanthai...!!! sthuthiy satahanata... :)

    ReplyDelete
  11. ලස්සනට ගලපලා තියෙන්වා...මමත් කොළඹ කැම්පස් එකේ අක්කා..කතාව කියවනකොට මැවිලා පෙනුනා...ගොඩක් සන්වේදියි

    ReplyDelete
  12. Akke mamath sliit eke labana awurudde 3rd year curtin.. gewunu awurudu deka jeewithe sampoornayenma wenas kala.. puluwannam ithuru katha awurudu dekath danna..

    ReplyDelete
    Replies
    1. all the best for the curtin lyf dear.. its not easy, but its worth giving a try :) Nope, I wont be writing the third n forth years .. theres nthn much to write .... :/

      Delete
  13. මටත් දෙන්න පුළුවන් ඔක්කොම දීල දානවා...

    ReplyDelete