බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Tuesday, July 31, 2012

රහස් පෙම්වතා (Bel Ami)

මාසෙකටත් වඩා වැඩි කාලයක් මම මුකුත්ම ලියලා නෑ.. ඇත්තටම ලියන්න දෙයක් කල්පනාවට ආවේ නෑ. බාදුරා අසපුව ආරම්භ උනේ මගේ හිතේ කැකෑරෙන දාහකුත් එකක් සිතිවිලි පිට කරගන්න ..  අහන්න අකමැති උනු කියන්න කෙනෙක් නැති උනු සිතිවිලි.. මගේ වේදනාව අකුරු කලේ මේ අසපුව ඇතුලේ.කොහොම හරි .. ඒ අතීතය දැන් ඉවරයි .. මට පේන ලෝකය ගැන මම ලියනවා. බාදුරා අසපුව කියන්නේ ලෝකයට කියවන්න ඉඩදීපු මගේ ජීවිතය... මේ සාහිත්‍ය නෙමෙයි ... ලොකු ලොකු පන්ඩිත වාක්‍ය නෙමෙයි.. මේ මගේ ජීවිතය.. මට හිතෙන හැටි... :)

අද ලියන්නේ කාලෙකට පස්සේ මගේ හිත සසල කරපු කලා නිර්මාණයක් ගැන. සතපහක රසාස්වාදනයක් නැති වෙයි මේ පෝස්ට් එකේ.. මට දැන් ලියන හැටි මතක නෑ ඇත්තටම :(

චිත්‍රපටිය BeL AmI .. Bel Ami කියන වචනයේ තේරුම හරියටම සිංහලට පරිවර්තනය කරන්න මට නොතේරෙන නිසා අන්තර්ජාලයෙන් ගත්තු මේ තේරුම ගෙඩි පිටින් ඉදිරිපත් කරන්න හිතුවා.

"It's a kind of old fashioned term for 'lover' - in particular, the sometimes secret lover of a lady who might have a husband or fiance and her 'bel ami' might be termed a little something on the side. It usually refers, at least in literature anyway, to a younger stud taking care of the sentimental and fleshly needs of an older and socially superior woman. Kind of like, in modern terms, the society lady having a Thingie with the pool guy"




අන්ත දුප්පත් ජීවිතයක් ගත කරන කොල්ලෙක් ඒ ජීවිතයෙන් මිදෙන්න ඉහල පන්තියේ කාන්තාවන්ගේ ආදරය ප්‍රයෝජයනට ගන්න විදිය පුදුමාකර විදියට කලා මාධ්‍යකට නගපු කතාවක්.

ඔහු ... 
ජීවිතයක් නැති, එදා වේල වෙනුවෙන් අන්තිම මාංශය තෙක්.. අන්තිම ඇටකටුවත් ගෙවෙනතෙක් දහඩිය වැගිරූ ජීවිතයක්.. මුදු තෙපුල්, වයින් මතින් ඉතිරෙන සාද සිහිනයෙන් දකිමින් වතුර උගුරකට මෙහෙ කල ජීවිතයක්. ඉහල සමාජයට.. රෝස පෙත්තෙන් ඉපදුනු ජීවිතයකට අසීමිතව පෙම් බැඳි, එවන් ජීවිත ගෙවන්නවුන්ට වෛර කල ජීවිතයක්..

ඔහු ඒ ලෝකෙට තමන්ගේ මාර්ගය සොයා ගන්නේ අපූරු ආකාරයකට.. 
ඔහුගේ මාර්ගය ආදරය... ශාරීරික ආදරය .. රාගය ...
ඇත්ත ආදරය නොව මවා පාන ආදරය ... 
එහෙමම කියන්නත් බෑ.. 
මෙහෙම කියමු.. 
ආදරයක්දැයි ඔහුම නොදන්න ඔහුටම නොහැගෙන මානව බැඳීමක් .. 
ඒ මාර්ගයේ යන්නට ඔහුට උදව් වෙන ජීවිත හතරක්... 
ඉහල සමාජයේ ජීවත් වෙන ආදරයට සහ ලිංගිකත්වයට පෙරේතකමින් ජීවත් වෙන ආත්ම හතරක්.
එකිනෙකට වෙනස් භාවයන්ගෙන් ඔහුගේ ගමනට ඉණිමං තනන මේ සිව් ජීව්ත අතර දෝලනය වෙන ... ඒ ඉණිමං හරහා අහසට ගොඩවෙන්නට උත්සාහ කරන සහ අවසානයේ ඒ උත්සාහය සාර්ථක කරගන්නා ඔහු ... ආදරය කල යුතුද වෛරකලයුතුදැයි නොතේරෙන තරමට සංකීර්ණ චරිතයක් ... ඔහුගේ ගමන පැහැදිලියි, ඔහුගේ ක්‍රීඩාව පැහැදිලියි.. ඔහුගේ ගමනාන්තය පැහැදිලියි ... අපහැදිලි එකම දෙය ඔහුගේ ක්‍රීඩා විලාසය විතරමයි ... 
"එය සාධාරණීකරනය කිරීමටවත් අසාධාරණයැයි කීමටවත් ඔබ කව්ද ... ??"
ඒ ඔහුගේ ප්‍රශ්නය ...

මා අත්විඳ ඇති දෙයින් බාගයක් ඔබ අත්විඳ  නැත.
මම ගෙවූ ජීවිතය ඔබ ගෙවා නැත...
"එසේනම් මගේ ගමන ගැන යමක් කීමට ඔබ කව්ද .. .?"
මේ ඔහුගේ ප්‍රශ්නය ...

ඔහුට යාවී ඇදෙන ජීවිත හතර අතර ඔහුට ඇත්තටම ආදරය කල ජීවිතය ... 
ඇයටත් තියෙනවා අහන්න ප්‍රශ්නයක් ...
 " Its not enough to be loved, is it ? No; You Must be a King " 
අවශ්‍යවන්නේ ආදරයම පමණක් නොවේද ?? 

එදා ඉදන් අද වෙනකන් මමත් අහන ප්‍රශ්නය... 
අවශ්‍යවන්නේ ආදරයම විතරක් නෙමේද... 
ඒ ආදරයත් එක්ක බැඳුනු කැප කිරීම් සහ අනිකුත් ශාරීරික ප්‍රධානයන් පමණක්ම නෙමේද ... 
මගේ ආදරයෙන් ඔබට ජීවත් වෙන්නට බැරිද ?? 
ඔබට රජ වීමට අවශ්‍ය ඇයි ... ??

රහස් පෙම්වතා ඒ එකම ප්‍රශ්නෙට තනි වාක්‍යයෙන් උත්තර දෙනවා...
ඔහුගේ කටහඩේ වෙව්ලීමක් නෑ.. 
තිගැස්මක් නෑ.. 
සැකයක සේයාවක්වත් නෑ.. 
ඔහුගේ වචන ගැන ඔහු මහා ආත්ම විශ්වාසයකින් යුතුව ඔහු මෙහෙම කියනවා
" No, Its not enough to be loved; Even by you "

ඔබ නොකී කතාව .. 
ඔබ වචන වලින් නොකී කතාව .. 
නමුත් ඔබ මා හැර යන්නට හේතුව රහස් පෙම්වතා වචන වලට හරවනවා.. 
හරීම අපූරුවට ... 
ආදරය විතරක් ප්‍රමානවත් නෑ ... 
කවදාවත් කවමදාවත් ආදරය විතරක්.. මනසට කයට දෙන ආදරය විතරක් ප්‍රමානවත් නෑ ... !!

හැබැයි තවත් අඩු උනේ මොනවාදැයි මට වැටහෙන්නෙත් නෑ.. 
අද වෙනකනුත් ... !!
ඒ කොහොම උනත් රහස් පෙම්වතා ජයග්‍රාහකයෙක් ..
හැම බිඳුනු හදවතක්ම උඩින් ඔහු ඔහුගේ ගමන යනවා ..
ඔහු ඔහුගේ ඉලක්කයට යනවා ..
බිඳුනු හදවත් වල අයිතිකරුවන්.. ඒ කැබලි මතිනුත් ඔහුටම ආදරය කරන බව ඔහු දන්නවා ...
ඔහු හිනා වෙනවා...
හිනාව අතරින්ම හිරු රැසින් දිලෙන අලුත් දවසකට දෙනෙත් අරිනවා ..
ඔහු දිනනවා..
ඔහුගේ ක්‍රීඩාව ..
ඔහුගේ ක්‍රමයට ... !!
වැරැද්දක් කියන්න කාටවත් ඉඩ නොතබාම..
ඔහුගේ ක්‍රීඩාවේ නීති පැහැදිලියි...
ඔහුගේ ක්‍රීඩාවට අකමැති, නීති පිලි නොගන්නා අයට ක්‍රීඩාවෙන් අයින් වෙන්න පුලුවන්..
ඕනම මොහොතක ....
නමුත් ඔහු දන්නවා ක්‍රීඩකයන් ක්‍රීඩාවතම ජිවීතය කැපකරලා හමාරබව .. !!




15 comments:

  1. ෆිල්ම් එක බලන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් බලන්න .. ඒ පැය එකහමාර අපතේ යන්නේ නෑ

      Delete
  2. ම්ම්...මමත් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ.. හොඳ පොස්ට් එකක් යාළු.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... :) ඔව් බලන්න ..

      Delete
    2. I watched the movie..that was wonderful.. I think i know someone who has lot of similarities to Goerges Duroy De Cantel in my life.. not exactly the way he makes his success.. but the way his thinks really matches with that person.. and trust me..it is really hard to resist him though I know all his weaknesses.. it is truly amazing.. sometimes it is hard to believe how can a woman still be in love with such a man knowing he used her and he will use her in future too.. but that is true.. the one who loves will always love.. and will be ready to get used by the lover..no matter what he did..or what will he do in future.. such a good post lead to a brilliant movie.. thank you.. cheers.. :)

      Delete
    3. Just one line quoted from ur comment Dear ... " THE ONE WHO LOVES WILL ALWAYS LOVE " No matter what .. tts it ..
      and anyway in this film, the women themselves give the full authority to the man to use them.. so he is not actually using them in the context of using.. its a deal.. an agreement between the two parties ... !!

      Thanks loads for the awesome comment ... :)

      Delete
  3. තේරුම් ගන්න කීප වතාවක්ම කියවන්න උනා... තේරුම් ගන්නම පමණක් නෙමේ ,එක තුල තව තව ගැබුරට හිතන්න වෙලා ගියා කියුවොත් හරි.

    මේ post එකේනම් ගලාගෙන යන දියපාරක් වගේ කතාව මගේ මනසට ගියේ නැ.... මොකද මේ දියපාරේ ගල් බොරළු බේරන්න ගිහින් මම මගදීම හති වැටුන........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..වෙන්න පුලුවන්.. පෝස්ට් එක ලියන්න ගිහින් මමත් හති වැටුනා .. මට කියන්න ඕන උනු දේ කියවුනෙත් නෑ මම හිතන්නේ.. අනේමන්දා :/

      Delete
  4. මේක කියෙවුවම ෆිල්ම් එක බලන්න ආස හිතුනා.. බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් බලන්න.. ඒ වෙලාව අපතේ යන එකක් නෑ.. හිතන්න යමක් ඉතුරුකරාවි ජීවිතේට !!

      Delete
  5. බලන්නම්කෝ මාත්..අපූරුයි පෝස්ටුව යාළු :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු ... :) ඔව් බලන්න .. සංකීර්ණ මිනිස් හැඟීම් පුලුවන් තරම් සරලව පෙන්නන චිත්‍රපටියක්

      Delete
    2. ඇත්ත !!!!!!!!!!! මමත් බලල තියෙනව !!!!

      Delete
  6. එල ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete