බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, July 28, 2017

සිතිජය, රේල් පීලි, ඔබ සහ මම ...

-------------------------------------------------------------
ඔයයි මායි රේල් පීලි දෙකක් වගේ. එකට දිව්වට කවදාවත් එක් වීමක් නෑ.
පේනවද සිතිජය,අර ඈත. එකම රේඛාවක සමපාත උනාට අහසට පොළව ගොඩක් දුරයි....
සිතිජය සහ රේල් පීලි ...
හැමදාමත් දුක කියන්න පාවිච්චි කිරීම නිසා අසාධාරණයට ලක් උනු උපමා දෙකක්.

රේල් පීලි දෙකක් එක් වෙන්නම ඕනද? 
රේල් පීලි වල පැවැත්ම පවතින්නේ ඒ හමු නොවීම තුල නේද? 
යම් තැනකදි එක් උනෝතින් ඒ රේල්පීලි වලින් පලක් නෑ නේද?

සිතිජය... ගෑවි නොගෑවී පෙනුනට ඒ අතර පරතරය නේද යථාර්ථය. 
ඊට එපිටින් ගිහින් සිතිජය අර්ථ දැක්කුවොත් මුලු පෘථිවියේම පැවැත්ම සහ පූර්වානුමිති ප්‍රශ්නගත වෙනවා නේද?

එතකොට, ඔයයි මායි රේල් පීලී දෙකක් වගේනං, සිතිජයක් වගේ නං, අපි එහෙම වෙලා තියෙන්නේ එහෙම වියයුතු නිසා නේද? 
ඒ සම්බන්ධය පවතින්නේ, ඒ සම්බන්ධයෙන් පලක් තියෙන්නේ එහෙම උනොත් විතරයි නේද?
එහෙනං, මීට පස්සේ අපි සතුටින් කියමු. අපි රේල් පීලි වගේ, සිතිජය වගේ... 
එක්වීමක් නැති, ඒ නිසාම පැවැත්මක් ඇති දෙන්නෙක් ... !!


No comments:

Post a Comment