චාරිකා සටහන් ලියවිල්ල පොඩ්ඩක් කල් තියලා 2011 මගේ ජීවිතය ගැන ආයෙම හැරිලා බලන්න හිතුනා ... අද මගේ නීතිපීඨ අවසන් වසරේ නිබන්ධනයේ අන්තිම දවස... ඒත් මම ඒ නිබන්ධනය භාර දුන්නේ නෑ... තවත් අවුරුද්දකින් උපාධිය දිග වීමේ සතුට සමරන්න... එන්න මාව අඩවපු හැමෝම .... :)
2011... මගේ අවුරුදු 26ක ජීවිත කාලේට මම අත්වින්ද නරකම අවුරුද්ද... නාඩපු දවසක් නැති තරම් .... සතුටින් හිටි එක මොහොතක් නැති තරම්.... ඇතුලින් ලේ කඳුලු කර කර ලෝකෙට පේන්න හිනා වෙන්න මුලු ශක්තියම කැප කල අවුරුද්දක් ... කිසිම දෙයක් නොකල..කිසිම ජයක් නොලබපු... කිසිල දෙයක් සම්පූර්ණ නොකරපු... අසම්පූර්ණ අවුරුද්දක් ....
මම ....
කවදාවත් කාටවත් හිතා මතා දුකක් දුන්නු කෙනෙක් නෙමෙයි ... හැමදාමත් මිනිස්සුන්ට දෙන්නේ මොනවද කියලා මිස මිනිස්සුන්ගෙන් ගන්නේ මොනවද කියලා හිතපු කෙනෙකුත් නෙමෙයි.මට ඕනි උනේ දෙන්න..මගේ ලග තියෙන හැමදේම ... වෙලාව .. මහන්සිය..සතුට.. හිනාව.. හැමදේම ... මිනිස්සුත් ඒ හැමදේම ගත්තා... දෙන්න දෙන්න,පුදුම සතුටකින් ගත්තා... මම කවදාවත් ඒ දුන්නු දේවල් වලට ආපිට මුකුත් බලාපොරොත්තු නොවුනත්, මම හිතුවේ නෑ ඒ දුන්නු දේවල් නිසා මට විඳවන්න වෙයි කියලා.
කවදාවත් කාටවත් හිතා මතා දුකක් දුන්නු කෙනෙක් නෙමෙයි ... හැමදාමත් මිනිස්සුන්ට දෙන්නේ මොනවද කියලා මිස මිනිස්සුන්ගෙන් ගන්නේ මොනවද කියලා හිතපු කෙනෙකුත් නෙමෙයි.මට ඕනි උනේ දෙන්න..මගේ ලග තියෙන හැමදේම ... වෙලාව .. මහන්සිය..සතුට.. හිනාව.. හැමදේම ... මිනිස්සුත් ඒ හැමදේම ගත්තා... දෙන්න දෙන්න,පුදුම සතුටකින් ගත්තා... මම කවදාවත් ඒ දුන්නු දේවල් වලට ආපිට මුකුත් බලාපොරොත්තු නොවුනත්, මම හිතුවේ නෑ ඒ දුන්නු දේවල් නිසා මට විඳවන්න වෙයි කියලා.
ලෝකයෙන් බැනුම් අහගෙන ... දෙමාපියන්ගෙන් බැනුම් අහගෙන ... ළගට ගත්තු මිනිස්සුම ... මට දාහක් කථා කියලා..නින්දා කරන්න පුලුවන් හැම විදියෙන්ම නින්දා කරලා... යන්න ගියා..අද වෙනකන් තමුන් කල කිසිම දෙයක වැරැද්දක් නොදැක... මගේම වැරදි කිය කිය..මටම බනින්න තරම් මම ලගට ගත්තු මිනිස්සු දරුණු වෙලා ...
මේ අවුරුද්ද පටන් ගත්තේ කඳුලින්... අවුරුද්ද පුරාවටම ඒ කඳුලු ඇල්ල එක සීරුවට කඩාගෙන වැටුනා.. එදා අඩන්න හදනකොට කඳුලු පිහිදන්න ලඟින් හිටි උදවියම අඩපන් අඩපන් කියලා අවුරුද්ද පුරාවටම ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා... අඩන්න කඳුලු නැති උන තැන ඇස් කෙවෙනි වලින් ගැලුව ලේ බින්දු කාලයක් මම ආදරය කල අයම රිදී කුසලාන වලට එකතු කරගෙන මධු සාද පැවැත්තුවා...
මම දිගටම ඇඩුවා ...
මම දිගටම ඇඩුවා ...
2011... ශ්‍රිලංකා තොරතුරු තාක්ෂන ආයතනයේ උපාධිය ලබා ගත්තු අවුරුද්ද... මගේ ජීවිතේ තිබුනු ලොකුම ලොකු හීනයක් ඉටු කරගන්න මම මග බලාගෙන හිටි අවස්ථාවක්... ඒ හීනය වෙනුවෙන් මම ගොඩක් දේ පරිත්‍යාග කලා..කාතවත් හිතාගන්න බැරිතරම්..කවුරුත් නොදන්න තරම් ගොඩක් දේ...
ඔව්...
මට උපාධිය ලැබුනා... උපාධි ලෝගුව දාල උපාධි තොප්පිය දාල අත්පුඩි හඩ මැද උපාධි සහතිකේ මට ලැබුනා..
ඒත් ...
මගේ හීනය..
අවුරුදු තුනක් පුරාවට මම ඉටුකරගන්න බලාගෙන හිටි හීනය..මගේ හැමදෙයක්ම මම කැප කල හීනය කෑලි කෑලි වලට කැඩිලා සරසවි බිම පුරාම විසිරිලා තිබුනා... හරිම අහිංසක හීනයක් එදා ඒ බිමේදි මැරිලා ගියා...
මිනිස්සුන්ගේ ජීවිත වල මගේ චරිතය එක එක විදියෙන් අරුත්ගන්වන හැටි මම බලාගෙන හිටියා... කාලයt එක්ක මගේ චරිතය තමුසයෙක්,එක එකෙක්, කොහෙවත් යන එකෙක් වෙන හැටි මම බලාගෙන හිටියා... කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ආපු සුලි කුනාටු මගේ පුංචි ඔරුව කෑලි කෑලි වලට කඩන හැටි මම නිසොල්මනේ බලාගෙන හිටියා... කැඩුනු සුන් බුන් උනු ඔරු බඳේ එල්ලිල පණගැට ගහගන්න හදනකොට.. කුඩු පට්ටම් උනු ලී කෑල්ල අල්ලගෙන හිටි ඇඟිලි වලින් ලේ එනකන් පයින් ගහන්න මිනිස්සු පෙළඹුනා... සතුටු උනා ඒ හැමෝම ... මම ඒ හැමෝටම ආතල් දෙන කවටයෙක් උනා...
මිනිස්සුන්ගේ ජීවිත වල මගේ චරිතය එක එක විදියෙන් අරුත්ගන්වන හැටි මම බලාගෙන හිටියා... කාලයt එක්ක මගේ චරිතය තමුසයෙක්,එක එකෙක්, කොහෙවත් යන එකෙක් වෙන හැටි මම බලාගෙන හිටියා... කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ආපු සුලි කුනාටු මගේ පුංචි ඔරුව කෑලි කෑලි වලට කඩන හැටි මම නිසොල්මනේ බලාගෙන හිටියා... කැඩුනු සුන් බුන් උනු ඔරු බඳේ එල්ලිල පණගැට ගහගන්න හදනකොට.. කුඩු පට්ටම් උනු ලී කෑල්ල අල්ලගෙන හිටි ඇඟිලි වලින් ලේ එනකන් පයින් ගහන්න මිනිස්සු පෙළඹුනා... සතුටු උනා ඒ හැමෝම ... මම ඒ හැමෝටම ආතල් දෙන කවටයෙක් උනා...
විභාග වලට මූන දුන්නා.. ඒත් .. කවදාවත් විභාගයක් ෆේල් නොවුනු වාසනා ඒ වෙනකොට මැරිලා... එක පිට එක අසමත් ලකුණත් එක්ක ප්‍රථිපල සටහන් එද්දි මම හිනා උනා.. සතුටු හිතුනා මිනිස්සුන්ට ඕන උනු දේ මම දුන්න කියලා හිතලා... නෑ..ඒත් මදි..තවත් මදි ... මම ජීවත් වෙලා ඉන්නකන් ඒ මිනිස්සුන්ට සතුටක් නෑ..කවද හරි මම නිදියන හතර රියන උඩ සාදයක් පවත්වන්න පුලුවන් උනු දාට ඒ මිනිස්සුන්ට සතුටක් දැනෙයි.. දුක් වෙන්න දෙයක් නෑ..ඒ දවසත් වැඩි දුර නෑ ... :)
මම ආදරය කලා.. ජීවිත කාලයේ කල ඒ එකම වරදට නොසෑහෙන්න දුක් වින්දා... ගොඩක් දේ අහගත්තා.. ගොඩක් දේ දැක්කා.. ගොඩක් දේ වින්දා... මම මාව තේරුම් ගනී කියලා හිතපු අයට, මට අනුකම්පා කරන්න කියලා, පිට මිනිස්සුන්ට කියන්න වෙන තරමට අනුකම්පා සහගත පහත් අඩියකට මාව වැටුනා ...
කොහොම හරි.. ලබන්නේ අලුත් අවුරුද්දක්... මට හීන නෑ..බලාපොරොත්තු නෑ..ඉෂ්ට කරගන්න ආසාවල් නෑ..කොටින්ම මම නරුමයෙක්..ඇවිදින රොබෝවෙක්... කිසිම පලකට නැති..කිසිම තේරුමක් නැති..පාවෙන ජීවිතයක් ... ලබන අවුරුද්ද මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන අවුරුද්දක්. තවමත් ඒ වෙනස් වෙන්නේ කොහොමද කවදද කියන එක ගැන මම දන්නේ නෑ...ඒ මගේ ජීවිතේ තවදුරටත් මට අයිති නැති නිසා.. මම මගේ ජීවිතේ ජීවත් වෙන්න උත්සාහ කලා.. මට වැරදුනා.. ඒ නිසා මම මගේ ජීවිතේ සම්පූර්ණ අයිතිය දෙමාපියන්ට සහ ලෝකයට පැවරුව... කැමති දෙනෙක් කැමති දෙයක් කරගත්තාවේ... මට තවදුරටත් මුකුත් දැනෙන්නේ නෑ ...
වාසනා ව දැනගෙන හිටි අය මේ බ්ලොග් එක කියවනව ඇති.. ආයේ අපි කවදම හරි හම්බු උනොත් ඔයාල දැකල පුරුදු..ඔයාල කථා කරල පුරුදු වාසනාව දකින්න හිතන්න එපා... එයා නෑ..එයා ආයෙම එන්නෙත් නෑ... 2011ත් එක්ක ඒ වාසනා වැලලිලා.. අලුත් වාසනාව ඔයාල අදුරන එකක් නෑ..මෙයා ගොඩක් වෙනස්..කාටවත් උදව්වක් කරන්නේ නැති..කාගෙවත් ගැන බලන්නේ නැති..හිනාවක් අඳුරන්නේ නැති... ඇවිදින මලමිනියක් විතරයි...
තේරුමක් ඇති පෝස්ට් එකක් නෙමෙයි..දන්නවා මගේ යාලුවෝ හැමෝම මට මේකට බනිනවා කියලා..අසමාවෙන්න.. මට ඉවසගෙන ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා... නැති වෙන්න දෙයක් තවත් මට නෑ :)
මේ බ්ලොග් එක පටන් ගනිද්දිම මට මිනිස්සු බැන්නා..මම ලියන්නේ වල් පල් කිව්වා.. කිසිම තේරුමක් නැති දේවල් කිව්ව.. තේරුමක් නැති වල් පල් කියවන්නත් මිනිස්සු ඉන්නවා කිව්වා... මම පාලු ගෙවල් වල වලං බිඳිනවා කිව්වා.. මම බ්ලොග් එකක් ලියාගෙන අනුකම්පාව හොය හොය ඇවිදිනවා කිව්වා... මම වාචාලයෙක් කිව්වා.. උගත් වැදග්ත් පිරිමි සහ ගැහැනු තැන තැන කියව කියව යන්නේ නෑ කිව්ව.. මම චාරයක් නැති වැල්ලේ කෙල්ලෙක් නිසා කිව්ව මේ විදියට කථා ලිය ලිය අනුකම්පාව ඉල්ලන්නේ ... මම රගපානවා කිව්වා.. මම කරන්නේ අනුකම්පාව අයදින්න නාට්‍යක් රගපාන එක කිව්වා.. මම හොඳ මිනිස්සුන්ට කථා හදනවා කිව්වා... මම මගේ අයත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ට මඩ ගහනවා කිව්වා
මහ ගොඩක් දේ කිව්වා....
තවත් කියයි ....
වෙන්න ඇති..
මට චාරයක් නැතුව ඇති..
මට හැදියාවක් නැතුව ඇති..
ඒත් මේ මම...
මම මම මිස ඇය හෝ ඔබ නෙමෙයි ... !!
කවදාවත් අනුකම්පාව යදින්න මම කථ ලිව්වේ නෑ..අනුකම්පා කරන එක නොකරන එක මිනිස්සු සතු අයිතියක්..මට පුලුවන් නම් කථාවකින් මිනිස්සුන්ගේ අනුකම්පාව යදින්න...විශේශයෙන්ම බොරු කතාවකින්.. පාලු ගෙවල් වල වලං බිඳීමකින්... මම ශ්‍රේෂ්ට ලේඛිකාවක් වෙන්න ඕන ;) ඇයි මට පාලු ගෙවල් වල වලං බිඳින්න ඉඩ දෙන්නේ ? ඒ ගෙදරට ඇවිත් පාලු නැති කරන්න හැමෝම... මම පැනල යන්නේ නෑ..මම හැන්ගෙන්නෙත් නෑ... ලෝකයක් ඉස්සර උනත් මගේ කථාව කියන්න පුලුවන් මට..
ඒ මම වාචාල නිසා ;)
2011 පුරාවට මගෙන් කොහොමද කියලා අහපු මගේ හැම යාලුවෙකුටම මම කිව්වෙ මම ජීවත් වෙනවා කියලා..ඔව් මම ජීවත් උනා... රුවල් ඉරී ගිය මගේම නෞකාවේ ඉරුනු රුවල් රෙදි දවටගෙන... දෝතට එක් කල වැසි දිය බිබී මම ජීවත් උනා... 2011 මට එක දෙයක් ඉගැන්නුවා..කවමදාව්ත් කිසිම කෙනෙක්ව විස්වාස කරන්න නරකයි... හැම දෙනාම ඉන්නේ තමන්ගේ වාසියට විතරයි..කවුරුත් කවදාවත් අනිත් කෙනෙක් ගැන හිතන්නේ නෑ..අවස්ථාව ලැබුනු ගමන් ඒ වෙනකන් තමුන්ගේ දුක සැප හොයපු..තමන් වෙනුවෙන් මහන්සි උනු අයගේ හුස්ම උඩින් තමන්ගේ මග හදාගන්නයි හැමෝගෙම උත්සාහය.. ( සමාවෙන්න එහෙම අදහස් නැති අය..නමුත්.මුලු මිනිස් ලෝකය ගැනම මට තියෙන්නේ අප්පිරියාවක් විතරයි ).
2011 වගේ අවුරුද්දක් ආයෙම මගේ ජීවිතයට නොඑන්නයි මගේ ප්‍රාර්ථනය... ජීවිතය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි.. සතුටක් දීලා කොන්ත්‍රාත් කාලේ ඉවර උනාම ඒක ආයේ උදුරගන්න පුලුවන් විදියේ ගනුදෙනුවක් නෙමෙයි ජීවිතය කියන්නේ... හැමදෙයකම පිලිවෙලක් තියෙනවා.. ලගට ගන්න වගේම අතහරින... සම්බන්ධකම් ඇති කරගන්න වගේම නැති කරගන්නත් පිලිවෙලක් තියෙනවා... හිතුමතේට සෙල්ලම් කරන්න තරම් ජීවිතයක් සියුම් වැඩී.. සමනල් පිහාට්ටක් වගේ ... පරිස්සමෙන් හැඩ බැලුවේ නැත්තම් ඒ පිහාටු වලට ආයෙම කවමදාවත් පියාඹින්න බෑ .... මගේ ජීවිතය ජීවිතයක් විදියට මම ආදරය කල අය මගෙත් එක්ක හිටි අය දැක්කේ නෑ.. මගේ ජීවිතය හැමෝටම වැඩ පහසු කරවන යන්ත්‍රයක් විතරයි..හැඟීමක් දැනීමක් නැති..නිකන්ම නිකන් යකඩ ගොඩක් :) මට දැනගන්න ඕන මට වැරදුනේ කොතනද කියලා..මේ තරම් අඩන්න මම කල වැරැද්ද මොකද්ද කියලා.. කොටින්ම ඇයි මට මෙහෙම උනේ කියලා ... මට ඕනි වැරදි හදාගන්න..ආයෙම 2011කට මුහුන දෙන්න මගේ ඉරිතැලුනු ආත්මයට පුලුවන්කමක් නෑ..ඒ නිසයි මට වැරදි හදාගන්න ඕන..
ඒත්...
මට මගේ වැරැද්ද අද වෙනතුරුත් හොයා ගන්න බෑ ... !!
මම අඩන්න ඕනි කෙනෙක්ද?
මම විදවන්න ඕනි කෙනෙක්ද?
ඕනි නම් ..ඒ ඇයි .. ?
මොකද්ද මම කල වරද..?
ප්‍රශ්නයක් ... !!
මම විදවන්න ඕනි කෙනෙක්ද?
ඕනි නම් ..ඒ ඇයි .. ?
මොකද්ද මම කල වරද..?
ප්‍රශ්නයක් ... !!