දිගු සීත නිද්‍රාවෙන් අවදිවූ මම ලෝකයට දෙනෙත් විවර කලෙමි... බොඳ උනු අඳුරු ඡායවල් මැදින් හරිත වර්නයෙන් දිදුලන වසන්තය සොයන්නට වෙහෙසෙමි... නමුදු හාත්පස පෙනෙන සීතලට මිදුනු ශ්වෙත වර්ණ ලෝකය මිස දකින්නට සිත තිබූ වසන්තය තවමත් පෙනෙන තෙක්මානයක නැත. අඩන්නට ඇසට කඳුලක් නො එන්නේ දිගු ශීත ඍතුවේ ලය තිබූ සියලු කඳුලු ඉවර වූ නිසාවෙන්ද නැත්නම් අන්තිම කඳුලු බ්ඳුවත් ශීතලෙන්ම මිදුනු නිසාදැයි සොයන්නට මම නොවෙහෙසෙමි ... මට ඇවැසි විවේකයයි.. මගේ දෙනෙතට ඇවැසි විවේකයයි ... එනිසා මම නැවත ස්වප්න නිද්‍රාවට යමි ... ඇස් පනාපිට නොපෙනෙන සොඳුරු වසන්තය සිහින ලොවේදි දෑස් අද්දර දිග හැරෙන අරුමය ගෙවුනු කාලය තුල සේම නැවතත් මම වින්දනය කරමි ... මම මගේ සිහිනය දකිමි ....
වසන්තය ....
ලා හරිත වර්න තුරු හිස් වලින් සැරසි මල් ඔටුනු ලාගත් වසන්තය ... මගේ නෙත් අද්දරටම පැමින ඉගිබිගියෙන් මා වසග කොට ඔබත් එක්ක එන්න යැයි මට කල ආරාධනය .. වචන වලට ඉඩක් නොතිබුනු ඒ සොඳුරු වසන්තයේ මට ඉහලින් සිටි ඔබ දිගු කල අත අල්ලා ගන්නට පා ඇඟිලි වලින් එසවී අහසට අත දිගු කල හැටි මට කවමදාවත් අමතක වන්නේද නැත ... ඇඟිලි එකට ගැටෙන නොගැටෙන මානයේ අහසට එසවී සිටි මට ලෝකය පෙනුනේ මා පා ඇඟිලි සිඹින්නට වෙර දරන පුංචි දිය බුබුලක් ලෙසට බව ඔබ නොදැන සිටින්නට ඇත. වසන්තයේ දාහයෙන් මත්ව, වසන්තයේ පහසට ලොල්ව දෑස පියාගෙන ආකාසේ නිදහසේ පියෑඹුවා මිස වසන්තයට පසු සියලු දේ හිස් අවකාශයක ගිල්වන ශීතකාලයක් එන බව මට කිසිම ලෙසක මතක තිබුනේද නැත. වසන්තයේ දෙහි කොල සුවඳට, වසන්තයේ උතුරාහැලෙන සිනාවට, වසන්තයේ ගෘංගාර ගීතයට මම ආදරය කල තරමක් අද වෙනතුරු මමද නොදන්නා තරම්ය...
ආදරණීය වසන්තය ... ඔබම මිස වෙන ඍතුවක් මගේ ජීවිතයේ නැතැයි මා සිතා සිටි කාලයක් විය ... සිසිරයක්, ගිම්හානයක්, ශීත කාලයක් කිසිදා මගේ ලෝකයට නොපැමිනෙන බව එක සිතින් විශ්වාස කල කාලයක් මගේ ජීවිතයේ විය... ඔබේ හැම වෙනසක්ම විදාහල දෑතින් බදා වැලඳ ගන්නට සූදානම් වූ කාලයක් මගේ ජීව්තයේ විය ... ඒත් ඒ කාලය ශීතයේ හිම තුහින මා වටා සරන්නට පටන්ගත් දිනවලම අවසන් වූ බව ඔබට වැටහෙන්නට ඇත ... එකින් එක හිම කැටිති මා වෙල ගන්නා සඳ ... මගේ උණුසුම් හදවත ශීතලෙන් ගල් වෙන කල, වසන්තය නිමා වූ බව තේරුම් ගන්නවා හැර මට තිබුනු වෙනත් විකල්පයක්ද නැත ...අද මට වසන්තයක් තිබුනු බවවත් මතක නැත... මගේ මතක සියල්ලම ශීතලෙන් ගල් වී ඇත.. ඒත් .. ස්වප්න නිද්‍රාවේදී පෙනෙන ඒ අපැහැදිලි රූප ඔබේ බව මම දනිමි ... ඇඟිලි තුඩුවලට දැනෙන ඒ පහස ඔබේම බව මම දනිමි... හීනයත් සැබෑවත් අතර මංමුලාවන මම වසන්තය පිලිගන්නට දෑස හරිමි.. එසැනින් හීනයෙන් මිදෙන මම පියවි ලෝකයේ ශීතලෙන් මිදුනු හිස් තැනිතලාවට නෙත් යොමාගෙන සිටිමි.. හනි හනික යලි දෑස පියන්නේ එබැවිනි... යලි ඔබ සමග හීනයක වෙලෙන්නට මම නින්දට යමි ....
හීනයේ නිදන මගේ සවනතට අල්තිනායි සහ දුයිශෙන් මෙසේ මුමුනති ...
නපුරු හිම කැට වැටේවී
අවු වැසි සුලි සුළං හමාවි
ඒත් ...
වසන්තය එනවා සත්තයි ... !!
මම හීනෙන් හිනා වෙමි ...
නපුරු හිම කැට වැටේවී
අවු වැසි සුලි සුළං හමාවි
ඒත් ...
වසන්තය එනවා සත්තයි ... !!
මම හීනෙන් හිනා වෙමි ...
ඔව්..
වසන්තය පැමිනේවි ...
පෙනුම මාරු කරගෙන, වෙන මුහුනකින් වසන්තය පැමිනේවි ..
ඒ එනතෙක් ...
මම නිදමි ... !!
ඒ එනතෙක් ...
මම නිදමි ... !!
වසන්තය එනවා නම් ආපුදෙන්. මම මගේ පාඩුවේ ඉන්නවා
ReplyDeleteඔව්.. ඒක හොඳ අදහසක්
Deleteවසන්තය එනකම් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා..
ReplyDeleteවසන්තය එනවා .. කවදම හරි :)
Deleteවසන්තය එනවා කියන එකේ ඇලපිල්ලක් වෙසන් වුනොත් (වසන්තයා එනවා හෝ වසන්තා එනවා) මුළු අදහසම වෙනස් වෙනවා නේද?
ReplyDeleteබොලේ හැබෑටම .. මට ඕක හිතුනේ නෑනේ :)
Deleteමේ විරහවද?, ආදරයද ?, ජීවිතයද?
ReplyDeleteඔක්කොම !!
Deleteවසන්තය එනවා... අනිවාර්යෙන්ම එයි!!! ඒත් එනකම් බලන් ඉන්න ඕනෙ නෑ.. අපි අපේ ගමන යනකොට පාඩුවෙ.. එයා එයි!!
ReplyDeleteහ්ම්ම් .. ඔව්.. එයි කියන බලපොරොත්තුව විතරයි තියෙන්නේ !!
Deleteඔය බණේම තමයි හලෝ,
ReplyDeleteහැමදාමත් අපි කිව්වේ,
වසන්තයක් ගෙවිල ගියා,
ඉතිං අනේ මොකද බොලේ?,
සොඳුරුමවූ වසන්තයක්,
ආයෙම එයි බලා ඉඳින්,
හිතේ තැවුල් දුක් පිසදා,
නෙතේ කඳුලු බිඳු වියලා,
වසන්තයක් හොරෙන් ඇවිත්,
නෙතු අබියස කොඳුරන විට,
පිළිගන්නට දෑත් විදා,
සැරසී ඉනු මැනවි ළඳුනි,
වසන්තයක් එයි කියල තමයි බලාගෙන ඉන්නේ ... තිබුනු වසන්තය තරම්ම සුන්දර නොවුනත් ශීතල අමතක කරවන්න පුලුවන් තරම් උණුසුම් වසන්තයක් ආවොත් මට ඒ ඇති ... !!
Deleteදිගටම ලියන්න. You have a nice writing style.
ReplyDeleteස්තූතියි .. ඔව්, කියවන්න එක්කෙනෙක් හරි ඉන්නකන් ... මට මේ හැමදේම කියන්න කවුරුහරි ලැබෙනකන්... මම දිගටම ලියනවා :)
ReplyDeleteමොකුත් ලියන්නේ නැත්තේ වසන්තය එනකම් බලාගෙන ඉන්නවද ????
ReplyDeleteනෑ .. මගේ කොම්පියුටරේ එනකන් බලගෙන ඉන්නවා :)
Delete"හැමදාමත්ම
ReplyDeleteනෑ
මේ සීතල
එනවාමයි
මා
සොයා දවසක
වසන්තය...."
ලස්සනයි කවිය.. :)
ආවද නාවද
Deleteමා සොයා වසන්තය
ඒවි යැයි ඇති
බලපොරොත්තුව
ගෙන ඒවි හෙටක්
හුස්ම ගන්නට හේතුවක් ...
ඉරි තැලුන ...
ජීවිතයට ...
ස්තූතියි කොමෙන්ටුවට :)
හොද වැඩක්!
ReplyDelete